අපේ සර් ලා................!!!




ස්පෝර්ට් මීට් කතා ටික ඉවර කලාට පස්සේ ලියන්න දෙයක් කල්පනා වෙන්නේම නෑ අප්පා. ස්පෝර්ට්මීට්  එකෙන් පස්සේ ඉස්කෝලේ වෙච්ච දේවල් ලිව්වොත් ඒක ටැබූම ටැබූ මාතෘකාවක් වෙන නිසාත් මගේ රස්සාවට කණකොකා හඩන්නට ඇති ඉඩකඩ වැඩි නිසාත් මම පශ්චාත් ක්‍රීඩා උත්සව පරිසරය ගැන නොලියා ඉන්න තීරණය කලා.

ඔන්න ලියන්න හදපු එක අමතක වුණා…. හා හරි හරි මතක් වුණා. අපේ ඉස්කෝලේ මම යන කාලෙ හිටිය පලතුරක නමක් තියෙන සර් කෙනෙක් එක්ක ඉස්සර හිටපු රජ කෙනෙක් ගෙ නමක් තියෙන සර් කෙනෙක්. මේ දෙන්නා මම ඇවිල්ලා ටික කාලෙකින් මාරුවීම් හදාගෙන ගියා. නමුත් මේ දෙන්නා අපේ ක්‍රීඩා උත්සවය බලන්න ආවා. කොච්චර අකමැත්තෙන් හිටියා වුණත් තමන් මුලිම ගුරුවරයෙක් වුනේ මේ පාසැලේදි නේද කියලා ඔවුන් දෙදෙනාටම හැගීමක් තිබ්බ. ඒක නිසා ඔවුන් දෙදෙනා තමන් හිටපු පාසැලේ කාලෙකට පස්සේ තිබ්බ ක්‍රීඩ උත්සවයට ආව.

මේ රජකෙනෙක්ගේ නම තියෙන සර් ඉගැන්නුවේ භූගෝල විද්‍යාව. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු රට කාලා වතුර බීල රාම තෙල් ඇරපු  පොරක්. ඉස්සර ඔහු අපේ ලගින් ගියොත් අපි කෑ ගහන්නේ “අන්න කොසොල් රජ්ජුරුවෝ ලගින් ගියා මොනවද අඩු බලාපල්ල” කියලා. එතකොට ඔහු කරන්නේ හොදවයින් දෙකක් කුණුහරුපෙන් නමුත් ශිෂ්ට සම්පන්න සිංහලෙන්  කියලා යන එක. ඇත්තටම ඔහු ඉන්න තැන පාළු නෑ. ඒ වගේම තරුණයෙක් උනත් බොහොම දක්ශ ගුරුවරයෙක්. පොඩි පුශ්නෙකට තිබ්බෙ මේ අපේ සමහර අයියලා වගේ ඔහුත්  DCSLකොම්පැනියේ බ්‍රෑන්ඩ් ඇම්බැසෙඩර් කෙනෙක් වීම. ඒක අපි දැනගෙන හිටියට හරියටම ඔප්පු වුනේ එක දවසක් චමරියේ තිබ්බ බීල ඉවර වෙච්ච බෝතල් ටික බෝතල් පත්තරකාරයෙකුට විකුණන්න එලියට දැම්මහමයි. බියර් බෝතල් 100ක් විතරත් තව වෙන වෙන බෝතල් වර්ග ගණනාවකුත් එතන තිබුණා.

පලතුරු වත්තක නම තියෙන සර් නම් හරිම නිවිච්ච පුද්ගලයෙක්. ඔහු  ජනාධිපති බාලදක්ෂයෙක්. ලී පදක්කම් ලාභී බාලදක්ෂ නායකයෙක්. ඒ හුරුව නිසාම ඔහු නම් විනය විරෝධී වැඩ කලේ නෑ. කොසොල් සරුයි පලතුරු වත්ත සරුයි දෙන්නම හෝර්ටන් තැන්න සිංහල විදුහලේ සේවය කලාට සංජු ටීච වගේ ම මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්. ඉතින් සැපට දුකට සනී වගේ හැම ගුරුවරයෙකුටම සැපට දුකට සනී වෙන මෝටර් බයික් එක තමා මේ දෙන්නාගේ පිහිටට ආවේ.

අපේ කොසොල් සර් බීමට ඇරුනාම දක්ශ අනික් කාරනේ තමා මෝටර්බයිසිකල් ධාවනය. ඔහු නිකන් ඉන්න බැරිවට මෝටර් බයිසිකල් ධාවන තරග වලට පවා සහභාගි වෙච්ච ධාවකයෙක්. ඔහුගේ ඒ ධාවන තරග වලට තිත වැටිලා තියෙන්නේ ධාවන තරගයකදී සිද්ධ වෙච්ච අනතුරකින් අත පය ලෙලි ගහ ගත්තට පස්සේ ගෙදරින් එල්ලවෙච්ච දැඩි විරෝධතා. මේ මොක වුණත් ඔහු පාවිච්චි කලේ ට්‍රේල් වර්ගයේ බයිසිකලයක්. ඉතින් දන්න මිනිස්සුන්ට කියන්න ඕනි නෑ කොසොල් සර් ගෙ ගමනාගමනය ගැන. අපි ඉස්කෝලේ ඇරිල බස් එකේ ගෙදර යන්න පැය පහක් ගන්නවා නම් කොසොල් සර් පැය එක හමාරෙන් ගෙදර. මම ගෙදර යනකොට මේ මනුස්සයා නාල කියලා නින්දක් එහෙම දාලා නෝනාමහත්තයා එක්ක ශොපින් ඇවිල්ලත් යනවා.

කොසොල් සර් එක්ක මේ බයිසිකලයේ යන්න සෙට් වෙලා හිටියේ පලතුරුවත්ත සර්. පලතුරුවත්ත සර් බාලදක්ෂයෙක් වුනාට රියදුරු රස්සාවට නම් ආධුනිකයෙක්. කොසොල් සර් බයිසිකලේ තියෙන උපරිම වේගයෙන් යනකොට පිටිපස්සේ වෙවුලමින් එන්නේ පලතුරුවත්ත සර්. කොසොල් සර් ට මේ බයගුළුකම ඇනයක් වෙලා තිබ්බා වගේම පලතුරුවත්ත සර් තට් කොසොල් සර් එක්ක ගමනාගමනය තිත්ත වෙලා තිබ්බේ කොසොල් සර් ගෙ පවනට බදු වේගය නිසා.

එක දවසක් කතාවකට සෙට් වෙලා ඉද්දි කොසොල් සර් පලතුරුවත්ත සර් ට මඩ පාර දෙනවා. ඒ පලතුරුවත්ත සර් පිටිපස්සේ එන විදිය කියලා.

“ටීච මූ එක්ක එනකොට මට ඇස් පියාන ආවැකි”

“ඒ කොහොමද?”

“ඔන්න මූ පිටිපස්සට වෙලා මගෙ උරහිසට උඩින් බෙල්ල දාගෙන ඉන්නවා.  “කොසොල් අයියා ඔන්න වලක්. කොසොල් අයියා ඔන්න TATA බස් එකක්. කොසොල් අයියේ ඔන්න කාර් එකක්, කොසොල් අයියේ ඔන්න දකුණට වංගුව. කොසොල් අයියේ ඔන්න වමට පල්ලම. කොසොල් අයියේ ඔන්න පාර හරහා හාවෙක් පැන්නා”, හලේ ටීච ඉතින් මම අහවල් එකකට ද ඇස් ඇරගෙන බයිසිකලේ පදින්නේ?”

එදා කොසොල් සර් ගෙ බයිට් එක වුනේ පලතුරුවත්ත සර් ය. එයින් පසු පලතුරුවත්ත සර් තීරණයකට පැමිණියා. “එක එකාගේ ආඩම්බර බලන්නේ මොකද මමත් ගන්නව බයික් එකක්”


ඔන්න ඉතින් අපේ පලතුරුවත්ත සර් කොහේදෝ දුර ඈතකින් බයිසිකලයක් හොයාගෙන තිබ්බා. ඈත වුණාට ඒක අලුත් බයිසිකලයක්. ඉතින් මේක ගේන්න ගියෙත් අපේ කොසොල් සර් පලතුරුවත්ත සර් එක්ක. එදා බයිසිකලය අරගෙන ඇවිල්ලත් කොසොල් සර් බයිට් එකට ගත්තේ පලතුරුවත්ත සර්ව. ඒ මනුස්සයා අහිංසකයා නිසාම හොදයි.

ඊගාව ප්‍රශ්නේ පලතුරුවත්ත සර් අච්චර රියදුරු කමට බය එකේ මේක කොහොම පදියි ද කියලා. මොනවා වුණත් ඕක පුරුදු කරන්න වෙන්නෙත් කොසොල් සර් ට නිසා අපි කට ඇරගෙන හිටියේ කොසොල් සර් ගෙන් ඒ විස්තර අහ ගන්න.

ඔන්න එදා කොසොල් සර් සුපුරුදු පරිදි හැටන් වලදි අපි ආව බස් එකට ඉස්සර කරලා කෑ ගහගෙන ගියා. එයා ගිහින් පැයකට විතර පස්සේ අපිත් ඉස්කෝලෙට සේන්දු වුණා. ඒත් අනේ අපේ පලතුරුවත්ත සර් නෑ. අපි ඉතින් කොසොල් සර් ගෙන් අහුවා කෝ පලතුරුවත්ත සර් කියලා.

“හලේ ටීච ඌ එයි තව පැය දෙකකින් විතර. මට ඒ ස්පීඩ් එක හුරු නෑ බන්”

ඔන්න ඔහොම කියලා කොසොල් සර් මාරු වුණා. ඇත්තටම කිව්වා වගේම මෙන්න පැය දෙකකට විතර පස්සේ පලතුරුවත්ත සර් එනවා තුම්මුනින් දාඩිය පෙරාගෙන. කොසොල් සර් ආගිය අතක් නෑ.

බලනකොට වෙලා තියෙන්නේ මේකයි. කොසොල් සර් කියලා පලතුරුවත්ත සිර් ට ගම්පොල ට එන්න එතන ඉදලා එකට යමු කියලා. ඉතින් පලතුරුවත්ත සර් එයාගෙ ගම්පලාතේ ඉදලා පාන්දරම ඇවිල්ල උදේ 6 ට ගම්පොල ටවුන් එකේ ඉන්නවලු. මග දිගට කොසොල් සර් ට කෝල් කර කර ඇවිල්ල තියෙන්නේ මග ඇරෙයි කියලා බයට.

ඇපේ කොසොල් සර් එදා නැගිටලා තියෙන්නෙත් උදේ 5.45 ට. කොසොල් සර් ට ඉස්කෝලෙට එන්න යනේ පැය එකහමාරක් නිසා එයා ගෙදරින් 6.30 ට ආවත් ඇති. ඒත් ඉතින් මේ පලතුරුවත්ත සර් ගෙ වදේ නිසාම එදා කොසොල් සර් වෙනදට වඩා කලින් ගෙදරින් එලියට බැහැලා. එනකොට පලතුරුවත්ත සර් ගම්පොල ටවුන් එකේ ඉන්නවලු.

ඔන්න දෙන්නා එන්න පිටත් වුණාලු. අස්පයා පිට නැග්ග කොසොල් රජ්ජුරුවෝ වගේ ට්‍රේල් බයික් එකේ නැග්ග අපේ කොසොල් සර් ගැනත් ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑ නෙ. පොර කරලා තියෙන්නේ සුපුරුදු වේගෙන් ආපු එක. හැටන් වලදි තමා එයාට පලතුරුවත්ත සර් ව මතක් වෙලා තියෙන්නේ. දනිපනි ගල කොසොල් සර් පලතුරුවත්ත සර් ට කෝල් එකක් ගත්තලු.

“අඩේ පලතුරෝ උඹ කොහෙද ඉන්නෙ?”

“අඩේයි කොසොල් අයියා මම මේ නාවලපිටියේ. උඹ නාවලපිටිය පහු කරලා ගොඩක් දුර ද?”

“අඩෝ බන් මම හැටන් වල”

“ඈහ්”

ඒ අපි එන පාරේ ඉස්සෙල්ලම ගම්පොල ඊගාවට නාවලපිටිය ඊගාවට ගිනිගත්හේන පහුකරගෙන තමා හැටන් වලට එන්න ඕනි. අවිස්සාවේල්ල පාරේ කොළඹ ඉදලා නුවර එලියට යන්න ආපු කට්ටිය එහෙම ගිනිගත්හේනේ ඉදලා හැටන්වලට තියෙන දුර දන්නවා ඇතිනේ.  හැටන් වලිනුත් තව පැයක් තේ වතු මැදින් අපි යන්න ඕනි ඒ රූට් එක පාවිච්චි කරනවා නම්. අපේ ඉස්කෝලෙට යන්න තව වෙන පාරකුත් තියෙනවා. ඒක ගොඩක් දුරයි වගේම රස්තියාදුකාර පාරක්. ඒත් දැන් අපි පාවිච්චි කරන්නේ ඒ දුර චාටර් පාරම තමා.

අපේ කොසොල් සර් ඊට පස්සේ කරලා තියෙන්නේ අනේ මල්ලි උඹ පුළුවන් විදියකට වරෙන් කියලා අපේ බස් එකත් ඉස්සර කරගෙන සුපුරුදු වේගයෙන් ඉස්කෝලෙට ආව එකයි. හැබැයි ඉතින් එදායින් පස්සේඅපේ පලතුරුවත්ත සරුත් අතෑරියේ නෑ කොහොම හරි සෑහෙන වේගයකින් බයික් එක පදින්න පුරුදු වුනා. ඒත් තාම එයාට කොසොල් සරෙක්ක නම් පැදලා දිනන්න බෑ.

ඉතින් කොහොමින් කොහොමින් හරි මේ දෙන්නා තම තමන්ගේ මාරුවීම් හදාගෙන අපේ ඉස්කෝලයට ආයුබෝවන් කියලා ගියා. ඇත්තටම අපිට සහෝදරයින් දෙන්නෙක් වගේ ඔවුන් දෙන්නා හිටියේ. ඒ එක්ක හිටපු අනික් බේබද්දෝ දෙන්නා වන ධර්මයට අධිපති සර් වත්, මට කලින් මේ පාසැලේ ඉංග්‍රීසි ඉගැන්වූ ඒ කටුව මට භාර දී අකාලයේ ජීවිතයෙන් සමුගත් ****** සර්වත් මේ වෙලාවේදී සිහිපත් කරන්න ඕනි. ( ***** සර් ඉංග්‍රීසි ඉගැන්නුවට මම එයා ගැන ඇත්තටම මෙලෝ දෙයක් දන්නේ නෑ. අදටත් එයාගේ මරණය සියදිවි නසා ගැනීමක් ද නැත්නම් මිනීමැරුමක් ද කියලා හොයන්න  තවමත් පොලිස් පරීක්ෂන පැවැත්වෙනවා. මට ඉස්කෝලේ කොල්ලෝ එක්ක කේන්ති ගිය වෙලාවට මම සමහර විට බනින්නේ “උඹලට උගන්නලා ගියපු අන්තිම ඉංග්‍රීසි ගුරුවරයත් වස බොන්න උනා. තමුසෙලා හදන්නේ මටත් ඒකම කරන්න ද?” කියලා :ඪ් ) ඇත්තටම  මගේ කලින් ලිපියේ ගුරුවරුන් ට තියෙන පීඩනය ගැන ලියද්දි ලියන්න අමතක වුණ කෙනෙක් තමා මේ ***** සර්. මම අහලා තියෙන විදියට ඔහුත් සෑහෙන්න මානසික පීඩනයකින් හිටිය පුද්ගලයෙක් වගේම සෑහෙන්න බීමට ඇබ්බැහි වුණ පුද්ගලයෙක්. ඒ සියල්ල කෙලවර වුනේ ඔහුගේ මරණයෙන්)

 පලතුරුවත්ත සර් ඊට අමතරව මගෙ ජීවිතය වෙනස්ම පාරකට යොමු කරවපු කෙනෙක්. ඔහු තමයි සංජු ටීචව බාලදක්ෂිකා ව්‍යාපාරයෙන් වෙන් කර බාලදක්ෂ නායිකාවක් කලෙත් ලංකාවේ පළමුවෙන් ම  බාලදක්ෂ බාලිකාවන් පුහුණු කිරීමේ නායිකාවන් සොයද්දි එයට මාව යොමු  කලේත්.

ඔන්න ඊගාව සීරිස් එක පටන් ගන්නයි හදන්නේ……. ! 


Comments

  1. ඊළග සීරීස් එක බාලදක්ශ සීරීස් එකක් වෙන්න යන්නේ වගේ...

    ReplyDelete
  2. ඕනැම රැකියාවක පිටතින් පෙනෙන සුන්දරත්වය ඒක ඇතුලෙ දකින්න අමාරුයි.

    මූණුපොතේ ඉන්නවානම් මාව add කර ගන්න. username එක ඇත්තෙ roshanherath කියලා.

    ReplyDelete
  3. ෂිහ්....තව ටිකක් තිබුනනම්....සුපිරියටම ලියල තියනවා.කලින් ඉංග්‍රීසි උගන්නපු සර් බැඳල හිටපු එක්කෙනෙක්ද?
    හික්....හික්.....පලතුරුවත්ත සර් වාගෙ බුවාල ඉන්නව තමා බයික් වල යනකොට පාර කියල දෙන.ලියමුකො බලන්න ඊලඟ සීරිස් එකත්.

    ReplyDelete
  4. “උඹලට උගන්නලා ගියපු අන්තිම ඉංග්‍රීසි ගුරුවරයත් වස බොන්න උනා. තමුසෙලා හදන්නේ මටත් ඒකම කරන්න ද?” කියලා :ඪ්
    ඔච්චර කේන්ති ගන්න එපා සන්ජු අක්කේ ඉස්කෝලේ කොල්ලෝ
    ඔයාව බයිට් එකට ගනියි.අපිත් කලේ ඕකම්යි.අන්තිමට අපිට English ඉගැන්නුවේ ඉස්කෝලේ විදුහල්පතිතුමා :D

    ReplyDelete
  5. ඩිලාන් : වෙන්ට පුලුවන් බලමුකෝ

    ReplyDelete
  6. රොශාන් : හලේ අර කාර් එකක් දාගෙන ඉන්න රොශාන් හේරත් ද?

    ReplyDelete
  7. දිනේශ් : හලේ ඒ මනුස්සයා බැදලා ළමයෙකුත් හිටියා. දැන් මක්කෙයි හදිස්සියේ ඒක කල්පනා වුනේ? පිරිමි ගුරුවරුන් ට නම් මම වැඩිය කැමති නෑ. කෙලින් හිට ගන්න කොන්දක් තියෙන්නේ ලක්ෂයකින් එක්කෙනෙකුට. අනික් අයගේ කොදු නාරටියා මාර ෆ්ලෙක්සිබල්. එහෙම අයට මම කැමති නෑ.

    ReplyDelete
  8. පුද්ගලිකව නම් සංජු ටීචර් Girl Scoutingවලට මම අකමැතියි... තමයි නේද ටිකක් ගති.. සංජු ටීචර් Guide Leader කෙනෙක් නම් මාව අමතන්න බලන්න පුලුවන්නම්....

    ReplyDelete
  9. සන්තෝසේ බැරුවා... හැබැයි ඉතිං ඊළඟ සීරිස් එකට තව මාසයක් විතර බලන් ඉන්ට වෙයිද මන්දා....

    ReplyDelete
  10. රුවන් : ඉස්සර මමත් බයිට් වුණා පස්සේ මම බයිට් කිරීමේ කලාව එයාලගෙන්ම ඉගෙන ගත්තා. දැන් කොල්ලෝ මම කට ඇරපු ගමන් කෑ ගහන්නේ "ටීච අපි රෙස්පෙක්ට් පිට ඉන්නේ හයියෙන් නෝන්ඩි කරන්න එහෙම එපා" කියලා :)

    ReplyDelete
  11. අභීත අයියා : ඉස්සර මම ග්ලාස් හවුස් එක ගාව බැහැලා මූලස්ථානෙට යනවා මට තාම මතකයි. අයියාගේ කතාව හරි Girl scouting නම් ටිකක් අපේ රටට ගැලපෙනවා අඩුයි තමා. මම Guiding ආයේ පටන් ගන්න හිතාගෙන ඉන්නේ. මට වෙච්ච දේවල් මම ලියන්නම් මගෙ ඊගාව කතාවල එතකොට අයියට තේරෙයි වෙච්ච දේවල්. :) හැබැයි ඉතින් මේ මම ඉන්න දිහා කරන්න හරි අමාරුයි අපිට පුහුණුවක් වත් දෙන්න කෙනෙක් නෑ. :(

    ReplyDelete
  12. මැටි මාළුවෝ : මම මේ වෙලා තියෙන විදියට ලියන්නේ බොලන්. දැන් වාර විභාගත් ලග නිසා මට ප්‍රශ්න පත්තර හදන්නත් වෙලා. හරි චාටර් වැඩ ටිකක් තියෙනවා මේ මාසේ.

    ReplyDelete
  13. ඔව් ඔව්.. එයා තමයි. ඔන්න මම පින්තුරෙ වෙනස් කළා..

    ReplyDelete
  14. අලුත් සීරීස් එක පටන්ගන්නකෝ එහෙනම්. අපි දිගටම කියවනවා හොඳේ.

    ReplyDelete
  15. සංජු අක්කේ, ඊලග සීරීස් එකත් ඉක්මනට දාන්නෝ....අපි බලන් ඉන්නවෝ.....

    -නිර්මල-

    ReplyDelete
  16. රොශාන් : හලේ ඕකේ.

    ReplyDelete
  17. පිණීබිදු : හැබැයි ඒකට ටිකක් කල් යයි. වැඩ අප්ප මේ දවස්වල එපා වෙන්නම

    ReplyDelete
  18. නිර්මල : ඉන්ඩෝ..................!

    ReplyDelete
  19. පව් වැඩේ පළතුරු වත්ත සර්... ඊළඟ කතාව ඉක්මනට පටන් ගන්ටෝ.... :)

    ReplyDelete
  20. කොට්ස් : හලේ ඉවසන්ඩෝ....! මම මේ දවස්වල බිසී අප්පා ...

    ReplyDelete
  21. හලේ සංජු ටීචර් මරු කතාව හි හී හිනා කාල මැරුනා ..අනික් කතාත් ඉක්මනට පටාන්ගන්නෝ අපි බලා ඉන්නවෝ

    වාර විබාගෙදි කොල්ලන්ගේ ලකුණු කපන්න එපෝ

    ReplyDelete
  22. එහෙනම් අප්පා, බිසී වැඩ ටික ඉවර කොරලම දාන්ඩකො කතාව ..

    ReplyDelete
  23. TG : හලේ කපන්න තරම් ප්‍රශ්න හැදුවේ නෑ මේ පාර පොඩි පොඩි ප්‍රශ්න ටිකක් දැම්මේ.

    ReplyDelete
  24. තාරක : මොන පිස්සුද අනේ අමාරුවට..... ඔන්න ලියලා ඉවරයි 1 වෙනි කොටස.... තව ටිකකින් පෝස්ට් කොරන්ටයි හදන්නේ

    ReplyDelete
  25. සංජු ටීචර්ගෙ කථා මාරයිනෙ.... අද තමයි මුලින්ම ආවෙ මේ පැත්තට... දිගටම එන්න ඕන... :)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම