නෝටි කොල්ලෝ


මේක පොඩි සුට්ටං කතාවක්. අමතක වෙන්න කලින් ලියන්නම් කියලා තමයි ආවෙ.

මේක අපේ මල්ලි කෙනෙක් කරපු වැඩක්.  මිනිහ ටිකක් තරහ යන නපුරු පොඩ්ඩෙක්. තාම ඉන්නෙ 1 වසරෙ. අනික හරිම පණ්ඩිතයි. කොහෙන් කටට එනවද මන්දා කියන දේවල්.

 මේ දවස්වල පොරව ඉස්පිරිතාලෙ නවත්තලා ඉන්නෙ ෆිට් එක හැදිලා. දැන් නම් හොදයි සෑහෙන්න. ෆිට් එකට දෙන බෙහෙත් නිසා එයාට තරහ යනවා කියලා තමා කියන්නෙ නම්. නමුත් ඉතින් මොණරතැන්න ගැන අපිට කියලා දෙන්න ඕනි නැති නිසා ඒ ගතිගුණ ආවෙ කොහෙන්ද කොහොමද කියලත් ඉතින් අපිට කොලේ වැහුවට අපි දන්නව. :ඩි

ඉතින් ඔන්න මේ වසවර්ති පැටියා ඉස්පිරිතාලෙ ඉන්න අතරෙ දොස්තර මහත්තුරු සැරින් සැරේ ඇවිල්ලා බලනවලු.  මෙයා ගෙදරින් නිල් වෙලා තමා ඉස්පිරිතාලෙ ගෙනත් තියෙන්නෙ ඉතින් ටිකක් වැඩිපුර හොයල බලනව.

මෙහෙම දවසක් ඒ දොස්තර මහත්තයෙක් මෙයාව පරීක්ෂා කරනවලු. මේ පොරත් ටික වෙලාවක් දොස්තර ගෙ මූණ බලාගෙන හිටියලු. ඉදලා එක පාරටම මුළු වාට්ටුවටම ඇහෙන්න සද්දෙන් දොස්තර මහත්තයාගෙන් ප්‍රශ්නයක් ඇහුවලු. 

"මේ ....... ඔයා අද උදේ දත් මැද්දෙ නෑ නේද?" 

දැන් ඉතින් මොකේදැයි දන් වලඳන්නේ?  දොස්තර මහත්තයට මොනා හිතුණද දන්නෙ නෑ. වටේ ඉන්න මිසීලා යි වාට්ටුවෙ ඉන්න ලෙඩ්ඩු ටිකයි හරිම අමාරුවෙන් හිනාව කාගෙන ඉන්නවලු. ඉතින් දැන් මොනා කරන්නද?

"හෙට මම එද්දි මැදගෙන එන්නම්කො පුතා" 

ඔන්න දොස්තර මහත්තයා උත්තර දුන්නලු.  ආයෙ ඉතින් මොන කතාද....!!!! ඔන්න දැන් කාලෙ හැදෙන කස්ටිය.... අපේ එවුන් ආව දවසට මොනව කියයි ද දන්නෙ නෑ!!!!










Comments

  1. පවු අනේ. අම්මල ඒකගෙන් අහන ඒවා තමයි ඔය අනිත් අයගෙන් අහනව ඇත්තෙ.

    අපේ එක මල්ලියෙක් පොඩි දඟ වැඩක් කරපු වෙලාවක එයාගෙ තාත්තා පොඩි හුරතල් සැරයක් දැම්මා කෝටුවක් කැඩෙනකම් ගහන්න ඕනෙ ++ කියල. මේකා පස්සෙ වෙලාවක ඕකම කිවුවා ආච්චිට කෝටුවක් කැඩෙනකම් ගහන්න ඕනෙ ++ කියල

    ReplyDelete
  2. පොඩි උන්ගේ කතානම් එමට.දැන් ඉන්න පොඩි උන් හෙන ඇට්ටරයි.අපි පොඩිකාලේ වගේ නෙමේ. :)

    ReplyDelete
  3. ඔව් ළමායි ඇට්ටරයි ගෙදර අහන කතා කරන ඒවයි ඒ මදිවට අම්මලා තාත්තලා ළමයින් ට කියලා දෙන්න ඕනි පිට තැනකදි හැසිරෙන්න කතා කරන්න අනික් මිනිස්සුන්ට ගරු කරන්න විශේෂයෙන්ම. එහෙම නැති දෙමාපියන්ගෙ දරුවොත් එහෙම්මම තමා.

    ReplyDelete
  4. මමත් ඉස්සර ඔය වගේ නසරානි කතා කියල තියනව කියල අම්ම කියනව තාමත්.. :p

    ReplyDelete
  5. අම්මියෝ! මට එහෙම ඔය වගේ වැඩක් වුණානං එතනම සවලක් අරන් හාරලා වැළලෙනවා

    ReplyDelete
  6. ආයි ඒව ගැන නම් කතා කරල වැඩක් නෑ....
    අම්මලගෙ සායම ඉවරයි..පොඩි එවුන් කරන වැඩ වලින්.....

    ReplyDelete
  7. කට ගද එන්න ඇති.
    පායන කාලෙට වතුර නොබිව්වොත් දිව ගිලිලා කට ගඳ එනවා.

    ReplyDelete
  8. ඔන්න දැන් කාලේ හැදෙන ළමයි :D

    ReplyDelete
  9. "අපේ එවුන් ආව දවසට මොනව කියයි ද දන්නෙ නෑ" හෙහ් හෙහ් උන්ගෙ කටවල් ගැන නම් හිතාගත්තැහැකි.

    ReplyDelete
  10. දොස්තර මහත්තයා ශොක් වෙන්නම බෙරිහන් දීලනේ.... පව් අප්පා....

    ReplyDelete
  11. හපොයි දැන් හැදෙන එව්වො... උන් ගැන නම් කුමන කතාද.... ඩොකාට සසර දුක කි කියල හිතෙන්න ඇති

    ReplyDelete
  12. කොලුවට දැනෙන්න ඇති ඩොකාගෙ කටේ ගඳ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම