ඔබේ යශෝදරා මම...!
නොකැමැත්තෙන් කැමති වී
අහසක් තරම් පෙම් කර
ඔබේම වී ඔබ තුරුලේ
කෙතරම් සොඳුරුද ජීවිතයම
ඔබෙ දෑතෙ එල්ලිලා
ඔබේ කැදැල්ලට ගිය දා
ලැබුණු ආදරේ තරම
කියන්නට වදන් කොහිද මට
මහ මෙරක් දුක් දරා
ඔබව මට දුන්නු ඔබෙ
පෙම්බර මෑණියන්ගේ වදන්
අදත් මට ඇසෙන්නෙ
"දුවේ මම නුඹට දුන්නේ
මගේ හොඳම පුතු ය.
සොයුරන් දෙදෙනාම පරයන ඉවසීමෙන්
නිසංසල හිතකිනුත්
ලබැඳි හදකිනුත් පිරි මගේ පුතු ය
මේ මගේ කිරි පුතා
මගේ බුදු පුතු ය...!"
මවගෙන් බුදු පුතු කියා
විවරණ ලබන්නට පින් කල
ඔබ සමඟ ජීවිතේ
ඉතිරි ටික ගෙවන්නට
මා කෙතරම් පින් කලාදැයි
සිතා ගන්නට නොහැකිව
උපනුපන් තව ජාති ජාතිත්
ඔබේම වන්නට පින් පුරමි මම
ඔබේ යශෝදරා වන්නට ...!
සුභ පැතුම් අක්කා.....!!!!
ReplyDeleteඉස්කෝතුයි හා පැටී කොහොමද ඔයාට දැං??
Deleteසහස් කල්පයක් පෙරුම් පිරූ සඳ,
ReplyDeleteඅහස් ගව්ව පසුකර දෑඟිලි බැඳ,
වහස් බැලුම් නෙතු පුරා ඇඳුනු කල,
දහස් වරක් ඔබෙ යසෝදරා මම,
මගේ සුබ පැතුම් සංජු!!!
Everything happens for a reason and for the best!!!
ස්තූතියි රවී
Deleteසෑහෙන කාලෙකින් නේද ලීවෙ..........
ReplyDeleteකමන් නෑ අපිඑට කේක් කැල්ලක් නැති එක ගැන නං අස්පට් ඈ...
ඕ යේස්
සැහ් අමතක උනානෙ බ්ලොග් අවකාසෙ කේක් කෑල්ලක් අමුණන්ට
Deleteපිස්සු හැදෙනවා, පට්ටයි ඒ වගේම මාරයි..!
ReplyDeleteතෑන්ක්ස් ලිසා
Deleteඅපිත් අාවෙ කේක් කන්න......... අදමයි අාවේ......... ඒත් වාසනාවන්ත දවසක්............ දිගට ම ඒන්නම්......... දිගට ම ලියමු.............
ReplyDeleteස්තූතියි මේ ටිකේ නම් ලියන්න හිත එකලාසයක් තිබ්බෙ නෑ.
Deleteචූචි චීචට මගෙනුත් උණුසුම් සුභපැතුම්....
ReplyDeleteටැංජිව් තාරා
Delete