අපේ මස්සිනා ගේ ප්‍රශ්නය....!




අපි නිවාඩුවට නැන්දලාගේ ගෙදර ගියෙමු. නැන්දා හා මාමා ට එකම එක පුතෙක් සිටියි. ඒ මගේ ලොකු පොඩි මස්සිනාය. ලොකු නම් මස්සිනාලාගෙන් වැඩිමල්ම එකා ඌ ය. පොඩි නම් මට වඩා වසර 4ක් බාල වීමයි. 

අපේ මස්සිනා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ජොලි පොරකි. කියන වාක්‍යකට දවසක් පමණ හිනා විය හැක. නමුත් පොර දවසකට එවැනි වාක්‍ය එකකට වඩා කියන්නේ ද නැත.  

අද උදේ පොර පත්තරේ බලමින් සිටියේය. අපෙ මලයා මලක් කඩමින් සිටියේය. එක වරම මස්සිනා පොඩ්ඩට අපේ මලයාගෙන් ඇසීමට ප්‍රශ්නයක් මතු වීය.  

"අඩේ බං උඹලගෙ බැංකුවේ පොල් ගන්න ණය දෙන්නේ නැද්ද?"  

උදේ ට කමින් සිටි බත්පත ඉස්මොල්ලේ ගියාට උගේ වරදකුත් නැත. අනේ මන්දා.... අඩනවද??? හිනා වෙනවද????  

ප.ලි. දේශපාලන අරමුණකින් ලියා නැත. 

Comments

  1. ඔය වාගෙ ඩයල් ඉන්නව තමා.එක වදන ඇති දවසටම හිනා වෙන්න.
    ( දේශපාලන අරමුණක් නෑ කිව්වෙ ...බය උනා නේද?:) )

    ReplyDelete
  2. ඔව් අප්පා මම නියමෙට ඉල්ලගෙන කන ජාතියේ...!

    ReplyDelete
  3. හිනාවෙන ගමන් අඬන්ට වෙන කතාවක් තමයි... :)

    ReplyDelete
  4. පුතා හරි පුතා.

    ReplyDelete
  5. අපි මේ හිනාවෙන්නේ අපිටම ද මංදා..!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම