බ්ලොගර්ස් ලා කියන්නෙ කවුද?
ඇත්තටම මේක මට දැන් දවස් ගානක ඉදලා හිතට වද දෙන ප්‍රශ්නයක්.
ඇත්තටම අපි කවුද?
නිකන් ඉන්නවට ලියන අයද?
හේතුවක් ඇතුව ලියන අයද?
සමාජයට අපි යන්නෙ කවුරුන් විදියටද?
බ්ලොගර්ස් ලා කියන්නෙ කවුද කියලා ඇහුවොත් අපි දෙන උත්තරේ මොකක්ද?
ඔබ හිතන්නෙ මොකක්ද?
ඇත්තටම අපි කවුද?
නිකන් ඉන්නවට ලියන අයද?
හේතුවක් ඇතුව ලියන අයද?
සමාජයට අපි යන්නෙ කවුරුන් විදියටද?
බ්ලොගර්ස් ලා කියන්නෙ කවුද කියලා ඇහුවොත් අපි දෙන උත්තරේ මොකක්ද?
මම නම් කැමතියි බ්ලොගර්ස් ලා කියන්නෙ "නිදහස් මාධ්‍යවේදීන්" කියන වචනයෙන් හදුන්වන්න.
ඔබ හිතන්නෙ මොකක්ද?
එකඟයි, එකම ප්‍රශ්ණය ලියන අයම තමයි වැඩිපුර කියවන්නේත්!
ReplyDeleteඔව් එක අතකට ඒකත් හරි මොකද කිසිම කෙනෙක්ට බලකරන්න බෑනේ අරක ලියන්න මේක ලියන්න කියල :\
ReplyDeleteසහතික ඇත්ත..blogger ලියන්නෙත් නිදහස් අදහස් තමයි.. වෙනසකට තියෙන්නේ blogger කිසිම මාද්යායතනයකට සම්බන්ද නැති එක විහරයි දිගටම ලියන්න සහොදරී යජවේවා
ReplyDeleteමාධ්‍යවේදීයා "නිදහස්" වුනත් ඔහු සතුකාර්ය්යභාරය අතිමහත්.මම් හිතන විදියට ඔය දෙන්න දෙන්නෙක් විය යුතුයි.
ReplyDeleteඑක දවසක් කෙල්ලෙක් මගේ බ්ලොග් එක බලලා ඇහුවා මෙහෙම.
ReplyDelete"ඇයි ඉතිං ඕවා ලියන්නේ? ඔහොම ලිව්වයි කියලා ඔයාට මොනවද හම්බ වෙන්නේ?"
කතන්දර : ඒක ඇත්ත... ඒත් ඉතින් හැමදාම අපි එක රාමුවක කොටු වෙලා එතනින් පිටට යන්නෙ නැතුව අන්තර්ජාලයේම ඉන්න ඕනි ද?
ReplyDeleteමට හිතෙන හැටි..:
ReplyDeleteසහොදරී අපි අන්තර් ජාලයෙන් පිටට ගියොත් අපේ නමත් වෙනස් වෙනව නේද..? එතකොට අපි බ්ලොගර්ස් ල නෙවෙයි නේද..?
ඉශාර : හ්ම්ම්ම්ම් ඒ වුණත් හැම ලිපියක් ම එකම ගුණාත්මක බවකින් යුක්ත නෑ නෙ
ReplyDeleteමාධ්‍යවේදීන් කියන්නේ සමාජයේ වෙනමම කොටසක්. එයාලට පිලිපදින්න අන්තර්ජාතික ආචාර ධර්ම පද්දතියක් එහෙමත් තියෙනවා (අපේ රටේ පිලිපදින්නේ නැති එක වෙනම දෙයක්) බ්ලොගර්ස්ලා නිදහස් අදහස් එලිදක්වන්නන් කොටසක් මිසක් මාධ්‍යවේදීන් නෙමෙයි කියලයි මගේ හැඟීම.
ReplyDeletesanindu : ස්තූතියි.... මම හිතනව අපි මාධ්‍ය ආයතනයකට සම්බන්ධ නොවුනත් අපි හරහ පුළුල් මාධ්‍යයක් හදන්න පුළුවන් කියලා. අපි හිතනවට වඩා බ්ලොගර්ස් ලගෙ සේවය ලබාගන්න පුළුවන් විශේෂයෙන් අපි සිංහල මාධ්‍ය පාවිච්චි කරන නිසා.
ReplyDeleteනදී : මාධ්‍යවේදියෙක් විතරද අතිමහත් කාර්යභාරයක් ඉටු කරන්නෙ? නෑ මම හිතන්නෙ බ්ලොගර්ස් ලටත් ඒක පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් දිලුම් සහෝදරයාගෙ ශල්‍යකර්මය වෙනුවෙන් අපේ මේ "නිදහස් මාධ්‍යවේදීන්" මොන තරම් සේවයක් කලාද? මම නම් දකින්නෙ ඒක ඔවුන්ගේ හැකියාවන්ගෙන් සියයට දයක් පමණයි කියලා. අනික අපි කොයි තරම් දේවල් ඉගෙන ගන්නවද? එක එක්කෙනාට අදාල විෂය පථ තියෙනව. ඒ අතින් බ්ලොගර්ස් ලා කියන්නෙ අතිමහත් විෂයන් ගනනාවක් එකතුවෙන් හැදුනු නිදහස් මාධ්‍ය ජාලයක් කියලයි මම හිතන්නෙ
ReplyDeleteපූශා : මමත් මගෙ බ්ලොග් එක පෙන්නනකොට සමහර වෙලාවට පරෙස්සම් වෙනවා මොකද ඒක තේරුම් ගන්න බැරි අයත් ඉන්න නිසා. නමුත් ඒ සීමාව කැඩෙන්න ඕනි නේද? හරි දුකයි සමහර ගුරුවරු අතරත් මම දකිනවා හණමිටි අදහස් පුරවගෙන යාවත්කාලින නොවෙන අය.
ReplyDeleteසනිදු : නෑ මම කිව්වෙ අපි අන්තර්ජාලයෙන් පිටට යනව කියන එක නෙවෙයි... අපි ලියන දේවල් වල ගුණය අන්තර්ජාලය ඇසුරු කරන හැමෝටමත් එතනින් එහාට ඉන්න අනික් අයටත් ලැබෙන්න ඕනි කියන එක
ReplyDeleteදුකා : ඒකත් එක අතකට හරි. නමුත් අපිවත් සින්ඩි වලින් යම්කිසි ආචාර ධර්ම පද්ධතියකට යටත් කරලා නේද තියෙන්නේ?
ReplyDeleteමට හිතෙනව ලිපි ප්‍රවර්ග අනුව සින්ඩි හැදෙනවනම් කියලා. නමුත් ඒක නම් හරිම අමාරු වැඩක් වෙයි මොකද එක බ්ලොග් එකක ප්‍රවර්ග ගනනාවක් යටතෙ ලිපි ලිය වෙන නිසා.
මමත් කතන්දර ශූරීන්ගේ කතාවට එකඟයි. අපි ලියන ඒවා කියවලා කමෙන්ට් එකක් දෙන්න එන වැඩිහරියක්ම බ්ලොගර්ස්ලා. මේක බ්ලොගර් රාමුවෙන් පිටතට ගෙනියන්න පුළුවන් නම් ඇත්තමයි කියලා වැඩක් නෑ.. අද සමහර පත්තරවල, නිව්ස් වෙබ්සයිට් වල පල වෙන ලිපි වලට වඩා අම්බානක් වටිනා ලිපි අපේ අයගේ බ්ලොග් වල පල වෙනවා..
ReplyDeleteඅදයි මම මේ පැත්තේ එත් මගේ බ්ලොග් එකේ දාපු කමෙන්ට් එකක් හරහා... බ්ලොග්ර්ස්ලා කියන අයට මාධයවේදින් කියන එක 100% ක්ම නම් හරි කියන්න මට අමාරුයි.. නිදහස් අදහස් ඇති හිතෙන දේ කියන වැටුපක් නැති අතින් වියදම් කරන් ජිවත් වෙන්න හදන පිරිසක් කියලා මම නම් හිතන්නේ
ReplyDeleteහප්පා, අපිත් එහෙනම් නිදහස් මාධ්‍යයවේදීන් මරු මරු
ReplyDeleteසංජු, මෙහෙමයි.. " මාධ්‍යවේදීන් " කියන වචනෙ හුඟාක් සාකච්ඡා වලට බඳුන් වෙච්ච, ගොඩක් define වෙච්ච වචනයක්.මම දන්න විදිහටත් මට තේරෙන විදිහටත් bloggers ල මාධ්‍යවේදීන් නෙමෙයි.bloggers ල කියන්නෙ ලේඛකයො කොටසක්... මේක වෙනස් විදිහක ලේඛන කලාවක්...
ReplyDeleteසපතේරු උන්නැහේ
දේවා :ඒ කතාවට නම් මටත් එකග වෙන්න පුළුවන් ආවට ස්තූතියි මේ පැත්තෙ
ReplyDeleteසපතේරු උන්නැහේ : අපිට බැරිද බ්ලොගර්ස්ලට ලංකාවෙ මීට වඩා පිලිගැනීමක් දෙන්න?
ReplyDeleteසංජු, අන්න එතෙන්දි ජනමාධ්‍යවෙදීන්ට පුලුවන් අපිට උදව් කරන්න, එහෙම නැත්නම් අපිට පුලුවන් ජනමාධ්යවෙදීන්ගෙ උදව් ගන්න...
ReplyDeleteමුලින්ම කරන්න ඕනෙ මේව පුලුවන් තරම් මිනිස්සු අතරට යවන එක.. අද කී දෙනෙක් ලංකාවෙ ෆේස් බුක් එක පවිච්චි කරනවද ඒත්.. බ්ලොග් කියවන්නෙ කීයෙන් කී දෙනාද.. ලියන කට්ටිය අතඇරියොත් කියවන්න විතරක් එන කට්ටිය කොච්චර අඩුද....
හොඳ ( හෝ නරක ) චිත්‍රපටියක් බලන්න, නැත්නම් හොඳ( හෝ නරක ) පොතක් බලන්න ජනමාධ්‍යවෙදීන් විසින් ජනතාව පොලඹවනව වගෙ බ්ලොග් කියවන්නත් ජනතාව හුරුකල හැක්කෙ ඔවුන්ටයි..
මෙකෙන්ම ජනමාධ්යවෙදීන්ගෙත්, බ්ලොගර්ස්ලගෙත් වෙනසත් ටිකක් පැහදිලිවෙනව නෙද ?
- සපතේරු උන්නැහේ
ඇත්තටම තමන්ගෙ බ්ලොග් එක තමන්ගෙ දිනපොත හා සමානයි. ඒ නිසා බ්ලොග් ලියන අයට මාධ්‍යවෙදීන් කියන එක හරි නැහැ.
ReplyDeleteහ්ම්ම්ම් අනේ මංදා....... මාධ්යෙව්දියොමත් නෙමෙයි වගේ.
ReplyDeleteබ්ලොගර්ස් කියන එකට සිංහල වචනයක් නැද්ද?
ReplyDeleteබ්ලොගරයාත්, නිදහස් මාධ්‍යවේදියාත් දෙදෙනෙකි..
ReplyDeleteහේතු දුකා අයියා ලියා ඇත...
සෝලෝ : හ්ම්ම්ම්ම් එහෙනම් අපි බ්ලොගරයින් ව බ්ලොගින් ගැන නොදන්නම කෙනෙකුට කොහොමද අදුන්වලා දෙන්නේ?
ReplyDeleteඒ අස්සෙන් බ්ලොග්කාරයා වෙලා නේ...
ReplyDeleteදැන් සුදු වාහන තර්ජන අඩුයි ද?
ReplyDeleteමම නම් හිතන්නේ බ්ලොගර් කෙනෙක් කියන්නේ ලේඛකයෙක් කියලා....
ReplyDeleteමෙවුවා ලියල බ්ලොගර්ස්ලට තියෙන නිදහස නැති කර ගන්නද යන්නෙ. බ්ලොගර්ස්ල වෙනයි මාධ්‍යවේදියො වෙනයි. බ්ලොගර්ස්ල මාධ්‍යවේදියො කියල කියා ගත්තොත් බ්ලොගර්ස්ල පස්සෙත් සුදු වෑන්, කළු මෝටර්බයික් එන්න පටන් ගනීවි
ReplyDeleteසහෝදරී ම0 න0 බ්ලොග් ලියන්නෙක් නෙවේ කියවන්නෙක් විතරම්යි . මේකට ඇබ්බැහි උනේ දුමී ගෙ කට කහන කතා වලින් , එතනින් කතන්දර , මාරයා , ගැමියා වගේ බ්ලොග් කියෙව්වා , බ්ලොග් කියවිල්ල පටන් ගත්තට පස්සෙ TV බැලිල්ල පත්තර කියවන 1 ක නැවතුනා . ඒකට ඔබ සැමට තුති ............. ,
ReplyDeleteබ්ලොග් කියන්නෙ කලාවක් යම් දිනක බ්ලොග් අවකාශය ප්රරබල නිදහස් මාධයයක් වෙනු ඇති.........
මම නම් bloggersව දකින්නේ තමන්ගේ අත්දැකීම්/දින සටහන් අන්තර්ජාලයේ පවත්වගෙන යන කට්ටියක් විදිහට. මාධ්‍යවේදියා කියන්නේ ඔයිට වඩා ගොඩක් ඔබ්බට ගිය කට්ටියක්. මම හිතන්නේත් මාධ්‍යවේදියා හා බ්ලොගරයා කියන්නේ දෙන්නෙක්....
ReplyDeleteමම නම් බ්ලොග්කරණයට ඇවිල්ලා වැඩි දවසක් නෑ.ඒත් මම දැකපු දෙයක් තමයි බ්ලොග්ගර්ස්ලා කියන්නේ අපිට එදිනෙදා බුකියේ එහෙම නැත්නම් වෙන ෆෝරුම් වල මුණගැහෙන ජාතියේ මිනිස්සුන්ට වඩා ටිකක් වෙනස් අපූරු මිනිස්සු කොට්ඨාශයක් .
ReplyDeleteඇත්තටම ඔය ප්‍රශ්නෙට උත්තරේ මමත් දන්නේ නෑ .
තව ටිකක් කල් ගියාට පස්සේ .ලංකාව ඇතුලෙත් පත්තර වලට තියනවා වාගෙම තැනක් බ්ලොග් වලටත් හැදේවි ..එදාට බ්ලොග් ලියන්නන්ව හොඳ නමකින් හඳුන්වාවි ..
ReplyDeleteබ්ලොග් ගැන සෑහෙන දෙනක් තවම දැනුවත් වෙලා මදි.. අගනගරෙන් පිට සමහරු මේ ගැන අහලාවත් නැති තරම් .. කාලෙත් එක්ක මේ හැමදෙයක්ම වෙනස් වේවි කියලා හිතමු
මන් නම් මේකට කැමති මට හැකි වෙලාවට ලියන්න හැකි නිසා. අනික ව්‍යාකරණ ගැන වුනත් ලොකු වගකීමක් නැහැනේ .[එක වැරදි වුනත් ..] මට ඕන දෙයක් ලියන්න හැකියි කියන මතයේ තමයි පටන් ගනිද්දී හිටියේ .ඒත් ලිපියක් දෙකක් ලියලා නොසිතුව ලෙස ප්‍රතිචාර ලැබෙද්දී මම ඒ පටු අදහස අත් හැර ගත්තා. පුද්ගලික ඕපාදුපයක් වුනත් හිතන්න දෙයක් දෙන්න බැරි නම් වැදගත් පින්තුරයක් වත් එකතු කල යුතුයි කියල මම අද හිතනවා, මොකද තමන්ගේ වටිනා කාලය එය කියවන්න කැප කරන අයට පොඩි හරි සාධාරණයක් කලයුතුනිසා. කියවලාහිනාවෙන්න පුළුවන් බ්ලොග් වලට මිනිස්සු ගොඩක් කැමති ඒ නිසා වෙන්න ඇති.
ReplyDeleteලියන අයමයි කියවන්නේ කියලා දුක් වෙන්න දෙයක් නැහැ . කවදාවත් බ්ලොග් නොබලපු මගේ යාළුවො ගොඩක් මුණු පොත හරහා මගේ බ්ලොග් එක කියවනවා . එකේ ලින්ක් දිගේ තව ගොඩක් බ්ලොග් බලන බවත් කියන්න කැමතියි. හුඟක් අය කොමෙන්ට් කරන්න වෙලාවක් නැති අය . ඔන්න ප්‍රවීන බ්ලොග් ජනප්‍රිය කරන්න ආධුනික මමත් දායක වුනා .
අක්කෙ බොරු වාචාල කාතා කියවන්නෙ නෑතුව හොදන් ඉන්න පරිස්සමෙන් !!!!!!!!!!!!බොලොග් ලියාගෙන !!!!!!!!!!!!!
ReplyDeleteබ්ලොග් කරණය යනු අසීමිත අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාවකි.පාඨකයන් නියදියකට ලිපි මුදා හරින නිසා බ්ලොග් කරුවාට තම බ්ලොග් කරණය වගකීමක් ඇති දෙයක් බව වටහා ගත යුතුය.නමුත් අවාසනාවකට සිංහල බ්ලොග් කලාව හුදු සැහැල්ලු ,වටිනාකමින් අඩු අවභාවිතයක හසුවී තිබීම කණගාටුවට කරුණකි.එය social network හි භාවිතය තරම් හෑල්ලුවට ලක්වී ඇති සෙයකි.බ්ලොග් කරණයේ බර සාර බව හදුනා ගනිමින් හරවත් බ්ලොග්කරුවන් ඉදිරියේදීවත් බිහි වේවායි පතමි.
ReplyDeleteඅක්කගේ නිර්වචනය හරි
ReplyDeleteඅනේ මංදන්නෙ නෑ . . . . මට තේරෙන එකම දේ තමයි . . . . මේ බ්ලොග් වැඩේ මෙහෙම දිගටම ගියොත් මගෙ හාමිනේ නුදුරු අනාගතයේම මගෙ ලැප්ටොප් එක පොලවෙ ගහනව.
ReplyDeleteඕනෙ අය්යා... එන්න එතකොට තව පෝස්ට් ලියන්න පුළුවන් අපිට ඕනෙ ගේ ලැප්ටොප් එකට වෙච්ච දේ, ඕනෙ ගෙ නෝනේ හා ලැප්ටොප් එක... වගේ මාතෘකා දාලා.
ReplyDeleteතමන්ගේ අදහස්,තමන්ගේ නිර්මාන කාගේවත් බලපැමක් නැතුව නිදහසේ ප්‍රකාශ කළ හැකි මාධයක් බ්ලොග් හෝ වර්ඩ්ප්‍රෙස්ස්...
ReplyDeleteඑයින් නිසි ප්‍රයෝජනය ගන්නෝ බ්ලොගර්ස් ලා විදියට මම හදුන්වන්න කැමති
තමන්ට උන දේවල්, අත්දැකීම්, අදහස් විමසීමට තියන හොදම මාර්ගය තමයි බ්ලොග් කියලා මම හිතන්නේ. බ්ලොග් නැත්නම් කොහොමද අපි මේවා දැනගන්නේ. ලියන හැම කෙනෙක්ම බ්ලොගර්ස්ලා තමයි. 'නිදහස් මාධ්‍යවේදීන්" කියන වචනේ හොදටම ගැලපෙනවා...
ReplyDeleteබ්ලොග් ලියන්නෝ මනුශ්‍යයෝය
ReplyDeleteසංජු:මම දකින්නෙ මෙහෙමයි.අපි මාධ්‍යවේදීන් වගේ නෙමෙයි.මොකද අපි ඕනි දේයි එපා දේයි හැම කුණු ගොඩක්ම ඉදිරිපත් කරන් නෑනෙ.අනික අපි සමහර මාධ්ය්වේදී වගේ අනුන්ගෙ ඕපා දූප ඉදිරිපත් කරනෙත් නෑනෙ.
ReplyDeleteසහෝදරී, මම කමෙන්ට් කරන්නේ ටිකක් පරක්කු වෙලා. සමහර විට ඔයා දැනටමත් කියවන්නත් ඇති. බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් මම ලියපු සිංහල සෙවුම් යන්ත්‍රය ගැන ලිපිය බලන්න. කෙලින්ම අදාල නොවුනත් මෙතන තියෙන කමෙන්ට්ස් අනුව මට හිතෙනවා ඒකත් අදාලවෙයි කියලා.
ReplyDeleteබ්ලොග් කරුවෝ කියන්නේ නිදහස් උනත් මාධ්‍යවේදින් නෙමෙයි. හරියට සංගීතය වගේ.. ඒක වෙනමම කලාවක්.. තවත් දේකට සංසන්දනය කරන්න බෑ. බ්ලොග්කරණය ඊට පරිබාහිර දේවල් එක්ක සංසන්දනය කරන එකෙන් ඔයා බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද?
ReplyDeleteකණියා : අන්තිම හරියෙදි මම කමෙන්ට් එක්ක වාද කරන්න නොබැස්සෙ මම වාද කරන එකෙන් පලක් නැති නිසා. ඒත් මම හිතන්නෙ දැන් මම මොකක්ද මේ කලේ කියල කියන්න ඕනි.
ReplyDeleteමම ඇත්තටම මේ පෝස්ට් එකෙන් බලාපොරොත්තු උනේ අපි ගොඩක් ආදරය කරන මේ කලාව මොකක්ද කියන එක තේරුම් ගන්නයි. නැතිව පවතින ක්‍රම සහ විදි වෙනස් කරන්නවත් අලුත් නිර්වචනයක් හදන්නවත් එහෙම නැත්නම් බ්ලොග්කරුවන්ට නිදහස් මාධ්‍යවේදීන් කියන ලේබලය අලවන්නවත් නෙවෙයි. බ්ලොග් කරණය ගැන එක එක්කෙනා දක්වපු අදහස් මගෙ මෝඩ පෝස්ට් එකට වඩා මට වටිනවා. මොකද මගෙ මේ පෝස්ට් එකේ හරය තියෙන්නෙ එයට වැටුනු කොමෙන්ටු වලයි. නොදන්න දේවල් ගොඩක් දැන ගන්න පුළුවන් වුණා. එයට හැමෝටම පින්!
Sanju teacher tath pissu hadeegena enawa wage.
ReplyDeleteInna nidahas madyaweedinta madiwata.. Puh! Anthimata dongale mokaka hari wwadila kadunath kiyayi madya nidahasa nathikala kiyala :P
Ane ammapa, kalin post okkoma wage kiyawala thibba,
Ewagen nam man hitan hitiye yamak kamak theerena kenek kiyala.. Eeth dan.. :(
Comment nam kiyewuwe nae taama, matanam Hithune ooka tama
ඇයි අපිට බ්ලොගර්ස් ලාව නිදහස් ලේඛකයො විදියට හඳුන්වන්න බැරි.
ReplyDelete