සදමාලි කෑල්ල
මම රස්සාව කරන්නේ බෝඩිමක නවාතැන් ගෙනය. අපේ බෝඩිමේ මා හැරුණු කොට තවත් ටීචලා 4ක් සිටි අතර මංගල කාරණා සඵල වීම නිසා ඉන් 2ක් ද ස්ථාන මාරු කාරණා සඵල වීම නිසා තවත් 2ක් ද සංජු ටීච තනිකර ගියහ. දැන් බෝඩිමේ සිටින්නේ මම පමණි. අපේ බෝඩිමේ ගෙදර මම ඇරුනු කොට තව 4ක් වෙසෙති. අපේ බෝඩිමේ අක්කා මගේ අක්කා මෙන් ආදරයෙන් අදටත් මට සලකන අතිශය විරල හොද ගුණාංගයන් ගෙන් හෙබි කාන්තාවකි. ඇයගේ සැමියා ද පොලිස් නිලධාරියෙක් වන නමුත් ඔහුද අක්කාටම ගැලපෙන අපූරු සොදුරු මිනිසෙකි. මගේ යහලුවන් මා හැර ගිය පසු මගේ දෙවනි මව් හා පියා වෙමින් ආදරයෙන් මට සලකන ඔවුන් දෙදෙනා නිසා මම අදටත් එහි වාසය කරමි. ඔවුන් ගේ පවුලේ සාමාජිකයෙක් සේ සිටින්නටත් සැලකුම් ලබන්නටත් සැබවින් ම මම බොහෝ පින් කර ඇත. අයියා හා අක්කා මගේ දෙවැනි මවුන් හා පියා වන විට මට ඒ ගෙදර සහෝදරයෝ දෙදෙනෙක් ද සිටිති. ලොක්කා 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශාන් වන අතර පොඩ්ඩා 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දිලූ ය. (කොල්ලෝ දෙන්නා මේක දැක්කොත් කවදා හරි අදුන ගන්න මම ඔන්න උන් දෙන්නාගේ ඇත්ත නම් ම දැම්මා) මුන් දෙන්නාටම මම මුල් දින වල ටීච ය. අදටත් මම උන් දෙන්නාට ටීච ය. නමුත් අක්කා කොල්ලෝ දෙන්...
සුබ අළුත් අවුරුද්දක් ඔයාටත් !!
ReplyDeleteඅවුරුද්ද ගෙවුනේ කොහොමද?
ReplyDeleteසුභද?
ඒ ගැනත් ලියන්න.
හ්ම්ම්ම්ම්ම්ම් ඒ ගැන කල්පනා කරලා බලන්න ඕනි. මේ පලාතේ ආවට ස්තූතියි කතන්දර මහත්මයට :)
ReplyDelete