මම ආස ගීත
ඔන්න පොඩි ඇඩ් පාරක් දෙන්නයි හදන්නේ. මේ දවස්වල ඉස්කෝලේ අම්බානට වැඩ නිසා බ්ලොගේ ලියන්න වෙලාවක් හොයා ගන්න හරිම අමාරුයි. හැබැයි ඉතින් මගේ ප්රියතම විනෝදාංශය වන ගීත ඇසීම නම් නොකඩවාම කරගෙන ගියා. මම අහන සින්දු ගොඩක් අයට ඇලජික් කියලා මම හොදටම දන්නවා. ඒත් මේ සින්දු ටික දාන්න හිතුනේ වසර ගණනාවක් ගිහිල්ලත් මේ ගීතවල නැවුම් බව බිංදුවක්වත් අඩු වෙලා නැති නිසයි. අනික මේ ගීත හින්දි ගීත. පොඩි කාලයේ අසීමාන්තිකම හින්දි චිත්රපට බැලීමට ඇබ්බැහි වීම නිසා මට අදටත් හින්දි භාෂාව යම්තාක් දුරකට තේරුම් ගන්නත් කතා කරන්නත් පුළුවන්. ඒ කවුරුත් උගන්නලා එහෙම නෙවෙයි. භාවිතාවෙන්ම විතරඉ. හින්දි භාශාව පුලුවන් වීම නිසා දන් මට ඉතාමත් සුලුවෙන් පාකිස්තානයේ උර්දුත් ඉන්දියාවේම තෙලිගු භාෂාවත් තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. තෙලිගු භාෂාව සිංහල භාෂාවෙත් දෙමළ භාශාවේත් හින්දි භාෂාවෙත් තවත් ඉන්දියානු භාශා කිහිපයකත් සම්මිශ්රණයක්. ඒක නිසා දැනට මට කතා කරන්න බැරි අමාරුව තියෙන්නේ තෙලිගු භාශාවේ විතරයි. උර්දු කියන්නෙත් හින්දි භාශාවේ ම තව එක පුංචි කොටසක් බව මට තේරුනේ බුකියේ දි අවුරුදු 60 ක විතර පාකිස්තාන් ජාතික අන්කල් කෙනෙක් එක්ක කතා කලාට...