ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා....!



ඒ සිංදුව ඇහෙන හැම වෙලාවකම මම ලග ඉන්න කෙනෙක් ගෙන් ඇහුවෙ කොහොමද දැන් දිලුම් ට කියලා. 

කියන්න තරම් දෙයක් මගෙ හිතේ ඉතිරි වෙලා නෑ. හැම දෙයක් ම හිස් වෙලා. 

වතුර කළ 7 ක් අරගෙන වැල් බෝධිය වටේ ගිය අපි පැතුවේ මේ අවසානය දකින්න නෙවෙයි. 

ඒත් හිතුවටත් වඩා කලින් මල්ලි ...... ඔයා අපිව දාල ගිහින්. 

සයිබර් සැණකෙළිය දවසෙ මම කලින් යන්න හදනකොට ඉදගෙන හිටපු ඔයා මට ඇනලා කිව්වෙ "ඇයි යන්නෙ ඉක්මනට?? අපිත් එක්ක යන්න ඉන්න" කියලා.  

එහෙම කිව්ව ඔයාගෙ ඔලුව අතගාලා මම ආවා.  

හැමෝම එක්ක එකට යන්න පටන් ගත්ත ගමනක..... මග වෙනස් කරගෙන ඔයා තනියම වෙන පාරක ගිහින් කියලා මම තාම අදහන්නෙ නෑ. 

ඒත් ඒක ඇත්තලු. ඔයා ආයේ කවදාවත් එන්නෙ නැතිලු.  

අපේ හදවත් වල හොරෙන් හොරෙන් අඩි තියපු ඉලන්දාරියා අපිව දාලම ගිහින්.  ආයෙ නො එන්නම.............!

පපුවට දැනෙන වේදනාව සහෝදර කම වෙන්න ඇති. ඔය හිනාව කතාවල් අපිට ආයෙ ඇහෙන්නෙ නැති වේවි.  

මල්ලී ඔබට නිවන් සුව! 





Comments

  1. දිලුම් මල්ලී, ඔබට නිවන් සුව! ජාති ජාතිවත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා!

    ReplyDelete
  2. ඉලන්දාරියා කවදාවත් නොදැක්කක්ත්, කතා නොකෙරුවත් සයිබර් මිතුරු ඔබට නිවන් සුව!

    ReplyDelete
  3. ඔයගේ පෝස්ට් එක බලලා මට ඇඬුනා.

    වෙන මුකුත් දැන්මම නම් කියන්ට බැහැ. ඇහේ කඳුලු පිරිලා.

    ReplyDelete
  4. ඉලංදාරියෝ ඔයාගේ හඬ තාම ඇහෙනවා.. ඔයා කවදද ආයෙම චැට් එකට එන්නේ????
    ගිය තැන හොඳින් ඉන්න. මේ හිටියා වගේම....

    ReplyDelete
  5. S..........................A....................D

    ReplyDelete
  6. ඉලන්දාරියෝ ඉතින් අපි සමු ගනිමු , ඔබට නිවන් සුව............!

    ReplyDelete
  7. දිලුම් වෙනුවෙන් අපි හොඳ මිනිසුන් වෙමු!

    ReplyDelete
  8. සිහිල් සුළඟක් වෙලා ඇවිදින්,
    සිතේ අප හැම මතක තවරා,
    ආයෙ දවසක දකින්නට නැත,
    සොයුර.........නුඹ,
    නොකියම යන්න ගිහින්,

    Sleep well sweet prince, and may flights of angels sing thee to thy rest. - Shakespeare's Hamlet

    සුවසේ නිදන්න දයාබර කුමරුනි,
    දෙවඟනන් කැළ ගයනා මධුර ගීතිකා අසමින් නිසසලව සැතපෙනු මැනවි!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම