විවාහය දරුවන් හැදීම සහ ගබ්සාව - 2 කොටස
මම මේ කතාව කොටස්වලට බෙදන්න තීරණය කලේ කතාව මම හිතුවට වඩා දික් ගැස්සෙන බව තේරුන නිසා. මේක තනිකරම මඩක් එහෙමත් නැත්නම් ඕපාදූපයක් කියලත් සමහර වෙලාවට ඔයාලට හිතෙයි. ඒත් මම මේක ලියන්න තීරණය කලේ සුන්දරයි කියලා හිතාගෙන ඉන්න මනුස්ස ජීවිත මොන තරම් සංකීර්ණද කියලා මටම හිතුණ නිසා. ආදරයෙන් විවාහයෙන් සේරම ප්‍රශ්න අවසාන වෙනවා කියලා බදින්න කලින් හිතාගෙන හිටියට ඒක එහෙම නෙවෙයි කියල මම ඉගෙන ගත්තේ මේ සිද්ධි නිසා. ඒ වගේ ම මිනිසුන් තමන්ගේ පරිසරයට අනුකූලව ජීවත් නොවීම නිසා ඇතිවන ප්‍රශ්න ගැන හොදට දකින්න පුළුවන් වුණා මට මේ සිද්ධි නිස.
මේ ප්‍රශ්නේදි මම දැකපු අනික් අවාසනාවන්තම සිද්ධිය තමයි ගීතා ටීචට ගුරුවරියක් විදියට තමන්ගේ කීර්තිනාමය ආරක්ෂා කර ගැනීමට නොහැකි වීම. ඒ වගේ හැසිරෙද්දි ඒ ස්වාමිපුරුෂයා මේ තරම් ඉවසන එකට නම් ඇත්තටම ඔහුට මල් තියලා වදින්න ඕනි. ඒ තරම් නිවුණ මනුස්සයෙක් ඔහු.
ඉතින් මේ ගීතා ටීච තමාගේ පශ්චාත් උපාධි හදාරන්න මෙච්චර වෙහෙසෙනකොට ගෙදර ඈයින්ට තමන්ගෙන් වෙන්න තියෙන යුතුකම් අතපසු වෙන එක අහන්න දෙයක් නෙවෙයිනේ. වයසින් ඇයට වඩා අවුරුදු 5ක් පමණ ලාබාල වුණත් මමත් ඇයට සමහර වෙලාවට බැනලා තියෙනවා. ඒ වෙලාවට බබා වගේ අහගෙන හිටියත් දවසින් ඒක අමතකයි. ඇය පැණි හලාගෙන වෙනත් යහළුවෝ සමග කතා කරද්දි ඇයගේ සැමියා ඇයට කතා කරන්නේ දවසට 2-3 පාරක් විතරයි.නමුත් ඇය දවසේ පැය 24න් 18ක් ම දුරකතනය කනේ ගහගෙනයි ඉන්නේ. (ඉතිරි පැය 6 ඉතින් නිදා ගන්න එක තමා) ඇත්තටම මම නම් දවසක් කිව්ව ගීත ටීච ඔයා මගේ ගෑණි වුණා නම් මම ඔයාව දික්කසාද කරලා මෙලහකට සෑහෙන්න කල් කියල. ඇය හොදටම දන්නව ඇයගේ සැමියා එහෙම තීරණයක් ගන්න තරම් නවීන පන්නයේ කෙනෙක් නොවන වග.
ආයේ ට්‍රැක් පැන්නා. ගීත ටීචට ඊගාවට ඇති වෙච්ච ප්‍රශ්නේ තමා විවාහ වෙලා කාලයක් ගියත් දරුවන් නැතිකම. ඉතින් ඔන්න මේ ප්‍රශ්නේ විසදා ගන්න අපේ ගීතා ටීච පන්සල් පල්ලි දේවාල කෝවිල් ගානේ යන්න පටන් ගත්තා. ඊටත් පස්සෙ බටහිර වෛද්‍ය ක්‍රමයට යොමු වුණා. ගුරු පඩිය ගැන ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ. මේ වෛද්‍ය ප්‍රතිකාර වලය ඇයට මාසෙකට පඩියම වගේ වියදම් වුණා. සමහර මාස වල ඇය යන්නේ රිම් එකෙන්.
ඉතින් මේ මොන ජර්බරිය නැටුවත් ඇයට දරුවෙක් ලැබෙන පාටක්වත් පේන්න තිබ්බේ නෑ. ඒ ගැන මම වුණත් දුකින් හිටියේ ඇයගේ පවුලේ ඒ නිසා ඇති වෙච්ච ප්‍රශ්න දරුවෙක් ලැබුණ ගමන් නැති වෙන බව දන්න නිසයි.
හැබැයි ඉතින් මෙහෙම දේකුත් තියෙනවා. ගීතා ටීච ගෙදර ඉන්න වෙලාවක් නම් හොයා ගන්න බැරි තරම්. ඇයට ඇයගේ කටයුතු ටිකක් ඒ වෙනුවෙන් කැප කරන්න තරම් අවශ්‍යතාවයකුත් නෑ. ඕවා කතා කර කර ඉද්දි දවසක් මට කේන්ති ගිහින් එයාට කිව්වේ “ මොබයිල් එක කනේ ගහගෙන හිටියට ලමයි හැදෙන්නේ නෑ. තැපෑලෙන් ළමයි හදන්නත් බෑ. ඒක උඹ මට වඩා හොදින දන්නවා ඇතිනේ. දැන් වත් ඔය විකාර පෝස්ට් ග්‍රැජුවේට් එක නවත්තලා අර ප්‍රශ්නේ ගැන හිතපන්” කියලා. ඒත් ඇය දරුවෙක් වෙනුවෙන් සැමියා වෙනුවෙන් ඒ කැපකිරීම කරන්න සූදානම් නෑ. ඒ ගිය කේන්තියට මම ඇය එක්ක මාසයක් තරහා වෙලා හිටියා.
ඇය දැන් දවසකට විශාල පෙති ප්‍රමානයක් සහ වෙනත් වෛද්‍ය පරීක්ෂණ නිරීක්ෂන හා නිගමන වලට භාජනය වෙමින් ඉන්නේ. ඒ නිසා ඇයට සිසේරියන් සැත්කමකට ආසන්න සැත්කමකට පවා මුහුණ දෙන්න සිද්ද වුණා. අපි ලැපිරස්කොපි ශල්‍යකරමයක් කියලා හිතුවත් අවසාඅනයේදී ඇයගේ වෛද්‍යවරයා තීරණය කරලා තිබ්බේ එය උදරය විවෘත කරලා කරන සැත්කමක් ලෙසට කරන්න. ඒ සැත්කමින් සතියකට පසුවත් ඇය පාසල් ආවා. එදා මම ඇයට බැන්න තරම් ඇය වෙන කාගෙන්වත් බැනුම් අහලා නැතුව ඇති. මට මතක් වෙන්නේම උණ පුරුකේ ලූව බලු වලිගයේ කතාව තමා ඉතින්.
ගීත ටීච මට ආරංචි විදියට තවමත් උත්සහා කරනවා. ඒත් ඉතින් ප්‍රජනන සෞඛ්‍ය ටිකක් හරි ඉගෙන ගත්ත ළමයෙකුට උනත් තේරෙනවා ඩිම්බයක් හා ශුක්‍රාණුවක් එකතුවෙලා හැදෙන කලලයක් දෙතැනක ඉන්න දෙන්නේකුට හදන්න බෑ කියලා. ඒක ඇය තේරුම් ගන්නේ කවදද දන්නේ දෙයියෝ තම.
ඊලග ප්‍රශ්නය….. දරුවෙක් ලැබෙන්න ආවත් අපේ පලාතේ ගුරුවරියෝ මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක්. ඒ තමා අර පෙරුම් පුරලා පුරලා හදා ගත්ත දරු ගැබ ගබ්සාවට ලක්විම. ඒකට ප්‍රධානම හේතුව තමා අපි ජීවත්වෙන පරිසරය හරිම කටුක වීම. මගේ පාසැලේ ඉන්න හැම ගුරුවරියක්ම ජීවිතයේ එක වරක් හෝ ගබ්සාවීම් වලට හෝ මළ දරු උපත් වලට හෝ නොමේරූ දරු උපත්වලට මුහුණ දීල තියෙනවා. මම වැඩ භාරගත් අලුතම අපේ උතුමා සර් ගේ බිරිද පවා ගබ්සාවීමකට ලක් වුණා. මගේ පොඩි ජීවිතේට මම නොදුටු දෙයක් වුනත් මම මේ පාසැලේදි ඒ සම්බන්ධව පුදුම දැනුමක් ලැබුවා. ගබ්සාවීමකදි කාන්තාවක් විදින දුක කොයි තරම්ද කියලා දැක්කා. පාසැල් කාලය තුලදි අපේ එක ගුරුවරියක් ගබ්සාවීමකට ලක් වුනා. එදා රුධිරය නොනවත්වා වහනය වෙද්දි පාසැලේ දරුවෝ පවා දකිද්දි ඇයව රෝහල්ගත කරන්න අපට සිද්ද වුනේ ඇයව ඔසවාගෙන ගිහින්.
ඉතින් මේ වගේ ප්‍රශ්නයක් විසදා ගන්නේ කොහොමද? මම අර ඉස්සෙල්ල කියපු ගුරුතුමී අද වෙනකොට එක්දරු මවක්. ඇය කලේ ඇය ඊලග වතාවේ ගර්භණී තත්වයට පත් වුණාම ගෙදර යන එක සහමුලින්ම නවත්තලා දාපු එක. ඒ වෙනුවට ඇය බෝඩිමේ ම පදිංචි වුණා. ගමනාගමනය අඩුම කරලා දැම්ම. ඇයගේ සැමියා හැම සති අන්තෙකම කොළඹ ඉදලා ඇයව බලලා යන්න ආව. ඒ නිසා ඇයගේ දරු ගැබ ඒ වෙලාවේදි බේරා ගන්න ඇයට පුළුවන් වුනා.
( මේවා දැක්කම සංජු ටීචට නම් හිතෙන්නෙම මේ මොකුත් නැතුව මේ ඉන්න විදිය දාහෙන් සම්පතයි කියලා. :ඪ් )
ඇත්තටම අපි ජීවත් වෙන පලාත හරිම කටුකයි. ඒ පරිසරයට හුරු කෙනෙකුට ඇරෙන්න වෙන කෙනෙකුට ඒ කටුක ශීතලත් කටුක පරිසරයත් දරා ගන්න අමාරුයි. ඇත්තටම ඒ වගේ අවස්ථාවල කාන්තාවෝ මොන තරම් අසරණ වෙනවාද කියලා දකිනකොට හරිම දුකක් ඇති වෙනවා.
අපේ පාසැලේ අවිවාහක ගුරුතුමීල කිහිපදෙනාගෙන් එක්කෙනෙක් දැන් විවාහය කල් දාන්න හදන්නේ ගාල්ලේ ඉන්න පෙම්වතා එක්ක එකට ජීවත් වෙන්න බැරි නිසා විවාහයෙන් පස්සෙ. ඒ ගමනාගමන අපහසුතාවය. ඔහු එක දවසක් ඇයව බලන්න ගාල්ලේ ඉදලා පාන්දර 3 ට ඇවිල්ලත් ඔහුට මේ අහල පහලට ගොඩබහින්න ලැබුණේ හවස 4 ට. පැය 13 ක ගමනක් ඔහු ආවේ හෙම්බත් වෙලා. ඔහු ඒ වෙලාවේදි කිව්වේ “හනේ කෙල්ලේ කොහොම හරි ට්‍රාන්ස්ෆර් එකක් හදාගමු බදින්න කලින් ඔයා මෙහෙම දුක් විදිනවා මට නම් බලන්න බෑ” කියලයි. ( හනේ අපිට ලැබෙණ කට්ටියටත් එහෙම හිතෙයි ද? :( )
ඔන්න ඔහොමයි බොහොම නිස්කලංක නිවාඩු බහුල රැකියාවක් වෙන ගුරුකම කරන අයට අත්දකින්න වෙන දේවල්. දුශ්කරත්වය, රැකියාවේ පීඩනය, පවුල් ප්‍රශ්න මේ හැම දේකින් ම අපේ දුශ්කර සේවයේ ඉන්න ගුරුතුමීල මිරිකිලා ඉන්නේ. ඔවුන් ආත්මාර්ථකාමිත්වයෙන් මිරිකිලා. ඒ කරන්න දෙයක් නැති කමට. ඔන්න ඉවසලා ඉවසලා බැරිම තැන අපේ හරී අක්කා කරපු වැඩේ කරන්න තමා ගොඩක් ගුරුතුමීලට සිද්ධ වෙන්නේ. ඒත් දුප්පත්කමත් රැකියාවේ අවශ්‍යතාවයත් නිසා එහෙම කරන්න පෙලඹෙන ගුරුතුමීලා නම් හරිම අඩුයි.
මම මේ ලිපිය ලියපු අනික් අරමුණ තමා ගුරුකම කියන්නේ නිකන් ඉන්න රස්සාවක් කියලා ගොඩක් අය හිතන එක. ගුරුවරයෙක් ගේ හිතේ තියෙන්නේ අසීමිත පීඩනයක්. ඒ ගුරුවරු වැඩ කරන්නේ මනුශ්‍ය ජීවිත එක්ක වීම. රටක ජාතියක අනාගතය එක්ක වීම. එතකොට දවසේ පැය 24 ම කල්පනා කලත් කල්පනා කරනන් දේවල් ගුරුවරයෙකුට තියෙනව. ඒ මඩිවට කාර්යාල ලිපිකරුවෙකුට වගේ දිනපතා ලියන්න කියන්න දේවලුත් තියෙනවා. අපි ඒවා අකුරටම නොකරන්නේ ඒ වැඩ ටික ගෙදර ඇවිල්ල බදා ගත්තොත් මහත්තුරු අපිව ගෙවල්වලින් පන්නන නිසා. ඒත් කොහොම හරි අපි ඊවත් කරලා තියෙනවා. නැත්නම් කණ්ඩායම් පරීක්ෂණ කඩා පනින හමුදාව ආවාම අපිට කණ් පුරෝලා අහ ගන්න වෙනවා. ඒ තරම් වැඩ කන්දරාවක් අපිට කරන්න තියෙනවා. ඉතින් ඔන්න අදින් පස්සේ නමෝගොල්ලෝ හිතන්න එපා ගුරුවරු කියන්නේ මාස 3ක් නිවාඩු අරගෙන 2න් පස්ස්é ගෙදරට වෙලා නිකන්ම ඉන්න ජාතියක් කියලා. ගුරුවරු කියන්නේ පුදුම දුකක් විදින කොටසක්. ඝෙදර බුදුන් අම්මා, අපේ බුදු තාත්තා ගාවට ගුරු දේවතාවුන් කියලා ගුරුවරුන් ව තෙවනුව සිහිපත් කරන්නේ ඒ විදින දුක නිසාමයි කියලයි මට හිතෙන්නේ.

මමත් මෙච්චර කාලය්ක් හිතාගෙන හිටිය හැටි වෙනස් උනා මේ ලිපියෙන්,අපි හැමදාම දැක්කේ දුශ්කර සේවය කරන ගුරුවරු නෙමේ නේ සංජු මිස්..
ReplyDeleteගීතා ටිච පන්ති කට් කරපු කෙනෙක් ද දන්නෙ නෑ නේද? විශේෂයෙන්ම සෞඛ්‍ය පාඩම වෙලාවට. (ඒත් එහෙම වෙන්නත් බෑ. මොකද මේවා පන්ති වලදි උගන්නන්න ඕනි දේවල්යැ.)
ReplyDeleteමට ඉස්සර තිබුනු ප්‍රශ්නයක් තමයි කසාද බැඳපු සමහර අයට ළමයි ඉන්නත් සමහර අයට ළමයි නොඉන්නත් හේතුව මොකක්ද කියලා. මම ඉතින් දහඅතේ කල්පනා කරා පෝරුව ළඟදි ඇඟිලි දෙක බඳින්න බැරි වුනාද දන්නෑ කියලා. හික්ස්.
මුලින්ම පලවෙනි ලිපියේ මුල් කොටස නම් ඔබතුමීටත් අදාලත්වයක් තියන පාටකුයි මට පේන්නෙ.:).හැබෑටම කෙල්ලො ඔච්චර ආසාවෙන්ද ඉන්නෙ අප්පා බඳින්න.දැන ගත්තු එක හොඳයි,දැන් ටිකක් ගනන් උස්සන්න පුලුවන්. හික්...ළමයිටනම් ඉතිං ඔය කාලෙ වැඩිය තේරුමක් නෑනෙ ටීචල මෙච්චර ප්‍රශ්න මැද්දෙ ඉන්නෙ කියල.ඒ උනාට දුෂ්කර කරන්න තියෙන්නෙ අවුරුදු 5යි නේද?ඊට පස්සෙ ලඟ ස්කෝලෙකට මාරුවෙන්න පුලුවන්නෙ??
ReplyDeleteකොහොම උනත් අපි ගුරු රැකියාවෙ නොදන්න පැත්තක් ඔයා පෙන්නල දීල තියනවා.ඒක වැදගත්.බැරිවෙලාවත් ඉදිරියෙදි ඕනෙ උනොත් එහෙම ..දැන කියාගෙන ඉන්න එක හොඳයිනෙ..හික්z....
ඩිලාන් : ඒකනේ.... හනේ මට නම් දැන් රස්සාව නැත්නම් හොදයි කියලා හිතෙනවා.
ReplyDeleteරොෂාන් : හිකිස්..... එහෙම වෙනවනම් බැරියෑ. ඕකට විදින්න ඕනි දුක!!! හප්පේ දොස්තරලා පෝසත් වෙන තරම්!
ReplyDeleteදිනේශ් : මේ ගෙදරින් ඇහෙන මල කරච්චලේ නිසා දැන් මට හිතිලා තියෙන්නේ ඉක්මනට බැන්දනම් මේ බර බරේ නවතිනවනේ කියලා. ඒත් ඉතින් ග්‍රහයා මාරු වෙනකල් ඉන්න වෙනවා නෙ. ණය ගැතියා එනකල්. :)
ReplyDeleteහලේ අවුරුදු 5 න් ඔය කියන විදියට එන්න පුළුවන් නම් බැරියෑ. එන්න පුළුවන් වෙන්නේ අපි වෙනුවට කෙනෙක් ඉස්කෝලෙට ආවොත් විතරයි. එකෙක් හරි එකියක් හරි ආවේ නැත්නම් අපි සදා සොත්ථි!
අපේ පවුලේ සනුහරේම කියන්නෙ ගුරුකම තමා ඉගෙනගත්තු දැරිවියෙකුට ගැලපෙන හොඳම රස්සාව කියලා. එහෙම දැරිවියන්ට මගුල් තුලා වුනත් හොයන්න ලේසිලු .නිදහස් රස්සාවක් කියල .හනේ මන්දා මේ කතාව කියෙව්වම දුෂ්කර සේවය කරන ටීචර්ල ගැන පුදුම කණගාටුවක් දැනෙනවා.අඩුතරමින් මේ දුශ්කර ක්‍රීයා කරන පිරිසට හරිහමන් නේවාසික පහසුකමක් , නැතිවනේ රාජකාරියට යන්නේ .
ReplyDeleteඒ එක්කම ගුරු සේවයේ බහුතරය ගැන කලකිරීමකුත් තියෙනවා.මොකද ගොඩක් දෙනා වලි කන්නෙ ගෙදරගාව ඉස්කෝලෙට ගිහින් , හීන් අයිස් පාරක් , ටියුශන් එකක් දාගෙන හරියට දෙකට ඕෆ් වෙලා නාලා කාල හීල් හෙවනෙ විශ්‍රාම යනකන් ගේ ගාව ඉස්කෝලෙ ඉන්න නේ .
අපි පුද්ගලික අන්සේ වැඩ , පඩි ලැබුණත් , ගෑනු වුනත් ගෙදරක ඉන්න කාලෙ බොහොම අඩුයි .උදේ අට පහ රැකියාවක් නෙවේ . හැබැයි දරු උපත් වලදි එහෙම නම් බොහොම මානුශිකව බලලා වයිද්‍ය ප්‍රතිකාර වලටත් ගෙවනවා.නමුත් රාජකාරියේ ගමන් බිමන් වැඩි නිසා ගබ්සා වීම් කීපයක්ම වෙලා තියෙනවා මගේ යාලුවන්ට.
හ්ම්ම්ම්ම්ම් ඒත් අපිට එහෙම නෑ. අපේ අයට එහෙම වුණොත් අහන්නේ "ඇයි ඒ පැත්තේ ගෑණුන්ට ළමයි හම්බ වෙන්නේ නැද්ද ?" කියලා. එක පාරක් නෙවෙයි 2 පාරක් ගබ්සාවිම් වුණත් 3 වෙනි ගබ්සාව වුණාම සලකලා බලන්නම් කියලා කියන අයත් ඉන්නවලු. එහෙමයි ගුරුවරුන් ට සලකන්නෙ මේ රටේ
ReplyDeleteමම gossip lk එකේ ද මන්ද දැක්ක ස්කෝල 3.30 වෙනකන් තියනවලු, නැත්නම් ගුරුවරු 1.30 වෙද්දි ගෙදර හින්ද..
ReplyDeleteඅනේ මන්ද..
තාරක : කොහොමත් අධ්‍යාපන අමාත්‍යංශේ නිව්ස් රිලීස් දාන්න හොදම සයිට් එක තමා gossip lanka
ReplyDeletehmmm meka kiyawapuhama mage amma gana hariyata duka hithuna. thanks akke meka liwwata
ReplyDeleteඅනේ මංදා මොනවා කියන්නද කියලා මට හිතා ගන්න බැහැ. ඇත්තටම මේ වැඩ පිලිවෙලවල් පොඩ්ඩක් වෙනස් උනානම් හොඳයි. නැත්නම් ඉතින් අන්තිමට වෙන්නේ රස්සාව හම්බ වෙන පැත්තෙන් මිනිහෙක් හොයාගෙන බැඳගෙන, ළමයෙක් හම්බ වෙන්න ආවහම රස්සාවට ඕන දෙයක් වෙච්චදෙන් කියලා එක අඩියක්වත් ගෙදරින් එළියට නොතියා ඉන්න.
ReplyDeleteකොට්ස් : ඒක කවදාවත් වෙන්නේ නෑ ගොඩක් අය මේ කතාව කිව්වම අපිට දෙන ලේසිම විසදුම තමා ඕක. ඒත් ඒ දේ තමන්ගේ දුවට අක්කට නංගිට වුනා නම් කෙනෙක් කියයි ද ඒ පැත්තෙන්ම හොයා ගන්න කියලා. අනික ඒ පැත්ත ගැන මම නොකියා ඉන්නම් ඒක වඩා හොදයි. අපි ගැනම පුදුම අනුකම්පාවක් දැනෙනවා ඒ වෙලාවට. ගෙදරින් එලියට බහින එක නෙවෙයි මම හිතන්නේ මෙතන ගබ්සා ඇති වෙන්න හේතුව... රස්සාවේ පීඩනය සහ ගෙදරින් දුරස්ව සිටීමේ පීඩනය. මොන ගෑණිද කැමති තමන්ගේ මනුස්සයාගෙන් වෙන් වෙලා ඉන්න????
ReplyDeleteඒක තමයි මම කලින් එකෙන් අදහස් කලේ. මේවා වෙනස් උනේ නැත්නම් අපේ ගෑණු මිනිස්සු කොහොමහරි ඔය දේ හරි කරයි. මොකද ඔහොම ප්‍රශ්ණ තිබුනා කියලා ගෑණුන්ට නොබැඳ ඉන්නත් බැහැ. තමන්ට කැමති තැනකින් තමන්ට කැමති කෙනෙක්ව බැන්දොත් එක්කො රස්සාවෙන් අස් වෙන්න වෙනවා. රස්සාවෙන් අස් වෙලා කොහොමද ජීවත් වෙන්නේ? බැඳලා දෙපැත්තකට වෙලා රස්සාවල් කරන්නත් බැහැ. අනේ මංදා ඔලුව අවුල් වෙනවා මේවා හිතනකොට.
ReplyDeleteමගේ යාලු දොස්තරවරියක්ව මේ ළඟදි නුවර එළිය පැත්තේ ඉස්පිරිතාලෙකට මාරු කලා. එයාගේ බබාට මාස 10යි එයාව ට්‍රාන්ස්වර් කරනකොට. එයාගේ මනුස්සයයි, එයයි පුදුම දුකක් විඳින්නේ. එයාගේ මහත්තයයි බබයි කොළඹ ඉන්නේ. හැම සති අන්තෙම ඒ දෙන්නා යනවා අම්මව බලන්න නුවර එළියේ. මාරුව හදා ගන්න කොච්චර ට්‍රයි කලත් තාම බැරි උනා ඒක කර ගන්න. :(
හලේ මම ආණ්ඩුවේ සේවකයන්ගේ මාරුවීම් හදන හැටි නොකියා ඉන්නම්. ඒවා ලිව්වොත් මගේ මාරුවීමටත් කණ කොක්ස් තමා. මම මේ තාම වැඩිය ගානක් නැතුව ඉන්නේ කොයි ලෝකේ යන්න වෙයිද දන්නේ නැති නිසා බැන්දට පස්සේ. දැන් ට්‍රාන්ස්වර් හදන්න දගලනවට වඩා මනුස්සයා කොහෙද කියලා බලලා ඒ පැත්තටම යන එක හොදයි කියලා හිතෙනවා. නැත්නම් මම ගෙදර කිට්ටුව නුවරට ට්‍රාන්ස්ෆර් වෙලා මහත්තයා ගේ ගෙවල් හරි වැඩ කරන දිහා හරි ගාල්ලේ කොළඹ ගම්පහ වගේ වුණොත් වස තමා කන්න වෙන්නේ.
ReplyDeleteසංජු: ඔයා කියපු ටීචට අත් වින්දින්න උනු දෙ මටත් උනා. එහෙම දේවල් කොතනත් වෙන්ව. හරීම වේදනාකාරී දෙයක්, විශේශයෙන්ම මානසිකව. ඕකෙ ගොඩාක් පෑති තියෙනව,මේ වසර විසි ගන්නනක ජීවිතේ මම ලබපු බයානකම අත්දැකීම, මට දරාගන්න කොහෙත්ම බෑ.
ReplyDeleteමේ ගැන මගේ අලුත් පොස්ට් එකක් තියෙනව, කැමති නම් බලන්න.
http://kolaputha.blogspot.com/2011/03/blog-post.html