ඔබ එන තුරු.............
මගෙ සුදූ......... නොදැන නෙවෙයි ආදරේ කලේ මම ඔයාට ඔයා හරිම රාජකාරි බහුල කෙනෙක් කියලා. මම ඒක දැනගෙන හිටියා. ඒත් ඉතින් හිත නැවතුනේ ඔයා ගාව. ඔයාගෙ අම්මලා ඔයාව බලෙන් වගේ ඇදගෙන අපේ ගෙදර ඉස්සෙල්ලාම ආව දවසෙ මට හිතුනා ඔයා ඉන්නෙ පුදුම තරම් අපහසුවකින් කියලා. මගේ ජීවිතේ විශ්වාස නෑ කියලා බඳින්න බෑ බෑ කියලා ඔයා නිවාඩු එන එකත් අඩු කරලා හිටියෙ කියලා මම දැන ගත්තෙ පස්සෙ කාලෙක. ඒ කතා මොකුත් නොදැන වුණත් මම ඔයාට ආදරේ කලා. යුද්ධයේ කුරිරු බව පහ වෙලා ගියත් මොකක්දෝ තනිකමක් හිත ඇතුලෙ හැංගිලා. ඔයාගෙ යාළුවො දාල ගියපු එයාලගෙ පවුල් වල අය දකිද්දි එයාලා ගැන ඇහෙද්දි හිත ඇත්තටම වාවන්නෙ නෑ. ඒත් ඒ හැම වෙලාවකම මම දෙයියන්ට පින් දෙන්නෙ මගේ ගෙදර දෙවියන්ව මට බේරලා දුන්න එක ගැන. කණ ගාවින් ගිය වෙඩි පාරවල්, කකුල් දෙක ගාව පිපිරෙන බෝ...