ස්පෝර්ට්මීට් කතා (අවසාන කොටස) - මම ඔබෙන් ආදරය කරන්නට උගත්තෙමි.
ස්පෝර්ට් මීට් කතා සීරිස් එක මම අල කර ගත්තේ වලි කතා ලියන්න ගිහින්. මොන වලිය තිබ්බත් ඔන්න අද අපි අපේ ස්පෝර්ට් මීට් එක ඉවර කර ගත්තා. ඊයේ දවල් තමා ඔන්න කට්ටියටම ඕනී වුනේ නිවාසය හදන්න. මගේ නිවාසයේ කොල්ලෝ ටික ඉතින් දෙයියනේ කියලා හණ කැලේකටයි මාන කැලේකටයි වග කියලා තිබ්බා. කොල්ලන්ගේ අත් මාන වලට සහ හණ වල කටු වලට හොදටම කැපිලා තිබ්බේ. වැඩේ අල වෙලා තිබ්බේ ඒවා චන්දන අයියාගේ ලොරියෙන් ඉස්කෝලෙට ගෙනාපුවාමයි. ඔක්කොම පොඩි වෙලා. අපේ රජිත ට ඕනි වුනේ නැවක් හදන්න. මනුස්සයාගේ නැවේ ප්ලැන් එක දැක්කම මට මොලේ නරක් වුණා. ඒක නැවක් කියලා පේන්නේ අහසින් ගිහාම විතරයි. පස්සේ විස්තර කරලා කරලා කට්ටියම එකග වුණා ඉස්සරහ නැවක් වගේ හදන්නත් පිටිපස්ස නිකන් හරි හතරැස් කාමරයක් හදන්නත්. ඉතින් ඔන්න අපි වැඩේ ට බැස්සා. මෙහෙම වැඩකට මමත් ළමයිනුත් බැස්ස පළවෙනි වතාවයි මේ. අපි නිකන් උඩින් වැටිලා වගේ. වෙලාවට පිහිටට ආවේ චන්දන අයියා. 6 වසරේ නෙත්මි ගේ තාත්තා. එයා කණු හිටවන්න පොළවේ වලවල් හාරලා කනු හිටවලා සැකිල්ල හදලා දීලයි ගියේ. ඒත් අත්දැකීම් නැතිකම නිසා අපි සෑහෙන්න පසු බැහැලා හිටියේ. අපි උදේ ඉදලා රෑ 8 විතර වෙනකල් ම උත්සහ කල...