යක්කුන්ගේ දෙමාපියෝ
මේ කතාවේ කතෘ අයිතිය නම් හිමි වෙන්නෙ අපේ අධ්‍යාපනවේදී උපාධිය සඳහා අධ්‍යාපන දර්ශනය උගන්වන විල්ෆ්රඩ් පෙරේරා සර් ට. අධ්‍යාපන දර්ශනය කියන්න තනිකරම උගන්නන ගුරුවරයාගෙ හැකියාව මත අපේ ප්‍රියතම හෝ අප්‍රියතම විෂය කර ගන්න පුළුවන් විෂයක්. හැබැයි දෙයියනේ කියලා විල්ෆ්රඩ් සර් ගෙ දේශනේ නම් අපි පැය 6ක් එක දිගට අහගෙන හිටියා හරිම ආසාවෙන්.
මේ කතාව සර් කිව්වෙ සර් ගෙ තාත්තට වුනයි කියලා. කාට වුණත් ජොලි කතාවක් නිසා ලියන්නම් කියලා හිතුණා. මම ඊගාව දර්ශනය දේශනය තියෙන දවස වෙනකල් ඇඟිලි ගැන ගැන ඉන්නෙ තව කතන්දර ටිකක් අහගෙන එන්න. විල්ෆ්රඩ් සර් කියන්නෙ කතා සාගරයක්.
ඔන්න අපේ සර් ගෙ තාත්තා මීගමුව පැත්තෙ ඉස්කෝලෙක විදුහල්පතිතුමා විදියට රාජකාරි කර කර ලු හිටියෙ ඒ කාලෙ. ඉතින් දවසක් මේ විදුහල්පතිතුමා හදිස්සියෙම වගේ දෙමාපිය රැස්වීමක් ගත්තලු. මුලු ඉස්කෝලෙම ඉන්න ළමයින්ට කිව්වලු අනිවාර්යෙන් තමන්ගෙ දෙමාපියෝ එක්කගෙන එන්න කියලා. මේක හරිම හදිස්සියෙ සිද්ද වෙච්චි දෙයක් නිසා දෙමාපියොත් බැලුවලු සර් ට මොනා වෙලාද දන්නෙ නෑ හදිස්සියෙම රැස්වීමක් ගත්තෙ කියලා. ඔක්කොමලා වැඩ පැත්තක තියලා ගියාලු එදා ඉස්කෝලෙ.
දැන් ඔක්කොම කට්ටිය රැස්වීමට සූදානම් ලු. අපේ ලොකු සරුත් ආවලු. ඇවිල්ලා ආපු සියළුම දෙනා දිහා කන්නාඩියට උඩින් විනාඩියක් විතර බැලුවලූ. බලලා එහෙම උගුරේ රැල් බුරුල් ඇරලා කතාව ආරම්භ කරන්න අවසර ගත්තලු.
"මගේ හදිස්සි දැනුම් දීම පිට මේ හදිසි රැස්වීමට පැමිණි යක්කුන්ගේ මව්වරුත් යක්කුන්ගේ පියවරුත් යක්කුන්ගේ භාරකරුවනුත් අනෙකුත් යක්කුත් මේ අවස්ථාවට සාදරයෙන් පිලි ගන්නවා......"
දැන් ඉතින් හරි. විදුහල්පතිතුමා අම්මල තාත්තලට යක්කුන්ගේ දෙමාපියෝ කියලා ඇමතුවා. පළාතෙ හැටියට ඉනේ ගහගෙන ඉන්න කඩු කිණිසි මාළු කපන පිහි ටික එහෙම එලියට එන්න එන්න වගේ හදනවලු. ඒත් අපේ විදුහල්පතිතුමා සැලුණේ නෑලු. එතනින් එහාට කතාව නවත්තලා පල් හිනාවක් එහෙම මූණෙ දාගෙන ලොකු සර් බලාගෙන ඉන්නවලු. ඉවසලා ඉවසලා බැරිම තැන "අම්මා බුදු වේවා!" කියලා පපුවෙ පච්ච කොටා ගත්ත තාත්තා කෙනෙක් නැගිට්ටලු.
"සෑර්... මොකක්ද සෑර් ඒ දාපු පල් ටෝක් එක? අපේ ළමයි යක්කු ද? අපි යක්කුද?"
ඉතින් ඔන්න සර් එතනින් එහාට කතාව කිව්වෙ මේ විදියට.
මේ දෙමාපිය රැස්වීම කැඳවන්න ප්‍රධානම හේතුව වෙලා තිබ්බෙ මේ ඉස්කෝලෙ ළමයි පාවිච්චි කරන එක වචනයක්. ඒ වචනෙ තම "යකෝ". මේක එකේ පන්තියේ ඉඳලා 13 පන්තිය දක්වා ළමයි එක ලෙසට ලෙසටම පාවිච්චි කරනවලු. ලඟ ඉන්න එකාට කතා කරන්නෙ නමින් නෙවෙයි යකෝ කියලලු. ඉතින් මේ වගේ තත්තවයක් ඉස්කෝලෙක විනය සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් වෙන නිසා ලොකු සර් හොයලා බැලුවලු මොකද මෙහෙම වෙන්න හේතුව කියලා.
හරි හේතුව ගමේ රවුමක් ඇවිද්ද ගමන් සර් ට මීටර් උනාලු. මෙන්න මේකයි වෙලා තියෙන්නෙ.
තාත්තා අම්මට කතා කරනවලු....... "යකෝ ලමයින්ගේ අම්මා" "යකෝ ගෑණියෙ"
අම්මා තාත්තට කතා කරනවලු "යකෝ ළමයින්ගෙ තාත්තේ" නැත්නම් "යකෝ මේ ඇහුණද?"
එතකොට ගෙදර ඉන්න අනික් අය....... "ආ යකෝ මාමෙ" "යකෝ නැන්දෙ" "යකෝ අයියා උඹ දැකපු කල්"
අන්තිමට වෙන්නෙ ගෙදර ඉන්න පොඩි එකා ඉස්කෝලෙ ඇවිත් තමන්ගෙ හුරු පුරුදු වචනෙ ඉස්කෝලෙදි පාවිච්චි කරන එක. ඉතින් මේක කරදරයක් වෙන්නෙ ඉස්කෝලෙ විදුහල්පති තුමාට. මොකද ඉස්කෝලයක් කියන්නෙ නිතරම පිට මිනිස්සු ගැවසෙන තැනක්. ඉතින් අධ්‍යාපන කලාප වලින් කාර්යාල වලින් එහෙම කට්ටිය ආවාම අර වාග් මාලාව ඇහුනට පස්සෙ ඉතින් ඉස්කෝලෙ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලේ සායම කාණුවේ ගලාගෙන යනවා.
මේක ඇහුනම දෙමාපියන්ට කට උත්තර නැති වුනාලු. ඉතින් කතාව තනිකරම ඇත්තනෙ. ආයෙ හෝදන්න දෙයක් නෑ කියන්න දේකුත් නෑ. ඉතින් අපේ විදුහල්පති තුමා දෙමාපියන්ට උපදෙස් දුන්නලු සම්මා වාචා වේ ප්‍රයෝජන ගැන. එදා ඉඳලා වැඩේ ටිකක් පාලනය කර ගන්න පුළුවන් වුනාලු. හැබැයි ඉතින් පුරුද්ද අරින්න බෑ නෙ. හිටපු ගමන් ඇහෙනවලු "යකෝ".
යකෝ මේක මාර කතාවක්නේ! :D
ReplyDeleteෂා මරු කථාව..!
ReplyDeleteකොහොමවුනත් ඔයවගේ පැතිවල ඉන්න විදුහල්පතිවරුන්ට මේ වගේ උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා ඔළුව බේරගෙන රාජකාරිය කරන්න.
අනිත් කථාටිකත් දානකම් බලාන ඉන්නවා
යකා පහනක හිරකලානං ඉවරයිනෙ . . .
ReplyDeleteහික් මාර ගමක්නේ. යකෝ!
ReplyDeleteයකෝ ගෑනියේ..... හක් හක්....
ReplyDeleteයකෝ සංජු මිස් කාලෙකින් පෝස්ට් එකක් දාලා
ReplyDeleteඕනයියා +++++++++++++++++++++ :D
ReplyDeleteපූශා : එහෙම තමා :පී
ReplyDeleteරූ....... : අපි දාන සෙල්ලම් ගැන මොන කතාද? ඔළුව බේරගෙන ඉන්න අමාරුම ෆීල්ඩ් එකක්
ReplyDeleteඕනයියා: පොත ආපහු කියවලා එන්න. පහනෙ ඉන්නෙ භූතයෙක් මිසක් යකෙක් නෙවෙයි.
ReplyDeleteඕනයියාට මුට්ටිය ඇල්ලු පූශා : ඔයත් මුට්ටි අල්ලන්න කලින් පොත ආපහු කියවන්න.
නදී : ඇත්තටම මේ වගේ අය ඉන්නවා අප්පා. අපිටත් ඉන්නව මරු බඩු ටිකක් හදා ගන්න බැරුව
ReplyDeleteපිස්සා : ඔන්න ඔන්න පිටිපස්සෙ මන්නෙ අමෝරගෙන
ReplyDeleteඩිලා : ලියන්න කම්මැලි අනේ ඒකයි.
ReplyDeleteහික් හික් . . . මට පේන්නෙ ටීච කියවලා නෑ වගේ "පහනට ආ යකා" පොත . . . .?? හොයාගෙන කියවන්න
ReplyDeleteඕනයා: යකෝ පහනටත් යක්කු එනවද ....... හක හක හක,
ReplyDeleteටීචර් ට ටිකක් ටියුබ් ලයිට් වගේ.
අන්න නියම විදුහල්පතිවරු. කතාව බොක්කටම වැදෙන්න දීලා තියෙනවා.
ReplyDeleteඕනයා අයියා - :))))))))))))))))))))))))))))))))
ඕනයියා : එහෙම පොතක් තියේද හත්වලාමෙ දන්නෙත් දැනුයි.
ReplyDeleteහතුරා : නෑ අප්පා මේ ඕනේයියා දාන පොත දන්නෙ නැද්ද ඉතින්!!!!!
ReplyDeleteනිසූ: අනිවා... නියම සර් ලා
ReplyDeleteමරු කතාව !!!
ReplyDeleteමාර යකෙක් නේ !!!!!!
ReplyDeleteමේ පැත්තෙත් තියෙනවා ඔහොම වචනයක්... "හුටා" කියලා. එකෙක් මැරුන කිව්වත හුටා.... තව එකෙක් බැඳලා කිව්වත් හුටා....
ReplyDeleteයකෝ.!!මාර කතාවක් නේ...
ReplyDeleteහෑ... යාකගේ කතාවක්නේ මේක... අපිට යකෝ.. කියන්නත් බෑද යකෝ... මේක යකාට ගිය රටක්කේ.....:D
ReplyDeleteඒකනෙ කියන්නෙ . . . ටීචර් නොදන්න තව මොනතරං නං ජාති තියනවද . . .
ReplyDeleteඔය පොත පොත් හතරක් විදියට එන නවකතා සීරීස් එකක පලවෙනි කොටස . . .
(ඉතුරු තුනේ නම් ටිකත් දාන්නද ??? හික් හික්)
කවුද යකෝ මේක ලීවේ...:DDD
ReplyDeleteමේ පිංතූරෙ ඉන්න යකාටයි යකාගෙ පුතාටයි ජොකෙක් වත් අන්දල ගත්තනං . . . .
ReplyDeleteසංජු ටීචර් ගෙ යක් දෙමාපියෝ කියෙව්වම මතක් වෙච්ච කතාවක් තමයි මේ.
ReplyDeleteහතර වසරේ ඉන්න කොට පන්තියේ හිටිය අලියෙක් වගේ කොල්ලෙක්. මොකක් හින්දද මතක නෑ මට වැඩිය දිරෙව්වෙ නෑ, දවසක් ඉතින් මූයි, මමයි ගහගන්න සෙට් උනා, උගෙන් ගුටි කෑවත් කොහොමින් හරි මිනිහගෙ ඔලුවට හොද පාරවල් ටිකක් නෙලා ගන්න පුලුවන් උනා.
ටීචර්ට මාට්ටු උනෙත් නෑ ඊලග දවසෙ ආයිත් ඉස්කෝලෙ ගිහිල්ලා රැස්වීම් පටන් ගන්න වෙලා තිබ්බ හින්ද කොරිඩෝ එකේ ඇවිද ඉන්න කොට, අර කොල්ලා හම්බුනා අම්මත් එක්ක.
මේ ගෑනි මාව දැක්ක ගමන් කඩන් පැනල බනින්න පටන් ගත්තා,
"යකෝ තොපි වගේ කලකන්නින් ගෙන් ගුටි කන්න නෙවෙයි අපි අපේ ලමයි ඉස්කෝලෙ එවන්නෙ ... ..."
අම්මගෙන් තාත්තගෙන් වත් අහපු නැති විදියට, මේ ගෑනි ලොවෙත් නැති වෙන්න මට බනිනවා, ඉවරයක් අත්තෙත් නෑ.
ඔහොම යන කොට අපිට ඉන්ග්‍රීසි උගන්නපු ටීචර් ගියා ඔතනින්. මේ බැනිල්ල ඇහිල අර ගෑනිට කිව්ව කතා කරන විදියක් තියෙනව ඔහොම බනින්න එපා ... ඊට පස්සෙ ඒ දෙන්න වාද කරන්න පටන් ගත්ත අතරෙ මම එන්න ආවා.
වෙලා තියෙන්නෙ අර කොල්ලට ගෙදර ගියාට පස්සෙ වමනෙ යන්න පටන් ගෙන බෙහෙතුත් අරගෙන, ඌ ඉතින් කියල මම ඔලුවට ගැහුවයි කියල..
මොකක් උනත් එදා අරම බැනුම් අහද්දිත් පොඩි හින්දද මන්ද, ඇගේ වදින්නෙ නෑ නෙ කියල ගනන් ගන්නෙ නැතුව ඉන්න පුලුවන් උනා, ඒත් ඉතින් දැන්නම් එහෙම ඉන්නත් බැහැ, තමන්ගෙ පැත්තට කතාකරන්න අර වගේ කවුරුත් එන්නෙත් නැහැ.
යකෝ අක්කේ බඩ අල්ලන් හිනා අලෝ
ReplyDelete