බාලදක්ෂ කතා – 1 කොටස
ඔන්න අද අලුත් සීරිස් එකක් පටන් ගන්නයි හදන්නේ. ඒක පටන් ගන්න නම් යන්න වෙනවා 1994 හරි 1995 හරි අවුරුදු වලට. එතකොට මම හිටියේ 6 වසරේ 7 වසරේ.
එක දවසක් අපේ ඉස්කෝලේ දැන්වීම් දෙන වෙලාවේදි මෙන්න මෙහෙම දැන්වීමක් ඇහුණා.
“අළුතින් බාලදක්ෂ ව්‍යාපාරයට එක්වීමට කැමති සියළුම ශිෂ්‍යාවන් අද හවස පාසැල් වේලාවෙන් පසු අබේවික්‍රම මහත්මිය හමුවන්න" කියලා.
හලේ ඉතින් පටන් ගත්ත තැනම වැඩේ ඉවරයි. මම ඉස්කෝලේ කාලේ අකමැතිම වැඩක් තමයි ඉස්කෝලෙන් පස්සේ නවතින එක. (දැනුත් ඉතින් ටිකක් ඒ ලෙඩේ තියෙනවා) ඒත් ඉතින් බාලදක්ෂිකා නිල ඇදුමට තිබ්බ ආසාවටම මමත් ගිහින් ගෙම්බි පැටියා වගේ 100ක් විතර කෙල්ලෝ අස්සේ රිංගගෙන හිටියා.
ඔන්න ටික වෙලාවකින් අපේ සීනියර් අක්කලා ටිකක් ආවා. අපි එන්න කලින්ම හෝල් එකේ මැද මේසයක් තියලා ඒක රෙද්දකින් වහලා තිබ්බේ. මේ ආව අක්කලා ටික තමයි අපේ අළුත් නායිකාවෝ.
ඔන්න ඉතින් එක කට හැකර අක්ක කෙනෙක් ඇවිල්ල වැඩේ පටන් ගත්තා.
“නංගිල දැන් ඔන්න මම විනාඩියකට මේ මේසේ උඩ තියෙන ආවරණය අයින් කරනවා. ඔයාලට තියෙන්නේ මේ මේසේ උඩ තියෙන ද්‍රව්‍ය මතක තියාගෙන විනාඩියකට පස්සෙ ඒ ද්‍රව්‍ය වල නම් පුළුවන් තරම් ලියන්න.”
දෙන්නම් ජම්බු කියලා ඔන්න මමත් වැඩේ ට රෙඩි වුනා. අක්කා මේස රෙද්ද අයින් කලා. හත්වලාමයි …. කොහොමද 100ක් දෙනා එක ගුරු මේසයක් උඩ තියෙන දේවල් බලන්න පොර කනකොට? මම පැත්තකට වෙලා හිටියේ පොර කා ගන්න බැරුව.
කොහොමින් කොහොමින් හරි රිංගලා මමත් පස්සේ මේසෙට ඔළුව දැම්ම. හත්වලාමයි අංක 2….. ඒ මේසෙ උඩ තිබ්බේ නැත්තේ මල මිනියක් විතරයි. ඒ ඇරෙන්න අනික් හැම දෙයක්ම තිබ්බා. මට දැන් හරි අවුල්. මෙච්චර ද්‍රව්‍ය ගොඩකින් කොයි ඒවද මතක තියා ගන්නේ?
කොහොමින් කොහොමින් හරි එතන තිබ්බ දේවල් වලින් 20ක් විතර මතක තියාගෙන ලියන්න මම සමත් වුණා. පිහාටුවක්, මකනයක්, වලල්ලක් වගේ සිම්පල් දේවල් ටිකක් මගේ හදිස්සිය නිසා අමතක කරගෙන තිබ්බා. මොනවා වුණත් පසුව දැන ගත්ත විදියට ඒ මේසේ උඩ ද්‍රව්‍ය 75ක් තිබිලා තියෙනව. හලේ අපේ සමහර කෙල්ලෝ ද්‍රව්‍ය 50ක් විතර ලියලා තිබ්බා. මතක විදියට නම් වැඩිම ලකුණ වුනේ 47.
ඔන්න අක්කලා ටික වැඩිම ලකුණු ටික මුරුංගා අත්තේ තියලා ඉවර වුණාට පස්සේ මේ මොකක්ද කලේ කියන එක අපිට කිව්වා. මේ ක්‍රීඩාවේ නම කිම් ගේ ක්‍රීඩාව. මතක ශක්තිය වර්ධනය කිරීම තමා මේ ක්‍රීඩාවේ අරමුණ. (හැබෑට එදා ඒ කිම් ගේ ක්‍රීඩාව තව 4 පාරක් කලා නම් මට ද්‍රව්‍ය 75 ම මතක තියා ගන්න තිබ්බා)
ඔන්න ඊට පස්සේ මොකක්දෝ ක්‍රමයකින් අපිව කණ්ඩායම් වලට බෙදුවා. 36 දෙනා ගානේ ඉන්න කණ්ඩායම් 4 කට අපිව බෙදුනා. ඊට පස්සේ අක්කලා අපිව පන්ති කාමර වලට එක්කරගෙන ගියා. ඉන් පස්සේ අපේ කණ්ඩායම් නායිකාව ඉසිස්සෙල්ලම අපේ කණ්ඩායමට ආවා. ඒ අක්කා 12 හෝ 13 වන වසරේ හිටිය ජනාධිපති බාලදක්ෂිකාවක්. එද ඉතින් ඇය අපිට මොකක්ද අපි මේ කරන්නේ මොකක්ද මේ කරන දේ අරමුණ එහෙම කියලා දීල පොඩි සටහනකුත් දුන්න. සෙල්ලමකුත් කලා. සිංදුවකුත් කිව්වා. මේක තමා මම ඉස් ඉස්සෙල්ලාම කියපු බාලදක්ෂ සිංදුව.
හායි හායි හායි ශුවලී හායි
හායි හායි හායි ශුවලී හායි
චුබාකෝ වෙක්කෝ චුබාකෝ වෙක්කෝ
චුබාකෝ වෙක්කෝ වෙක්කෝ
චුබාකෝ වෙක්කෝ වේ….!
අර අක්කා පන්තියට ඇවිල්ල ආරම්භය කියලා දීල සින්දු කියලා සෙල්ලම් කරලා අපි සේරම කාණ්ඩ වලට බෙදලා සිංදුවත් කියලා දීල ඒක අපි ලව්වා කියවලාත් ඉවර වෙනකල් පොඩි සංජු බලාගෙන හිටියේ වෙන කොහෙවත් නෙවෙයි. අර අක්කාගේ කට දිහා. ඇය අපූරු මුඛරි කමක් එක්ක බොහොම ලස්සනට කවි ගීත ගායනා කිරීමේ හැකියාවක් තිබුණ කෙනෙක්. ඇත්තටම පොඩි එකා වෙච්චි මම ඇයගේ මේ අපූරු හැකියාවට වශී වෙලයි එදා හිටියේ. ඒ හැකියාව වගේම ඒ වෙනකොටත් ඇය ජනාධිපති බාලදක්ෂිකාවක් මට මතක විදියට. ඇය වෙන කවුරුවත් නෙවෙයි අදටත් තමන්ගේ මුඛරි කමෙන් සහ ඉදිරිපත්කිරීමේ හැකියාවෙන් ලංකාවම පිනවන රත්තරන් මොණර වාහිනියේ දිනූෂා රාජපතිරණ. මගේ බාලදක්ෂ ජීවිතයේ පළමු නායිකාව ඇයයි.
මේ තමා මේක් අප් වලින් සෑහෙන්න දුරු වෙච්ච අපේ නියම දිනූශා අක්කාඑක දවසක් අපේ ඉස්කෝලේ දැන්වීම් දෙන වෙලාවේදි මෙන්න මෙහෙම දැන්වීමක් ඇහුණා.

ඉතින් එදා අපිව කාණ්ඩ වලටත් බෙදුවා. මාව අයිති වුණේ කානේශන් කාණ්ඩයට. හලේ ඒ කාලේ වෙනකොට මම කානේශන් මල මොන පාටද කියලාවත් දැනගෙන හිටියේ නෑ. ඒක නිසා රෝස කාණ්ඩයේ කෙනෙක් එක්ක මම හෙමීට මගේ චිට් එක මරු කර ගත්තා.
ඉතින් ඔන්න ඔහොම හරිම සුන්දරව පටන් ගත්ත මගේ බාලදක්ෂ ජීවිතයට කණකොකා හඩන්න පටන් ගත්තේ මගේ ඉස්කෝලයෙන් පස්සේ නවතින්න තිබිච්ච අකමැත්ත නිසා. ඔය කම්මැලිකම නිසා මට මලල ක්‍රීඩ පුහුණුව, හොකී පුහුණුව, දැල්පන්දු පුහුණුව, ඡායාරූප සංගමය, ඇලික් එක ආදී එකී මෙකී නොකී වැඩ අනා ගන්න සිද්ද වුණා. බාලදක්ෂි ව්‍යාපාරයටත් වුනේ ඒ සන්තෑසියම තමයි. මගේ කණ්ඩායම දිවුරුම් දෙන දවස වෙද්දි මම හැලිලා.
හැබැයි සංජු එයින් සැලුනේ නෑ. කාලෙකට පස්සේ ආපහු බාලදක්ෂ ව්‍යාපාරයට ආගමනය වුණා. ඒක ඊගාව කොටසින්………..!

හලේ මෙන්නෝ සංජු ටීචර් කතන්දරයක් ලියලා ආව් ආව් හායි හායි
ReplyDeleteඊලඟ කොටසත් ඉක්මනට ලියන්නෝ
බාලදක්ෂ ජීවිතය ගැන නම් මට පොත් ලියන්න පුළුවන්.... සංජු ටීචර් දන්නවද? මේ බ්ලොග් ලෝකෙ ඉන්න හසිත, චාමර, රනිල්, මම, ජනනි වගේ කීප දෙනෙක්ම ඉන්නවා...
ReplyDeleteමම කියපු දේ හරි ගියා,,බාලදක්ශ සීරීස් එක...ආයේ බාල්දක්ශයෙක් උනේ මිස් කෙනෙක් විදිහට වගේ
ReplyDeleteTG : මෙන්න සූට්ටං බබෙක් අඩනවෝ....!
ReplyDeleteඅභීත අයියා : අනේ අදනේ දන්නේ... සතුටුයි දැන ගන්න ලැබුණට. අපිට ඉස්සරහට හොද වැඩ ගොඩක් කරන්න පුලුවන් වෙයි වගේ. අදටත් මගේ ජීවිතේ ඉතිරි බාගේ බාලදක්ෂ ව්‍යාපාරය. ලේ වලටම කා වැදිලා. මැරෙනකල් ඒක නම් අමතක කරන්න බැරි වෙයි.
ReplyDeleteඩිලාන් : හරි හරි ඔබ හරි. හැබැයි ඔයා එක පාරම කතාවේ අන්තිමට ගිහිල්ලනේ. ඊට කලින් මොන තරම් දේවල් වුණාද???
ReplyDeleteමොකක්ද අක්කේ අර සිංදුවේ තෙරුම?
ReplyDeleteනිම්ශා : :) සිරාවට ඔය සින්දුව අහන ගමන් මමත් කල්පනා කලේම ඒක තමා.
ReplyDeleteගිං ගැන් ගුලි ගුලි ගුලි ගුලි වොච් වොච් ගිං ගැන්ගෝ
ReplyDeleteගිං ගැන්ගෝ...
ෂේලා.... ෂේ...ලා..
ෂේ...ලා ෂේ..ලා..වෝ...
තාරක : ඔන්න නිම්ශා ඕකේ තේරුම ඇහුවොත් එහෙම ඔයා කියන්න හරිද?
ReplyDeleteදිනූෂා අක්කගේ ආභාෂයද කොහොද මෙයාටත් ඇවිත් තියෙන්නේ....
ReplyDeleteෆිශී : දිනූශා අක්කගේ හැකියාවත් එක්ක අපේ හැකියාවන් අහලකින් වත් තියන්න බෑ. ඒ තරම් එයා දක්ශයි
ReplyDeleteමමත් පොඩි කාලේ ඔහොම කතාවක් පවත්තපු එක්කෙනෙකේ කට දිහා බලාගෙන ඉඳල අන්තිමට මතක තිබුනෙ එයාගෙ කටේ ඉස්සරහ පේන්න තිබුන දත් ගණන.
ReplyDeleteමටත් බාලදක්ශිකාවක් වෙන්න ආසාව තිබුනට ඒ කාලේ ඉස්කෝලෙ පටලවන් හිටපු වැඩ නිසා ඒකට යන්න බැරි උනා.... :(
ReplyDeleteමම මේ පැත්තට අදමයි ආවේ. මාරයා තමා ලින්ක් එක දුන්නේ..
ReplyDeleteඔන්න ඔය බාලදක්‍ෂ කරපු ඉස්කෝලේ ගැන අපිනම් මොනවත් දන්නේ නෑ....:D
ඔබ්සර්වර් අංකල්: ඒ මදැයි දත් ගානවත් මතක තියා ගත්ත එක. කොහොමත් මටත් එදා එයා කියපූවායෙන් මතක එයාගේ කට ඇරෙනවා වැහෙනවා විතරයි.
ReplyDeleteකොට්ස් : මටත් ඉතින් එකී මෙකී නොකී දේවල් ගොඩක් තිබ්බා හැබැයි අදටත් අල්ලගෙන ඉන්නේ නම් මේක විතරයි.
ReplyDeleteප්‍රියන්ත අයියා : හරි හරි ඕක හොයා ගන්න බෑ කාටවත් මම දන්නවනේ. මේ පැත්තේ ආවට තැන්ක්යූ ඈ. ආපහු එන්න. :)
ReplyDeleteඅදටත් මට අම්මා බනිනවා උබ බාලදක්ශ කරානම් ඔහොම වෙන්නේ නෑ කියලා.
ReplyDeleteක්‍රිකටර් : අන්න නියම අම්මලා....! ඒකටත් එක්ක අපේ ලොකු අම්මා මල්ලිව ගෙදරම තියා ගත්තා බාලදක්ෂ කරලා පිණි බාපුවාම උගේ පීනස වැඩි වෙයි කියලා. මම නම් කියන්නේ ඌට පිණි බාන්න තෙමෙන්න දුන්න නම් මෙලහකට ඌ ගොඩ. දැනටත් ඒ කොල්ලා උදේට හචිස් 40ක් විතර යවනවා
ReplyDelete@ සංජු : අහන එකක් නෑ නේද :P
ReplyDeleteඇහුවත් කමක් නෑ, අපේ අම්ම කියල තියෙන්නෙ ඔය ගෑනු ලමයි අහන ඒවට උත්තර දෙන්න යන්න එපා කියලා.
තාරක : හරි හරි මට තේරුනා... ගෙදරින් උපදෙස් දෙන්න ඇත්තේ කෙල්ලෝ අහන්න කලින් උඹ අහපන් කියලා වෙන්නැති නේද? ඒකත් හලි මල්ලි
ReplyDeleteඔය ඔය ඉතිං.. කට කට
ReplyDeleteමේ උඩම පින්තූරෙ ඉන්නෙ සංජුද???
ReplyDelete94 -95 මමත් පෝතක බාලදක්ෂයෙක්... මතක් වුනා ඒ කාලේ මට... :D
ReplyDeleteඉස්කෝලේ ගැන නම් ඉතින් අපි දන්නෙත් නෑලු...හික්..මම ඩියුටි දාලා තිබ්බේ ඔෆිස් එකේ...දැන්වීම් දෙන තැන...සමහර වෙලාවට දැන්වීම් දෙන්නත් වෙනවා ඉතින්..දවසක් මරු වැඩක් වුනා..අක්කට මතකද මන්දා ඒ දවස් වල 10 හරි 11 හරි කඩ්ඩ පොතේ පාඩමක් තිබ්බා සිංහරාජේ ගැන...ඔය පාඩම ඉවර කලේ අපි ඉන්ටවල් ඒකට කලින් පීරියඩ් එකේ..මට තමා එදා ඉන්ටවල් එකෙන් පස්සේ දැන්වීම් දෙන්න තිබ්බේ...ඔන්න මම ඉතින් දැන්වීම් දෙනවලු...සිංහරාජ විද්‍යාලයේ කළා උළෙල සඳහා ඉල්ලුපත් කැඳවා ඇත :D ඊට පස්සේ වුන දේවල් ගැන කියන්න ඕනේ නෑනේ....
ReplyDeleteදිනුෂා අක්කා එක්ක මටනම් එක මතක යයි තියෙන්නේ...අපි 6 වසරේ ඉන්නකොට කණ්ඩායම් ක්‍රීඩා පුහුණු වෙන්න සති අන්තයක පාසලට ආවා..එයත් එදා ඇවිත් අපිත් එක්ක කතා කළා...එයා ඒ වෙනකොට ප්‍රධාන ශිෂ්‍ය නායිකාව..එත් හොරාට හොරාට හවුස් ඒකට සපෝට්...:)
පිණි : හලේ ඒ මම නෙවෙයි හොරකම් කරපු පින්තූරයක්
ReplyDeleteසෝරෝ : අනේ ඉතින් ළමයො තරගකාරී වුණාම ජීවිතේ ලස්සන දේවල් අමතක කරනවා නේද ඔයාලත්??
ReplyDeleteඩීප්ස් : හප්පා........ කෙල්ලොන්ට හිනා වෙලා පණ යන්න ඇති එදා. ෂුවර් එකට ඔයා එදයින් පස්සේ World Famous වෙන්න ඇති ඉස්කෝලේ ඇතුලේ නේද? ඒ පාඩම තියෙන්නේ 10 පොතේ.... 1 වෙනි පාඩමේ 1 වෙනි Reading එක. ඔය සිද්දිය වෙන්න ඇත්තේ ජනවාරි මාසේ වෙන්න ඇති නේද?
ReplyDeleteගෝ....තෙමි තෙමී ද? :P
බාලදක්ෂ ජීවිතේ කියන්නෙ හරි පුදුම දෙයක්......මොකද අදටත් මම නිදාගන්න යන ගොඩක් වෙලාවට මතක් වෙන්නේ ඒ කලේ කරපු කියපු දේවල් තමා...
ReplyDeletenice... keep updating... https://www.facebook.com/baladaksha.srilanka
ReplyDelete