මතක පොළු



ඒ පසුගිය සදුදා දිනයයි. මම 10 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි ඉගැන්වීමේ නිවත වෙමින් සිටියෙමි. පාඩම තේරුම් කර අවසානයේ මම 1.11 අභ්‍යාසය කරන ලෙස ඔව්න් ට පැවසීමි. ඒ එම අභ්‍යාසයේ අඩංගුව පැවති ප්‍රශ්න 10න් 7ක් තේරුම් කර දී එයට පිලිතුරු සෙවීමකි.

“ දැන් පටන් ගන්න අද දිනේ දානන් ඇක්ටිවිටි 1.11 කියලා ලියන්න.  එක කියල ප්‍රශ්න අංකේ දාන්න. ප්‍රශ්න ලියන්න ඔනේ නෑ උත්තර විතරක් ලියන්න.”

මම උදේ පටන් කෑ ගසා අමාරුවට පුටුවේ වාඩි වීමි.  පන්තියේ ශබ්දයක් නැත.  සියල්ලෝම වැඩ වල නිරත වී සිටිති.  මද වේලාවකට පසුව තරිදු හිස් එසෙව්වේ ය.

“ටීච , පලවෙනි ප්‍රශ්නය විතරයි නේද? (හී – දත් සෙට් එක එලියේ)”

 තරිදු යනු පන්තියේ ඉතාම අදක්ශම කොලුවෙකි.  හේ මෙවර 10 වන ශ්‍රේණියේ සිටින්නේ අති සාර්ථක 2 වන අවුරුද්දය. දැන් තරිදුට අවශ්‍යව ඇත්තේ මාව අවුස්සාගෙන එදා දවසේ වැඩයෙන් මග ඇරීමටයි.

 මම ද තරිදු මට දැමූ ආකාරයේම හිනාවක් දැම්මෙමි. (හී)

ඒ සමගම මම පන්තියේ ශිෂ්‍ය නායිකාවක් වන ප්‍රියන්තිකා ව ඇමතුවෙමි.

“ප්‍රියන්තිකා, අනේ අර අටේ පන්තියේ තිබ්බා පොඩි පොළු කෑල්ලක් අරගෙන එනවකෝ ගිහින් ඉක්මනට.  මේ තරිදු ට ප්‍රශ්න කීයකට උත්තර ලියන්න ඕනීද කියලා මතක නෑ ලු”
 
 මම සිනහව පිටින්ම ආදරයෙන් ප්‍රියන්තිකාට කීමි.  කියන පමාවෙන් පුටුවෙන් පිනූ ප්‍රියන්තිකා ඒ වන විට හිස්ව තිබූ අටවන ශ්‍රේණියේ පන්තියට රිංගුවාය.
 
 තාමත් තරිදුගේ කට කනේ ය.  දත් 32 ම එලියේ ය. ප්‍රියන්තිකා දර පොල්ලද රැගෙන අටේ පන්තියෙන් එලියට ආවා ය.  තරිදුගේ කට ඇරිණි.

“හා හරි හරි ටීච වැඩේ හරි. ණියමෙට මතක් වුණා. ප්‍රශ්න 7 යි නේ දහයෙන්. ප්‍රශ්නේ ලියන්නේ නෑ ප්‍රශ්න අංකය දාල උත්තරේ ලියන්න නේ තියෙන්නේ!. එලකිරි ටීච නියමෙට මතක් වුණා”
 
දැන් තරිදු ඉරාගෙන වැඩට බැස ඇත. යන්නට ආ සිනහව මම මාරුවෙන් වලකාගෙන සිටියෙමි.  පාසලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායක මගේ දෙස බලා ඇයි ටීච පාරක් දුන්නේ නැත්තේ යැයි ඇසීය.

“කොල්ලෝ මේ පොල්ල එසේ මෙසේ පොල්ලක් නෙවෙයි. මේකෙන් ගහන්න ඕනි නෑ දැක්කත් මතක් වෙනවා. කොටින්ම මේකට කියන්නේ මතක පොල්ල කියලා”

ඇ මම පැහැදිලි කර දුනිමි.  පන්තියම කොක් හඩ දෙමින් හිනැහෙන්නට පටන් ගත්හ.
 
 ඔන්න ඔහොමයි අපි පන්තියේදි පොළු පාවිච්චි කරන්නේ. ඒවා විවිධාකාර වශයෙන් ප්‍රභේද ඇත.  මතක පොළු සහ විනය පොළු ඒ වර්ග ගනනාවෙන් ප්‍රසිද්ධම පොළු වර්ග දෙකකි. එකම පොල්ල වුවත් අවස්ථාවේ හැටියට වෙනස් කරමින් භාවිතා කළ හැකි වීම මෙහි විශේෂත්වයයි.
 
 නමුත් මේ පොළු පාවිච්චිය නොකෙරෙනම තරම් ය. මතක පොල්ල පේන්න ඉස්සරහ තැබීමෙන් පමණක් අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි සියල්ලම අමතක වී ධාරණ ශක්තිය දියුණු වේ.  මතක පොල්ලේ ප්‍රමාණයෙන් ධාරන ශක්තිය වැඩි දියුණු වීමේ අඩු වැඩියක් පවතී. මතක පොල්ල ප්‍රමානයෙන් විශාල ශක්තිමත් කල් පවතින එකක් නම් ධාරන ශක්තිය ඉතා සීඝ්‍රව වර්ධනය වේ. මතක පොල්ල කැඩෙන සුළු ශක්තිමත් නැති එකක් නම් ධාරණ දක්තියද එසේමය.
 
 මේ පුරාණ ඉසිවර රහස්ය. ඹ් ඔබත් මතක පොළු දැක තිබේ ද?

Comments

  1. ඕක දැක්කම ඔහොම නම පාරක් කෑවම සුපිරියට ඇතී නේද..? ගිය ආත්මේ ඒවත් මතක වේවි... :D

    ReplyDelete
  2. [said]
    කියන පමාවෙන් පුටුවෙන් පිනූ ප්‍රියන්තිකා ඒ වන විට හිස්ව තිබූ අටවන ශ්‍රේණියේ පන්තියට රිංගුවාය.
    [/said]

    WTF. ළඟදිම එයාට treat එකක් හම්බ වෙයි මම හිතන්නේ!

    ReplyDelete
  3. සංජු අක්කේ මටත් ඔය මතක පොල්ලක් හොයාග්න්න බැරිවෙයිද?

    -නිර්මල-

    ReplyDelete
  4. ගුරු සිසු සබඳතා ගැන බොරු භාවාතිශය වීමකින් තොරව කතා කිරීම හොඳ දෙයක්. ප්‍රචණ්ඩත්වය ඉහවහා ගිය සමාජයක ළමා හිම්කම් ගැන කතා කරන එක තේරුමක් නැති ය කියාත් හිතෙනවා. පොලු පාවිච්චි නො කරන සමාජයක් අධ්‍යාපනයේ හීනය විය යුතුයි.

    මේ කවිය ඔබේ ගුරු සහෘදයන්ට උගන්වන්න.

    නිසි දේ ඉගෙන ගන්නට මට කියා නො දී
    බැට දේ එහෙත් කළ කළ දේ යයි වැරදී
    කෙවිටේ බලෙන් එනවා නම් නුවණ ඇදී
    මෙරටේ ගොනුන් පඬිඳුන් වනු ඇත ළඟදී
    (රැපියල් තෙන්නකෝන්)

    ReplyDelete
  5. මම නම් මතක පොලු දැකලා නෑ විනය පොලු නම් දැකලා තියනවා :P

    ReplyDelete
  6. මට තරිඳුගේ ගොන් හිනාවයි, ඔයාගේ හිනාවයි දෙකම මැවිලා පේනවා.... :D

    ReplyDelete
  7. දැක නොමැත අසා ඈත. ඒත් මේ සංජු චීචගේ අපූරු ඉස්කෝලයෙනමනි. අනේ මන්දා චීචටම හරියහ ළමයි ටික.

    ReplyDelete
  8. ඔබගේ ලිපි ගොඩක් මම කියෙව්වා ඒවා ඉතා හොඳයි.

    ReplyDelete
  9. මතක පොලු හින්දා තමා අපි මෙහෙමවත් ඉන්නේ,,,මේ මෑත කාලෙක ඉදලා ගුරුවරයෙක්ට ළමයෙක්ට වැරැද්දට දඩුවම් දෙන්න බැරි කාලයක් නේද ඇවිල්ලා තියෙන්නේ...

    ReplyDelete
  10. සෝරෝ : ඒවා දන්න හින්දා තමා දැන් මේ විදියට ප්‍රතිචාර දක්වන්නේ

    ReplyDelete
  11. බුධා : මොන පිස්සුද? එහෙම රිටන් දෙනවනම් ප්‍රියන්තිකා මෙලහකට මුළු ඉස්කෝලෙන්ම ගුටි කාලා :)

    ReplyDelete
  12. නිර්මල : වත්ත පල්ලෙහට ගිහින් අවශ්‍යතාවයේ හැටියට එකක් හොයා ගන්න හරි කපා ගන්න එකයි හරි ඇත්තේ අමාරුවක් නෑ

    ReplyDelete
  13. Editor : දැනටත් අපි ඒ පාවිච්චිය කරන්නේ පෙන්වීමෙන් පමණයි. ඒ ඇරෙන්න වෙන දෙයකට පාවිච්චි කරන්නේ නෑ. ලගදිම පෙන්වීමත් නවතිනවා. බොහොම ඉක්මනට. එදාට ඔබ කිව්ව ඒ හීනය එලි වෙයි.

    අපූරු කවියක්. සතුටින් මම බෙදා හදා ගන්නම් මගේ සගයින් එක්ක

    ReplyDelete
  14. මාලන් : මම හිතුවා. මොකද මතකය කියලා එකක් ඔයාට ඇත්තටම නෑ කියලා ගුරුවරු ඒ කාලේ ඉදලම දැනගෙන ඉන්න ඇති. ඒකනේ විනය පොල්ල විතරක් පාවිච්චි කරලා තියෙන්නේ

    ReplyDelete
  15. කොටී අක්z : හලේ එහෙම සතුටුදායක අවස්ථාවක්.... !!!

    ReplyDelete
  16. ප්‍රසන්න : අනේ මේ ... කාලා කාලා දැන් මෙතන බබා වෙන්න හදනවා

    ReplyDelete
  17. මම : ස්තූතියි මම (අනේ මන්දා මම මේ මටම ස්තූතියි කියා ගත්ත පළවෙනි වතාවද කොහෙද!)

    ReplyDelete
  18. ඩිලාන් : කායික හෝ මානසික දඩුවම් දීම, පෞර්ෂත්වයට වාචිකව හෝ කායිකව හානි සිදු කිරීම, පන්තියේදී ළමයෙක් ඉලක්ක කර විහිළු කිරීම ඔය හැම දෙයක් ම ගුරුවරයෙකුට එරෙහිව නීතිමය පියවර ගත හැකි අවස්ථා (ගුරුවරයා යනු අද ...................... කි. රැකියාව එපා වී ඇති බැවින් ඉක්මනින් වෙනත් රැකියාවක් සොයමි. පුලුවන් නම් හොයලා දෙන්න)

    ReplyDelete
  19. අනේ මේ... මගෙ මතකය ගැන අපේ ඉංග්‍රීසි ගුරු තුමීගෙන් අරෙන්න වෙන ඕන කෙනෙක්ගෙන් අහන්න ආයෙ නියම සහතිකයක් ලැබෙයි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම