ගුරු (02)
රැග් කතා තවම ඉවර නැත. මේ කතාව කැප වන්නෙ මම කලුතර දිස්ත්‍රික්කයේ තනිව සිටියදි මගෙ සෙවණැල්ල සේ සිටි කලණ මිතුරා වෙනුවෙනි. පීඨ ගොස් දින කිහිපයකින් අපට පන්ති වලට බෙදන ලදි. මම අයත් වූයේ ජී 1 පන්තියටයි. කඩ්ඩ ඔපවත් ව තිබීමේ පින නිසා බය නැතුව මම පන්තියේ ගොස් වාඩි වුනෙමි. කරුමයට මට ලැබුනේ පන්තියේ සිටි එකම කොල්ලන් 4 දෙනා ගේ මුහුණු බලාගෙන සිටිය හැකි පන්තියකි. කොල්ලන් ට මගෙ තිබුණු බිය ඒ වන විටත් පහව නොතිබිණි. රැග් වීමේ කරුමය නිසා මම බිම බලාගෙනම සිටියෙමි. දේශන 2ක් අවසන් වූ පසු යන්තම් ඔලුව උස්සගෙන සිටීමට මට හැකි විය. කොල්ලන් 4 දෙනාගෙන් එකෙකු මුස්ලිම් වූ අතර ඔහු ට ඇසීමට ප්‍රශ්න බොහෝ විය. අනිකා බුද්ධිමත් පිලිතුරු සැපයූවෙකු වූ අතර මට කෙලින්ම සිටි නිස ඔහු දෙස මම කෙලින් නොබැලීමි. තව එකෙකු පෙනුමින් ම පයිතගරස් වූ අතර අවසන් එකා දැලි රැවුලවත් නොකැපූ තරම් පෙනුම ඇති නිශ්ශබ්ද කොල්ලෙකු විය. මීළග කාලපරිච්ඡේදය නිදහස් වූ බැවින් මට මගේ පන්ති සගයන් සමග මුසු වීමට හැකි විය. ගෙවල් කොහෙද? පාසැල කුමක්ද? එක එකා ගෙන් අසන විට පන්තියේ නොසිටියේ යාපනයේ එකෙකු පමණි. නමුත් යාපනයේ කොල්ලො ද ත්‍රස්තවාදීන් ට කප්පම් ගෙවා හෝ තම ...