අ.පො.ස. (සා/පෙ) 10 වන සංවත්සරය


10 වන සංවත්සරය ගැන ලියන්න කලින් මෙය සංවත්සරයක් වෙන්නට හේතු පාදක වූ කතාව කිව යුතුය.

මම 1999 වසරේ දී සා.පෙළ විභාගයට පෙනී සිටියෙමි. ප්‍රතිඵල පැමිණි දා මමත් ලක්මාලිත් ප්‍රතිඵල ප්රදර්ශනය කළ මේස පන්දු ක්‍රීඩාගාරයෙන් පිටතට වී ගැහි ගැහී සිටියෙමු. විභාගයට වාරයකට පෙර කනිෂ්ඨ අංශ විදුහල්පතිනියගෙන් පන්තියම ඉදිරිපිට කණ පිරෙන්නට අසා ගත්තෝ අපි දෙදෙනාය. ගණිතයට පන්තියේ "වැඩිම" ලකුණු ලබා ගැනීම වෙනුවෙනි. 

ලක්මාලිගේ යෙහෙළියක වූ භාග්‍යා මේස පන්දු ක්‍රීඩාගාරයෙන් එළියට පැන්නාය. "ලකී ඔයා පාස්. ඔක්කොටොම D, C තියෙන්නෙ". ලකීට ඇඩුණි. මාවද ඇදගෙන ක්රීඩාගරය තුලට රිංගුවාය. මමද ඇදී ගියෙමි. ලකී කෙල්ලන් අතරින් රිංගා ඇයගේ ප්‍රතිඵල තහවුරු කරගෙන උඩ පැනගෙන පැමිණියාය. සෙනග අඩු වන තුරු බලා සිට මම ප්‍රතිඵල පුවරුව සෙමෙන් ලං වීමි.  

 අකුරක හෝ දෙකක වෙනසක් සහිතව මගේ වාසගමම හිමි සකුන්තලා ගේ නමද මා අසලින් විය. නම් දෙක පටලැවුණි. නම් දෙකම ඉදිරියෙන් මාගෙ ඇගිල්ල තබා ඉදිරියට ඇදගෙන ගියෙමි. පළමු නම ඉදිරියෙන් D අකුරු පේලියකි. නම් මගේ නම වෙන්නටම බැරිය. දෙවන නම ඉදිරියෙන් D අකුරු පේලියකි. ඒක නම් කොහෙත්ම වෙන්නට බැරිය. බෙල්ල කරකවා දකුණට ඇල කර බැලීමි. වමට ඇල කර බැලීමි. අවසානයේ මගේ දෑසින්ද කදුලක් වැටුනි. එක D අකුරු පේලියක් මගේ නම ඉදිරියේ විය. විද්යාවට, වාණිජ්යටට සහ ඉංග්රීසි සාහිත්යයට පමණ ක් C සාමාර්ථ සහිතව අනෙකුත් සියළුම විෂයන් D සාමාර්ථ 7ක් මගේ නම ඉදිරියේ සටහන්ව තිබුණි. "හෑහ්.... ගණන් වලටත් D "

මගේ ජීවිතයේ කවදාවත් අමතක නොවන දිනයයි. ජීවිතය යලි පටන් ගන්නට දෙවියන් මට වරමක් දුනහොත් මම ජීවිතය යලි පටන් ගන්නේ එදායිනි. 

දැන් සංවත්සර කතාවයි. 

  දිනයෙන් වසර 10 කට පසු මම නැවත මා 11 වන ශ්‍රේණියට ඇතුල් වූයේ ඉංග්‍රීසි විෂය භාර ගුරුවරිය ලෙසයි. එයද විනය අතින් සෑහෙන දුරට පිරිහුනු නමුත් ඉගෙනීමේ උවමනාව ඇති දරුවන් සිටින පන්තියකි. පළමුවන වාරයේ ආරම්භයේදී 11 වන ශ්‍රේණියට නියමිත නව පෙළ පොත දැකීමේන් මගේ සර්වාංගයම හිරි වැටුණි. "මේ පොත සම්පූර්ණයෙන් ඉවර කරන යම් පාසලක් මේ සිරි ලංකාවේ තිබේ නම් මා හට දැන ගැනීමට සැලසේවා!" 

එහෙන් මෙහෙන් පෙළපොත කිරීමට ඇති හැකියාව අත්හදා බැලුවෙමි. ඇගේ ලේ වතුර වීමේ සීඝ්රතාවය වැඩි වේ. කොදු නාරටිය දිනකට 100 වරක් බැගින් හිරි වැටේ. 11 ශ්‍රේණියට උගන්වන විනාඩි 40 දි 40 වරක් කොන්ද හිරි වැටේ. දවසේ ඉතිරි පැය 24 විනාඩි 20 තුල ඉතිරි 25 වරින් වර හිරි වැටී යයි. 1 වන වාරය අවසානයේදි 11 ශ්‍රේණියේ පෙල පොත මම මගේ පොත් අල්මාරිය තුලට වීසි කලෙමි. "ලබන වාරෙ එනකොට හැම කෙනාම අවුරුදු 10 past papers තියෙන පොතක් අරගෙන එන්න."  

වසර ගණනාවකට පසු මා අභියස අභියෝගයක් විය. සිසුන් දෙදෙනෙකු හෝ විභාගය සමත් කරවීමයි. වසර ගානකින් නොදුටු ඉංග්රීසි විෂය සම්බන්ධ සාමාර්ථ මගෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වූවෝ මගේ නින්ද නැති කළහ. මා සා.පෙල ලියා වසර 10 කට පසු මම 1999 වසරේදිවත් නොසිටි තරම් මානසික පීඩනයකින් සිටියෙමි. නමුත් එය කිසිවෙකුටත් නොපෙන්වා සිටීමට මට සිදුවිය.  

2 වන හා 3 වන වාරවල මම යක්ෂණියක් වුනෙමි. හිස ඔසවන්නටවත් ඉඩ නොදී මගේ කාලච්ඡේදය මම හිර කලෙමි. වරක් මා ඉතා ආදරය කළ සිසුවෙකු වූ දිලෙන්ත හිස ඔසවා මා දෙස බැලුවේය. "ටීච මම B එකක් අනිවාර්යෙන් ගන්නවා" මම පොත රැගෙන එහි පිටුපස එදින දිනය දමා දිලෙන්ත ගේ අභියෝගය ලියා ගතිමි. "B එකක් නෙවෙයි S එකක් වත් තිබුනොත්!!!" එය මා පිට නොකලෙමි. නමුත් මගෙ සිත ප්‍රශ්න කරයි. 


2010  මාර්තු මාර්තු වලදී මගේ මහන්සියේ ප්‍රතිඵල ලැබුණි. දිලෙන්ත ඇතුලුව 4 දෙනෙක් විභාගය සමත්ව තිබුණි. මගේ ගණන වී තිබුණේ නම් 10 කි. වාසනාව නොතිබුනු 6 දෙනෙකි ඉරණමට පැරදුනි. "වෙලාව"

 අදටද මම ප්‍රතිඵල ගැන නොසෑහෙමි. සෑහෙන දවසක් වේ නම් මුලු පන්තියම සමත් වන දිනයකි. එදින තෙක් මම වඩ කරමු. මගෙ සාමාන් පෙළ සංවත්සරය මා සැමරුවේ ප්‍රතිඵල 0% වීමට නොදී ගොඩ දාගෙනය. "ඔයින් ගියා ඇති" 

.ලි. මේ අවුරුද්දේ ප්‍රතිඵල ගැන කවුරුත් අහනවා එහෙම නෙවෙයි. මේ පාර කට්ටිය පන්තියේ දි කලේ ලව් කරන එක විතරමයි. ඒවාගේ ප්‍රතිඵල වලට මම නම් වග කියනු නොලැබේ. 

Comments

  1. හික්.... අක්කෙක් කියල හිතාගෙන හිටියට ඉන්ග්‍රීසි උගන්නන්න ඇන්ටි කෙනෙක්නේ....
    එල එල හොදට උගන්නන්නකො Teacher
    ඔන්න මගෙන් සුභ පැතුම් මෙදා පාර 50% ක් වත් එන්න කියලා

    ReplyDelete
  2. \\ඒ මගේ ජීවිතයේ කවදාවත් අමතක නොවන දිනයයි. ජීවිතය යලි පටන් ගන්නට දෙවියන් මට වරමක් දුනහොත් මම ජීවිතය යලි පටන් ගන්නේ එදායිනි....\\
    SAME HERE..)
    මට තාමත් හිටපු ගමන් හීනෙන් ඒ ලෙවල් කරනවා පේනවා :)) ...

    ReplyDelete
  3. අනේ ඔව්... ලකියා තාම මගෙත් එක්ක කතා කරද්දි මම හැමදාම ඕක මතක් කරනවා. දැන් ඉතින් අල්ලපු ගෙදර හිටියත් හම්බ වෙන්නෙ මූනු පොතෙන් නේ

    ReplyDelete
  4. අපිට නම් ඒකාලේ උන්නේ english ආච්චි කෙනෙක්..ආපෝ එයාට දුන්න වදයක්..

    ReplyDelete
  5. යසියා : මල්ලි ආච්චිලා වුනාට අපිට වඩා මාර දැනුමක් එයාලට තියෙනවා

    කොටින්ම දැන් ලංකාවේ පාවිච්චි වෙන ඉංග්‍රීසි පෙලපොත් අවසාන අධීක්ෂනයට ලක් කරන්නේ අපේ අත්තම්මා. එයාගේ තත්වෙට ඉස්කෝල නැති වුණා ට එයාගෙ ඉංග්‍රීසී මාර ස්ටැන්ඩර්ඩ්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කෙසේ අමතක කරන්නද මැරි මැරී උපදින මතක ...

ප්‍රෙග්නන්සි ටෙස්ට්

දරුපෙම බිඳක් තොල ගා බැලීමි!