බාලදක්ෂ කතා 2 කොටස – නැවත ආගමනය

පසුගිය කොටසින් දැක් වුණ විදියට පොඩි සංජු ට ගයිඩින් එපා වෙන්න හේතු ගොඩක් තිබ්බා.  හවස ඉස්කෝලෙන් පස්සේ නවතින්න තියෙන අකමැත්ත වගේම කම්මැලිකමත් මේකට ප්‍රධාන හේතු.
  
මේ සිද්ධි වලින් වුණේ පොඩි සංජු සැපසේ ගෙදර නැවතුන එක. හැබැයි ඒ ටික කාලෙකට විතරයි.
සංජු ගෙ මල්ලි ඒ වෙනකොට ඉගෙන ගත්තේ කන්ද උඩ විද්‍යාලයේ.  කන්ද උඩ මහා විද්‍යාලයේ නමත් එක්ක එකතු වෙච්ච අභීත ඉතිහාසයක් තියෙන දෙයක් තමා බාලදක්ෂ ව්‍යාපාරය. කන්ද උඩ විදුහලත් එක්ක බාලදක්ෂ ව්‍යාපාරය පුදුම බද්ධ වීමක් තියෙනවා.
 
ඔන්න වුණේ මේකයි. අපේ මලයා බාලදක්ෂයෙක් බවට පත් වුණා.
 
අපේ පිය තුමාගෙයි මවු තුමීගෙයි තියෙන එක ගතියක් තමා අපි කොහේ ගියත් පස්සෙන් එන එක. අදටත් ඒක එහෙම්මම තමයි. අපේ මල්ලි ගෑණු ළමයෙක් හොයා ගන්නකල් ම එයා යන යන තැන අපේ තාත්තා පස්සෙන්. හැබැයි මගේ පස්සේ නම් තාමත් එනවා.
 
ඉතින් මේ කන්ද උඩ මහා විද්‍යාලය අපේ මල්ලිගේ වගේම අපේ තාත්තගෙත් ඉස්කෝලේ වුණ නිසා අපේ තාත්තා මල්ලි යන හැම අස්සක මුල්ලකම රිංගන්න පටන් ගත්තා. ඒ වෙලාවට අපේ තාත්තා එක්ක ධීර ක්‍රියාකරකම් වලට සහයෝගය දීගෙන පස්සෙන් යන්නේ මමතුමී. (කන්ද උඩ විදුහලේ ශිෂ්‍යයෙක් තරම්ම මමත් ඒ ඉස්කෝලේ අහුමුළු හොර පාරවල් ගැන දැන ගත්තේ අපේ තාත්තා පස්සෙන් ගිහිල්ලා.  අපේ තාත්තත් හොර පාරවල් ගැන එහෙම ඒ තරම් හොදට කට්ට කළුවරේ පවා ටෝච් එකක්වත් නැතුව යන්න දැන ගත්තේ කොහොමද කියලා මම ආයේ අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑ කියලා මම හිතනවා.)
ඉතින් ඔන්න මම පස්සෙන් යාමේ ප්‍රතිඵල විදියට මට කදවුරු 5 කට පමණත් 1998 දී පැවැත්වෙන ජාතික ජම්බෝරියටත් සහභාගී වෙන්නත් ලැබුණා. ඒ වගේම කන්ද උඩ විදුහලේ බාලදක්ෂ දින, ජම්බෝරි, කදවුරු විශාල ගණනකටත් සහභාගි වෙන්න අවස්ථාව මට ලැබුණා. හැබැය් ඒ අපේ මල්ලිගේ අක්කා විදියට.

ඒ වගේම කන්ද උඩ විද්‍යාලයේ බාලදක්ෂයින්ගේ ලොග් පොත් ගනනාවක් පැත්තකට වී කියවන්න ලැබෙන්නේ කදවුරු වලට දිවා රෑ නැතිව අපේ පියා එක්ක ගිහාමයි.  කොල්ලෝ ටික අපේ තාත්තාගේ දත් ගලවනකල් මම කරන්නේ පැත්තකට වෙලා ඒ හරියේ කියවන්න පෙරලන්න පුලුවන් හැම පොතක්ම සැපට වාඩි වෙලා කියවන එක. ලස්සන ලොග් පොතක් දැක්කොත් ඒකේ අයිතිකාරයාගේ මූණ බලාගන්නේ මම අපේ මල්ලිගේ උදව්වෙන්. නැත්නම් මල්ලිගේ යාළු මල්ලිලාගේ උදව්වෙන්.
 
එක දවසක් ….   ඒ 1998 දි පල්ලෙකැලේ පැවැත්වුන 5 වන ජාතික ජම්බෝරිය.  අපේ තාත්තා දන්ත වෛද්‍යවරු කිහිපදෙනෙකුට අහු වෙලා ඉන්න වෙලාවක මම සුපුරුදු පරිදි ලොග් පොත් රාක්කය ගාව හොදට හරි බරි ගැහිලා ඉදගෙන ලොග් පොත් බලනවා.  ඒ අතරේ තිබිලා මට ලැබුණා ගෑණු ළමයෙකුගේ වගේ ලස්සනම ලස්සන රවුම් අත් අකුරින් ලියපු හරිම පිළිවෙල ලොග් පොතක්.  නමෙන් ලොග් පොතේ අයිතිකාරයා හොයා ගන පුළුවන් නිසා මම ඒ වෙලාවේ පෙරලලා බැලුවේ ඉක්මනට මේ ලොග් පොතේ අයිතිකාරයා කවුද කියලා. ඒ ලොග් පොතේ අයිතිකාරයා වෙන කවුරුවත් නෙවෙයි අපේ මල්ලිගේ බාලදක්ෂ නායකයා ගේ.
 
ඔහු කොහොමත් මම ඔය ඉස්කෝලෙට යන්න පටන් ගත්ත දවස්වල ඉදලම මගේ මීටරේ ට වැටිලා හිටිය කෙනෙක්. වයසේ වැරැද්ද කියලත් කෙනෙකුට මට මඩ ගහන්න පුළුවන්. නමුත් මට ඇත්තටම ඔහුව මීටර් වුණේ අනෙක් සියළුම බාලදක්ෂයන් අභිබවා ඔහුට තිබුණ අපූරු පෞර්ශත්වය නිසා. ඒ වගේම ඔහු ට අපූරු ඉදිරිපත් කිරීමේ සහ සංගීත අංශයේ විවිධ හැකියාවන් තිබුණා.  ඒ වගේම ඔහු මගේ මල්ලි හිටපු කණ්ඩායමත් අපූරුවට මෙහෙයෙව්වා.  මගේ මතකයේ හැටියට ඔහුගේ කණ්ඩායමේ සියළුම දෙනා එක වර දිසා කොමසාරි රැහැනත් ලබා ගත්තා. ඒ වන තෙක් ඔහු නියම නායකයෙක් විදියට ඔවුන් පසු පස සිටියා. හැම කදවුරකදීම, හැම ගිණි මැලයකදීම ඔහු තම හැකියාවන් දිනෙන් දින දියුණු කරගෙන පෙන්නුවා. නියම නායකයෙක් වශයෙන් අන් අයට ආදර්ශමත් විදියට කටයුතු කලා. ඒ කොයි එකටත් වඩා ඇත්තම කිව්වොත් තරුණකමේ එලිපත්තේ හිටපු පොඩි කෙල්ලක් වෙච්ච මගේ ඇස් ඇත්තටම ගියේ කට්ට කළු ඔහුගේ දිලිසෙන ඇස් වලට.  ඒත් ඉතින් අපේ පියා මගේ පස්සෙන් නේ…..! බලලා රස විදීම විතරයි කර ගන්න වුණේ අදටත් මම ඔහු එක්ක වචනයක්වත් කතා කරලා නෑ. :( 
 
ඉතින් ඔන්න 1999 අවුරුද්ද වෙනකොට සංජු ට ආයෙත් සුව නොවන පරිදි බාලදක්ෂ ව්‍යාධිය වැලදී තිබුණා. 1999 අවුරුද්දේ අග භාගය වෙනකොට තදින්ම අසනීප වෙලා හිටිය  මගේ උදව්වට ආවේ මගේ මිතුරියක් වන ඔශාලි. ඇය ඒ වන විට ජනාධිපති බාලදක්ෂිකාවක් වුණා විතරයි. ඇයයි මමයි එක දවසේ තමා අර පළවෙනි රැස්වීමට ගියේ. ඇය ජනාධිපති පදක්කම පැලදගෙන යනකොට අය්යෝ මට දුක හිතුණ තරම්. ඒත් ඒ වෙනකොට පෙරහැර ගිහින් ඉවරයි.
 
ඒත් සංජු ගේම අතෑරියේ නෑ. මගේ ආදරණීය අබේවික්‍රම මැඩම් පස්සේ යාමේ ප්‍රතිඵලය විදියට අපට අවසර ලැබුනා ජ්‍යේෂ්ඨ බාලදක්ෂිකා කණ්ඩායමක් ආරම්හ කරන්න. ඒ වෙනකොට ජ්‍යේෂ්ඨ බාලදක්ෂිකාවන්ට තිබුණ කොල පාට නිල ඇදුම ඉවත් වෙලා දුඹුරු පාට නිල ඇදුම හදුන්වලා දීල තිබුණේ. නමුත් ඒ වෙනකොට මහනුවර දිසාවේ කිසිම අලුත් ජ්‍යේෂ්ඨ බාලදක්ෂිකා කණ්ඩායමක් තිබුනේ නෑ. අපේ ආසාව තිබ්බේ මහනුවර දිසාවේ අලුත් නිල ඇදුම අදින පලවෙනි ජ්‍යේෂ්ඨ බාලදක්ෂිකා කණ්ඩායම වෙන්න. (ඒත් ඉතින් අපේ සහෝදර වැව රවුමෙ බාලිකා විද්‍යාලයේ කට්ටියක් අපිට හොරෙන් ඒ වැඩේ කරලා තිබ්බා.)

ඇ ඔන්න පෙරුම් පුරලා පුරලා ඒ දවස උදා වුණා. අපේ දිවුරුම් දීමේ උත්සවය. ඇ ඒක පැවැත්වුණේ අපේ පාසලේදී මයි. ඒ දවසත් හරිම විශේෂ දවසක්. 2000.02.20 තම ඒ දවස. ඕනෑම බාලදක්ෂයෙක් දන්නවා ඒ දවස බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ තුමා වන බේඩන් පවල් සාමිවරයාගේ උපන්දිනය ට දින දෙකකට කලින් කියලා. කොහොමත් ඒ මුළු ලෝකෙම බාලදක්ෂයින්ට වැඩ ටිකක් වැඩි කාලයක්. ඒ ඇරුණු කොට ඒ දවසේ තවත් විශේෂත්වයක් තිබ්බා. ඒ තමා ඒ වෙනකොට කන්ද උඩ මහ විදුහලේ මිලේනියම් ජම්බෝරිය පැවැත්වෙමින් තිබීමත් 2000.02.20 දිනය එම ජම්බෝරියේ බාලදක්ෂික දිනය වීමත්.  දිවුරුම් නොදී එහි යාමට අකමැත්ත ප්‍රකාශ කළ නිසා අපේ දිවුරුම් දීමේ උත්සවය ආරම්භ වුනේ එදා උදේ 7 ට. 8 වෙද්දි අපේ දිවුරුම් දීමේ උත්සවය අවසන්. 

         මේ තමා මම තුමී ජ්‍යේෂ්ඨ බාලදක්ෂිකාවක් විදියට දිවුරුම් දුන්න අලුත! (මේ ෆොටෝ එකේ ඉන්න අනික් මනුස්සයා මම ඉස්කෝලේ යද්දිත් මෙයාමයි. මගේ ගුරු පත්වීම මම මෙයාගෙන් ම භාර අරගෙන අවුරුදු කිහිපයක් යනකනුත් මෙයා එයාමයි)
 
අදටත් අමතක නොවන සොදුරු මතක රැසක් සහිත දවසක් ඒ දවස. හැමදාම නිකම්ම නිකන් ගැහැණු ළමයෙක් විදියට කන්ද උඩ විදුහලට ගිය මම නිල වශයෙන් බාලදක්ෂිකාවක් විදියට එතෙන්ට පය තැබුවේ එදා. ඇත්තටම මට බාලදක්ෂ විද්‍යාව ආගමක් නම් අදටත් ඒ ආගමේ මගේ මක්කම වෙන්නේ කන්ද උඩ මහා විද්‍යාලය.  එදා මම බාලදක්ෂිකාවක් විදියට එහේ ගියේ හරිම ආඩම්බරෙන්. :D මම අදුනන අය අතරට නිකම්ම නිකන් ගෑණු ළමයෙක් වෙලා යනවට වඩා මම ලොකු ආඩම්බරයක් වින්දා බාලදක්ෂිකාවක් විදියට එහේ ගිහින්.

මගේ පියාගේ සමකාලින පාසල් මිතුරන් ලෙස මට ලගින්ම ඉන්න ලැබුණු දනට ජාතික පුහුණු කිරීම් (මම හිතන්නේ තාමත් මේ තනතුර කියලා.මේ වෙනකොට වෙනස් වෙලා නම් මට සමා වෙලා නිවැරදි කරන්න)කොමසාරිස් ශාන්ත මදුරාවේ සරුත් මහනුවර දිසා කොමසාරිස් සරත් මාතර ආරච්චි සරුත් තවත් අමතක නොකල යුතු අපූරු බාලදක්ෂයින් දෙදෙනෙක්. ඇත්තටම ශාන්ත මදුරාවේ සර් වගේ තමන්ගේ  මුළු ජීවිතයම බාලදක්ෂ කර ගත්ත වෙනත් පුද්ගලයෙක් මම දැකලා නෑ අද වෙනකල්. කැපකිරීම් ගැන පාඩම ඉගෙන ගන්නවා නම් මම හිතන්නේ ඔහු තමා අපි ආදර්ශයට ගන්න ඕනේ එකම කෙනා. ඇ මොන පොඩි ගිනිමැල සංදර්ශණයක් වුණත් ඔහු ලංකාවේ ඉන්නවා නම් කවදාවත් මග හරින්නේ නෑ. මගේ උසස් පෙළ කේවල ව්‍යාපෘතිය කරද්දීත් මම තොරා ගත්තේ බාලදක්ෂ විද්‍යාව ගැන කරන්නයි. ඇ ඒ ගැන විස්තර සොයන්න සහ ඡායාරූප ලබාදීල මට ගොඩක්ම උදවු කලේ ශාන්ත මදුරාවේ සර්. එවකට ඔහු මහනුවර දිසා කොමසාරිස් විදියට තමා හිටියේ. අදටත් මම දුක්වෙනවා දැන් ඒ පොත මගේ ලග නැති එක ගැන. එහි මම වසර ගණනාවක් එකතු කරපු විස්තර ඡායාරුප අඩංගු වෙලා තිබුනා. මතක් වෙනකොට වාවන්න බැරිතරම් දුකයි.

ඔන්න ඔය විදියටයි මම නිල වශයෙන් බාලදක්ෂ ව්‍යාපාරයට ආගමනය වුණේ. හැබැයි කතාව මෙතනින් ඉවර නෑ. තව කොටසක් හෝ දෙකක් ලියන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හැබැයි මගේ ඉස්කෝලේ කතා වගේ මම මේ ලිපි වල නම් බනින්න සූදානම් නෑ කාටවත්. මොකද මගේ ආගම හැරුණු කොට මගේ හිතේ භක්තියක් තියෙනවා නම් තියෙන්නේ බාලදක්ෂ ව්‍යාපාරය ගැන විතරක් නිසා.

ප. ලි. ඔන්න කට්ටිය පොර කන්නේ නැතුව මේ කේක් එක බෙදාගෙන කන්න හොදේ! මේ තමා සංජුගේ සයිබර් සමාගමේ 50 වෙනි පෝස්ට් එක. පටන්ගෙන ගොඩක් කල් අක්‍රිය වෙලා තිබ්බ මගේ බ්ලොග් එක ආපහු ලියන්න ඕනේ කියලා මට හිතුනේ මගේ ලෝකය කියෙව්වට පස්සේ. ඒ එක්කම පටන් ගත්ත මගේ ලිවිල්ල මේ තරම් දුර ආව එක ගැන සමහර වෙලාවට මටම පුදුමයි. මගේ බ්ලොග් එක කියවන්න ආපු කියවලා අදහස් දක්වපු හැමෝටම ගොඩාක් ස්තූතියි. හැමදාමත් ඔයාලගෙ මිතුරුකම වචන මට ශක්තියක්. 
 

Comments

  1. අයියෝ අක්කෙ කේක් එක නෑනෙ

    ReplyDelete
  2. නෑ නෑ තිබිල ලෝඩ් වෙලා නෑනෙ

    ReplyDelete
  3. මාලන් : ඔන්න දැන් හලියෝ

    ReplyDelete
  4. කේක් එක නම් හරිම රසයි. ඒත් උඩ තියෙන අයිසින් ටික කන්න විදිහක් නැහැනේ. ඔයා එතන හිටන් ඉන්නවනේ..... :(
    50 ලිව්වනේ... ඉක්මණටම 100ත් ලියමු එහෙනම්.... :)

    ReplyDelete
  5. සුභ පැතුම් පනස් වෙනි පෝස්ට් එකට... බාලද්ක්ෂිකාවක් නිසා ආයෙත් සුභ පතනවා ඔන්න...

    ReplyDelete
  6. මේ කේක් එකත් උඩින් අයිසින් යටින් රෙජිපෝම් එකද්ද?
    50 සුබ පැතුම් අක්කා...

    ReplyDelete
  7. තාත්තලා පස්සෙන් එන එක නම් අහන්නත් දෙයක්ද ...හෙහ්... අනිවාර්යයි.... දිගටම බාල දක්ශ කතා ගෙන්න අක්කේ ..ලස්සනයි... කාලයක් කරා පොඩි කාලයක්.. ඉස්කොලේ වෙන වැඩ හන්දා අතැරලා දැම්මා දැන් හිතනවා අනිත් වා වගේ මේකත් ඇදන් ගියා නම් කියලා....

    පනහට සුබ පැතුම් අක්කේ.. දිගටම ලියන්න...

    ReplyDelete
  8. කොට්z : මාව ඉතුරු කරලා කන්ඩෝ

    ReplyDelete
  9. අභීත අයියා : තැන්ක් යූ තැන්ක් යූ

    ReplyDelete
  10. ඩිලාන් : තැන්ක්යූ කොල්ලෝ.... අහ් මොන රිජිෆෝම් ද? කේක් කේක්....!

    ReplyDelete
  11. නිම්ශා : තැන්ක් යූ නංගි.

    ReplyDelete
  12. "...අපේ මල්ලි ගෑණු ළමයෙක් හොයා ගන්නකල් ම එයා යන යන තැන අපේ තාත්තා පස්සෙන්. හැබැයි මගේ පස්සේ නම් තාමත් එනවා...."

    අක්කටත් තියෙන්නේ ඉක්මනට කොල්ලෙක් හොයාගන්න.... නැත්නම් තාත්තා පව්නේ...

    -නිර්මල-

    ReplyDelete
  13. හාෆ් සෙන්චරියට මගෙන් සුභ පැතුම්.දිගු කල් නොදැවී ක්‍රීඩා කිරීමට හැකිවේවා.!!!

    ReplyDelete
  14. අයියෝ එච්චර අමාරුවෙන් හදපු පොතක් නම් එහෙම නැති වෙන්න දෙන්න එපා... හොයාගන්න හොයාගන්න..

    වාව්... මගේ කෑල්ලෙ කූඹි 3න් දෙනෙක්වම දාලා.

    සුබ පැතුම් චූටි ටීචර්...

    ReplyDelete
  15. නිර්මල : අහ් ඒ කියන්නේ දැන් මම කොල්ලෙක් හොයා ගන්න ඕනෙ අපේ තාත්තා පව් නිසා ද? ඇයි හලේ මම පව් නැද්ද?

    ReplyDelete
  16. හරී අක්කා : තැන්ක්යූ අක්කා

    ReplyDelete
  17. ක්‍රිකටර් : ඔන්න මම පිත්ත ඔසවා ආචාර කලා. ඉක්මනට හෙල්මට එකත් ගලවලා පිත්තයි හෙල්මට් එකයි දෙකම ඔසවලා ආචාර කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. බොහොම ස්තූතියි

    ReplyDelete
  18. තාරක : හොයන්න බෑ අනේ ඒක නැති වුනේ ඉස්කෝලේදි.

    වාව්.. ඔයාට කුඹි විතරද හම්බ වුනේ? ඒ කියන්නේ ඔයා දකින්නේ නැතිව ගුල්ලො ටික ගිලලා නේද? :)

    තැන්ක්ස් මල්ලි

    ReplyDelete
  19. ඒ ගුල්ලොද? මොනවද මන්ද කිරි රහ‍ට නම් හැපුනා..

    ReplyDelete
  20. තාරක : ඇහ් කිරි රසට හැපුන නම් ඒ ගුල්ලෝ වෙන්න බෑ. ගුල්ලෝ හැපෙන්නේ කරස් කරස් ගාලා නෙ

    ReplyDelete
  21. ඔය කන්ද උඩ ඉස්කොලේ කිව්වේ, අර එක ලඟ තියෙන ඉස්කෝල තුනෙන් එකක්ද???

    ReplyDelete
  22. naleen : හලේ එහෙම තැනකුත් තියෙනවද? වෙන්න ඇති සමහර විට. මම කියන්නේ අර මාලිගාව පිටිපස්සේ කන්දක් උඩ තියෙන ඉස්කෝලේ ගැන

    ReplyDelete
  23. නෑ නෑ...මේ හරියේ මාළිගාවක් නැහැ....එතකොට කන්ද උඩ ඉස්කෝල දෙකක් තියෙනවා... මාර චෝයි...

    ReplyDelete
  24. බාලදක්ෂ සීන් එකට මුකුත් කියන්නේ නැහැ. මොකද ඕනෙ කෙනෙක් දන්නවා අද බාලදක්ෂ ව්‍යාපාරයට මෙහෙම වුනේ ඈයි කියලා... නඩු දායිද දන්නෙත් නෑ... :P

    අක්කගේ 50 වෙනි පෝස්ට් එකට සුභ පැතුම්... මේ මං කතාව ලියන්නද ? අර අර... නඩු සීන් එක...

    ReplyDelete
  25. ප්‍රසන්න .... එහෙනම් ඉතින් මට අර අඩි 4 කතාවත් ලියන්න සිද්ධ වෙනවලු ඈ !

    ReplyDelete
  26. ෂඃ! සුසිල් මහත්තයගෙ ලස්සන, නළුව වගේ ඇ...

    ReplyDelete
  27. මදුරාවේ ස්‍ර් ස.ප්‍රු.කො
    මාතරාච්චි ස්‍ර් ගැන නම් මතක නැ

    දම්මකින් ඉස්කෝලේ මගෙත් හොද යාලුවෝ ඉන්නවා අක්කා...
    ඒ බාලදක්ශ කටයුතු හින්ඳ තමයි....

    ReplyDelete
  28. nice... keep updating...
    https://www.facebook.com/baladaksha.srilanka

    ReplyDelete
  29. keep going... like to share this on https://www.facebook.com/groups/328887403930809/

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

කාටූන්

මම ආස ගීත