අම්මා


වෙන අම්මලා ගැන නොව අද මම ලියන්නට යන්නේ අපේ අම්මා ගැනයි. 

අපේ අම්මාව මට කාලයක් පෙනුනේ මේ ලෝකයේ වෙන අය වාගේමය. වයසට යන්නට යන්නට ඇය ගැන මගේ සිතේ තිබූ රූපය ක්‍රමයෙන් වෙනස් විය. එය වඩාත් වෙනස් වුනේ ඊයෙ පෙරෙදා අපේ ගෙදර සිද්ධ වූ සිදුවීමකිනි. මගේ මුළු ජීවිත කාලයට එය අමතක නොවනු ඇත. 

අපේ අම්මා පෙන්ශන් ගිය පසු ඇගේ තනි නොතනියට ගෙදර හිටියේ බලු රැලකි. දරු මුණුබුරන් සුරතල් කල යුතු වයසේ සිටියද අපේ අමන කම නිසා ඒ වාසනාව නොලද ඇයට සුරතල් කරන්නට ගෙදර සිටියේ කොහේදෝ සිට ආ බැල්ලක දමන පැටවුන්ය. එකම නෑදැ බලු රැලෙන් හැදෙන නිසාදෝ ඒ බලු පැටවුන් ප්‍රතිශක්තියෙන් ඉතා දුර්වලය. එහි ප්‍රතිපලය වන්නේ උන් ටික එක එක ලෙඩ සැදී පොඩි වයසෙන්ම මිය යාමය. 

පසුගිය මාර්තු මාසයේ ඒ බැල්ල දැමූ පැටව් වෑස්සෙන් බේරා ගැනීමට කන්දක් ලිස්සමින් බඩ ගෑ අපේ අම්මා පැටවුන් දෙන්නා රෙදිවල ඔතා පිස දමා ගෙදර ඉන්නා ලොකු බල්ලන් දෙන්නා එලවා ගෙදරට ගෙනාවාය. ඒ කිට්ටුවම වාගෙ නිදාගෙන සිටි ලොකු බල්ලෙක් ගාවින් යන්නට ගොස් මගේ කකුල ඌ නින්දෙන්ම හපා කැවේය. ඊට උරණ වූ තාත්තා කීවේ මේ බලු සෙල්ලම හරි යන්නේ නැති නිසා බැල්ලව සැත්කමකට භාජනය කල යුතු බවයි. නැත්නම් ගෙදර තවත් බල්ලන් බෝ වී ගෙදර බල්ලන්ට දී අපිට පාරට බැසීමට සිදු වෙන බව පැවසූ ඔහු අම්මාට කිව්වෙ සැත්කම කර ගත හැකි ක්‍රමයක් ගැන සොයා බලන ලෙසයි. 

මේ බැල්ල කොහේදෝ සිට ආ එකියක් බැවින් අපි කාටවත් හීලෑ නැත. යන්තම් හෝ හීලැ අපේ අම්මාට පමණි. අපේ ගෙවල් කිට්ටුව බලූ නෝනා කියා මිනිසුන් අමතන සුදු ජාතික කාන්තාවක් සිටියි. ඇයට ඇමතූ අම්මා බැල්ලව අල්ලාගෙන එහි ගෙන යාමට කෙනෙක් එන බව පැවසුවාය.

බැල්ල අල්ලා ගැනීමට නොහැකි බැවින් බලූ නෝනාගේ ගෝලයෙක් පැමිණ ඌට සිහි නැති වෙන්න එන්නතක් දී ඌව තුවායක ඔතාගෙන රැගෙන ගියේය. අපේ අම්මා එය බැලීමට නොහැකිව සාලයට වී සිවිලිම දිහා බලාගෙන සිටියාය. ලොකූ ටෝක් දුන් තාත්තාද අහක බලාගෙන මුහුණ හත කරගෙන සිටියේය. බැල්ලව කුස්සියට කොටු කර එන්නත දී රැගෙන ගිය පසුව කුස්සියට ගිය අපිට දකින්න ලැබුනේ එකම ලේ විලකි. එක එන්නතකින් බල්ලාගෙන් එපමන රුධිරය කෙසේ වහනය වී දැයි අපි කාටවත් සිතා ගැනීමට නොහැකි විය. 

සෑත්කමට භාජනය කල බැල්ල බ්‍රවුනි දින දෙකට පසුව ගෙදරට ගෙනවිත් දැම්මාය. ඌ සති දෙකක් පමණ සුවසේ සිට එක වරම සිරුර පණ නැති ගතියක් පෙන්නුම් කලාය. ටිකින් ටික එම තත්වය උග්‍ර වන්නට වීමත් සමග අප නිවස ආසන්නයේ සිටි පශු වෙදෙකු පැමිණ ඌට එන්නත් කිහිපයක් දුන්නද ඌ ඩිස්ටෙම්පර් නැමති රෝගී තත්වයට උග්‍ර ලෙස පත් වී සිටියාය. 

දින තුනක් පමණ බේබද්දෙකු සේ ඇවිද්ද බ්‍රවුනි හරහටම වැටුණාය. ඌට නැගිට ගන්නට කන්නට බොන්නට පමණක් නොව මල මූත්‍රා කිරීමටවත් නැගී සිටීමට නොහැකී විය. ඒ නමුත් ඌ මලේ නැත. බ්‍රවුනිගේ පණ හරිම හයිය පණක් ය. 

අපේ අම්මා හැමදාම උදේට බ්‍රවුනිට කුකුල් පීකුදු සමග බත් සාදාගෙන කවයි. කාලයක් ඔලුව උස්සාගෙන කැ බ්‍රවුනිට ටික දවසකින් ඔලුව උස්සා ගැනීමටවත් නොහැකි විය. එදා සිට අපේ අම්මා කලේ එක අතකින් බ්‍රවුනීගෙ කැම පිගාන අල්ලාගෙන අනික් අතින් උගෙ ඔලුව ඔසවා අල්ලාගෙන ඌට කැවීමයි. ලෙඩ වූ පසුව බ්‍රවුනි වතුර නොබී කිරි පමණක් බීමට හුරු වූවාය. අම්මා බ්‍රවුනි කනකල් සිට ඌ කෑ පසු ඉතිරි බත් අනික් බල්ලන්ට හසු නොවන සේ විසි කර ඌට කිරි ද පොවයි. ඉන් පසු ඒහි ඉතිරියක් තිබ්බොත් එයද අනික් බල්ලන්ට නොදි විසි කරයි. 

කොතරම් අසනීපෙන් සිටියත් අපේ අම්මා දවසට තුන් වරක් ඔය වතාවත ඉටු කලාය. ඒ හැර එතනම මල මූත්‍රා පහ කර ගන්නා බ්‍රවුනිගේ සියලු මලමුත්‍රා ඇද පිරිසිදු කර පයිනෝල් දමා සෝදා පිරිසිදු කලාය. බ්‍රවුනි එකම පැත්තට වැටී සිට ඌට තුවාල වේ යැයි සිතූ ඈ ඌව වරින් වර   සෙමෙන් එහාට මෙහාට පෙරලුවාය. 

මේවා බලා සිටින මට මම කෙතරම් පව්කාරදැයි දැනුණි. ඒ මම බලාගෙන පමණක් සිටි නිසාවෙනෙ. බ්‍රවුනි මැරෙන තුරු දිනපතා අපේ අම්මා ඌට සාත්තු සප්පායම් කලාය. ඉදහිට පොඩි උදව්වක් දීම හැර පව්කාර මම නම් ඇට කල වෙන උදව්වක් නැත. 

බ්‍රවුනීට හොදටම අමාරු වෙන කාලය වෙද්දි අපෙ අම්මා මට දේවතාවියක්ව සිටියාය. වෙන ගැහැනියක් නොකරන තරම් දෙවල් ඇ තිරිසන් සතෙකු වෙනුවෙන් කලාය. මේ ලියන විටත් ඈ කළ දේවල් සිනමා පටයක් මෙන් මගේ ඇස් ඉදිරි‍යෙ මැවේ. කදුලු වේලි තිබුනු මගේ ඇස් නැවත තෙත් වුණෙ අපේ අම්මා වෙනුවෙනි. 

මේ කතාව මම ලිව්වෙ මට කවදා වත් අමතක නොවෙන ලෙස ය. අපේ අම්මා උතුම් ගුණ ඇති රැජිණක් ලෙස මගේ සිතේ සැමදා රැදෙනු ඇත. ඒ කළ පින් කන්දරාව කරන්නට අපි වැනි අයට තව කල්ප ගනනාවක් ගත වනු ඇත. නමුත් ඈ ................. සැමදාම මගේ දෙවියන්ව මා පසුපස සිටිනු ඇත. ඒ මගේ අම්මාය.


Comments

  1. වැදගත් කතාවක්... හැමෝගාවම බොහොම හොඳ ගතිගුණ තියෙනවා... සමහර අයගේ බැලුබැල්මට නොපෙනුනාට මාර වැදගත් හැදියාවන් තියෙනවා....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

      Delete
  2. ඔයා හරිම වාසනාවන්තය් ඔහොම අම්ම කෙනෙක් ලැබෙන්න. අම්මට නිදුක් නීරෝගී සුවය ලැබෙන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම... ස්තූතියි සමාධි

      Delete
  3. කෝ මගේ කමෙන්ට් එක වැටිලා නෑනේ..

    ReplyDelete
    Replies
    1. මොඩරේට් කරල නිසයි එකපාර වැටෙන්නෙ නැත්තෙ. :)

      Delete
  4. සමහර අය කරන්නෙ ඕකෙ අනික් පැත්ත.එහෙම නැත්නම් අයිතිකාරයෙක් නැති වීම.

    ReplyDelete
    Replies
    1. සමහර විට මාත් එහෙම කරයි. ඒත් මේ සිද්දිය මගෙ ඇස්වලටම දැක්ක නිසා ආයි මම නම් එහෙම කරන්නෙ නෑ.

      Delete
  5. වටෙන් පිටෙන් අම්මලා ගැන ඇහෙන කතා එක්ක බලද්දී ආඩම්බර වෙන්න ඕනේ ඔයා ඔය වගේ හොඳ අම්ම කෙනෙක් හම්බුවෙච්චි එක ගැන...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම් ඒක න ඈත්ත

      Delete
  6. කතාව එක්ක යනකොට මටත් මොකද්දෝ හිතට දැනුනා

    ReplyDelete
    Replies
    1. ඒ නිසා වෙන්න ඇති මේ පෝස්ට් එකට කමෙන්ට් සැහෙන්න අඩු :)

      Delete
  7. හ්ම්ම්ම්ම්..ලීවෙ උඹමද කියල හිතුනා මැචී......"දරු මුණුබුරන් සුරතල් කල යුතු වයසේ සිටියද අපේ අමන කම නිසා ඒ වාසනාව නොලද ඇයට"

    පීනන ,පියාඹන ඒවා දැන්වත් හිතින් අත් ඇරලා අම්මාට නලවන්න පොඩි එකෙක් ගෙනත් දෙන ක්‍රමය්ක් ගැන කල්පනාකරපන්...

    ReplyDelete
    Replies
    1. සුම්ම උඹ උදේ පාන්දර මගෙන් දෙකක් අහ ගන්න ලැස්ති වෙන්න එපා :D

      Delete
  8. සංජු කාලෙකින් සංවේදී කතාවක් එක්ක.

    ReplyDelete
    Replies
    1. ඔව් කාලෙකින්.... ආවට තැන්කූ සිදූ

      Delete
  9. හ්ම්.... මටත් දුක හිතුනා කතාවට. අපේ ගෙදර කෙනෙක්ටත් අවුරුදු ගානකට කලින් ඔය පස්ස පන නැති වෙන ලෙඩේ හැදුනා.මම තමා ඌට සාත්තු කලේ.අනේ එක තැන වැටිලා ඉන්නකොට කූඹි කනවා.කෑ ගහනවා හයියෙන්.මං කූඹි පන්නනවා.ටික දවසකින් ඌ මැරුනා. :(((

    සංජු අක්කගෙ අම්ම හරිම සංවේදී හිතක් තියෙන කෙනෙක් වගේ.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් අපේ එක්කෙනා ගාවටත් එක පාරක් කූඹි ආවා. අපේ අම්මි ඌව උස්සගෙන ගිහින් වෙන තැනකට දැම්මා. තව ආවනම් තව තැනකට ගිහින් දායි.

      Delete
  10. ඔබෙ අම්මා ගැන මට සතුටුයි.ගොඩක් කරුණාවන්ත ඇති.ඔබ වාසනාවන්තයි යෙහෙළිය :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරු

      Delete
  11. බුදු දහමට අනුව බැලුවොත් මේ විදිහට සත්තු වෙලා ඉන්න අය කලින් අපේ ඥාතීන් වෙලා හිටියා වෙන්න පුලුවන්....

    ReplyDelete
    Replies
    1. සමහර විට අපිට ලබන ආත්මෙට පින් මදි වගේ නම් අපිට පින් කර ගන්න ලැබෙන අවස්ථාවක් උනත් වෙන්න පුලුවන්. අපේ අම්මා නම් ඒ කරපු පින් වලට දිව්‍ය සැප ලැබෙනවා

      Delete
  12. රත්තරන් කතාවක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි

      Delete
  13. කනගාටුදායක ආරංචියකුත් ලැබුණා. ඒ එක්කම මේ සංවේදී පෝස්ට් එක..
    ඔයාගේ අම්මා නම් ඇත්තටම උතුම් කාන්තාවක්. ඒ වගේම ආදර්ශයට ගන්න ඕනේ චරිතයක්..

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා අපේ ජේ බී අත්තා නැති උනානෙ :( එයා නම් ඉතින් ඇත්තටම සැහෙන්න අමාරුවෙන් හිටියෙ. ඔයා දැන් ලංකාවෙද මල්ලි දිගටම ඉන්නෙ????

      Delete
  14. Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්

      Delete
  15. ගොඩක් වටින ආදර්ශමත් කතාවක්.

    ReplyDelete
  16. හෑ හෑ.. සංජුවො..හුඟ දවසකින් මෙ පැත්තෙ ආවෙ.. අපිලනම් අමතක ඇති.. :D

    ReplyDelete
  17. අසරණ සතාට ඒ තරම් කරුණාවක් දැක්වුව සංජු අක්කගෙ අම්මනම් කලාතුරකින් හොයාගන්න ඉන්න හදවතක් හිමි කාන්තාවක්...

    ReplyDelete
  18. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කාටූන්

මම ආස ගීත

I am a TERRORIST ! ආයාගේ පියා!!!!