පාද පරි චාරිකාවෝ


අප හැම දෙනාටම පාද පරි චාරිකාවක් ඇත. අඩුම වශයෙන් එකක් වත් ඇත. 

දවස් 3ක් ගෙදරට වී සිට මොලේ කොලොප්පන් වී ඇත් දැයි ඔබට කල්පනා වනු ඇත. මක් නිසාද යත් පාද පරි චාරිකාවක් සිටින්නේ පුරුශයන්ට පමණක් නිසාත් එක් පුරුශයෙකුට සිටින්නේ එක් පාද පරි චාරිකාවක් නිසාත් ය.  

අපේ පාසලේ හිටපු විදුහල්පතිතුමාට පාද පරි චාරිකාවන් තිදෙනෙකු සිටියේ ය. තවමත් සිටියි. පළමුවැනියා ඥාණවතී ය. ඇගේත් අපේ හිටපු විදුහල්පතිතුමාගේ ත් පළමු පත්වීම අප පාසලේමය. එදා පටන් දෙන්නා දෙමහල්ලෝ සතුටින් සැපෙන් වසර 30 කට ආසන්න කාලයක් අප විදුහල දැහැමින් සෙමින් රාජ්‍ය කලෝ ය. ඒ අපේ වර්තමාන විදුහල්පති (උ) තුමා පෙත්සම් ගසා ඔහුව පන්නන තෙක් පමණි. ඉන් පසු ඔවුන් දෙදෙනාම වෙනත් පාසැල් වලට මාරු වූහ. 

ඔහුගේ දෙවන පාද පරි චාරිකා ව නම් සැන්ඩී ය. ඔව් ඔව් ඔබ කියෙව්වා නිවැරදිය. බණ්ඩා විදුහල්පතිතුමා ගේ දෙවන පාද පරි චාරිකාව සැන්ඩි ය. ඇයද දිනපතා ඔහු සමග පාසැලට පැමිණෙන්නීය. ඇය ඔහුගේ පණ වැනිය. ඇයගෙන් තොර ලොවක් ඔහුට නැත. ඔහු යන හැම තැනම ඔහු මේ සැන්ඩි ගෙන යයි.  

ඔහුගේ තුන්වන පාද පරිචාරිකාව නම්  ඩෙකී ය. ඔව් ඔව් හරි ඇහුනා හරි. ඩෙකී අපේ බණ්ඩා විදුහල්පති තුමා වැඩියෙන්ම අකමැති නමුත් වැඩියෙන්ම පරෙස්සම් කරන පාද පරි චාරිකාවය. ඇය අප දක්කිනේ නැති තරම් ය. නමුත් වසරකට වරක් හෝ දෙකක් ඇයව පාසැලට එක්කරගෙන එන්නට බණ්ඩා විදුහල්පති තුමාට සිද්ධ වෙයි. ඒ හැරෙන්නට ඇය වෙන කිසිදු දිනක දකින්නට නොලැබේ. අඩුම ගණනේ ගුරු මණ්ඩලයේ මගුල් ගෙදරකවත් ඇයව එක්කරගෙන නොයයි. මගුල් ගෙවල් වලත් ඔහු යන්නේ සැන්ඩී සමගය.

අර අසරණ මනුස්සයා ට මඩ ගැසුවේ යැයි ඔබ දැන් සිතනු ඇත. ඔව් ඉතින් පොඩි මඩක් නම් තමා. ස්ප්‍රේ කලා පමණි.  

පළමු වෙනි පාද පරි චාරිකාව බණ්ඩා විදුහල්පතිතුමාගේ කසාද බිරිද ය. සැන්ඩී නම් ඔහු දිනපතා දමන සැන්ඩ්ල්ස් කුට්ටම වන අතර ඩෙකී නම් අමාත්‍යංශ අධීක්ෂණ දිනට ඔහු අමාරුවෙන් කකුලේ රුවාගෙන පාත්තයෙකු සේ ඇවිදින ඩෙක් සපත්තු දෙකය.  

මේ මිනිසාගේ සැන්ඩල්ස් නිසා පාසැලේ විනය භාර ගුරුවරු වශයෙන් අපි වැටෙන්නේ මහත් අසීරුතාවලය.  එක දිනක් පාසැලට සැන්ඩල්ස් දමාගෙන පැමිණි කොලුවෙකු මා කන් කෙටියෙන් අල්ලා ගතිමි. 

"කෝ සපත්තු දෙක?"

"ගෙදර ටීච"

"ඇයි ඒක දාගෙන ආවේ නැත්තෙ?"  කොල්ලා ඇඹරේ. 

" ඉතින් ටීච බණ්ඩා සරුත් දාන්නේ මේවනේ. " 

අම්මපා දැන් හැදෙන එවුන් !!!!

"දුවනවා පන්තියට. හෙට එහෙම දාගෙන ආවොත් බලාගමු" 

අනික් එවුන් මූණු හංගාගෙන හිකි හිකි ගාති. අප්පා චොර වුණාට පස්සේ දැනෙන සනීපෙ !

අපේ ඉස්කෝලය පිහිටා ඇත්තේ වර්ශාව බහුලව ලැබෙන ප්‍රදේශයක බැවින් නිතරම කොල්ලන්ගේ හා කෙල්ලන්ගේ සපත්තු වතුරෙන් තෙත් වේ. නැතහොත් ඔවුන් ඒවා නොතෙමා තබා ගැනීමට මෙලෝ ම උත්සහයක් නොදක්වයි. ඉතින් බොහෝ විට කොල්ලෝ ඉස්කෝලයේ එන්නෙ පොල් ගස ලකුණ සෙරෙප්පු දමාගෙන ය. 

" මොකද තමුසෙලා රැලම අද රබර් සෙරෙප්පු දාගෙන? කොහෙ යන්න ද ආවේ?"

"ටීච සපත්තු තෙමිලා නේ. දාන්න බෑ"

"තමුසෙලාට ඒවා ලිප ගාව තියලා වත් වේලා ගන්න කල්පනා වුනේ නැද්ද?"

"තිබ්බා ටීච. ඒත් වේලෙන්නේ නෑ නෙ"

කොල්ලන්ට වරදින්නේ එතැනය. සංජු ටීච ද වතුර පාරවල් දිගේ ගෙදර ඇවිත් ලිප් බොක්කේ සපත්තු දෙක තබා පසුදා පාවිච්චි කොට ඇත. 

"තමුසෙලා හිතාගෙන ඉන්නෙ මම මෝඩයෙක් කියලද? මම ඉස්කෝලේ ගිහින් නෑ කියලද?"

දැන් ඉතින් කොල්ලෝ සෙරෙප්පුවෙන් බිම හාරයි.  

"මට මේක කියනවා. තමුසෙලා ගෙදරදිත් සෙරෙප්පු දාගෙන ද ඉන්නෙ?"

"අපෝ නෑ ටීච ටයිල් පොලවේ සෙරෙප්පු දානවට අම්මලා කැමති නෑ නෙ"  

"ඒ කියන්නේ තමුසෙලා වැසිකිළි යන්නවත් සෙරෙප්පු දාන්නේ නැද්ද ගෙවල් වලදි ටයිල් පෑගෙන නිසා?"

"නෑ ටීච ටොයිලට් යනකොට සෙරෙප්පු දානවා"

 "ඈ බොලව් ..... ** එතකොට මේ වැසිකිළියට දාන සෙරෙප්පු දාගෙන ඉස්කෝලේ එන්නෙ **  හිතාගෙන ඉන්නෙ ඉස්කෝලෙ කියන්නෙ ** වැසිකිළිය කියලද?" 

විනය භාර සර් ගුරුතුමා ගුගුරා හැලෙයි.  කොල්ලෝ ඇඹරී යයි. 

"අන්න ස්ටාෆ් රූම් එක. ගිහින් ඒකෙ මේසෙ යට ට ගලවලා දානව තමුසෙලාගෙ සෙරෙප්පු. ඉස්කෝලෙ ඇරිලා යනකොට මිසක් ආයේ හොයාගෙන එහෙම ආවොත් බලාගෙනයි"

ඔන්න අපේ පාද පරිචාරිකාවන්ගේ වැඩ.  අපේ ලොක්කා ගේ ආදර්ශයෙන් අපට තවමත් හදා ගන්නට බැරිව ඇති ප්‍රශ්නය මෙයයි. අනෙක අතට අසු වන සේ බොරු කීමයි.

Comments

  1. අප්පේ...විනය භාර සර් ලා ඔක්කොමගේම කටවල් ඔහොමද මන්දා අක්කේ..අපේ ස්කෝලෙත් උන්නා චිත්‍රයා කියලා සර් කෙනෙක් කෙලින්ම විනය භාර හැබයි හරි කුකුලා... කෙල්ලොන්ට කොල්ලොන්ට එහෙම මාට්ටු උනොත් ජල්බරියකට කියනවා හරි හරි රසවත් කතා ටිකක්.... :)

    එත් මම මේ බැලුවා ප්‍රින්සිපල් කෙනෙක් වෙලත් ඩෙකි තුනක්ම පාවිච්චි කරනවද කියලා...බල්ද්දි මේ සැන්ඩ්ල් z ලා නේ... නැත්නම් ප්‍රින්සිපල්ට අකුරු වරදින්නේ ඩෙකි මාරු කරලාම තමා..

    ReplyDelete
  2. ඔවා දෙනු පරහට.... කියල ප්‍රස්ථාපිරුළක් තියෙන්නේ
    නේද
    ඒත් අර ඥාණවතී කියන අයත් සෙරෙප්පුවකට සමාන වුනාද
    මන්දා කියලා මට හිතනවා සංජු ...!

    ReplyDelete
  3. අනේ මන්ද..මට කතාව ගැන නෙවෙ මේ බ්ලොග් බැක්ග්‍රවුන්ඩ් එක මාරු කරමුද ? ඒව නිකං රොස මල් නෙවෙ වගේ..ලොකූ අවාට වගේ අපිව ගිල ගන්න ඉන්න,අනික මහ මූසල ලුක් එකක් එන්නෙ..අර සංජු ගේ ඇක්ටිව් ප්ලේෆුල් ෆන් ජොලි ආතල් මරු එළ ස්වීට් චොයි ගතිය ඔක්කොම යනව නිකං පල් වල් චොර ලුක් එකක් එන්නෙ..
    තරහ වෙන්න එපා ඉතින් යටින් යුවර්ස් සින්සියර් පැන්ඩා කියල දාන කොට ඇත්තම කියල යන්න එපැයි.

    ReplyDelete
  4. ආ එයත් ඒ පාර පටන් අරං... මඩ විදිල්ල.. හොඳා හොඳා...

    ReplyDelete
  5. ඉස්සර මට මතකයි කොල්ලො සෙරෙප්පු දාන්න ඕනෙ කමට බොරුවට ප්ලාස්ටර් ගහගෙන එනවා. පස්සෙ පස්සෙ ප්ලාස්ටර් ඇරල බලනවා ඇත්තටම තුවාල වෙලාද කියලා.

    ReplyDelete
  6. "අපෝ නෑ ටීච ටයිල් පොලවේ සෙරෙප්පු දානවට අම්මලා කැමති නෑ නෙ"

    මෙච්චර කල් ලීවෙ ඔය පැත්ත හද්ද පිටිසර, හරි හමං පාරක් නැති, විදුලිය නැති, පොල් අතු සෙවිලි ගෙවග් තියන එකක් වගේනෙ :P. අද මේ වෙන ඉස්කෝලයක්ද?

    ReplyDelete
  7. ඒ උනාට අක්කේ අර අපේ මල්ලිගෙ ජාතියෙ flip flop දාගෙන ආවොතින් කන මිරිකන්න එපා. ඒවා සපත්තු වලටත් වඩා ගනන් නේ... හි හි..

    ReplyDelete
  8. සිකුරාද හවසටම comment එකක් දානවා.මේ දවස් ටිකේ ටීච නෑනෙ ඉතිං ;)

    ReplyDelete
  9. anea daruwanea mama passe mewaata uththara dennam ... me sathiya mama hodatama busy welaa inne colombo wala. comment kalaata thank u honde!!!! Tuesday night meet wemu!!!

    ReplyDelete
  10. සංජු බ්ලොගේ තීම් එක මාරු කරලා මෙලෝ රහක් නැහැ. හරියට කැහි ගෑනි දීල හො‍ටු ගෑනි අරගෙන වගේ.... වෙනද වගේම පට්ට පෝස්ට් එක. මල් හතයි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම