අම්මා
වෙන අම්මලා ගැන නොව අද මම ලියන්නට යන්නේ අපේ අම්මා ගැනයි. අපේ අම්මාව මට කාලයක් පෙනුනේ මේ ලෝකයේ වෙන අය වාගේමය. වයසට යන්නට යන්නට ඇය ගැන මගේ සිතේ තිබූ රූපය ක්‍රමයෙන් වෙනස් විය. එය වඩාත් වෙනස් වුනේ ඊයෙ පෙරෙදා අපේ ගෙදර සිද්ධ වූ සිදුවීමකිනි. මගේ මුළු ජීවිත කාලයට එය අමතක නොවනු ඇත. අපේ අම්මා පෙන්ශන් ගිය පසු ඇගේ තනි නොතනියට ගෙදර හිටියේ බලු රැලකි. දරු මුණුබුරන් සුරතල් කල යුතු වයසේ සිටියද අපේ අමන කම නිසා ඒ වාසනාව නොලද ඇයට සුරතල් කරන්නට ගෙදර සිටියේ කොහේදෝ සිට ආ බැල්ලක දමන පැටවුන්ය. එකම නෑදැ බලු රැලෙන් හැදෙන නිසාදෝ ඒ බලු පැටවුන් ප්‍රතිශක්තියෙන් ඉතා දුර්වලය. එහි ප්‍රතිපලය වන්නේ උන් ටික එක එක ලෙඩ සැදී පොඩි වයසෙන්ම මිය යාමය. පසුගිය මාර්තු මාසයේ ඒ බැල්ල දැමූ පැටව් වෑස්සෙන් බේරා ගැනීමට කන්දක් ලිස්සමින් බඩ ගෑ අපේ අම්මා පැටවුන් දෙන්නා රෙදිවල ඔතා පිස දමා ගෙදර ඉන්නා ලොකු බල්ලන් දෙන්නා එලවා ගෙදරට ගෙනාවාය. ඒ කිට්ටුවම වාගෙ නිදාගෙන සිටි ලොකු බල්ලෙක් ගාවින් යන්නට ගොස් මගේ කකුල ඌ නින්දෙන්ම හපා කැවේය. ඊට උරණ වූ තාත්තා කීවේ මේ බලු සෙල්ලම හරි යන්නේ නැති නිසා බැල්ලව සැත්කමකට භාජනය කල යුතු බවයි. නැත...