සදමාලි කෑල්ල



මම රස්සාව  කරන්නේ බෝඩිමක නවාතැන් ගෙනය. අපේ බෝඩිමේ මා හැරුණු කොට තවත් ටීචලා 4ක් සිටි අතර මංගල කාරණා සඵල වීම නිසා ඉන් 2ක් ද ස්ථාන මාරු කාරණා සඵල වීම නිසා තවත් 2ක් ද සංජු ටීච තනිකර ගියහ. දැන් බෝඩිමේ සිටින්නේ මම පමණි.

අපේ බෝඩිමේ ගෙදර මම ඇරුනු කොට තව 4ක් වෙසෙති. අපේ බෝඩිමේ අක්කා මගේ අක්කා මෙන් ආදරයෙන් අදටත් මට සලකන අතිශය විරල හොද ගුණාංගයන් ගෙන් හෙබි කාන්තාවකි. ඇයගේ සැමියා ද පොලිස් නිලධාරියෙක් වන නමුත් ඔහුද අක්කාටම ගැලපෙන අපූරු සොදුරු මිනිසෙකි. මගේ යහලුවන් මා හැර ගිය පසු මගේ දෙවනි මව් හා පියා වෙමින් ආදරයෙන් මට සලකන ඔවුන් දෙදෙනා නිසා මම අදටත් එහි වාසය කරමි. ඔවුන් ගේ පවුලේ සාමාජිකයෙක් සේ සිටින්නටත් සැලකුම් ලබන්නටත් සැබවින් ම මම බොහෝ පින් කර ඇත.

අයියා හා අක්කා මගේ දෙවැනි මවුන් හා පියා වන විට මට ඒ ගෙදර සහෝදරයෝ දෙදෙනෙක් ද සිටිති. ලොක්කා 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශාන් වන අතර පොඩ්ඩා 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දිලූ ය. (කොල්ලෝ දෙන්නා මේක දැක්කොත් කවදා හරි අදුන ගන්න මම ඔන්න උන් දෙන්නාගේ ඇත්ත නම් ම දැම්මා)

මුන් දෙන්නාටම මම මුල් දින වල ටීච ය. අදටත් මම උන් දෙන්නාට ටීච ය. නමුත් අක්කා කොල්ලෝ දෙන්නා හා වලි දා ගැනීමත් ඒවාට මා හොට දමා ඒවා විසදීමත් නිසා අක්කා මෙන්ම කොල්ලෝ දෙන්නා ද මා සමග බොහෝ සමීප විය. දිලූ යනු අම්මාගේ ආදරණීය සුරතලාය. ඉන් රිදෙන්නේ ශාන් ට ය. එක් දිනක් වලි දමා ගෙන ශාන් ද අක්කා ද අඩති. මම ද මැද්දට පැන්නෙමි. ඒ අක්කාට බනින විට කොයි එකා වුනත් මට අසා සිටීමට බැරි බැවිනි. ටික වෙලාවකින් ශාන් ද අක්කා ද මම ද 3 දෙනාම අඩති. එදා අක්කාව එතනින් යවා ගත් මම ශාන් ගේ හිස අත ගාමින් ඔහුට සවන් දුනිමි. අපි දෙන්නාම ඇඩුවෙමු. නමුත් ඒ කදුලු අපේ ප්‍රශ්නය විසදුවා පමණක් නොව අපව තවත් සමීප කලේය. ශාන් යනු අතිශය බුද්ධිමත් කොලුවෙකි. කවදා හෝ අක්කලා ගේ ගැලවුම්කරු ඔහුය. දිලූ යනු සුරතල් කුක්කා වන අතර සෑහෙන ටියුබ් ලයිට් එකකි. නමුත් මම ඔවුන් දෙදෙනාට මගේ සහෝදරයන් හා සමානව ආදරය කරමි. විශේෂයෙන් ලොක්කා වන ශාන් මා සමග බොහෝ එකතුය. එසේ මා හා සමීප වෙන්නට එදා රණ්ඩුව ද බලපෑවේ ය.

ශාන් කෙල්ලෙකුට ලයින් දැම්මොත් එය මට ඉක්මනින් ආරංචි වෙයි. කෙල්ලන්ට චොකලට් දුන්නොත් එය එයිටත් වඩා ඉක්මනින් මට ආරංචි  වෙයි. ඒ ශාන් ගෙ බැචා ලා මගේ පරණ ගෝලයෝ වන බැවිනි. ඉතින් අක්කා එහෙ මෙහෙ වන තුරු සිට මම ශාන් ව කොටු කර ගනිමි. ශාන් ද ඉතින් බොහෝ විට ඔහුගේ රහස් මට පවසයි. ශාන් පොඩි එකා වුවත් ඔහු පාවිච්චි කරන්නෙ ඇපල් 2G ජංගම දුරකථනයකි. ඔය ඇපල් ගෙඩියේ වැඩ කිඩ අපේ අයියාට හා අක්කාට නොතේරේ. මූ ඒ ජාතියේ 2G ජංගම දුරකථනයක් පාවිච්චි කරන්නේ එහි කෙරුවාව අල්ලා ගැනීමට අයියාට හා අක්කාට මේ ආත්මයට බැරි බව දන්නා නිසාය. ගෙදර තිබෙන ඩයලොග් ටීවී එකේ චැනල් ද හිටි හැටියේ ඇක්ටිවේට් වී ඩිඇක්ටිවේට් වෙයි. ඒවා එසේ සිදුවන බව මා දැන ගන්නේ ඒ මාසයේ බිල ආ විට අක්කා ඩයලොග් කොම්පැනියේ බිල් අංශයට පස් පඩංගුවේ බැන වදින විටය. ඈ සිතන්නේ ඩයලොග් බිල් අංශයේ අය ඇයගේ බිල අඩු වැඩි කරන බවයි. නමුත් එයට වග කිව යුත්තේ මේ හොර කොල්ලෝ දෙන්නා බව අක්කා දන්නේ නැත.

පසුගිය සති දෙක පුරා දිලූ ට අසනීප වී ඔහු සිටියේ ඉස්පිරිතාලයේ ය. දිලූ ගේ අවසාන ලේ පරීක්ශණයේ ප්‍රතිඵල පැමිණි දා ශාන් ලෙඩ විය. මම කෑම කන්නට උඩ ටගිය විට අක්කා මා ඇමතුවාය.

“නංගි ශාන් ටත් උන හැදිලා නෙ”

මම ඔහුගේ කාමරයට කර පොවා බැලුවෙමි. ෂාන් ට සහලෝලා උන ය. හේ තේ ටිකක් බීමද ප්‍රතික්ශේප කරයි. අක්කා බනිමින් තේ පොවා දිලූ ට ඉස්පිරිතාලයෙන් ගෙනා බෙහෙත් වලින් වේලක් ශාන් ට ගිල්ලෙව්වා ය. ෂාන් නිදා ගත්තේ ය.

පසුව දා මම පාසැල් ඇරී ගෙදර එන විට ශාන් සෙටියේ දිගා වී ටී වී බලමින් සිටියේ ය. මම ඔහුගෙ නලලට අත තබා බැලුවෙමි. ‍යන්තම්වත් උන නැත. ෂාන් ද ප්‍රීතියෙන් ඉපිලිමින් කීවේ උන හොද වූ බවය.
 
එවිට අක්කා පැමිණියා ය.

“නංගි දන්නේ නෑ නේ ඊයේ රෑ මෙයා නටපු නාඩගමක්”

“මොකක්ද අක්කා?”

“ඔන්න නංගි ඊයේ රෑ 12 ට විතර මෙයා ගෙ කාමරේට මම ගියා මෙය කෙදිරි ගානවා ඇහිලා. මම ගිහිල්ලා ඇයි පුතා කියලා ඇහුවා”

“ඉතින්?”

“මූ එක පාරට ම කිව්වනේ “අඩෝ මචං සදමාලි කෑල්ල අවිත්” , කියලා”

“හිකිස්”

ෂාන් රතු වී බලා සිටියි.

“ඒත් මට අහුනේ නෑ නංගි  හරියට මම ආයේ ඇහුවා “මොකක්ද කිව්වෙ පුතේ?” කියලා . මේකා ආයෙමත් කිව්වනේ “ආ සදමාලි කෑල්ල” කියල. "

“හිකි හිකි හිකි ඉතින්?”

“මට ශුවර් නැති නිසා මම ආයේ ඇහුවා නංගී. ඒ පාර මෙයා කියනවා “සදමාලි කෑල්ල ඔයා මොකද කරන්නේ ?”  කියලා.”

දැන් මට පණ යන්නට හිනා ය. ෂාන් මල පැන මුහුණ රතු වී රවාගෙන සිටියි.

“අය්යෝ අම්මා ඒ උන විකාරෙන් කිව්ව දේවල් නේ”

“නියම විකාරේ”

“හිකි හිකි හිකි හිකි හිකි හිකි මොනා ද මල්ලි? තව පොඩ්ඩක් උන විකාර වැඩි උනා ම තව මොන මොනවා කියයි ද මන්දා!”

නොදන්නෝ දැන ගනිත්වා! අපේ බෝඩිමේ අක්කගේ නම සදමාලි ය. මූ උන විකාරෙන් සදමාලි කෑල්ල කියා අමතා ඇත්තේ ඔහුගේ අම්මාට ය. හනේ දැන් කාලේ හැදෙන කොල්ලොන්ට අම්ම ද පේන්නේ කෑල්ලක් වගේ ය. ඒ මදිවාට උන විකාරෙන් වුවද සිහියේ තියෙන්නේ කෑලි ගැන ය. මොනවා වුනත් ශාන් ඔයින් ගොස් උන සනීප කර ගැනීම ගැන නම් මට ඇත්තේ අපරිමිත සතුටකි. ඒ ඔහු අසනීප වුනා නම් අක්කා නොහොත් සදමාලි කෑල්ල තවත් අමාරුවක වැටෙන බැවිනි.

Comments

  1. හික්z.........ඒකනම් මරු සීන් එක.ඇති මූ වෙන මොනාවත් කියෙව්වෙ නැතුව.මෑන්ට උන විකාරෙන් කෑල්ලකුයි,අම්මගෙ නමයි ටැපලිලා.....
    ඕව මොනවද ඉස්සර අපේ තාත්ත යාළුවොත් එක්ක කතා කරණ පුරුද්දට off වෙලා ඇවිත් මං එක්ක කතා කරනකොට හිටපු ගමන් මේං මට "මචං" කියනව.අම්මටයි,මටයි මරු ආතල්.

    ReplyDelete
  2. දිනේශ් : හකෝ හකෝ .... මචං පුතා...!

    ReplyDelete
  3. බොඩිම් ජිවිතේත් මරු ආතල්..ඉඳල ඉඳල ගෙදර ගියාම ඒත් මරු ආතල්.එදාට ඉතින් වටලප්පන් ෆ‍්රයිඩ් රයිස් ඔක්කොම පුතා එනකං බලා ඉන්නව.නිතර නිතර ගෙදර ගියොත් නම් වැඩෙ අවුල් වෙනව.

    ReplyDelete
  4. හික් හික්!! මටත් සෙකන්ඩ් ඉයර් ඉන්නකොට කැම්පස් එකේ ඇසිස්ටන්ට් ලෙක්චරර් කෙනෙකුට මචං කියලා කියවුණා

    ReplyDelete
  5. ඇත්තටම ටීච‍්ර ගෙ මේ කතා නැතුව හරි පාළුයි. ශාන් ලා දන්නෙ නැද්ද ඔයා මේ බ්ලොග් එක ලියනවා කියලා... කෝ ස්පෝට්මීට් කතා...

    ReplyDelete
  6. පැන්ඩ්ස් : හැබෑව හැබෑව අපි ඉතින් හැම සති අන්තෙම ගෙදර නොවැ. ඔය සැප නෑ.

    ReplyDelete
  7. ශනිදා වාසනාවයි කිවුවලු....

    ReplyDelete
  8. පූස් මල්ලි : මම නම් ඒ වගේ වෙලාවට හරියට කට පරෙස්සම් කර ගන්නවා. ඒත් ඉතින් පහුගිය තරග දවස් වල නම් සෑහෙන්න වචන ටිකක් පාවිච්චි කලා. චාටර් ම සීන් එක තමා අපේ නිවාසේ එවුන් ලකුණක් ගත්තම මට "එළකිරි එළකිරි" කියලා කෑ ගැස්සෙන එක. මුළු ඉස්කෝලෙටම ඇහෙනවනේ :)

    ReplyDelete
  9. තාරා : නෑ නෑ කොල්ලෝ දන්නේ නෑ. එයාල තාම මේවා වැඩිය අත පත ගාන්න දන්නේ නෑ. අයියා කොල්ලන්ගෙ කොම්පියුටරෙ කීබෝඩ් එකයි මවුස් එකයි තියලා තියෙන්නෙ පොලිසියෙ. නැත්නම් මුන් දෙන්නා පාඩම් කරන්නේ නෑ.

    ReplyDelete
  10. අයියෝ... ශාන්ට නම් චාටර් වැඩක්නෙ වෙලා තියෙන්නේ :D

    ReplyDelete
  11. මාලන් : අක්කා උන්ගේ ඔය කේස් දන්න නිසාම හොදයි. වෙන අම්මා කෙනෙක් නම් මුන් කරන ඒවට හට්ටියෙ දාරෙ බෙල්ලෙ හිටින්න දෙන්නේ

    ReplyDelete
  12. කොට ජීවිතේ : ඔය ගෙදර වෙන චාටර් වලින් වැඩි හරියක් වෙන්නේ දිලූ ට. ශාන් ට වෙනවා අඩුයි.

    සහෝදරී ඒක නෙවෙයි... මේ පට්ට රාත්‍රියේ ඔබතුමී මේ කොම්පීතර දිහා බලාගෙන ඉන්නවට පාසල් අයියා මනාප දැ?

    ReplyDelete
  13. ෆුල් ආතල් "මචෝ" මම බඩ අල්ලන් හිනාවුනා

    ReplyDelete
  14. යන්තර බණ්ඩා : තැන්ක් යූ .....! ඉස්සෙල්ලම නේද කමෙන්ට් කලේ? තැන්ක් යූ තැන්ක් යූ

    ReplyDelete
  15. මට එහා පැත්තෙන් වාඩි වෙලා ඉඳගෙන පාසලුත් කරන්නේ ඒකම තමයි :D

    ReplyDelete
  16. ඔන්න මාත් දැන් තමා ආවේ,ඒත් මෙහෙ නම් තාම වෙලාව 7pm
    පට්ට කතාවක් නොවැ සංජුත් ඉන්නේ
    එල පොට් එකක වගේ,බලාගෙනයි සංජු ටීචර්ටත් කෑල්ල කියන්න
    බැරි නෑ පුතයෝ දෙන්නා...:D (joke)

    ReplyDelete
  17. කොට ජීවිතේ : බොලන් අක්කේ පාසල් අයියාගේ මල්ලිලා එහෙම නැද්ද? ඔය වගේ තමන්ගේ පාඩුවේ වැඩක් කොර ගන්න ඈයෝ????

    ReplyDelete
  18. රවීන් : කියනවත් ඇති....! මම දන්නේ නැද්ද උන් දෙන්නාගේ කටවල්

    ReplyDelete
  19. අක්කේ අනිවා ඕකා ලෙඩ වෙන්න ඇත්තේ සඳමාලි කෑල්ල ගැන හිතලම තමා... අර නිකං සාංකාව වගේ සීන් එකක් තියෙන්නේ...

    ඒක නෙවේ වැඩ ටික නවත්තලා අරක බැළුවනම්...

    ReplyDelete
  20. හික්ස් පිස්සු හැදෙනවනේ
    අනේ මන්දා......
    කොල්ලොනේ කගෙ උනත් දරුවොනේ..........
    මුකුත් කියන්නේ නැ ඕන්

    ReplyDelete
  21. අයියෝ... මල්ලිලා නැහැනේ. :((

    ReplyDelete
  22. ආ... ඊයෙ පාසල් අයියයි කොට අක්කයි දෙන්න බ්ලොග් රාත්‍රියක් පවත්තලා...

    ReplyDelete
  23. දෙයියන්ට ඔප්පු වෙච්චාවේ අම්මාටද කැල්ල කිවේ... හෙහෙ...අම්මා ඔහොම කියපු එක හොදයි ගුටි පුජාවක් නොදි ...

    ReplyDelete
  24. මාළු : බොල මම අරක බැලුවා. අනේද තෝ!!! කමක් නෑ ඉතින් මඩ ස්ප්‍රේ කරන එක ජාතික ක්‍රීඩාවනෙ. ඇත්තමයි බොලන් මඩ වැදුනත් මම තාම මගේ ඉකෝන් එකේ නොම්බරේ බැලුවේ නෑ.

    ReplyDelete
  25. රශෝද් : මගෙ පණ වගේ කොල්ලෝ දෙන්නා... කොහොමද මොකුත් කියන්නෙ?

    ReplyDelete
  26. කොට අක්කා : නැති එකමයි හොද ... පේන්නේ නැද්ද වසංගත..! මඩ ගහනව කෙලවරක් නෑ

    ReplyDelete
  27. මාලන් : ඒ පැත්තේ ගියා ද?

    ReplyDelete
  28. නිම්ශා : අම්මට කෑල්ල කිව්ව නිසා අම්මා හිතා ගන්න ඇති මම තවම කෑල්ල වගෙ කියලා.ඒකයි ඔයින් බේරුනේ. ඕක "හර්ෂනී කෑල්ල" වගේ එහෙම කොල්ලට කිය වුනා නම් කොල්ලගෙ කරුමෙ තමා :)

    ReplyDelete
  29. මේකෙන් පෙන්නේ අම්මලා පුතාල අතර තියෙන සමීප සම්බන්ධය කියලයි මට හිතෙන්නේ. බොරු කියන්නේ මොකටද අපේ අම්මනම් වැඩියෙන්ම ආදරේ මට. පොඩි කාලේ ඉදලම මොකක් හරි ප්‍රශ්නයක් ආවම මං අම්මට තමයි මුලින්ම කියන්නේ. (වැඩියෙන්ම ඉතිං ඔය ලව් කේස් තමයි :D)

    ReplyDelete
  30. ඒ පැත්තෙත් ගියා අපේ පැත්තෙත් දෙන්නම අවිත් තිබ්බ.....

    ReplyDelete
  31. වෙන කෑල්ලක් වෙන්න බැරිද? කොහොම වෙතත් අම්මල බය වෙන්න ඕන ඕක කෑලි පස්සෙ ගියේ නැත්තං තමා, නැද්ද මං අහන්නේ!

    ReplyDelete
  32. බුධා : හී හී හී නෑ නෑ පොරගේ කෑල්ලගේ නම හර්ශනි. සදමාලි කියන්නෙ අම්මගෙ නම.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම