ඔබේ යශෝදරා මම...!

නොකැමැත්තෙන් කැමති වී
අහසක් තරම් පෙම් කර 
ඔබේම වී ඔබ තුරුලේ 
කෙතරම් සොඳුරුද ජීවිතයම 
ඔබෙ දෑතෙ එල්ලිලා
ඔබේ කැදැල්ලට ගිය දා 
ලැබුණු ආදරේ තරම 
කියන්නට වදන් කොහිද මට
මහ මෙරක් දුක් දරා 
ඔබව මට දුන්නු ඔබෙ 
පෙම්බර මෑණියන්ගේ වදන් 
අදත් මට ඇසෙන්නෙ
"දුවේ මම නුඹට දුන්නේ
මගේ හොඳම පුතු ය.
සොයුරන් දෙදෙනාම පරයන ඉවසීමෙන් 
නිසංසල හිතකිනුත් 
ලබැඳි හදකිනුත් පිරි මගේ පුතු ය 
මේ මගේ කිරි පුතා 
මගේ බුදු පුතු ය...!" 
මවගෙන් බුදු පුතු කියා
විවරණ ලබන්නට පින් කල 
ඔබ සමඟ ජීවිතේ 
ඉතිරි ටික ගෙවන්නට
මා කෙතරම් පින් කලාදැයි 
සිතා ගන්නට නොහැකිව 
උපනුපන් තව ජාති ජාතිත් 
ඔබේම වන්නට පින් පුරමි මම 
ඔබේ යශෝදරා වන්නට ...! 



Comments

  1. සුභ පැතුම් අක්කා.....!!!!

    ReplyDelete
    Replies
    1. ඉස්කෝතුයි හා පැටී කොහොමද ඔයාට දැං??

      Delete
  2. සහස් කල්පයක් පෙරුම් පිරූ සඳ,
    අහස් ගව්ව පසුකර දෑඟිලි බැඳ,
    වහස් බැලුම් නෙතු පුරා ඇඳුනු කල,
    දහස් වරක් ඔබෙ යසෝදරා මම,

    මගේ සුබ පැතුම් සංජු!!!

    Everything happens for a reason and for the best!!!

    ReplyDelete
  3. සෑහෙන කාලෙකින් නේද ලීවෙ..........
    කමන් නෑ අපිඑට කේක් කැල්ලක් නැති එක ගැන නං අස්පට් ඈ...
    ඕ යේස්

    ReplyDelete
    Replies
    1. සැහ් අමතක උනානෙ බ්ලොග් අවකාසෙ කේක් කෑල්ලක් අමුණන්ට

      Delete
  4. පිස්සු හැදෙනවා, පට්ටයි ඒ වගේම මාරයි..!

    ReplyDelete
  5. අපිත් අාවෙ කේක් කන්න......... අදමයි අාවේ......... ඒත් වාසනාවන්ත දවසක්............ දිගට ම ඒන්නම්......... දිගට ම ලියමු.............

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ ටිකේ නම් ලියන්න හිත එකලාසයක් තිබ්බෙ නෑ.

      Delete
  6. චූචි චීචට මගෙනුත් උණුසුම් සුභපැතුම්....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම