අපූරු ගීතයක්.....

මේ ගීතය මුලින්ම අහපු දවසේ සහ මේ ගීතයේ රූප පෙළ දැකපු මුල්ම දවසෙ මට ජීවිතේ එපා වුණා. ඒ පරණ දේවල් මතක් වෙලා මට ටිකක් රිදුණ නිසා. ඒත් රිදි රිදී හරි මම මෙ සිංදුව රස වින්දා. ඒ ඒකෙ පද මාලාව නිසා විතරක්ම නෙවෙයි. හරිම අපූරු සංගීතය නිසා. ඒත් මම පුළුවන් උපරිම මේ සිංදුව මග අරිනවා.


මග අරින සිංදුවක් ගැන ලියන්න හදන්නෙ මොකද කියලා ඔයාලා කල්පනා කරනවා නේද? ඒකට හේතුව තමයි මම මේ සිංදුව නිසා අපූරු අත්දැකීමක් ලබපු එක. ඒක නොකියම බැරි තරම් සුන්දර අත්දැකීමක්.


මම මේ දවස් වල වැඩමුළුවකට සහභාගී වෙනව.ඒක තියෙන්නෙ නුවර එළියේ.මට ඒකට නුවර එළියේ යන්න උනේ මම වැඩ කරන පාසල එහෙට අයිති නිසා. සීතලේ කටු කන්න බැරි නිසා මම මේ දවස්වල ගමනාගමනය AC බස් වල. දවසක් මම එද්දි මේ සිංදුව බස් එකේ රේඩියෝවේ වාදනය වුණා.


හරි පුදුමයි. බස් එකෙ සද්ද පද්ද ඔක්කොම ටික ටික අඩු වෙලා ගියා. කිසිම කෙනෙක් සද්ද කලේ නෑ. හැම කෙනාම මේ ගීතය ඇහුවා. අඩුම තරමින් බස් රථයේ රියදුරු අයියා බස් රථයෙ නලාව වත් නාද කළේ නෑ. (රියදුරු අයියා කිව්වෙ එයා අපේ ගමේ කෙනෙක්). මම බෙල්ල කරකවලා බස් එකෙ මිනිස්සු දිහා බැලුවා. හරි පුදුමයි හැමෝම සිංදුව අහනවා. සිංදුව ඉවර වෙලා ගිහාම තමයි හැමෝම ආපහු තමගෙ කතාවලට බැස්සේ.


ඒ තරමට මේ ගීතය හමෝටම සමීපයි. අපි කොච්චර පැනලා යන්න හැදුවත් අපි හැමෝගෙම මතකයන් අවුස්සන ගීතයක්. මේ පද වැලත් එක්කම මගේ ගෞරවය මෙහි රචකයාට සංගීත නිර්මාණකරුට සහ ගායකයින්ට.


හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ලං වුණා
අතීතයෙ දුර ඈතක ආදරේ මග වැරදුණා
අපි අපිම අද ආයෙම හමු වුණා මේ පාරෙ ම
අපි හමු වුණා මේ පාරෙ ම


මල් යාය මැල වුණා
මල් දෙවැට හැඩි වුණා
සමනල්ලු ඉහ ඇරුණු අත ගියා
අපි ආයේ නොයනා නිසා


නිල් අහස කළු වුණා
ඉකි ගගහා වැලපුණා
කදුලින්ම පිරුණු වැව බොර වුණා
අපි නිතර ආව ගිය තැන නිසා

Comments

  1. බැරිද සිංදුව ඩවුන්ලෝඩ් කර ගන්න ලින්ක් එකක් එහෙම දෙන්න

    ReplyDelete
  2. අනේ සමාවෙන්න මේක පෝස්ට් කරන්න තිබ්බ හදිස්සියට මට ඒක මතකම නැති වුණා. මෙන්න ලින්ක්

    http://www.music.lk/download.php?index=3636

    http://www.ananmanan.com/sinhala_lyrics/get_lyric.php?lid=1797

    ReplyDelete
  3. සංජු, මම මේ පැත්තේ ආවෙ අදම තමයි. ඔක්කොම වගේ ලිපි කියෙව්වා. ඔයාට ගොඩක් හොඳට ලියන්න පුළුවන්නෙ. ඒත් ඇයි ඉතින් මේ යලට මහට විතරක් ලිපි දාන්නෙ. පුළුවන් තරම් ලිපි දාන්න අපි එන්නම් කියවන්න. ඔබට සදා ජය !

    මම නම් මේ සිංදුව අහල නෑ. කවුද මේක කියන ගායකයා ?

    ReplyDelete
  4. සංජු, වර්ඩ් වෙරිෆිකෂන් එකත් අයින් කරානම්, කමෙන්ට් දාන්න කට්ටියට ලේසි වෙයි.

    ReplyDelete
  5. දුමී අයියේ ගොඩාක් ස්තුතියි මේ පැත්තේ ආවට...... නිවාඩු තියෙන විදිහටයි මූඩ් එකේ හැටියටයි තමා ඉතින් ලියවෙන්නේ. වර්ඩ් වෙරිෆිකේශන් එක අයින් කරන හැටි නම් මම දන්නේ නෑ... හොයලා බලලා කරන්නම්. ගොඩාක් ස්තූතියි ඒ ගැන මාව දැනුවත් කලාට.

    ReplyDelete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. අරුණ සර් මම මේක ටිකක් වෙනස් කරන්නම්. ඒ ඇරෙන්න මේක අයින් කරන්න නම් දුකයි. ඔයා කිව්ව දේ හරි. මම ඒ ටික මතක තියා ගන්නම්. ගොඩක් ස්තූතියි මේ පැත්තේ ආවට. ඔබෙන් අළුත් ලිපි එනකල් අපි බලාගෙනයි ඉන්නෙ. අපේ කට්ටියත් ගොඩක් ඔබේ වැඩ දැකලා හරිම ආසාවෙන් කතා කලා.

    ReplyDelete
  8. ඒ සින්දුවෙ තියෙන සිදුවීම ගොඩක් දෙනෙක්ට පොදු දෙයක් නිසා වෙන්න ඇති.

    ReplyDelete
  9. tharaka : වෙන්න ඇති.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම