දුන්නු වේදනා................!
අනේ මන්දා මේ දවස්වල මට හරි හමන් සින්දුවක් ඇහුනෙම නෑ. මගෙ කණේ දෝසයක් ද එහෙම නැත්නම් මගෙ කණට පත්තියම් වෙන ජාතියෙ සින්දු හැදෙන්නෙ නැද්ද මන්දා!
මේ සින්දුව මට හරි අහම්බෙන් ඇහුනෙ හිරු එෆ්.එම්. එකේ.... ඇහුන දවසෙ ඉදලා මම පෙරලගෙන සින්දුව හෙව්වා. ඒත් සෑහෙන ගේමක් දීලා තමා සින්දුව හොයා ගන්න පුළුවන් උනේ. ඉතින් මට හිතුනා මේක ඔයාල එක්කත් බෙදා ගන්න.
මේ සින්දුව කියද්දි සමහර දේවල් මතක් වෙනවා ඒත් ලියන්න නම් අමාරුයි. වේදනාත්මක මතක මොන තරම් නම් අපේ ජීවිතේ තියෙනවද?
ඒත් මේ සින්දුවත් එක්ක මතක් වෙන වේදනාත්මක මතක වලත් අපූරු සුන්දරත්වයක් මම දකිනවා.
ඒ මතක මගේ කර ගන්න පුළුවන් නම් ............. සදහටම...........!!!
"මේ සින්දුවත් එක්ක මතක් වෙන වේදනාත්මක මතක වලත් අපූරු සුන්දරත්වයක් මම දකිනවා."
ReplyDeleteදිවිය මොනතරම් සුන්දර දෝ... දුකම කොයිතරම් සතුටක් දෝ...
hithata wadhina sindhuwak. mamath sAahena aasayi.
ReplyDeleteහ්ම්ම්... ලස්සන සිංදුවක්....
ReplyDeleteමටත් මේ සින්දුව ඇහුනේ රේඩියො එකේ යද්දි. මම ගෙදර ඇවිත් ආපහු ඩවුන්ලෝඩ් කරගෙන ගොඩාක් වෙලා ඇහුවා. හිතට තදින්ම වදින වචන පෙලක්..
ReplyDelete"කෙටි කාලයකින් හමු වී, මගේ ජීවිතයට පැමිණි,
ලස්සනම සිහිනෙකී ඔයා..,"
ලස්සන සිංදුවක් අක්කා...........
ReplyDeleteලස්සන සින්දුවක්...! අදමයි ඉස්සෙල්ලාම ඇහුවේ.... ගොඩක් ස්තූතියි....!
ReplyDeleteවැඩිය ප්‍රසිද්ධ සින්දුවක් නෙමේ වගේ.අද තමයි මුලින්ම ඇහුවේ.සින්දුව නරකම නෑ
ReplyDeleteඇයි මේ සින්දුව ඇහුවෙ නැද්ද?
ReplyDeleteකමෙන්ටු දාපු හැමෝටම ගොඩාක් ස්තූතියි. මේ දවස්වල මම මගේ වල මා විසින්ම කපා ගැනීමේ ව්‍යාපාරයක නිරත වී ඉන්නා බැවින් සෑහෙන්න කාර්ය බහුල වී ඇත. ඒ නිසා කමෙන්ටු වලට පිලිතුරු සපයන්නට නොහැකි වීම ගැන සමාව අයදිමි.
ReplyDeleteටී.බී. ඔය සෙට් එකේ සින්දු තව කිහිපයක් තියෙනවා එකම විදියෙ වචන සහ හරිම මෘදු තනු එක්ක. මම වෙලාවට ඒ ඔක්කොම පෝස්ට් එකක දාන්නම්
ReplyDeleteසින්දුව නම් කලින් අහල නැහැ.වෙදනාත්මක මතක වල සුන්දරත්වයක් මම නම් දකින්නෙ නැහැ.එ මතක තමුන්ගෙම කරගත්තහම අනාගතය අදුරු වෙන එක නෙද වෙන්නෙ.
ReplyDeleteSisira : මතක අමතක කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවනම්....!
ReplyDelete@ සංජු,
ReplyDeleteහොඳමයි...