තාත්තාට ප්රශ්නයක්….!

මේ පැටියා කාලේ... මේ සිද්දිය මම ඉතා කුඩා කාලයේදී මාත් අපේ තාත්තාත් අතර සිදු වූවකි. එය අපේ තාත්තාට මතක නැතිව ඇතැයි මම සිතමි. මතක තිබ්බත් හේ එය අමතක ගානට සිටිනු ඇත. ඒ ඒ මොහොතේදී හේ මාරම අමාරුවක වැටුණු බැවිණි. පෙර කතාවක මම කියූ පරිදි අපේ අත්තම්මගේ වැඩ නිසා මට අන් සියළුම ළමයින්ට කලින් කියවීමේ හා ලිවීමේ හැකියාව ලැබිණි. නමුත් ඒ බව අපේ තාත්තා දන්නේ නැත. හේ හැමදාම දුශ්කර පලාත්වල සේවය කර ගෙදර එන්නේ සති අන්තයේ පමණක් නිසාද හේ සිටින විට අපි නැටීම පමණක් කරන නිසාද අපේ තාත්තා අපේ ඉගෙනීම් වැඩ ගැන වැඩිය දැනගෙන සිටියේ නැත. එක දිනක් සති අන්තයේ පුවත් පතක් පෙරලාගෙන අපේ තාත්තා පුටුවක් උඩට වී කියවයි. මම ඒ පුටුව වටා සෙල්ලම් කරමින් සිටියෙමි. මගේ...