ආදර හසුන් ...... කොටින්ම කිව්වොත් ලව් ලෙටර්
පහුගිය දොහක නාහෙට නාහන උණක් සාදාගෙන ඉස්පිරිතාලේ බත් කෑ බව සියල්ලෝම දනිති. ඒ කාලයේදී මට දින 8ක් පමණ ඉස්කෝලේ යාමට නොහැකි විය. දින 8 කට පසුව කෙඳිරි ගාමින් බඩ ගාගෙන ඉස්කෝලේ ගිය මට අපේ බෝඩිමේ නංගී කණට කර රහසක් කීවාය. "අක්කා ප්‍රසාදි අපේ ශාන් ට ලියුමක් එවලා තිලිණ අතේ. තිලිණ ඒක ගෙදරට දීලා. දැන් හරි ජරමරයයි." ඒ ටික කියූ ඈ ආපසු පන්තියට ගියා ය. මගේ උණ ආපසු හැදෙන්නට එන බවක් මට දැනුණි. හත්වලාමෙ දැන් ඉතින් කණක් ඇහෙන්න වෙන්නෙ නෑ බැනුම් ම තමා අහ ගන්න වෙන්නෙ. එදා ඉස්කෝලේ ඇරී බෝඩිමට ගිය මම දවසම නිදා ගත්තෙමි. එකවර උඩ විසි වී ඇහැරුනේ බනින සද්දයකිනි. අක්කා හොඳවායින් ශාන් අමතයි. ලියුම හසු වීමෙන් පසුව ශාන් ගේ තත්වය ගෙදර බල්ලාටත් වඩා පහළට වැටී ඇති බව මට පසක් විය. අක්කා ශේප් කරන්නට වෙන්නෙ ටික ටික ය. මීට කලින් මාස 4 කට පමණ පෙර ප්‍රසාදි අල්ලා ගත් මමත් එරංගත් ප්‍රසාදිට කිව්වේ අනන් මනන් අපිට ආරංචි වන බවත් ඒවා ගැන සැලකිලිමත්ව වෙන වෙන දේට සිත නොයොදා ඉගෙනීමට යොමු වන ලෙසත් ය. නමුත් ඊගාව දවසේදී ප්‍රසාදිගේ අම්මා අපට ගමේ පස් පඩංගුවේ බැණ වැදී තිබුණු අතර තම දරුවාට අබූත චෝදනා කර කතා හදන්නෙ...