විභාග සැප (අඩන්නද හිනාවෙන්නද කියා හිතා ගන්න බැරි කතාවක්!!)
හෆ්ෆා මේක දැක්ක කලක්. මකුළුදැල් බැදිලා වැඩ ගොඩයි අස් පස් කරන්න. ඒ අස්සෙන් ඉස්කෝලෙ වැඩත් සෑහෙන්න තිබ්බා. දැන් මට වඩා අලුත් ගුරුවරුන්ට ඉස්කෝලෙ බාර දීල තියෙන නිසා දෙයියනේ කියලා මට කණක් ඇහිලා පාඩුවෙ ඉන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන හිටියට වුණේ ඒකෙ අනික් පැත්ත. අපේ අලුත් ඉංග්‍රීසි නංගි ගයියා නිකන් මට කිඹුහුමක් ගියත් ඇයි අක්කා ? කියලා අහලා කොත්තමල්ලි පොවන ජාතියෙ. ඒකිගෙ නහය දෑවත් ඇවිල්ල කියන්නෙ මට. හත්වලාමෙ මට මේ මගේ ප්‍රශ්න විසද ගන්න බැරුව ඉද්දි ගයියා මට වද දෙන්නෙ අනේ අක්කා උඹ යන්න එපා බන් මාරු වෙලා උඹ ගියොත් මම කොහොමද ඉන්නෙ? කිය කියා. ඒකි ගැන කල්පනා කරලම මගෙ මොලේ රිස්ස ගියා පහුගිය කාලෙ. මොනවා වුණත් අපේ ගානටම පිස්සු තියෙන අහිංසක කෙල්ලනෙ.
අනික් එක තමා අපේ බෝඩිමට ආපු අයි.ටී. නංගි. අපරාදෙ කියන්න බෑ ඒකි බුකියට හුරු වුණාට තාම බ්ලොග් වලට හුරු වෙලා නෑ. ඉතින් දෙයියනේ කියලා තව ටික කාලයක් මට මඩ ව්‍යාපාරය කරගෙන දැහැමින් සෙමෙන් රාජ්‍ය කරන්න පුළුවන් වෙයි.
අයි.ටී. නංගිගෙ විෂය අයි.ටී. උනාට කෙල්ල දැන් ඉන්නෙ 3 ශ්‍රේණියේ පන්තිභාර විදියට. අයි.ටී කරන කෙනෙකුට මොන්ටිසෝරියක් කරන්න දෙන එක කොහොමද කියලා හිතා ගන්න පුලුවන් නෙ. අන්න ඒක තමා මෙතනත් වෙලා තියෙන්නේ. ඒත් අපේ නංගි මාර උනන්දුවකින් සහ කැපවීමකින් උගන්නගෙන යනවා.
ඉතින් ඔන්න වාරයක් උගන්නල උගන්නලා ඒකේ ප්‍රතිඵල බලන්න අපට හම්බ වෙන්නෙ වාර විභාගෙ. ඉතින් මේ පාරත් වාර විභාගෙ තිබ්බා කියමුකෝ. නෑ .... නෑ ඒක තිබ්බම තමා.
ඉතින් ඔය වාර විභාගෙ ඉවර උනාම අපිට හම්බ වෙන *** ජොබ් එක තමා උත්තර පත්තර පරීක්ෂා කිරීම. ආයේ ඉතින් නින්දක් නෑ කොළ ගොඩක් දිග ඇරගෙන බලන එක තමා වැඩේ. ඒ ලෙවල් වගේ ප්‍රශ්න පත්තර ටික ෆෑන් එකට අල්ලලා හරි දොර ගාව තියලා පයින් දෙනවා හරි වගේ කෙටි ලකුණු දීමේ ක්‍රම අපිට නැති නිසා ඉතින් අපිට වෙන්න කොහොම හරි බලන්නම තමා. මම ඒත් කල්පනා කලේ කශාධයක් බැන්ද දවසට නම් විභාග කාලෙට සුවාමි පුරුසයාට තමා උයන්න රෙදි හෝදන්න වෙන්නේ!!!
ඉතින් මම ඉංග්‍රීසිත් ඉතිහාසයත් බලද්දි අපේ අයි.ටී නංගි ඔන්න 3 වසරේ උත්තර පත්තර බලනවා. කාමරේ ගන්න දෙයක් නෑ හැමතැනම කොළ. පුදුම පිළිවෙලයි. ඒ අස්සෙ පරන බිස්කට් කොලත් නැතුවම නෙවෙයි.
ඔන්න එක පාර උත්තර පත්තර බල බලා හිටපු අපේ අයි.ටී. නංගි ට පෙරලි පෙරලි හිනා වෙන්න සිද්ද වුනා. ඒකි හිනා වෙලා ඉවර වෙනකල් ඉදලා ඉතින් මමත් හොස්ස දැම්මා සීන් එකට.
"මොකද බන් වෙලා තියෙන්නෙ?"
"අක්කා දන්නවද බකමූණාගෙ ස්ත්‍රී ලිංග පදේ?"
"බකමූණි නේද?"
"නෑ"
"එහෙනම්..... බකමූණු කෑල්ල?"
"නෑ ..... නෑ....."
"එහෙනම් තෝම කියපිය"
"මේ පේපර් එකේ හැටියට නම් බකමූණගෙ ගෑණු සතා බක දෙන"
"හිකිස්"
"එතකොට අක්කා ගවයා ගේ ගෑණු සතා?"
"ගවදෙන"
"කෙහෙම්මල"
"එලදෙන"
"අනේ අක්කා උඹ දන්න සිංහල..... ගවයාගේ ගෑණු සතා ගෙවිලිය"
"හෑ....!!!"
"එහෙනම් කියහන් බලන්න කුකුලාගේ ගෑණු සතා?"
"කිකිළි නෙ.... වෙරි ඊසි"
"අක්කා උඹව ආයෙ 3 පන්තියට යවන්න වෙනවා. "
"ඇයි ඒකත් වැරදි ද?"
"ඔව්. අපිට මේ ළමයින්ට තරම් වත් මොලේ නෑ බන් අක්කෙ"
"හරි හරි ඉතින් දැන් මොකාද කුකුළගෙ ගෑනු සතා?"
"කුකුළි"
"හකෝ හකෝ... ඈ බන් උබ ඕවද මෙච්චර කල් ඉගැන්නුවේ? "
"අනේ මන්දා අක්කා ඉගැන්නුවේ නම් හරි එව්වා.... හෙට තමා මුං ටික ඉතින් මගේ අනික් රූපෙ බලා ගන්නේ. ඇයි අක්කෙ මුං පාඩම් කරන්නෙත් නෑනෙ!"
ඔය ඉතින් අපේ අලුත් අයි. ටී නංගිට වෙච්චි අලකලංචියයි. ඊගාවට මගේ ඉතිහාසය ප්‍රශ්න පත්තර බලන්න ගොස් මට හමු වුණ අපූරු උත්තරයි.
මේ ඉතිහාසය ප්‍රශ්න පත්‍රයේ තිබූ ප්‍රශ්නයක හිස්තැන් පුරවා ඇති අයුරුය.
පණ්ඩුකාභය රජු ගැන උගුර ලේ රහ වන තුරු කතන්දර කියා දුන්නා මදිවාට අබා චිත්‍රපටයද නරඹා ඇති දරුවන් මෙවැනි පිලිතුරු ලියන විට අප කල්පනා කරන්නේ වැරදී ඇත්තේ අපටද ඔවුන්ටද යන්නයි. මක්නිසාද යත් උපරිම වශයෙන් ඉගැන්වීම හැර විභාගයට ඔවුන් සපයන උත්තර ඒ වෙලාවේ ඔවුන්ගේ වගකීම වෙන නිසායි.
1. ස්වර්ණපාලි කුමරිය යනු .....නිඝන්ඨයෙකි.......... .
2. අසේල යනු ....පණ්ඩුකාභය රජුගේ බිසවයි.... .
3.ජෝතියගිරි යනු .....පණ්ඩුකාභය රජුගේ මාමා කෙනෙකි........... .
මේ විද්‍යාව හිස්තැන් පිරවීමකි.
1. සූර්යකෝෂ මගින් සූර්යාලෝකය .....ප්‍රජනන.... ශක්තිය බවට පත් කරයි.
2. වකුගඩු හා මූත්‍රාශය අයත් වන්නේ ...ප්‍රභාසංස්ලේෂන..... පද්ධතියටයි.
3. අප සෞරග්‍රහ මණ්ඩලය පිහිටා ඇත්තේ ....බහිස්ස්‍රාවි.... මන්දාකිණියේය.
4. ගර්භාෂය හා ඩිම්බකෝශ අයත් වන්නේ ....විද්‍යුත් ...... පද්ධතියටයි.
5. ශාඛ ආහාර නිපදවීමේ ක්‍රියාවලිය ... කිරි සයුරයි....... .
හොදම එක ලියා තිබුණේ අවසානයට බැලූ සෞඛ්‍යය පිලිතුරු පත්‍රයේ ය.
1. කටේ ඇති දත් වර්ග 4 නම් කරන්න.
(1) පොල් දත්
(2) පණු දත්
(3) නල දත්
(4) කිරි දත්
පණ යන තුරු උගුර ලේ රහ වන තුරු උගන්වා අප අවසානයේ දකින ප්‍රතිඵලය එයයි. මේ විෂය භාර ගුරුවරු මනා කැපවීමකින් මහන්සි වී උගන්වද්දී එහි ප්‍රතිඵල ඔවුන්ට නොලැබෙන්නේ ඇයි? ඒ අපේ අවාසනාවද එහෙමත් නැත්නම් ඒ දරුවන්ගේ අවාසනාවද යන්න දන්නේ දෙවියන් පමණි. බාහිර ලෝකයට විවෘත නොවූ අඩු පහසුකම් සහිත පාසල් වල දරුවන් ගේ තත්වය එබදුය. ඔවුන් ට සිංහලද නොතේරේ යැයි මේ පිළිතුරු දුටූ විට හැගේ. ඒ මදිවාට මගේ අත්දැකීම් පරිදි සාමාන්‍ය බුද්ධි මට්ටමද ඉතා පහලය. ඇත්තේ කටපාඩම් බුද්ධිය පමණි. නමුත් ප්රශ්නය මදක් පටලවා ඇසූ විට එය ගලපාගෙන වැඩේ ගොඩ දා ගන්නට ඔවූහූ නොදනිති. පුදුමය වන්නේ උත්තරද දී තිබියදීත් කණා ෂොට් එකකට වත් මේවා එකක්වත් හරි නොයාමයි. අනේ මන්දා........ තව කොපමන දුරක් මෙලෙස යා හැකිද?
ඔහෙ IT කට්ටිය 4 දෙනෙක් ඉන්නවද ?
ReplyDeleteමම දන්න මැඩම් කෙනෙකුත් සීතල වන්නියට ආව IT කරන්න ?
අක්කලගෙ ගෝලයින්ට වඩා මම කොච්චර හොඳට අපේ කොම්බයින්ඩ් මාස්ටර් සෙනරත් සර්ට සලකනවද ? ගණන් 10න් 2යි හැදුවෙ. අපරාදෙ කියන්න බෑ දෙකටම ෆුල් මාර්ක්ස්. අපි වගේ ගෝලයො ඉද්දි තමා ගුරුවරු වාසනාවන්ත වෙන්නෙ. :P
"සූර්යකෝෂ මගින් සූර්යාලෝකය .....ප්‍රජනන.... ශක්තිය බවට පත් කරයි"
ReplyDeleteමේක වෙන හැටි පොඩ්ඩක් අහල කියන්න බැරිවෙයිද අක්කේ දන්නේ නැති හින්දයි අහන්නේ....
අනේ මන්ද ළමයින්ට උනන්දුවක් නැති කම තමයි ඉතින් කියන්න තියෙන්නේ... පොඩ්ඩක් ගහලා කරලා හැදුවනම් හරි....
හික්ස් දත් වර්ග 4 තමා මරු,,,මට පෙන්නේ මෙයාලා උගන්නලා තියෙන්නේ ,මෙහෙම තමා
ReplyDeleteමාත් කාලයක් එක්තරා ආයතනයක IT වැඩක් කළා. හෆ්ෆා..එතනත් මෙහෙම තමා. හිනා කාලා මැරෙනවා මේවා කියෙව්වම...ඒත් ඉතින් ගුරුවරු මහන්සි වෙලා උගන්වන දේවල් ඉගෙන ගන්නේ නැත ළමයි එක්ක නම් මාර තරහක් දැනෙන්නේ පේපර් බලන වෙලාවට
ReplyDeleteඅක්කලගේ ගෝලයො ටික නම් මරු .............. :D
ReplyDeleteහික් හික්!! අර පින්තූරෙ තියෙන පේපර් එකනං සංජුගෙ ගෝලයෙක්ගෙ වෙන්න ඇති
ReplyDeleteපස් මහ බැලුම් -
ReplyDeleteනිල් බැලුම්,කහ බැලුම්,කොළ බැලුම්,රතු බැලුම්,සුදු බැලූම්....
අපේ රටේ ජාතික වීරයෝ
ප්රභාකරන් කියලා 2 වසරෙ යාලුවෙක් ලිව්වා...
ගොඩ කාලයක් ඉඳන් අක්කගෙ බ්ලොග් එක කියෙව්වට මුලින්ම කමේන්ට්ටුවක් දාන්නෙ අද. මේ බ්ලොග් එකේ තියනව වගේ ගොඩක් කතන්දර මම නිතරම අහනවා. ඒ අපේ අම්මගෙන්. අම්ම හැමදාම ඉස්කෝලෙ ගිහින් ඇවිල්ල කුස්සියෙ බත් කන ගමන් එදා දවසෙ seen ටික කියනව. ඒවට හුඟක්ම සමාන කතා තමා අක්කගෙ බ්ලොග් එකෙත් තියෙන්නෙ. අර Sport Meet සීරීස් එක නම් එමම තමා. කොහෙත් පොඩි ඉස්කෝල ඔහොම තමා.( අපෙ අම්ම ඉන්නෙ දියුණුයි කියන බස්නාහිර පලාතෙ ඉස්කෝලෙක) උගන්නන තරමට ප්‍රතිපල නැති එක ගැන අම්මත් ඉන්නෙ ගොඩක් දුකින්.මම හිතන්නෙ අක්කටත් දීර්ඝ කාලීනව ඕකට පුරුදු වෙන්න වෙයි.
ReplyDeleteආ ඇයි වැරදිද ඔය දත් කටේ නෙවිද තියෙන්නේ?
ReplyDeleteවිද්‍යාව පළවෙනි ප්‍රස්නෙ සහ උත්තරේ ඉරිද පත්තරේක ලුහුඬු දැන්වීම් පිටුවෙ අඟල් දෙකයි දෙකේ කොටුවක පළ කරන්න වටිනවා. "සංජු වෙද මෑණියෝ, ACME වෙද මැදුර, මිදුලට ආවම ගෙදර පේනවා ලිපිනයෙන් විමසන්න."
ReplyDeleteආයියෝ දත් ටික තමා මරු..දැන් කාලේ හැදෙන ලමයි හැදෙන්න වාචික ප්‍රතිපත්තියට...හෙහේ....
ReplyDeleteඕක වැරැද්ද උගන්නපු දේ ආයේ ආයේ ලමයින්ට උගන්න ලග ඉදන් අම්මලා තාත්තලා උනන්දු නැති කම නේද අක්කේ....මම අහලා තියෙනවා එ වගේම කියනවා..පොඩි කාලේ අම්මෙක් තාත්තෙක් ලමෙක්ව ගෙනියන මග ආයේ ලොකු උනාම මග ඇරෙන්නේ නැ ඉබේටම එ ලමයා එ ගමන යනවා කියලා..ඉතින් ඔය ලියලා තියෙන්නේ පොඩි උන්..උන්ට දැනුමක් නැ තමා..ලග ඉදන් අම්මෙක් තාත්තෙක් අක්කේක් මොකෙක් හරි කියලා දෙන්න ඔනේ..එකට කාලයක් යොදන්..ඔයාලගේ ඉගෙනිම කොච්චර කරත් එකටත් අර කියන්නේ හරකාව වතුර ලගට අරන් යන්න පුලුවන් උට පොවන්න බැ නේ..
//4. ගර්භාෂය හා ඩිම්බකෝශ අයත් වන්නේ ....විද්‍යුත් ...... පද්ධතියටයි.//
ReplyDeleteඒක නං එක අතකට හරිත් වගේ බලනකොට . . . . . .
2. අසේල යනු .... "අර කාගෙදෝ ලෝකය ලියන මඩයියායි"
ReplyDelete:D
මෙහෙමත් ළමයි.
ReplyDeleteඉතින් ගුරුවරුන්ට උගන්නනඑක එපාවෙනඑක අහන්නත් දෙයක්ද?හැබෑට මුන්ට මොලේ කලදක් නැද්ද?
ඔහොම ෆන් එකක් නැත්නම් වැඩකුත් නෑනේ...
ReplyDeleteතාමත් හිනා....
මමත් පොඩි කාලේ ශිෂ්‍යත්ව පන්තියේ සර් ගෙන් මීයගේ ගෑණු සතා කවුද කියල ඇහුවනේ...
හයියෝ දෙයියනේ.... මේකෙ බාගයයි බැලුවේ.... දැන් ඉතුරු ටික බලන්න වෙන්නේ ගෙදර ගිහින් තමයි. ට්‍රේන් එකේ උන් මට පිස්සුද කියලා බලනවා!
ReplyDeleteමේකෙ තියෙන "ගර්භාෂය හා ඩිම්බකෝශ" වගේ ප්‍රශ්න තිබුනේ මොන පංතියේ පේපර් එකකද අක්කේ??
ReplyDeleteප්‍රශ්න පත්තර ටික ෆෑන් එකට අල්ලලා ලකුනු දෙන ක්‍රමේ තමයි අපේ සමහර ආචාර්යවරු කරන්නෙ....හොඳින් ලිව්වදාටත් නොලිව්ව දාටත් එකම ලකුනු..............
ReplyDeleteඇඬෙනවා අලෝ.. හිකිස්... පණ්ඩුකාභය රජුගේ බිසවගේ ජෙන්ඩර් මාරු වෙලානේ... හැකිස්..
ReplyDeleteහිකිස් අෆොයි මට බඩ අල්ලන් හිනා ඔය පේපර්ස් බැලීම ගැන නම් මටත් මරු අත්දැකීම් තියෙනවා
ReplyDeleteටිචර් ලා ට ම ගැලපෙන ශිෂ්‍යයෝ...!!!
ReplyDeleteපිංතූරෙ තියන කතාව තමයි කතාව.... පට්ට ඈ.... ඔය පොඩි එකා ගෙ වැරදි වචන කියලා දෙනකොට " ඉතිං ටීචර් මම ලියපු වචනෙ තේරුම මොකක්ද?" කියල ඇහුව නම් තමයි අක්කට වැලේ වැල් නැති වෙන්නෙ.. [බි.පෙ.සි]
ReplyDeleteටීචර් මේ තියෙන්නෙ සිරාවටම පොඩි උන් ලිව්ව උත්තර ටිකකක්ද?... :0
ReplyDeleteඋවමනාවෙන් අඬන්න ඕන නෑ ඇඬෙනව...
@නිම්ශා: අම්මෙක් තාත්තෙක් හෝ වැඩිහිටියෙක් නැතුව උනත් ඉගන ගන්න ලමයා ඉගනගන්නවා...
ReplyDeleteපිස්සු හැදෙන උත්තර ටික......අක්කට පිසු හැදුණේ නෑ නේද තාම....
ReplyDeleteමොනව වුණත් ෂෝක් පොඩිඑවුන් ටික. සංජු ටිචර් ටිචර් උගන්නපු විදියටම ලියල තියෙනවා වගේ.
ReplyDeleteඕක දෙන්න ඕනෙ අපේ නංගිලාගෙ පංති භාර මැඩම්ට.
ReplyDeleteharshana1985 ගෙ ප්‍රශ්නෙ ඇහුවනම් මොකක් හරි කියල "And Vice versa" කියල කියයි. එයාගෙ කාඩ් එකත් ඒකනෙ.
බි.පෙ.සි..බි.පෙ.සි...බි.පෙ.සි....අම්මෝ හිනා වෙලා පන ගියා උත්තර ටිකට...
ReplyDelete"ගර්භාෂය හා ඩිම්බකෝශ අයත් වන්නේ ....විද්‍යුත් ...... පද්ධතියටයි. "
මාර වැඩේ මෙහෙම වුනොත් නම් වෙන්න්නේ....
සංජු අස් උනා කිව්වා නේද. තාම ඒ ඉස්කෝලෙමද.
ReplyDeleteපට්ට පට්ට...
ReplyDeleteමේ පැත්තටත් ඇවිත් යන්න -- www.batmark.tk --
පරක්කු වෙලා ආවත් මට තියනවා මැක්සා කතාවක් කියන්න... ඔන්න අපි ඒ ලෙවල් කරන කාලේ අපේ පන්තියේ එකෙක් බයෝ ටීචර් ගෙන් ඇහුව ටීචර් සීබ්‍රාගේ ඇගේ සුදු පසුබිමේ කළු ඉරිද කළු පසුබිමේ සුදු ඉරිද තියෙන්නේ කියල? ඕකට උත්තර දුන්නේ අපේම එකෙක්.. ඌ කියනවා ඕක අහන්න ඕනේ සීබ්‍රගේ තාත්තාගෙන් තමයි කියල.. ඔන්න කොල්ලෝ.
ReplyDelete