මල්ලිට ලොකු ඒවා........ මට පොඩි ඒවා.....!


මේ කතාව මාත් අපේ මල්ලිත් ගැන නම් නොවේ. නමුත් පොඩි කාලේ අපේ ගෙදරද මේ වගේ වලි අනන්න තිබුණි. නමුත් මේ තරම් මේ අක්කා ඇඩ්වාන්ස් නැත. මේ වලිය සිද්ධ වුනේ අපේ යාබද පාසැලක සහෝදර ගුරුතුමියකගේ ගෙදරයි. 

ඇයට දරුවන් දෙදෙනෙකි. වැඩිමලා දියණියක් වන අතර බාලයා පුතෙකි. සුපුරුදු පරිදි පොඩි එකා නිසා ලොකු එකා ගුටි කන සීන් එක මෙහෙදීද අඩු නැතුවම සිදුවේ. 

"මොකක්ද දුව මල්ලි පොඩියිනෙ"

"මල්ලි පොඩියි ගහන්න එපා"

"මල්ලිට දෙන්න මල්ලි තාම පොඩියි නෙ"

දවසක් මේ වගේ වලියක් පටන්ගෙන තදට වලිය නැගලා ගියේ ය.  මල්ලි නිසා අක්කාට ගුටි 3-4 ක් ද වැදුනේය. දැන් අක්කා හඩයි. හඩන ගමන් දෙස් දෙවොල් තියයි. 

"අම්මා හැම එකම කියන්නෙ මල්ලි පොඩියි මල්ලි පොඩියි කියලා. මොන පිස්සුද ??? මල්ලිට දෙන හැම එකමලොකුයි. මටයි තියෙන්නෙ ඔක්කොම පොඩි ඒවා"  

කෙල්ල මරහඩ තලමින් හඩයි.  

"අම්මම බලන්න මල්ලිගෙ හැම එකම ලොකුයි. බලන්න මට වඩා මල්ලිගෙ චූවත් ලොකුයි. මගෙ එක එතනත් පොඩියි. අම්මා කොහොමද කියන්නෙ මල්ලි පොඩියි කියලා"

කෙල්ල නැවතත් මරහඩ තලමින් හඩයි.  

මේ ටීචර් අම්මා ඉස්කෝලයේ ඇවිත් සීන් එක කියලා පෙරලෙමින් සිනාසුනාය.  ඒ ඇයට ගෙදරදී සිනා වෙන්නට බැරි නිසාය. 

"අනේ නංගි ගෙදරදි මම හිනා වුනොත් කෙල්ල තවත් අඩයි මම හිනා වෙනවා කියලා."

ඔන්න අවුරුදු 5-6 පොඩි අක්කලාට වෙන ප්‍රශ්න!!!!!

Comments

  1. (දැන් හැදෙන උන් අපේ කාලෙ උන් වගේ නෑ.හෙන ඇඩ්වාන්ස්නේ...:))

    මටත් ඔය වාසිය නම් තිබ්බ මොනවහරි කන දෙයක් ගෙනාවත් මට තමා බෙදන්න දෙන්නෙ,වැඩිපුර කෑල්ලක් මට අනිවාර්යෙන් ලැබෙනව.අක්ක හැමදාම කියන්නෙ නංගිට තමා වැඩිපුර සැලකිළි,නංගි පොඩි නිසා හැමදේම එයාට, මට නැ කියල.හැම ගෙදරම ඔහොම වෙන්ටැ.

    ReplyDelete
  2. චූවක් හදල දුන්නනම් හරි පව් වැඩේ..

    ReplyDelete
  3. හී.. හී... මාර ඇඩිවාන්ස්ට් අක්කෙක්නේ... කෝ කෝ මේක නෙවියිනේ අද දාන්න හිටිය පොස්ට් එක...

    ReplyDelete
  4. හිකිස්...සංජු අක්කටත් පොස්ට් 10 ක් ලිව්වොත් 5ක් විතර යටිතල පහසුකම් ගැන ලියන්න වෙන සීන් ම තමයි වෙන්නෙ.

    ReplyDelete
  5. දැන් කාලෙ හැදෙන පොඩි උන් කමකට නෑ.අපේ මාමගේ පොඩි එකාත් කවුරුහරි කතාකරන අතරේ මැද්දට පැනලා ඇඩ්‍රස් නැතිවෙන ජාතියේ ඒවා කියනවා...

    ReplyDelete
  6. නදී : ඔව් අනේ මමත් ඔය සීන් එකට අඩලත් තියෙනව පොඩි කාලෙ. හැමදාම වලි

    ReplyDelete
  7. මකරා : හික් හික් ඒකනෙ

    ReplyDelete
  8. ඉන්දි : හදලා දෙන්නකො එහෙනම්

    ReplyDelete
  9. හංසි : පස්සෙ බලමුකො පශ්චාත් අන්ඩර්වර්ල්ඩ් බිය ගැන ලියන්න

    ReplyDelete
  10. පැන්ඩා : පොඩි එවුන් එක්ක ඉදලා අහන දකින් දේවල් තමා.

    ReplyDelete
  11. රන්දික : හෆ්ෆා ඔව් කියලා වැඩක් නෑ. මමත් පොඩි කාලෙ එහෙම ඩයල් එකක්ලු

    ReplyDelete
  12. උඹත් අක්කේ කිව්වොත් නම් මෙහෙම කතාවක්ම තමා,
    හිනා කාලා මැරෙනවා

    ReplyDelete
  13. අපි පොඩි කාලේ කියපු කතා නෙමේ දැන් උන් කියන්නේ...

    ReplyDelete
  14. අපේ අක්කත් එක්ක වැඩිය ගැනිලි බෑ. මොකද එයා තමා බෙදන්නෙ. අපරාදෙ කියන්න බෑ අඩිරූලෙන් මැනල හරි හරියට දෙකට බෙදනවා.

    ReplyDelete
  15. අපිට ඔහොම ප්‍රශ්න තිබ්බෙ නැතෝ, මම වැඩිමල් උනාට බාල නංගිල දෙන්නෙක් විතර නිසා නෝ ප්‍රොබ්ලම්, හෙහ්.......හෙහ්,

    ReplyDelete
  16. අම්මප සංජුවෝ . . . මගෙ හිතට එන දේවල් මෙතන කොටන්න මහ මොකද වගේ . . . .

    ReplyDelete
  17. හෙහ් අනේ පව් පොඩි කෙල්ල...

    ReplyDelete
  18. :D :D :D මම අද තමා අක්කෙ මෙ පැත්තෙ අවෙ ඉස්සෙල්ලම.. මලු පොස්ට් එක මුලින්ම කියෙව්වෙ. හික්zzz යකඩො අර පොඩි මලයගෙ පෞද්ගලිකත්වය එහෙම පිටින්ම උල්ලංගණය කරලා නොවැ අර චුටි අක්කා.. හික්zz සමානාත්මතාවෙ අසමානතාව අවු.5 පොඩි කෙලිටත් තෙරෙන එකෙ අච්චර ලොකු මැණියන්ට නොතෙරෙන එකයි පුදුමෙ.... :D :D :D :D

    ReplyDelete
  19. පට්ටයි...
    ඔන්න මම මේකෙ ලින්ක් එක ‍ෆේස් බුකියෙත් දැම්මා..
    :D :D :D

    ReplyDelete
  20. "අම්මම බලන්න මල්ලිගෙ හැම එකම ලොකුයි. බලන්න මට වඩා මල්ලිගෙ චූවත් ලොකුයි. මගෙ එක එතනත් පොඩියි. අම්මා කොහොමද කියන්නෙ මල්ලි පොඩියි කියලා"

    දැං ඉතින් කියපන්කො බලන්න.. ඌ පොඩියි කියල.. :P

    ReplyDelete
  21. ඕක නම් අදටත් අපේ ගෙදර තියනවා. හැමදේම මල්ලිට තමා මුලින්ම. මට ගොඩාක් වෙලාවට මුකුත් හම්බෙන්නේ නෑ

    ReplyDelete
  22. තව පොඩ්ඩෙන් හිනාව ඉස්පොල්ලේ ගිහින් මැරෙනවා.... මිනී මරන්න එපා සංජුවො...!

    ඕක දැක්කහම මටත් අතුරු කතාවක් මතක් උනා. ඔන්න දවසක් චුට්ටං කෙලි පැටියෙකුයි, කොළු පැටියෙකුයි තමන්ගේ උපකරණ සංසන්දනය කරන්න පටන් ගත්තලු. කොලු පැටියා ඇහුවලු කෙලි පැටික්කිගෙන් අර මොකත ඔයාගේ එක ඔහොම තියෙන්නෙ කියලා. ඉතින් කෙලි පැටික්කි කිව්වලු ඒ මම චුච්චු කරන තැන කියලා. ඊටපස්සෙ කෙලි පැටික්කි ඇහුවලු, මේ මොකක්ද ඔයාගේ චුච්චු කරන තැනින් දිගට තියෙන්නෙ කියලා. එතකොට කොලු පැටියා කිව්වලු .....ආහ්... ඒකෙන් තමයි මම චුච්චු කරන්නෙ කියලා.... ඊට පස්සෙ කෙලි පැටික්කි ඇහුවලු, ඒ දිග එකට යටින් මේ මොකක්ද පොඩි මල්ලක් එල්ලෙන්නෙ කියලා.....ඒ පාර කොලු පැටියා ටික වෙලාවක් කල්පනා කරලා කිව්වලු "ආහ්.... ඒක තියෙන්නෙ නම් ස්ටයිල් එකට" කියලා

    ReplyDelete
  23. බලන්න ඒ පොඩි එකා අහලා තියෙන්නේ කොච්චර හොඳ ප්‍රශ්නයක්ද කියලා :D

    ReplyDelete
  24. මමයි නoගියි නම් තාමත් වලි යනවා.ගොඩක් වෙලාවට වලි යන්නේ කෑමක් බෙදාගන්න බැරුව තමයි .ඒක නිසා වැඩ ඇරිලා එනකොට අම්මා රටකජු ගෙනාවත් වෙන වෙනම ගො‍ටු 2 කට ගේන්නේ. :D

    ReplyDelete
  25. එදයින් පස්සේ කෙල්ලට ගුටි වදින එක නතර වෙන්න ඇති නේද ?

    ReplyDelete
  26. හික්... මරු අක්කා... ඔය නෑ නෑ කිව්වට මේ අක්කත් එහෙම වෙන්ටෑ...

    ReplyDelete
  27. අපේ ගෙදරදී මං ලොකු අයියා හින්දා බෙදන්න බාරදෙන්නේ මට.ඉතින් මං මල්ලිට ලොකුම කෑල්ල දෙනවා...

    ReplyDelete
  28. බඩ පැලෙනකම් හිනා උනා මේක කියවලා.... :D

    ReplyDelete
  29. අම්මෝ ළමයා හරීරීරීරීරී forward නේ

    ReplyDelete
  30. සංජු අක්කේ..බ්ලොග් අඩවි රැසක් අතර ඔයාගෙ බ්ලොග් එක කොහොම මිස් වුනාද කියලා මට හිතාගන්නවත් බෑ....හරිම අපූරු කතා ගොඩාරියක් තියෙනවනෙ...මුලක ඉඳලා කියවන්න ඕනෙ..

    ඒ වගේම මම කුලුඳුලේ ලියන්න ගත්ත බ්ලොග් එකේ (http://makulupanchi.blogspot.com/) පළවෙනි follower ඔයා වුන එක ගැන මට හරිම සතුටුයි... ස්තූතියි හුඟාරියක්... :))

    ReplyDelete
  31. නියම කතාව සංජු අක්කේ...අක්කා වෙන්න ඇති නේද දන්නෙ නෑ නේ. දුමී අයියත් එකට ඌන පූර්ණයක් දාල තියෙන්නේ...හික්ස්....

    ReplyDelete
  32. හික් හික් අනේ අනිච්චං, මටත් හිනා යනවා :)))

    ReplyDelete
  33. අෙප් අක්කා නම් ඒයාට හම්බ ෙවන ෙද්වල් වලින් වැඩිපුර ෙදන්ෙන් මට තමා...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම