කේ.බී. අත්තා
කේ.බී අත්තා යනු තවත් හොඳම එක්කෙනෙකි. හේ කලින් කතාවක මල්ලිකලා අත්තම්මාගේ හබී ය.
කේබී අත්තා ඉස්සර හිටම වැඩි කතා බහක් නැත. හැබැයි කොයි වෙලාවෙත් සිටින්නේ අනුමත වීය. අනුමත වීමට අමතරව ඔහුව ගෝල්ඩ්ලිෆ් කොම්පැණියේ සන්නාම තානාපති කෙනෙකු වශයෙන් පත් කිරීමේ හැකියාවද තිබේ.
කේබී අත්තා ගෝල්ඩ්ලිෆ් ඇරෙන්නට වෙන කිසිම වර්ගයක් නොබොයි. දැනට වයස 83ක් වුනත් අදටත් හේ හොයන්නේ ඔරිජිනල් පැකට්ටුවේ එන ගෝල්ඩ්ලිෆ් ය. ඇවිදින්නට ඉතා අමාරු කේබී අත්තාට ගෝල්ඩ්ලිෆ් ගේන්නට වෙන්නේ ගංගා පුන්චීට හෝ කේබී අත්තාගේ මුණුබුරන් දෙදෙනාටය. ඒවා මිලදී ගන්නට ඔහුට හුරු තැන් විය. එතැනින් ඇරෙන්නට වෙන තැනකින් ගෙනාවොත් ගෙනා මිනිහා සුං ය.
දිනක් කේබී අත්තා පරළ වී ගංගා පුංචීට බැන වදියි.
“මොනාද මේ ජරා සිගරට්. ඒවා පෙට්ටියේ තිබ්බට හොද ඒවා නෙවෙයි. වෙනදා කඩෙන් නෙවෙයි ද ගත්තේ?”
“ඒ කඩෙන් තමා අප්පච්චී.”
“ඉතින් බැලුවෙ නැත්තෙ ඇයි? මේවා ඔරිජිනල් ගෝල්ඩ්ලිෆ් නෙවෙයි නේ”
ගංගා පුංචී ට යකා නැංගේ ය.
“ඉතින් අප්පච්චි කියන්නේ මට ගන්න කලින් කඩේදි සිගරට් එකක් බීල බලන්න කියලද?”
එනපොට හොද නැති බව දුටු කේබී අත්තා වාස්පශීලි විය.
කේබී අත්තා අපේ අභීත අයියා, මරණෙ අයියලාගේ ලොකු අප්පච්චී ලෙස හැදින්වූවොත් එහි වරදක් නැත. ඒ කේබී අත්තා යනු අනුමත වීමේදී අනිවාර්යෙන් මේ සියළු දෙනා පරදවන බැවිනි. මේ අවුරුද්දේ බැරි බැරි ගාතේ ෆුඩ්සිටියට ගොස් ගෙනා අරක්කු බෝතල් දෙක ඉවර වූ පසු හේ තම මුණුබුරා වන අමිල අයියාට කිව්වේ තවත් බෝතල් දෙකක් ගෙන එන ලෙසයි.
“පුතේ වෙන කොහෙන්වත් ගේන්න එපා රෝයල් මෝල් එකෙන් හරි ෆුඩ්සිටියෙන් හරි අරන් වරෙන්”
අමිල අය්යා කේක්බී අත්තාගෙන් සල්ලිද ඉල්ලගෙන රෝයල්මෝල් එකෙන් බෝතල් දෙකක් මිලදී ගෙන ඇත. මේ අවුරුදු දවස් නිසාද අමිල අයියාට යාලුවන් කිහිප දෙනෙක් මුණ ගැසීම නිසාද අතරමගදීම එක් බෝතලයක් පාරිභෝජනය වී අවසන් විය. බෝතල් දෙකක් නැතුව ගෙදර ගියහොත් අත්තාගෙන් පයින් පාරය. ඇමිල අයියා කලේ වැලිගල්ලේ බාර් එකෙන් කලින් බෝතලයට සමාන බෝතලයක් රැගෙන ඒමයි.
දින දෙකක් පමණ ගත විය. කේබී අත්තා අමිල අයියාව ඇමතීය.
“පුතේ අර බෝතල් දෙනෙක් එකක් රෝයල්මෝල් එකේ තමා. හැබැයි අනික නම් අනිවාර්යෙන් වැලිගල්ලෙ එකක්”
අමිල අයියාගේ ඇස් උඩ ඉන්දවිය. බෝතල් දෙක වෙනස සොයා ගැනීමට බැරි තරම් සමානය. ඉතින් කේබී අත්තා වෙනස හදුනා ගත්තේ කෙසේද?
“පිස්සුද අත්තා? දෙකම රෝයල් මෝල් එකේ තමා”
කේබී අත්තා ලාවට හිනාවක් දැම්මේය.
“අනේ බන් කොල්ලෝ උඹලා ඊයේ පෙරේදා බොන්න පටන් ගෙන මට බොරු කියන්න එනවද? මම දන්නෙ නැද්ද වැලිගල්ල බාර් එකේ කලවන් රහ!”
අමිල අයියාට හිතුණ දේ දන්නේ ඔහුම පමණි.
වයසට යාම නිසා කේබී අත්තාද දැන් පොඩි ළමයෙක් වාගේය. නිතරම මල්ලිකලා අත්තම්මා සමග ඔරොප්පුවෙන් ය. උදේ පටන්ගෙන හවස්වන තුරු වලි ය. ඒවාත් මේ සංසාරේ නැති පිස්සු වලි ය.
ඔන්න හොදම වලිය යන්නේ තේ හදන්න ගිය විටය. කේබී අත්තාට සීනි බෝතලයට එක හැන්දක් අවශ්‍ය වේ. කිරිපිටි බෝතලයට තව හැන්දක් අවශ්‍ය වේ. තේ කොල එකට තව වෙනම හැන්දකි. තේ දිය කරන්න තව එක හැන්දකි. මේ හැදි හතරෙන් එකක් වත් තේ සෑදීමට පෙර බෝතල් ඇතුලේ තැබීම තහනම් ය. ඒවා තිබිය යුත්තේ එලියේය. තේ සෑදීමට පෙර හැදි හතරම සෝදා රෙදි කැබැල්ලකින් පිස දැමිය යුතුය. පිටි හැන්දෙන් සීනි ගැනීම සපූරා තහනම් ය. තේ සෑදීමෙන් පසුවද හැදි හතර සෝදා රෙදි කැබැල්ලෙන් පිස දැමිය යුතුය.
මේ සියල්ල සිදු කරන තුරු ඇසි පිහ නොගහා බලා සිටීම කේබී අත්තා අනිවාර්යයෙන් කරන දෙයකි. වැරදිලා හෝ එක පියවරක් මග ඇරුනොත් තේ හැදූ කෙනාට කුණු බැනුම් ය. ඉතින් මේ විගඩම නටන්නට ගොස් මල්ලිකලා අත්තම්මාගේ මල පන්නවා ගන්නා කේබී අත්තාට සිදු වන්නේ තේ නැතිව වේලීමටයි. පසුව ඉතින් හබියා පව් යැයි සිතා මල්ලිකලා අත්තම්මාගෙන් තේ එකක් ලැබෙන වෙලාවල්ද එමටය.
ඊගාව වලිය තේ සාදන්නට හෝ බොන්නට වතුර උණු කරන්න යන විට ය. වතුර උණු කල යුත්තේ කේබී අත්තාට අවශ්‍ය තරමට ය. ඔහු ලිප නිවන්න කීවොත් නිවිය යුතුය. නැත්නම් තිබෙන්නට හැරිය යුතුය. බොහෝ විට ඔහු වතුර වැඩි වෙලාවක් නටවන්නට නොදේ. මේ ගැන ප්‍රශ්නයක් ඇති වූ අපේ ගංගා පුංචී දිනක් කේබී අත්තාගෙන් මේ ගැන ඇසුවාය.
“අප්පච්චි මොකද මේ අම්මට වද දෙන්නේ වතුර නටවන්න නොදී?”
කේබී අත්තාගේ පිලිතුර:
“බොලන් ඕනෙවට වඩා රත්කරලා නැටෙව්වම වතුර මැරෙනවා. ඒකයි.”
කේබී අත්තා මල්ලිකලා අත්තම්මා සමග ඊගාව වලිය දා ගන්නේ රේඩියෝ එකටයි. වාරිමාර්ග ඉංජීනේරුවෙකු වූ මල්ලිකලා අත්තම්මාගේ එකම පුතා තරුන වියේදීම කොටි විසින් මරා දැමුණු පසු ඕ බොහෝ ආගම දහමට නැඹුරු වූවාය. ඒ නිසා ඇය නිතරම රේඩියෝවේ පිරිත් මහ හයියෙන් කන පැලෙන්න දමයි. ඇය ඒ ගැන කියන්නෙ…..
“පුතේ පිරිත් හයියේන් දාන්ට ඕනෑ. එතකොට තමා ගෙදර බිච්චි වලට ගඩොල් වලට පිරිත කා වැදිලා සෙතක් සාන්තියක් වෙන්නෙ ඕං”
මල්ලිකලා අත්තම්මා පිරිත් දැමා ගිය පසු රේඩියෝව කරකවන කේබී අත්තා ඉරාජ්ගේ හෝ සින්දුවක් කණ පැලෙන් ගානට දමා යයි. මල්ලිකලා අත්තම්ම බැන වදිමින් නැවත රේඩියෝව කරකවයි. බී කේඅත්තා නැවත කරකවයි. දැන් ඉතින් ගේ දෙක වෙන්න වලි ය.
මේ වලිය බේරන්න බැරි තැන ගංගා පුංචී තව රේඩියෝවක් ගෙනැවිත් කේබී අත්තාට දුන්නාය. ඉන්පසුවවත් මේ දෙන්නාගේ වලිය අවසන් වේයැයි සැවොම සිතූහ. එහෙත් සිදු වූයේ වෙනත් දෙයකි.
මල්ලිකලා අත්තම්මා කණ පැලෙන්න රේඩියෝවේ පිරිත් දමයි. විනාඩියකින් කේබී අත්තා ඔහුගේ රේඩියෝවේ සින්දු කණ පැලෙන්න දමයි. මල්ලිකලා අත්තම්මා රේඩියෝව වැඩි කරයි. කේබී අත්තා ඊට වඩා වැඩි කරයි. දෙන්නා තරගයට රේඩියෝ වැඩි කරයි. දැන් රේඩියෝ දෙකම උපරිම සද්දෙනි. ඒ අස්සේ ගෙදර සිටින මගේ නෑනා මස්සිනාලා ටීවී එකද දමා ගනියි. ඒ රේඩියෝ දෙකම පරයන ශබ්දයෙනි.
ගංගා පුචී ගෙදර එන්නේ මේ වෙලාවට ය.ං
“මොකක්ද මේ? ගෙදරක් ද සයිවර් කඩයක් ද?”
කොච්චර කොහොම වුනත් මේගොල්ලෝ දැන් මහළුම මහළු වයසේය. ඒ අය නැති දවසක අපිට හිනා වෙන්න මේ කතාවත් ඉතුරු වනු ඇත. නමුත් දැන් දැන් කරන වැඩ ද ඉතා ජොලිය. ඒ නිසා අපි හැමෝම ජේබී අත්තාටත් මල්ලිකලා අත්තම්මාටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.
ප.ලි. මේ කතා ඇහුවට පස්සේ මම අපේ අම්මිට කිව්වේ එක දෙයයි.
“ඔන්න අම්මී මල්ලිගේ නෝනා එක්ක මට පෙන්නන රැස් දාල මෙහෙම වලි දාගෙන මට එහෙම කෝල් කරන්න එපා ලේලි රණ්ඩු වෙනවා කියලා. මම නම් හතර මායිමේ පස් පාගන්නේ නෑ ඕවා බේරන්න.”
ප.ප.ලි.ඔය කිව්වට එතකොට අම්මනෙ කියලා මමත් රණ්ඩු බේරන්න යයිද දන්නේ නෑ.
ප.ප.ප.ලි. මම ගියා කියන්නේ එතන වලිය බේරිල්ල කෙසේ වෙතත් ඩබල් වෙන එක බව දන්නෝ දනිති. (කවුරු හෝ අපේ අම්මා ඇඩෙව්වොත් ඒ උගේ අවසානයයි.)
ආනේ මම අදනේ දන්නේ වතුර වලට පන තියෙනවා කියලා. මමත් උණු කරනවා නටලා නටලා පන යනකල්.
ReplyDelete(මේ මම වැරදි දෙයක් කිව්වේ එහෙම නෑ නේද? අමේමෝ ගුටි කන්න නම් මට බැරියෝ )
ඉගෙන ගන්න වතුර වැඩිය නටවන්න හොඳ නෑ මැරෙනව
Deleteතේ එක රස වෙන්න නම් යම් තරමක වාතය ප්‍රමාණයක් ජලයේ දියවී තිබිය යුතුය.
Deleteකිව යුත්තේ අත්තා එල කොල්ලෙක් බවය. කරුමෙට මගේ අත්තලා දෙන්නම මට නොතේරෙන අවදියේදීම වැලිගම් යාමය.
ආදර්ශ කීපයක් ගත හැකි මරු කතාවකි...
ReplyDeleteඅපේ ඔයාල නම් මහ නරකයි
Deleteයකෝ . . ලබන්න පිං කරන්න ඕනෙ සීයෙක්නෙ . . . ආන්න සීයලා
ReplyDeleteඔයාට නම් හොඳයි
Deleteකතාවෙන් ගතහැකි ආදර්ශ-
ReplyDelete1 වයස 83කුත් වෙලානං තාමත් අරක්කු සිගරට් පාවිච්චි කරයිනම් ඕව හානිදායක යයි කියන්නේ බොරු වියයුතුය.
2 ඔරිජිනල් බඩුවලින් අනුමතවීම දිර්ඝායුශ ලැබීමට හේතුවේ.
3 වැඩියෙන් පාවිච්චි කරන කෙනාට බොරුකල නොහැක.
4 එක් එක් කාර්යන් සදහා එක් එක් හැදි භාවිතා කලයුතුය.
5 ඕනෑවට වඩා රත්කර වතුර නැටව්වීම නොකල යුතුය.
කොහොම උනත් කේ.බී අත්තාට දීර්ඝායු වේවා!
මාත් ඒ කතාවට එකඟයි
Deleteඅනේ නොදකින් ඔන්න ගත්ත ආදුරුස!!!
Deleteයකෝ ඒ සීයත් එක්ක බැලුවාම මරේලව අහලකින්වත් තියන්න බෑ! :D
ReplyDeleteඔව් අප්පා ඇත්තටම මරේල තාම ලදරුවෝ
Deleteහිකිස්! පට්ට!
ReplyDeleteහික් හික් දකිනකොටත් මතක් වෙනව මේ කතා පව් ඉතින්
Deleteමේකිත් බීලද කොහෙද ලියලා තියෙන්නේ... පටන් ගද්දි කේබී අත්තා.... ඉවර වෙද්දි ජේබී අත්තා....
ReplyDeleteඅනික ඉතින් සංජුත් ඔය පරපුරේමනේ....
හික් හික් අන්තිමට තියෙන්නෙ ඇත්ත නම. පරපුරේ නම වෙන කවුරු තියන්නද අයියා අපි ඇර!!!!
Deleteඔන්න අද සංජු ගෙ බ්ලොග් එකේ සේරම කියවලා ඉවර කළා...
ReplyDeleteසඳරු මල්ලිගෙ අලුත් පෝස්ට් එකක් තියනවා ද බැලුවා ට පස්සෙ සංජුගෙ සලාදෙ දිහාත් අනිවා බලන්න පුරුදු වෙලා දැන් මම... ලියන විදිය ඒ තරමට ෆිට්, (අනිත් එක ඉස්කෝල කතා වලට ආසයි, අම්මාගෙ අප්පච්චිගෙ ඉස්කෝල ඕපාදූප වලට පුරුදු වෙලාම නිසා)
තැන්කූ සිදූ... අප්පා මම ඔන්න උඩ ගියා සෑහෙන්න ඒක අහල. අප්‍රමාණ සන්තෝසයි
Deleteඋඩ ගියා ??? මම ඔය කතාව කලින් කොහෙදි හරි අහල තියනවනෙ ???? කොහෙදිද ???
Deleteආ හරි හරි . . ගමරාල දිව්‍යෙලෝකෙ ගිය කතාවෙ
ඒ කියන්නෙ සංජු අපේ අසල්වැසියෙක්නෙව.. අහලපහල වැදගත් තැන් කීපයක්ම නම්කරලා තියෙන්නෙ..
ReplyDeleteඈ ඇත්තද? කොයි කිට්ටුවද ඉන්නෙ?
Deleteඑක නෙව.. මමත් ගෙලිඔයේ.. සංජු එහෙනම් අහල පහළනේ..
Deleteහයියෝ සංසාරෙ.... අපේ අල්ලපු ගෙදරද ක්සැන්ඩර් ඉන්නෙ?
Deleteඒ කියන්නේ ඔයා කොයි හරියේද?
Deleteඅම්මෝ සැර...
ReplyDeleteඅපි සැරයි
Deleteකවුරු හෝ අපේ අම්මා ඇඩෙව්වොත් ඒ උගේ අවසානයයි
ReplyDeleteමමත් එසේම තමයි :)
ළමයි කවුරුත් එහෙම තමා
Deleteඑතකොට ඔහෙලා කොච්චර විතර අම්ම අඬවලා තියනවද
Deleteවයසට යනකොට මිනිස්සු ඔහොමයි.. කිසිදේකින් සැහීමකට පත් වෙන්නේ නැහැ
ReplyDeleteඅදමයි මේ බ්ලොග් එකට ආවේ කියවන්න වගේම හිනා වෙන්නත් පුළුවන්
ස්තූතියි ආවට. ඔව් ඒක ඇත්ත වයසට යනකොට ආපහු පොඩි ළමයි වගේ වෙනව
Deleteසංජු අක්කා ඔයා කේබී අත්තව අවුරුදු උත්සවේට අපේ මේ බ්ලොග් යාලුවන්ට සෙට් කරන්න තියෙන්නේ.ඔය කේබී අත්තගේ වර්ගයෙම තමා අපේ සීයත්, ඔපරේශන් දෙකක් කලා,ආහාර ජීර්න පද්ධතියෙන් තව පොඩ්ඩයි ඉතුරු,අන්තිමට ඔපරේශන් කරනා ගෙදර එද්දී ඩොක්ගෙන් අහපු එකම දේ දොස්තර මහත්තයා මම බිව්වට කමක් නෑ නේද කියලා,,, ඔය වගේම මොන බාර් එකෙන් ගෙනාපු අරක්කුද කියලා අපූරුවට කියනවා
ReplyDeleteපළපුරුද්ද හලෝ පළපුරුද්ද
Deleteහපෝ අද ඉඳලා වතුර වැඩිය නටවන්න හොඳ නැහැ...මේ වගේ සියා කෙනෙක් ඉන්නවනම් හරි සෝක් නේ..
ReplyDeleteඔව් අනේ ඉගෙන ගන්න. (ඕක අහපු වෙලාවෙ මම පාරෙ ඉඳගෙන හිනා උනා)
Delete//ප.ප.ප.ලි. මම ගියා කියන්නේ එතන වලිය බේරිල්ල කෙසේ වෙතත් ඩබල් වෙන එක බව දන්නෝ දනිති. (කවුරු හෝ අපේ අම්මා ඇඩෙව්වොත් ඒ උගේ අවසානයයි.)//
ReplyDeleteපොඩ්ඩි කැමතිම මේ ටිකට. :D
හිහිහි මම මේ අහල පහල හිටපු පලාත් සභා මන්තිරී කෙනෙකුටත් හොඳවයින් අමතල තියෙනව අපේ බලු කුක්කව ගෙනියන්න හදද්දි අපේ අම්මා අඬලා. (බලු කුක්කා ගෙනියපු එකමත් නෙවෙයි හේතුව මට ඌට බැන ගන්න වෙන උවමනා දෙක තුනකුත් තිබ්බා. ඔක්කොම එකතු කරලා දුන්න)
Deleteඅප්පා... නියම සීයෙක්නෙ. රස ආකරයක් වගේ නෙ.
ReplyDeleteඅපේ අම්මගෙ සීයත් අවුරුදු 98ක් ආයු වැලදුවා.බීපු නැති දවසක් නෑ..:D
අන්න එක කාලෙ යාළුවො වෙන්න ඇති :)
Deleteඅයි එහෙනම් ඔහෙලා අපිට බොන්න එපා කියන්නේ
Deleteආන්න ආදරුසෙට ගන්ඩ ඕනි සීයලා... අබීතලා මරනෙලා හිටිය වැඩක් තියේයැ ? :DD
ReplyDeleteහැරෙන්නවත් බෑ නැද්ද වෙනී අයියා????
Deleteඇත්තටම සංජු මන් මුන් දෙන්නවම අදහා ගෙන හිටිය එක ගැන මටම විලි ලැජ්ජාබරයි දැන්නම්.. :DD
Deleteහිකිස් මරු සීයලා....
ReplyDeleteඅන්න සීයලා
Deleteඅලේ සංජුවා අක්කේ එදා කියෙව්වට අදයි ආවේ කමෙන්ට් කරන්න..
ReplyDeleteමේ අත්තා මාර රොක්ස්ටාර් කෙනෙක්නේ අලෝ...
අපෙත් ඉන්නවා ගම්පල අත්තායි අත්තම්මායි දෙන්නෙක්.. එයාලාත් මේකේ තනිකර බිලුප්රින්ට් එක..
හැබැයි ඉතින් ඒ අත්තා බොන්නේ ලොකල් ඩ්‍රින්ක්ස්...
හවසට කොච්චර උනත් අත්තම්මාව වඩේ පාර්සලයක් හරි කඩල පාර්සලයක් හරි ලැබෙනවාමයි.
අලේ අපේ අත්තම්මට එහෙම සැප නැති නිසානෙ එය ගේම ඉල්ලන්නෙ අත්තගෙන්
Deleteඅත්තා නම් රාජකීය බඩුවක් නේ? සියලු බොන එවුන් ආදුරුසේට අරන් අදහන්න වටින කෙනෙක්නෙ..
ReplyDeleteඉන්නෙ ගෙලිඔය නම් ඉතින් අපේ අත්තා මීට් වෙන එක සිම්පල්
Deleteඔව් වොව් මේ පාර අවාම මං හොයන්න ඕනේ කවුද කියල ඔයාගේ අත්තා..
Deleteඅනේ...ශෝක් අපෙ අත්තම්මයි-අත්තයි නොවැ...ජොලියට ඇති..:D
ReplyDeleteහොද කතාවක් අදර්ශ කිහිපයක් ගත හැක.
ReplyDeleteමෙහෙම සීයලා වැඩි වැඩියෙන් ලැබේවා!!
ReplyDeleteමරු මරු
ReplyDelete