ටීච ගේ බබා
අද ලියන්න හදන්නේ ටීච කෙනෙක් වෙච්ච නිසාම මුහුණ දෙන්න වෙන අපූරුඅත්දැකීමක් ගැන. මේවා අපේ ප්‍රසන්න මල්ලි, මාර අයියා එහෙම ලියලා තියෙන ටීචලාගේ දුවලා සම්බනධ කතා කියවද්දි තමා මත වුණේ. ඒ නිසා අමතක වෙන්න කලින් ලියන්න හිතුවා. ඉතින් ඔය ගොඩක් ටීචලා තමන්ගේ බබා ව තමන් ඉන්න ඉස්කෝලෙටම දා ගන්නවනේ. ඒ ඉතින් ළමයාව ඉස්කෝලෙ ගෙනියන්න එක්කරගෙන එන්න තියෙන පහසුවට, ළමයා ඉස්කෝලේ ඇරිලා තමන් ගෙදර එනකල් තියන්න තැනක් නොමැති වීම වගේ ම ළමයාගේ අධ්‍යාපනයට නිරන්තරව ඇගිලි ගසා ඒකාව 5 වසරේ සිස්සත්ත විභාගයෙන් හොදින් හෝ නරකින් ගොඩ යවා ගන්න එක තමා මේ ටීච අම්මලාගේ පරම පිවිතුරු චේතනාව. මම දැන් ඉන්න තක්සලාවේ එහෙම ගුරුවරු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙකුගෙ පුතා හිටියේ මම එහෙ යනකොට 2 ශ්‍රේණියේ. මට කොල්ලගේ නම නම් මතක නෑ. අහ්හ් හලි හලි මතක් වුණා භානු තමා නම. ඉතින් මේ භානු හිටියේ අම්මා ලගමයි. පන්තියේ නෙවෙයි. භානුට කවුරු හරි සත්තමක් දැම්මද භානු අම්මට කියනවා සත්තම දාපු එකාට අම්මගෙන් ගුටි. භානු කෙලින්ම නඩුව ගෙනියන්නෙ අම්මට. අම්මා ටීචත් ඉතින් හොයන්නේ බලන්නේ නැතුව අනික් ළමයට පාර දෙනවා. මේ කේස් වලට වඩියෙන්ම අහු වුනේ ඒ පන්තියේම තව චණ්ඩි පොඩ්ඩ
සුබ අළුත් අවුරුද්දක් ඔයාටත් !!
ReplyDeleteඅවුරුද්ද ගෙවුනේ කොහොමද?
ReplyDeleteසුභද?
ඒ ගැනත් ලියන්න.
හ්ම්ම්ම්ම්ම්ම් ඒ ගැන කල්පනා කරලා බලන්න ඕනි. මේ පලාතේ ආවට ස්තූතියි කතන්දර මහත්මයට :)
ReplyDelete