විවාහය දරුවන් හැදීම සහ ගබ්සාව - 1 කොටස



අද නම් ලියන්න හදන්නේ අපේ අම්මා දැක්කොත් ගුටි කන්න වෙන විදියේ ලිපියක්. එයා කියවන්නේ නැති නිසා ඔන්න බය නැතුව ලියනවා. දැන් දැන් වෙන වෙන බ්ලොග් වලත් මේ වගේ ටැබූ මාතෘකා ලියලා අපේ ටැබූ මහත්තයට එයාගේ බ්ලොගේ වහලා දාන්න වෙයි ද මන්ද!

මේක ලියද්දි සංජු ට සෑහෙන්න අසනීපයෙන් ඉන්නෙ. ඔලුව නහය කන උගුර බෙල්ල පපුව බඩ අත පය 4 ආදී එකී මෙකී නොකී සියලුම ශරීරාංග ටික ඇදුම් කනවා. දොස්තර අන්කල් නම් කිව්වෙ වයිරස් කට්ටියක් මගේ සරීරයේ පැලපදියම් වෙන්න හදනවා කියලා. එයා අහපු සියළුම රෝග ලක්ෂන මට තිබ්බා එකක් ඇරෙන්න. “කෑම අරුචිය” අනේ අම්මපා මට වැරදිලාවත් හැදෙන්නේ නැති රෝග ලක්ෂනය තමා ඔය කෑම අරුචිය.

ඔන්න මාතෘකාවෙන් පිට පැන්න. මම ලියන්න හදන්නේ ඔන්න විවාහය දරුවන් හැදීම සහ ගබ්සාව ගැන. මේ සියළුම කරුණු මම අත්දුටු දෙවල්. ජීවිතේ   මොන තරම් වේදනාකාරියි ද කියලා මේවා ඇහුණම හිතා ගන්න පුළුවන්. ඒකයි මම මේ ගැන ටිකක් ලියන්න හිතුවේ.

පළවෙනි මාතෘකාව විවාහය. 20-25 වෙනකල් කෙල්ලක් ඉතින් සතුටින් සැපෙන් ඉන්නව. 25 පහු වෙනකොට මතක් වෙනවා බදින්න ඕනි නේද කියලා. ඉතින් නෑදෑ පරම්පරාවමත් එක්ක ඉරාගෙන මනමාලයෝ හොයනවා. ඒ අස්සේ අර අසරණ කෙල්ලගේ මිතුර මිතුරියන් රංචු පිටින් ආරාධනා පත්‍ර එවද්දී බඩ පපුව පිච්චිලා යන තරම වැඩි වෙනවා. ඕවා මේ කාලෙට සාමාන්‍ය දේවල්. අද මම ලියන්න හදන්නේ මම වැඩ කරපු ගුරු මණ්ඩල කිහිපයේ ගුරුවරියන් කිහිපදෙනෙක් ගැන. ඔන්න වරද්ද ගනන් එපා…. සංජු ටිච හොර්ටන් තැන්න සිංහල මහ විදුහලේ විතරක් නෙවෙයි බස්නාහිර පළතේ පාසැල් 3 ක සහ මධ්‍යම පලාතේ පාසැල් 2 ක වැඩ කරලා තියෙනවා. ඉතින් එතකොට මේ ලියන්නේ කවුරු ගැන ද කියලා හොයන්න මහන්සි ගන්න එක බොරු වැඩක්.

ඔන්න අපේ අක්කා කෙනෙක් හිටියා. එයාට අපි ගීතා කියමුකෝ. මේ ගීතා අක්කා උපාධිධාරිනියක්. හරිම දක්ශ ගුරුවරියක්. ඒ ස්ටාෆ් එකේ ගීතා අක්කාගේ සමකාලින සමවයස් කට්ටිය 4-5 දෙනේක් හිටියා. මෙන්න බොලේ එකපරටම මුන් 3 දෙනෙක් ම  එකපාර කසාද බැන්දා මාස 2ක් ඇතුලත. අපිවත් හිතුවේ නෑ එහෙම වෙයි කියලා. ඒත් හොරෙන් සංවිධානය කරලා එයාල මගුලට සතියක් තියලා තමා අපිට ආරාධනා පත්‍ර බෙදුවේ.

මේ සීන් එක සිද්ධ වෙච්ච විදියට අපේ ගීතා ටීචට හරිම අස්පෙට්. මොකද එහෙම විවාහ වුණ එක සර් කෙනෙක් ගැන එයාගේ හිතේ කැමැත්තක් තිබ්බත් ඒක කියා ගන්න බැරුවයි හිටියේ. ඒ අස්සේ ඒ මනුස්සයාගේ මංගල ආරාධනා පත්‍රය ලැබුණම මොනවා හිතෙන්න ඇත්ද අපේ ගීතා ටීච ට………………………? අන්න හරි… ඔගොල්ලන්ට හිතුණ දේම තමා ඇයට හිතුණේ. “ටූ ලේට්”

ඔන්න අපේ ගීතා ටීචටත් බදින්න හදිස්සි වුණා. ඔන්න එක දවසක් මේ කෙල්ල ඇවිත් කියපි “සංජු ටීච මම ලබන ජූලි වල බදිනවා” අහන්න දෙයක් නෑ නෙ සංජු ටීච සුපුරුදු පරිදි කරකවලා අතහැරිය මට්ටමට වැටුණා. විස්තර අහලා බලනකොට වෙලා තියෙන්නේ මේකයි.

මම කලිනුත් කිව්වනේ ගීතා ටීචගේ යාලුවෝ ටික බැන්දට පස්සේ එයාටත් බදින්න උවමනාව තඩේටම තිබ්බා. ඉතින් මෙයා කැමති වෙලා තියෙන්නේ එයාගෙම යාලුවෙක් ගෙනාව යෝජනාවකට. මනමාල මහත්ත්යාගේ රැකියාව ගොවිතැන. නමුත් මේ මනමාල මහත්මයා බොහොම කඩවසම් ඒ වගේම පොලවේ පය ගහලා ජීවත් වෙන අපූරු ගැමියෙක්. අපූරු මනුස්සයෙක්. පරශ්නය වෙන්නේ අපි වගෙ එවුන් ට ඒ වගේ මිනිස්සුන්ව නොගැලපෙන එකයි.

ඉතින් ඔන්න කොහොමින් කොහොමින් හරි මේ ගීතා ටීච හරිම ඉක්මනට අර මනුස්සය සමග විවාහ වුණා. ඊට පස්සෙ කිහිපවතාවක්ම මට ඒ අයියාවත් ගීතා ටීචවත් මුණ ගැසුනා. කේන්දර නම් දෙය්යනේ කියලා ගැලපුනත් මේ මිනිස්සු දෙන්නාගේ නම් තිබ්බේ පුදුමාකාර නොගැලපීමක්. ගීත ටීච කියන්නේ හරිම සමාජශීලි ඕනි කෙනෙක් එක්ක පැනලා කතා කරන මිතුරු වෙන මිතුරු වෙලා ඉල්ලාගෙන කාලා අමාරුවේ වැටෙන කෙනෙක්. ඒත් මේ ගීතා ටීචගේ මහත්තයා සම්පූර්නයෙන්ම කණපිට. ඔහු බොහොම නිශ්ෂබ්ද උවමනා දේට විතරක් කතා කරන බොහොම නිවිච්ච මනුස්සයෙක්. කොටින්ම මේ දෙන්නාට එකට පරෙ යන්නවත් බෙ. ගීත ටීච කියන්නෙ කඩියෙක් වගේ ගමනක් තියෙන කෙනෙක්. හෙමින් ගමන් වානා. ඒත් එයාගෙ මහත්තයා බොහොම නිවිසැනසිල්ලේ ගමන් කරන කෙනෙක්. ඒක මට දවසක් නෝට් වුනේ අපි ඉස්කෝලේ බඩු වගයක් ගන්න ටවුමට ගිය දවසක. එදා ගීතා ටීච දුවද්දි ඒ අයියත් මමත් බොහොම හෙමින් ගමනක ගියේ. ගීත ටීච නොපෙනී ගිහාම මම ඒ අයියට කියනවා “අයියේ අරයව මග ඇරෙයි අපිට” කියලා. ඔහු කියන්නේ “ඔය කොහේ හරි නැවතිලා ඉන්නේ නැතැයි නංගි” කියලා.

ගීත ටීචගේ තියෙන අනික් අතිශයින්ම නරකම පුරුද්ද තමා අසීමාන්තිකව ජංගම දුරකථනය භාවිතා කිරීම. කොටින්ම ඒක සමහර වෙලාවට මටත් හරිම හිසරදයක් වෙන මට්ටමට තිබ්බේ. එයා කරන ලොකුම වැරැද්ද තමා මොන ඇනෝ කෝල් එකටත් පැණි හලාගෙන කතා කරන එක. ඇනෝ කෙනෙක් ඕනේවාට වඩා දෙන්න එනවා කියන්නේ ඒක කරදරයක් බව ඕනේම මෝඩයෙක් දන්නවනේ. ඒත් මේ ගීතා ටීච ට නම් ඒකේ ගානක්වත් නෑ. අන්තිමට ලාබාල කම පැත්තක තියෙලා මමත් ගීතා ටීච අමතන වෙලාවල් තිබ්බා. ඒවා නෙවෙයි ඒ බැනුම් කණකටවත් ගන්නේ. බැරි වුණහම මම සතිය දෙක කතා නොකර ඉන්න වෙලාවලුත් තියෙනවා. ඉතින් මට ඒ තරම් තරහ යනවනම් එයාගේ ස්වමි පුරුෂයා ට තද වෙන තද විල්ල ගැන ආයේ අහන්න දෙයක් නෑ.

ගීතා ටීචට දැනටමත් එක පශ්චාත් උපාධියක් තියෙනවා. ඒකත් තියාගෙන ගීතා ටීච තවත් ආයතන 2 ක තව පශ්චාත් උපාධි 2ක් කරමින් හිටියේ ඒ කාලේ. එතකොට පින්වතුනි හිතන්න…. සතියේ දවස්වල ඉස්කෝලේ බඩගාලා සති අන්තයේදි පශ්චාත් උපාධියට බඩගානකොට ගෙදර මනුස්සයා බලාගන්නේ කවුද? මගේ මේ අවිවාහක ටියුබ් ලයිට් මොලේ ට ඕක වැටුණට ගීත ටීචට සුද්ධ සිංහලෙන් කියලත් ඕක තේරුනේ නෑ. එතනින් එහාට මම එයාට ඒ ගැන කියන්න ගියෙත් නෑ. එතනින් තමා 2 වන ප්‍රශ්නය ආරම්හ වෙන්නේ. ඒක ඊලග කොටසින් …..

ප.ලි. මේ කතාවෙන් මම ඉගෙන ගත්ත ප්‍රධාන දේ තමා ගැහැණියක් විදියට පවුල් ජීවිතේ ක්‍රමවත්ව පවත්වාගෙන යන්න නම් කරන්න ඕනි කැපකිරීම ගොඩාක් තියෙනවා කියලා. රත්තරන් මනුස්සයෙක් හම්බ වෙලා ඉද්දී ඒ මනුස්සයට සලකගෙන ඉන්න එක උතුම් කුල කාන්තාවකගේ යුතුකම කියලා අහලා තිබුණට ඒක ඇත්තටම අදහන්න වටින කියමනක් කියලා මම ඉගෙන ගත්තේ මේ ගීතා ටීචගේ හැසිරීමෙන්.

Comments

  1. මේ කියන විදියට සංජු ටීචගේ වයස කීයක් විතර ඇතිද?
    දැන් එතකොට මේ කියැවුනු ටීචර්ලා සේරමලා විවාහ වෙලාද දන්නෑ නේද?
    මම නම් හිතන්නෙ ගීතා ටීචව එයාගෙ මහත්තයා හොදින් තේරුම් අරන් ඉන්නවා කියලායි. නමුත් කෙතරම් උගත් වුනත් වැඩක් නෑ තමන්ගේ ළගින්ම ඉන්න තමන්ගේ ජීවිතේ වැදගත් ම කෙනා ව තේරුම් ගන්න බැරිනම්/ තේරුම් ගන්න උත්සාහ කරන්නෙ නැතිනම්.

    ReplyDelete
  2. සිංහල අළුත් අවුරුද්ද ඉවර වෙලා සතියකින් විතර 28ක් වෙනවා.
    කොයි ටීචර්ලාද?
    මේකේ 2 වැනි කොටසකුත් තියෙනවා. ගීතා ටීච එයාගේ සමහර දේවල් මහත්තයට හංගනවා. ඒවා මටවත් දිරවන්නේ නැති තරම් බොලද පිස්සු දේවල්. ඔයා කැමතිද ඔයාගේ ගෑණු ළමයාට ඔයා කෝල් කරන කරන වෙලාවට එයාගේ ෆෝන් එකේ user busy කියලා වැටෙනවට? ඒක නිතරම සිද්ධ වෙනවනම්.....!!!??????

    ReplyDelete
  3. ලිපි දෙකම කියෙව්වා. වැදගත් ලිපි දෙකක් අක්කේ! ඔය ගබ්සාවීමට බලපාන එකම දේ පරිසරයේ දුෂ්කර කමද නැත්තං වෙන මොකක් හරි සාධකයක්ද කියලා බලධාරීන් හොයලා බැලුවොත් හොඳයි.

    ReplyDelete
  4. අනේ අපිටත් ඉගෙනගන්න දේවල් තියේවි වගේ මේ සැරේ සංජු මිස්ගෙ පෝස්ට් එකෙන්..(අසංකා මිස්ගෙන් ඇත්ත නැත්ත හොයලා බලන්නම් සංජු මිස් ඇත්තද බොරුද කියන්නේ කියලා)

    ReplyDelete
  5. ඩිලාන් : හ්ම්ම්ම්ම්ම් අහලා බලන්නකෝ. අපිට වඩා වෙනස් වෙන කතාත් අහන්න පුළුවන් වෙයි. ඒක නෙවෙයි කවුද අසංකා මිස්???

    ReplyDelete
  6. පූස් මල්ලි : කවදා හරි කැඩුන වලවල් පිරිච්ච වාරිමාර්ගයක් වගේ වංගු වංගු පාරක වේගයෙන් ධාවනය වෙන ලංකා ගමනාගමන මණ්ඩලයට අයිති රතු පාට බස් එකක ගිහින් තියෙනවා ද? නැත්නම් ගිහින් බලන්න. ඒක සිද්ධ වෙන්නේ බාහිර බලපෑමක් නිසා අනිවාර්යයෙන් ම. ඒ වගේම මානසික ආතතිය. ඒත් ඒක කාටවත් වැඩක් නැත්නම් දරුවා නැති වෙන දුකත් අපිට ම නම්... ඒ ගැන හිතලා කාලේ කන එක බොරු වැඩක්.

    ReplyDelete
  7. ඔයාගේ යාලුවෙක් නේද?වලපනේ ඉස්කෝලේ උගන්නන්නේ.මගේ බුකියේ ඉන්න හොදම යාලුවෙක්...

    ReplyDelete
  8. මමත් නම් බැදලා නැ..බදින්න හිතලත් නම් නැ...එත් ඔනෙම කෙනෙක්ට දැනෙනවා ..ඉගෙන ගන්න එක මෝලේ තියෙන එකම නෙමේ උගත් කම...තැනට සුදුසු මොලයක් තිබිමත් එක සුදුසු කමක් උගත් කමේ... කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැ එක ක්‍රියාවට නගන්න බැරිනම්..තමන්ගේ කාර්යාල ජ්විතේත් පුද්ගලික ජිවිතේ කියන්නේ දෙකක්..ඒ දෙක පටලගත්තොත් දෙකේම ඔරු පෙරලෙනවා...

    ReplyDelete
  9. අනේ මන්දා...
    userbusy වුනාට කමක් නෑ කියලා ඉන්නවා. busy නැති වෙලාවක කතා කරන්නෙ නැතෑ කියලා. හික්ස්..(මේ තවම හිතන දෙයක් විතරයි. මොකද තවම මල්පැලයක් හිටවන්න බැරිවුනා නෙව)

    ඒ වුනාට කොච්චර නොවැදගත් දෙයක් වුනත් සැමියා - බිරිඳ දෙදෙනාම ඒ දේ දැනගෙන ඉන්න එක පවුලක් පවත්වාගන්න/ සුන්දර වෙන්න බලපානවා.

    ReplyDelete
  10. ඩිලාන් : හලේ ඒ මගේ බොක්ක නොවැ. 6 වසරේ ඉදලා ඒකියි මමයි එක පන්තියේ හිටියේ. හලේ ඒකිට දැම්මම සත්තමක් දාන්න වෙයි අපේ පරණ චාටර් කතා එහෙම ලීක් කරලා තිබ්බොත් වෙඩි තියෙනවා කියලා!

    ReplyDelete
  11. නිම්ශා : මෙයාට නම් වෙලා තියෙන්නේ කොල්ලෝ වැඩි වීම. කාර්යාලය ගෙදර අධ්‍යාපනය ඔක්කොම අනාගෙන. දැන් ලෙහන්න අමාරුයි. බැදගත්ත බෙරේ ගහනවා කියලා හිතාගෙන කොල්ලා දැන් ඉන්නේ සද්ද නැතුව.

    ReplyDelete
  12. රොෂාන් : කරලා බලන්නකෝ. user busy කියලා වැටෙනකොට කෙල්ලගේ හරි කොල්ලාගේ හරි ෆෝන් එකේ... හිතෙන දේ දන්නේ ඒකට මූණ දුන්න අයම තමා.

    ReplyDelete
  13. ඔබගේ කතාවනම් මසුරන්. ගෑහැණියක් සුන්දර වන්නේ, ගැහැනියකගේ ගුණ සුවද හැමතැනකම විහිදෙන්නෙ ඒ ගැහැණියට ගැහැණු කම දීපු පුර්ෂයා වෙනුවෙන් කරන කැපකිරීම් මතයි. අනිත් එක සංජු විවාහ ජීවිතයේ පදනමත් මම හිතන විදියට ආදරය හා ආදරය මතින් ගොඩනැගෙන ආදරණීය කැපකිරීම් කියලයි මමත් අවිවාහකයෙක් ලෙස හිතන්නෙ. කතාවෙන් මා ඉගෙනගත්තා යමක්. පිං ඔබට

    ReplyDelete
  14. වික්‍රමේ : මේ පැත්තේ ආවට ස්තූතියි. මේ මට හිතුන දේ. කී දෙනෙක් එකග වෙයිද දන්නේ නෑ. හැබැයි ගැහැණිය විතරක් නෙවෙයි තමන්ගේ පිරිමිකමට සලකන ගැහැණියක් වෙනුවෙන් යම් යම් කැපකිරීම් කරන්න පුරුශයාටත් පුළුවන් වෙන්න ඕනේ.

    ReplyDelete
  15. අයියෝ... මම දැනුයි දැක්කෙ මේ ලිපිය. ගීතා ටීචර්වනම් කාටවත් හදන්න බැහැ. ඔහොම ගිහින් බැඳගත්තු එක ලිහාගෙනම පස්ස බලයි වගේ... :)

    ReplyDelete
  16. කොට්ස් අක්ස් : අනේ ඔව් අපිට දැන් එයාට කියලම එපා වෙලා තියෙන්නේ. අර මනුස්සයත් බැද ගත්ත බෙරේ අහනවා කියලා හිතාගෙන ඉන්නවා ඇති. වෙන මොනවා කරන්නද? ඒ අයියා හරිම හොද කෙනෙක්.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම