ආපහු අඬන්නට සිද්ධ වුණි.






මේ ගුරු කම නම් මහ පුදුමාකාර රස්සාවකි. වෙලාවකට එපා වෙයි. වෙලාවකට අනේ දෙයියනේ මෙහෙම රස්සාවක් හැමදාම ලැබෙන්න කියන්න තරම් සනීපදායකය. නිවාඩු කාලයට නම් ඉස්සර ගෙදර එන්නේ උඩ පැනගෙන ය. නමුත් දැන් දැන් නිවාඩු කාලයේ ගෙදරට වී බකන්නිලාගෙන ඉන්නට සිදු වන බව මතක් වෙන විට බය සිතේ. ආපහු ඉස්කෝලේ යන්නට සිතේ. නමුත් ඉස්කෝලය වසා ඇති නිසා යන්නට තැනක් නැත.

මේ වාරයේ ඉස්කෝලයේ නිවාඩු දුන් දවස අන්තිම චොර දවසකි. අපේ ඉස්කෝලයේ නියෝජ්‍ය විදුහල්පති වරු දෙදෙනාම අවුරුදු 8 කට වඩා පාසලේ සිටි අය බැවින් ඔවුන් මාරු කර යවන්නට කලාප කාර්යාලය විසින් ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත සියළුම අවුරුදු 8 කට වඩා එකම ස්ථානයේ සේවය කල අයව ලබන වාරයේ සිට වෙනත් පාසල් වෙත මාරු කර යවයි. එබැවින් අපේ ඉස්කෝලයේ මෙච්චර කාලයක් උතුමා සර් ට ගොට්ට අල්ලාගෙන සිටි පරිපාලන නියෝජ්‍ය විදුහල්පතිනිය වන වතී ටීචටත් සංවර්ධන නියෝජ්‍ය විදුහල්පති වූ වස්සා සර් ටත් මේ අනුව අකුලාගෙන යාමට සිදු වේ. එබැවින් අලුත් අයව පත් කරන්නට උතුමා සර් ට උවමනා විය.

සෑහෙන වලියකින් පසුව ඉස්කෝලයට අලුත් නියෝජ්‍ය විදුහල්පති වරු දෙදෙනෙක් පත් කර ගන්නා ලදි. ඒ අනුව අර දෙන්නා මාරු වී ගිය පසු ඉස්කෝලයේ සංවර්ධන නියෝජ්‍ය විදුහල්පති වන්නේ අපේ එරංග මල්ලී ය. පරිපාලන නියෝජ්‍ය විදුහල්පතිනිය වන්නේ ඔබ අප කවුරුත් දන්නා අර සංජු ටීච නැමති එක්කෙනාය. හලේ විනය බාර ගුරුකම එපා වූ සංජු ටීච දැන් නියෝජ්‍ය විදුහල්පති වෙන්නේ කෙසේද? ලොක්කා නැති දවසට ඉස්කෝලේ රන් කරන්න වෙන්නේ ඇයටය. වෙනදා මෙන් එක එක වාත කඩාපාත් වූ විට හැංගී බේරීමටද බැරිය. අනික් අතට ඈ දන්නා පරිපාලනයක් ද නැත. අතේ සල්ලි වලින් ටිං කිරි ගා ගැනීමේ සීන් එකක් මට නිකමට මැවී පෙනේ. අනික මෙච්චර කලක් බඩගාමින් ඇවිද්ද ඉස්කෝලය හෙට අනිද්දාම වැසී යන්නටද ඉඩ තිබේ. ඉස්කෝලයට දෙයියන්ගේම පිහිටය.

ඒ මල කරදරයෙන් පසුව පැමිනියේ 11 ශ්‍රේණියේ මෙවර සාමාන්‍යපෙළ ලියන කණ්ඩායමට සුභ පැතීමේ අවස්ථාවයි.  මෙවර 11 පන්තිය මාරම පන්තියකි. අපි සියළු දෙනාම වැඩ පෙන්නන්නට සිටියේ මුන්ට ඉගැන්වීමෙනි. නමුත් අපේ බලාපොරොත්තු සුනු විසුනු කර දමමින් දෙවැනි වාරයේ සිට කොල්ලෝ ඉගෙන නොගැනීමේ ක්‍රමයක් ආරම්භ කලහ. කෙල්ලෝ ටික නම් සුපුරුදු පරිදි පන්තියේ එකේ සිට දොළහ දක්වා ස්ථාන වෙන් කරගෙන සිටියහ. 

මුළු ඉස්කෝලයේම ගුරුවරු 11 වසරේ කොල්ලන්ට පන්නමින් ඉගැන්වූහ. වෙලාවකට මුළු ශාලාවම උඩ යන පරිදි බණ දේශනා ඇසේ. තවත් වෙලාවකට ඩෙස්පුටු පෙරලාගෙන් කොල්ලන් දෙතුන් දෙනෙක් එලියට දුවගෙන එන අතර පන්තියේ සිටි ගුරුවරයා පිටුපසින් දිවයනු පෙනේ. නමුත් මගදී ජිත් සර් ට අසු වුවහොත් ඉතින් කොල්ලන්ගේ අවසානය එතන ය. එවිට උන් ආපසු හැරී පන්තියට දුවන්නේ ජිත් ගෙන් ගුටි කනවාට වඩා පන්තියේ ඉන්නා ගුරුවරයාගෙන් ගුටි කන එක සැප බැවිනි. ජිත් ට අහු වුවහොත් තරු පමණක් නොව ග්‍රහලෝක වල්ගාතරු උල්කාපාත පමණක් නොව චක්‍රාවාට ද පෙනෙන්නට හම්බ වේ. 

එහෙම කරලාවත් උන් ටික හරි මගට ගැනීමට අපට ඉතා අසීරු විය. අවසානයේ සියළු දෙනා කලේ දෙමාපිය රැස්වීමකදී හොඳවායින් දෙකක් අමතා වැඩ කරන්නේ නැත්නම් විභාගයට ගොස් ආශ්චර්යක් කරන්නට සිතාගෙන ඉන්නා කොඨ්ඨාශයක් ලෙස සලකා මින් ඉදිරියට කටයුත් කරන බවයි. ඉන් පසු ඔවුන් හැදෙන්නට ඇති බව ඔබ විශ්වාස කරනු ඇත.  ඒකට කියන්නට ඇත්තේ මොන පිස්සුද කියා පමණි.

ඒ නමුත් මේ පන්තියේ කට්ටිය වෙන වැඩ වලදී නම් බොක්කෙන්ම වැඩට බහියි. ඉස්කෝලයේ ශිෂ්‍ය නායකයින් 28 දෙනාගෙන් 12 දෙනෙක් ම ඉන්නේ මේ පන්තියේ ය. නිවාස නායකයින් 3 දෙනාද ක්‍රීඩා නායකයා හා නායිකාවද ඉන්නේ මේ පන්තියේය. නිවාස නායිකාවන් 3 දෙනාගෙන් දෙදෙනෙකු සිටින්නේද මේ පන්තියේ ය. (මගේ නිවාසයේ නායිකාව දෙනෝදාහක් හා ඉස්කෝලේ සියළුම ගුරුවරුද පාරේ සිට බලා සිටියදී ඇගේ ආදරවන්තයා සමඟ බයිසිකලයේ නැඟී ගියාය. තවම ඉස්කෝලේ ආවේ නැත.) ඒ නිසා මුන් කොච්චර නසරානි වුණත් අපි ආදරේය. 

ඉතින් මුන් ටික යන්න යන දවසට අපිට මල ගෙදර වගේ ය. කට්ටියම පුස්තකාලයට රැස්වූ පසු උතුමා සර් කතාව ආරම්භ කර පන්තියට ඉගැන්වූ ගුරුවරුන්ට කතා කරන්නට අවස්ථාව දෙමින් ධම්මිකා ටීචට කතා කරන්නට කීවේය. ධම්මිකාට නැගිට කියා ගත හැකි වූයේ "වසර එකොළහක් ...." කියා පමණි. ඕ හඬමින් ඉඳ ගත්තාය. දැන් ඉතින් අහල පහල එවුන් අඬන විට ටැප් එක ඇරෙන මට තද විය. මගේ කතාව වෙලාවේදි කඳුලු හංගා ගන්නට සෑහෙන වැරවෑයමක් දරා බලෙන් හිනා වී ධම්මිකාටත් බැන මම මෝඩයෙක් සේ කතාව අවසන් කර වාඩි වුණෙමි. බලෙන් හිනා වෙන්නට ගොස් මම මෝඩයා විය. ඒ වුණාට මම හිතන්නේ මම කරපු අරගලය අනික් අයට තේරෙන්නට ඇති කියා ය. කෙල්ලෝ ඔක්කොම ඔලුව පහත් කරගෙන මලගේ මෙන් හඬයි. කොල්ලෝ වැරවෑයමෙන් කඳුලු නවතාගෙන සිටියහ.

ඉන්පසුව ත්‍යාග 3ක් සූදානම් කර තිබුනේ ඉගෙනීම හා අනෙකුත් සියළුම කටයුතුවලදී ඉහල දක්ශතා පෙන්වූ 3 දෙනෙකුටයි.  පළවෙනි ත්‍යාගය පිරිනැමුනේ ධනංජය ටයි. ධනංජයට තෑග්ග දුන්නේ වතී ටීච ය. 

ඊගාව තෑග්ග ඉස්කෝලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක සංජු ටය. සංජුට තෑග්ග දෙන්නට කතා කලේ සංජු ටිචටය. සංජුවා යනු ඉස්කෝලයට ආ දවසේ සිට මම ඉතා ආදරේ කල කොලුවෙකි. මගේ නම ශෙයා කිරීමට අමතරව හේ ඉංග්‍රීසි භාෂාවටද සමත්කම් දැක්වීය. ඒ හැර සංජු මගේ නැට්ටය. මම යන යන තැන මගේ පස්සේ එයි. මම වචනයක් කිව්වොත් ඒකේ අනික් පැත්ත සිතාගෙන මගේ දිහා බලාගෙන සිනාසෙයි. ඉතින් එවිට මම හොඳවායින් දෙකක් කියා සංජුව පන්නා ගනිමි. ඒත් ටිකකින් ආපහු එයි. මා සමඟ විහිලු කරන්නට සංජුට තැනක් වෙලාවක් නැත. මමද බයිට් එකට අල්ලා ගන්නේ සංජු ය. ඉතින් සංජු මට සිසුවෙක් මෙන්ම ආදරණීය පුතෙකි. සංජු ගෙ ලව් වලට කොක්ක දාන්නේද මමය. සංජු යාලු වෙන්නට අහන කෙල්ලො අනික් අතට සංජු ලියුමක් දුන්නා යාලු වෙන්න ඇහුවා කියන්නේද මටය. ඒවා සංජුගෙන් හගිස්සවන්නේද මම ය. ඒවාට සංජුලා දෙන්නාම කරන්නෙ කෙල්ල යනකල් බලාගෙන ඉඳ එකට සිනාසීම ය. මම සංජුට බනින්නේ "මොනාද බං මේ චාටර් කෑලි වලට ලියුම් දෙන්නේ???" කියලාය. සංජු ඒවාට කරන්නෙ සිනාසීමය. 

එහෙව් මම සංජු දිහා නොබලා සිටීමට වග බලාගෙන සිටි මටම සංජුට තෑගි දෙන්නට උතුමා සර් කතා කලේය. මම නැගිට ගියෙමි. මට දණ ගසා වැන්ද සංජුගේ හිසත් මුහුණත් අතගෑ මම ආපසු පැමිණ වාඩි වීමි. ඒත් තත්පර කිහිපයකි. මට මහ හයියෙන් ඉකි ගසා ඇඬුනි. ඇඬන්නේ නැති බව පෙන්නා වීරයා වෙන්නට ගිය මගේ වීරයා මැරුනේය. මා හඬන්නට පටන් ගත් විට මෙපමන වේලා හිර කරගෙන සිටි කොල්ලන්ද හඬන්නට පටන් ගත්හ. සංජු ඩෙස් එකකට හිස ගසාගෙන ඉකි ගසයි. මගේ එහා පැත්තේ හිටි අපේ අනික් ඉන්ගිරිස් නංගී වන ගයියා මා ඇමතුවාය. "අක්කා අඬන එක නවත්තපන්, උඹ අඬනකොට මුන් ගෙ ඇඬිල්ල වැඩි වෙනවා". අන්තිමේදී ඉකි ගසා ගසා ඇඬිල්ල නවතා ගැනීමට මට හැකි විය. පන්තියේ සියළු දෙනා වඳින්නට එන විට මට කාගෙන සිටින්නට හැකි වුණේ කලින් ඇඬු නිසාය. නැත්නම් ආපහු ටැප් එක ඇරීම මට සුළු කාරණාවකි. 

අනික් රස්සාවල්ද මෙසේ අඬන්නට වෙන රස්සාද කියා මට වෙලාවකට සිතේ. වෙන රස්සා මොළෙන් කලත් හදවතින් කරන රස්සාවල් කරන්නට අමාරු ය.  ඒ අවසානයේ ආදරයේදී මෙන්ම වෙන්වීම දුකක් නිසාය. අපි හඬන විට එරංග ගේ කතාව වාක්‍ය 2කට සීමා විය. 

"මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. තව අවුරුදු 10කින් ඕගොල්ලො එලවගෙන යන කාර් එකේ අපිවත් දාගෙන යන්න"  

 ඒ සමස්ත ගුරු ප්‍රජාවේම එකම හෘදයාංගම පැතුමයි.

Comments

  1. කාලෙකින් සංජු ටීචගෙන් පෝස්ට් එකත් අපේ 11 වසරේ පාසලෙන් සමු ගැන්ම මතක් කලා,,ඒ දවස අමතක කරන්න පුලුවන් දවසක් නෙමේමම හිතන්නේ ස්කෝලෙකට ගිය ඕනම කෙනෙක්ට,,,

    ReplyDelete
  2. හ්ම්....ටීචර්ලා වුනාම ඔහොමයි නේද?? අපේ අම්මත් කියන්නෙ අපි වැඩ කරන්නෙ කොල එක්ක නෙවෙයි තවත් ජීවිත එක්ක කියලා.

    ReplyDelete
  3. අනෙ අම්මෝ සංජු ටීචර්! :)

    ReplyDelete
  4. හුඟක් සංවේදී සටහනක් සංජු. මගෙ ඉස්කෝලෙ කාලෙ මතක් උනා. කොච්චර පිස්සු නැටුවත් ගුරුවරුන්ගෙන් බැනුම් ඇහුවත් අන්තිම දවසෙ මලගේ වගේ තමා.

    ReplyDelete
  5. අලුත් සෙට් එකක් ආවම ටීචර්ලට මේ ලමයිට උඩින් ඒ අලුත් ලමයි මතකයේ ‍රැදේවි. ඒත් ලමයිට නම් ටීචර්, ටීචර් විදියටම හැමදා මතකයේ තියේවි.

    ReplyDelete
  6. ඉතිං ඇයි මේ දැම්මම ඇඩුවේ? විභාග ප්‍රතිපල ආවහම දැන් මොකද කරන්නේ?

    ReplyDelete
  7. ඩිලා: ඔව් අප්පා... කාලෙකින්. අපිට නම් 11 දි ඒ තරම් දැනුනෙ නෑ මොකද අනිවාර්යෙන් දැනගෙන හිටියෙ ආපහු 12 ට එන්න ඕනිත් ඒ ඉස්කෝලෙටම කියලා. ඒකනෙ මට ඔය ඇඬිල්ල එකපාරම විකාරයක් වගේ පෙනුනෙ

    ReplyDelete
  8. නිසූ: ඔව් වෙලාවකට හිතෙනවා ෆයිල් හොඳයි කියලත්. ඒත් හිතට දැනෙනකොට මේ රස්සාවෙ හොඳත් තියෙනවා

    ReplyDelete
  9. සුපුන් : මොකෝ සීන් එක?

    ReplyDelete
  10. පිණිබිඳු :හ්ම්ම්ම්ම්ම්ම් ලියන්න තරම් වෙයි කියලා හිතුවෙ නෑ

    ReplyDelete
  11. ගුණේ : මොන පිස්සුද දැන් ළමයින්ට එහෙම ගුණයක් ලේසියෙන් පිහිටන්නෙ නෑ

    ReplyDelete
  12. කාකා : එදාට අපි වහ කනවා. එතකොට ඔයාල ඇවිත් අඬන්න

    ReplyDelete
  13. //වෙන රස්සා මොළෙන් කලත් හදවතින් කරන රස්සාවල් කරන්නට අමාරු ය.//

    ඇත්ත...සහතික ඇත්ත...මටත් ඇඩෙන්න ආවා මේක කියවලා..අපේ අම්මටත් මේ වගේ අත්දැකීම් ගොඩක් තියනවා...ඇයි මටත් ගුරුවරියක් වෙන්න බැරි වුනේ කියලා වෙලාවකට හිතෙනවා...

    සංජු ටිචගේ පෝස්ට් හැම එකක්ම වගේ කියවල තිබුනත් අද තමයි කමෙන්ට් කලේ (මෙච්චර කල් මට ප්‍රොෆයිල් එකක් තිබුනේ නැහැනේ..ඒකයි:)

    ReplyDelete
  14. අම්මේ මට හෙනට සතුටුයි..ඔය අන්තිම කෑලි වලට නෙවෙයි..අර බොට ලැබුන තනතුරට...ඌරගේ මාළු..අහ් නැහැ වැරදුනා...සංජුගේ මාළු සංජුගේම ඇග උඩ තියලා කැපියැකි... අනේ බං බොලාගේ ඉස්කොලේට එන අළුත් චූටි ටීචර් කෙනෙකුට බ්ලොග් එකක් ඇරලා දීහංකෝ..අපිට එතකොට අහ ගත්තැකි බොට උන් කියන කතා..:D:D:D

    ReplyDelete
  15. සයුරි :ස්තූතියි කමෙන්ටුවට .... සතුටුයි අඳුනා ගන්න ලැබුණ එකට. වෙලාවකට ලැබෙන සතුටට දුක් ඔක්කොම අමතක කරන්න පුළුවන් මේ රස්සාවෙන්

    ReplyDelete
  16. මාරයියා : අම්මපා ඒකත් කරන්න ඕනි. මටම ඉතින් ඒක ලියන්න බැරි කමක් නෑ ඒත් ඉතින් වෙන එකෙක් මගේ ගැන ලියන එක කොච්චර එකක් ද? වැඩියම දුක උතුමා සර් ට ලාවට පක්ශපාති වෙන්න සිද්ධ වෙන එක. හැබැයි මේ ඊයේ පෙරේදා දවසක මම එයාට ටිකක් සැරෙන් අමතලා කරන දේවල් කිව්වම පූශා වගේ පිලිගත්තනෙ. මගෙ කාමරේ ඉන්න එකීවම මම බ්ලොග් ලියන්න දාන්නම්කො.එතකොට ඒකි මගෙ පිළිවෙල ගැනත් ලියයි. (මට දුක මාරයියේ මාරයියාගෙ මාරදූවරු සැට් එකට ඒකිවත් සැට් වෙයිද කියලා) අසරණ කෙල්ල

    ReplyDelete
  17. මුලින්ම අක්කට සුභ පැතුම්... නිවාඩුවක් හම්බුනාටයි, නි.වි හම්බුනාටයි...

    ගුරුවරු කියන්නේ මහ පුදුමාකාර ජාතියක්...!!! අම්මලා තාත්තලා වගේ හැම තිසෙසෙම හරි පාර පෙන්නන්නේ වෙලාවකට එයාල ගැනවත් හිතන්නේ නැතුව.

    ReplyDelete
  18. මාළු : ටැංකිවු... ඒක බාර ගන්න කලින් මම මේ මාරුවීම හදා ගන්න බලන්නෙ.

    හ්ම්ම්ම්ම්ම්ම්ම් ඒත් හැමෝම එහෙම නෑ සල්ලි නිසා ඒ ගරුත්වය නැති වෙලා. ගුරුවරු කියන්නෙ හිඟන්නො වෙලා. එරංග අන්තිමට අර වගේ කතාවක් කිව්වෙ ඒ නිසා වෙන්න ඇති. මොකද අපි කරන කැපකිරීම මිල කරන්න ගියොත් ඒකට දෙන්න මිලක් නැති නිසා

    ReplyDelete
  19. මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු...ඒගොල්ලා ලමයි වෙනුවෙන් කොච්චර කැප උනාද කියලා මම හොදටම දන්නවා,ඒවගේ අය ඇති ඕනේ තරං,ඒවා මිළ කරන්න බෑ කවදාවත්,ගෝලයෝ පාරෙදි හම්බෙලා කථා කරනකොට ඒ ගොල්ලා සතු‍ටුවෙන තරමත් මම හොදට අත්විදලා තියෙනවා.....

    ReplyDelete
  20. ගුරුවරු ගැන මම දන්නා අත්දැකීම් එක්ක මේ කතාව මට මහා දෙයක් නෙවෙයි. ජීවිතේ අවුරුද්දක් ගුරුවරයෙක් වෙලා ගුරුවරුන්ටත් උගන්නල සමුගැනීමේ සාද කීපයකටම සහභාගී වෙලා ඉන්න මට මේ කතාව හොඳට තේරෙනවා. ගුරුවරයෙක් වීම එක අතකට හොඳයි, එත් අනිත් අතට වෙන්වීමේ දුක තියන එකම රස්සාව මේකද කොහේදෝ

    ReplyDelete
  21. ඕ ලෙවල් කරද්දි නං ටීචර්ල ටික අපිට (විශේෂයෙං මට) සමු දුන්නෙ සතුටින් . . . මම දන්නෙ නෑ ඒ ටීචර්ලට මගෙත් එක්ක තිබුන තරහට හේතුව මොකද්ද කියලවත් . . . . හැබැයි ඒ ලෙවල් කරල ඉස්කෝලෙං අයිං වෙද්දි නං ටීචර්ල හැමෝම ඇඬුව . . . . එක ටීච කෙනෙක් මම වඳිද්දි ඇඬුවෙ . . . ."ආයි කවදාවත් අපිට බනින්න උඹ වගේ ජොලි වැඩ කරන එකෙක් එන්නෙ නැතිවෙයි" කියල . . .

    ReplyDelete
  22. ඇඩෙනවනම් තමයි.. අක්කේ.. අපේ ඉස්කෝලෙත් 11 වසරේ සෙට් එක අපිට ස්නෑක් පාර්ටියක් දීලා ගියේ.. හැමෝම අපිට බුලත් දීලා වැන්දා.. කෙල්ලෝ කොල්ලෝ ඉංග්‍රිසි පන්නෙට හග් එකක් දීලා යනකොට දුකයි ... මම ගුරු ජීවිතේ පටන් ගත්තේ උන්ගෙන් එතකොට මට වයස 19යි උන් ටික 6 වසරේ.. පොඩි බට්ටෝ ටිකක්.. දැන් උන් මටත් වඩා උසයි සමහරුන්ට හග් එකක් දෙන්න අඟල් දෙකක් උඩ අඩි සපත්තු දාලා තවත් ඉස්සෙන්න උනා.. ඒදා මා එක්ක හුරතල් වුනු පොඩි උන්, මම දෙවනි පාරට ඉස්කෝලෙට යද්දි වැඩිහිටියෝ.. තව කල් යද්දි එයාලා කොහොම කොහොම අපිට මුන ගැහේවිද.. හොඳ තැන් වල හිටියොත් එදාටත් අපි අඬාවි..

    ReplyDelete
  23. ආයේ ආවා මේ කතාව බලන්න.
    අනේ අපේ කාලේ මෙහෙම ගුරුවරියෝ හිටියේ නෑ නොවැ?
    මං උසස් පෙල තියා සාමාන්‍ය පෙල ලියන් කලිනුත් කවුරුවත් ඇඬුවේ නෑ.
    මුළු රටම සිලං-බිලිං වෙලාද?

    ReplyDelete
  24. ඔබගේ මෙම ලිපිය අප ඉතාමත් අගය කරන අතර හදුන්වාදෙන http://ads.sasroo.com හි සිංහල Per Per Click දැන්වීම් වැඩසටහන හි පබ්ලිශර් ගිණුමෙහි ලියපදිංචි වී අදම ඔබගේ වෙබ් අඩ්වියෙහි සිංහල දැන්විම් පළකර ඔබට මෙම සිංහල වෙබ් අඩ්විය මඟින් අමතර අදායමක් උපයා ගතහැකි බව සතුටින් දන්වා සිටිමු.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

කාටූන්

සදමාලි කෑල්ල