ප්‍රභාත් සදරුවන්

වසරකට පෙර 11 ශ්‍රේණියේ දී
මාත් එක්ක රණ්ඩු වෙවී
එකට එක කියාගෙන ආපු කොල්ලා
හරියටම අවුරුද්දකට පස්සේ


බස් රියෙන් මම බහිනකොටම
දොරකඩට දිව විත්
මහ වැස්සේ නගරයම මැද
බසයද නවත්වාගෙන


මගේ දෙපා මුල දණ ගසා
දෝතින්ම මගෙ දෙපා අල්ලා
"ටීච මම යනවා"


දෑසේ පිරුණු කදුලු
ගලා යන්නට පෙර
ඔහුගේ හිස මගේ දෝතින්ම අත ගා
යන්න අවසර මගෙ පුතේ


"තෙරුවන් සරණයි"

Comments

  1. හරිම සංවේදී මොහොතක් . . .

    "මිනිසා සුවඳයි මලසේ" කියන්නේ මේ නිසා නොවේද . .

    ReplyDelete
  2. ඇත්තමයි අයියේ.... මෙයාලා හරිම නපුරු ළමයි වෙලා හිටියේ අන්තිම කාලේදි. ඒත් පස්සේ සමාජය එක්ක ගැටෙනකොට ඒගොල්ලන්ට තේරිලා තියෙනවා ඒගොල්ලන්ගේ වැරදි...

    ReplyDelete
  3. මේක මම කියෙව්වේ නම් පුදුම දවසක. අද මට මුණුගැහුණා මම 11 වසරේ ඉදිද්දී මගේ පංතිය භාරව හිටපු ගුරුතුමිය. කරපු වැරදි කොයි තරම් වුනත් දඬුවමක් දෙන්නේ නැතිව අපේ පංතියේ අයව හදන්න හැකිවුන කෙනා. මමත් අද වැස්සේ, නුවර ගුඩ්ෂෙඩ් එක ලඟදී වැන්දලා ආවේ. අවුරුදු ‍තුනකට කලින් ඒ මැඩම්ගෙන් ඉගන ගත්ත සමහර පාඩම් දැනුමට වඩා අපිට වටිනවා ජී‍විතේට.

    ReplyDelete
  4. ලස්සනට ලියලා තියනවා! අපේ අම්මත් විශ්‍රාමික පාසල් ගුරුතුමියක්. ඒ නිසා මේක මගෙ හිතට ගොඩක් වැදුනා

    ReplyDelete
  5. ළමයෝ.... අනේ මන්දා ඉතින් මම නම් පාරක් දෙකක් නොදීමත් නෙවෙයි. මොනා උනත් කන් පාත් වෙන්න මගෙන් බැනුම් නම් අහලා තියෙනවා මේගොල්ලෝ. මාව අඩවලත් තියෙනවා මෙයාලා. ඒත් අනේ මම හරි ආදරෙයි මේගොල්ලන්ට.

    බ්ලොග් පූසෝ.... ඒක විදින්නම ඕනි අත්දැකීමෙන්ම. මට හිතෙන්නේ අපි හැමෝටම ඒ අත්දැකීම් තියෙනවා.

    තුන් දෙනාටම ස්තූතියි මේ පැත්තේ ආවට....!

    ReplyDelete
  6. ගොඩක් සංවේදී අවස්ථාවක්.....ලස්සනට ගලපල තියනවා.

    ReplyDelete
  7. ස්තූතියි දිනෙශ්.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කාටූන්

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

මම ආස ගීත