බිංදුව සොයා යෑම....!

බිංදුව යනු මම පාසැල් ජීවිතයේ කිසි දිනෙක නොලද දෙයකි. දන්නා නැටුම නොකර බටහිර සංගීතය කිරීමට ගොස් වරිගෙ නසා ගැනීමට ක්‍රියාකළනිසා බිංදුවට් ආසන්න එකොළහ ප්‍රගති වාර්තා පොතේ සටහන් කර ගැනීමට මට වරක් හැකිවිය. බිංදුවට ඇති බිය නිසාම පරාණ බය පසෙක තබා විදුහල්පතිතුමිය හමුවේ කන්කෙන්දිරි ගෑමේ ප්‍රථිඵලයක් ලෙසමට නැවත නැටුම් පන්තියට යා හැකි විය. ඒ බිංදුවට ඇති අසීමිත බිය නිසාය. දෙවන බින්දුව මා ලැබුවේ නැවතත් වරිගෙ නසා ගැනිමට ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂන ආයතනයට ඇතුලත් වූ පසුය. වාණිජ්‍ය විෂය උසස් පෙළට හදාරා වසර ගනනාවකට පසු තොරතුරු තාක්ෂණය කිරීමට ගොස් මා ඇණ ගත්තේ ගණිතය විෂය මට වහ කදුරු මෙන් වූ නිසාය. බලතල සහිතව බිංදුව භාවිතා කිරීමට මට රස්සාව ලැබුනු පසු හැකි විය. ( ඒ කතා පසුවට ) ඉන්පසු මම බොහෝ බිංදු දුටුවෙමි. මගේ බැංකු පොතේශේෂය බොහෝ විට බිංදුවට සමාන වේ. පසුම්බිය ද දිග ඇරියාට වැඩක් නැත. සමහර මාසවල අපේ අම්මාත් තාත්තාත් මා සමගම බිංදුවට වැටේ. එවිට අපි රන් කරන්නේ මගේ හිගන පඩිය මෙන් තුන් ගුණයක වැටුපක් ලබා ගන්නා මල්ලීගේ පිහිටෙනි.අපි තිදෙනාටම නැතිඋගේ ලෝබ ගතිය නිසා බිංදුවට වැටීමේ අවදානම නොමැති එකම පොර අපේ මල්ලී ය. නමුත් මෙ සියලු බිංදු වලට පරාද වන බිංදුවක් මට ඊයේ පෙරේදා හමු විය. මේ බිංදුව නිසා මට මගෙ නම ලිවීමට නොහැකි විය. මා ජීවත් වන රටේ නම ලිවීමට නොහැකි විය. මේ බිංදුව නිසා මට සිංහල යුනිකෝඩ් ඩ එපාම වී තිබිණ. ගිනි නරියා ගේ 3.5 බා ගත් පසු මට බිංදුව සෙවීමේ උණක් ඇති විය. ශාකුන්තල ගේ ද, ධනුක ගේ ද, ඪීප්ස් ගේ ද බ්ලොග් පීරා යන්තම් යුනිකෝඩ් ගයිඩ් එක සොයා ගන්නා විට වෙලාව පාන්දර 3 ය. ඒ වෙලාවට බිංදු තබා අලියෙක් වත් සෙවීමට මට හැකි නොවීය. පුසෙකු සේ නැවත මූණු පොතින් ඩීප්ස් ගෙ පිටුවට ගොස් උදව් ඉල්ලා සිටියෙමි. උදේ මම එන්නටත් කලින් ම ඩීප්ස් මට ලින්ක් ගනනාවක් එවා ලියන හැටි ද විස්තර කර දුන්නාය. ඩීප්ස් ගේ පිහිටෙන් මම අවසානයේ දී බිංදුව සොයා ගතිමි.

Comments

  1. බිංදුව පුදුමාකාරය,
    බිංදුවක් එකතු කලාට වෙනසක් නැත.
    බිංදුවක් අඩු කලාට වෙනසක් නැත.
    බිංදුවෙන් වැඩි කලොත් බිංදුව වන්නේය.
    බිංදුවෙන් බෙදුවොත් අනංතය වන්නේය.
    බිංදු වෙනි බලය සෑමවිටම 1ට සමාන වන්නේය.

    කෙසේ වෙතත් බිංදුව බිංදුවමය
    / නිශාන්ත...

    ReplyDelete
  2. if u like pls remove word verification.

    /nishantha

    ReplyDelete
  3. දැන් නෙව මේක දැක්කේ අක්කේ....බ්ලොග් එක නම් නියමයි....විබාගේ ලග වුනාට ඔක්කොම කියෙව්වා :P

    ReplyDelete
  4. deeps : තැන්කූ... නගා පාඩම් කරලා විබාගේ ඉවර වෙලා ඔයාගේ බ්ලොගෙත් ආපහු ලියන්න පටන් ගන්න

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම