අපි වෙනුවෙන් අපි ආයේ......!
අදත් ඔන්න ලියන්න ආවේ සින්දුවක් ගැන. මගේ හිත හූරලා රිද්දන්න පුලුවන් වුණ සින්දුවක් ගැන. වැඩි කතා නැතුව සින්දුව මෙතනින් ඕනෙ නම් බා ගන්නත් යූටියුබ් එකෙන් බලන්නත් පුලුවන්. මේ සින්දුව නිසා මේ තරම් රිදුනේ ඇයි කියලා සමහර වෙලාවට මටම හිතෙනවා. මගේ සමහර යාලුවෝ නම් කියන්නේ මම ගිය ආත්මේ හමුදා නිලධාරියෙක් ගෙ බිරිදක් වෙලා ඉන්න ඇතිලු. ඒ මනුස්සයා යුද්දෙන් මැරෙන්න ඇතිලු. මමත් ඒ දුකටම මැරෙන්න ඇතිලු. ඒක නිසා මේ වගේ ඒවට දැනටත් හිත සසල වෙනවා ඇතිලු. සමහර විට වෙන්නත් ඇති අප්පා. ආදරේ කරන කෙනෙක් නැති වුනාම ඒකෙ අමාරුව දන්නේ තනි උන කෙනාම තමා. මුහුණු පොත නිසා ඒ ආකාරයේ අපූරු අත්දැකීම් කිහිපයකට මටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. පහුගිය අවුරුද්දේ ඒ කියන්නේ 2009 දි මාව සසල කලා එක ගුවන් අනතුරක්. ඒ වෙලාවේ ඒ හෙලිකොප්ටරය තුල හිටපු ගුවන් නියමුවෝ දෙදෙනාත් අවිකරුවෝ දෙදෙනාත් එතනම මිය ගියා. එහි හිටපු ගුවන් නියමුවන්ගෙන් එක්කෙනෙක් බොහොම කඩවසම් තරුණයෙක්. පස්සේ මම පුවත්පතක කියෙව්වා ඔහු මේ අනතුර සිද්ධ වෙච්ච මාසෙට පස්සෙ මාසෙ විවාහ වෙන්න හිටපු කෙනෙක් කියලා. මට ඒ වෙලාවේ විදුලියක් කෙටුවා වගේ රිදුණා. ඔහු විවාහ වෙන්න හිටපු පෙම්ව...