ප්‍රෙග්නන්සි ටෙස්ට්


හලේ සෑහෙන්න කාලෙකින් ලියන්න ගත්තෙ. ඔන්න ඉතින් කස්ටිය බය වෙන්ට එහෙම එපා කතාවෙ ටොපික් එක දැකලා. මේ මට උණු උණුවේම පෙරේදා සිද්ධ වෙච්ච දෙයක්. පොඩි කට්ටිය කියවන්න එපා හරිය? 

ඔන්න අපේ ඉක්කෝලේ ඉන්නවා මාත් එක්ක බෝඩිමේම ඉදලා ඒ ගමේම විවාහයෙන් පස්සේ පදිංචි වෙච්චි ගුරුතුමියක්. අපි එයාට ෂානි ටීච කියමුකෝ.  මේ ෂානි ටීච ඉස්සර ඉදලම හිටියෙ බබා පාට් එකෙන් දහයට ගැන ගන්න බැරි ගානට. හැබැයි මටත් වඩා අවුරුදු 2ක් විතර වැඩිමල්. ඉතින් වැඩිමලාට තැන දෙන්න ඕනි නිසා මගේ බැචියක් වුණත් ඔන්න ඉස්සෙල්ලම විවාහ වුණා. හැබැයි අපි බයේ හිටියේ බැන්දට පස්සේ මගුල අවමගුල් වෙයි කියලා මොකද ඒ තරම් බබා. මොකුත් දන්නෙත් නෑ දැකලත් නෑ අහලත් නෑ කියවලත් නෑ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ගහත් නෑ. ඉතින් ඔන්න දැන් වයසට ගිහින් කසාද බැන්ද නිසා ෂානි ටීචගේ පරම පිවිතුරු අපේක්ශාව වෙලා තියෙන්නෙ මේ දවස්වල දරු පැටියෙකුගේ මුහුණ බලා ගැනීම. ඉතින් දැන් ඒ ගැන හරිම උනන්දුයි. 

 අපේ ඉක්කෝලේ ඉන්න අනික් අම්මණ්ඩිලා ටිකත් ඒකටම හරියන කස්ටිය. මේ ලගදි ෂානි ටීචට ටිකක් දරුණුවට මූත්‍රා සම්බන්ධ ප්‍රශ්නෙකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේක අහපු මේ වන විට අට මස් ගැබිණි ශා-කවී ටීච කිව්වේ ඒක නම් අර අසනීපයේ රෝග ලක්ෂනයක් කියලයි. ඉතින් ඔන්න කියන්න දෙයක් නෑ නේ මේක අහපු ගමන් ෂානි ටීච කලබල වුණා. 

දැන් කොහොමද මේක හරියටම දැන ගන්නේ??? ෂානි ටීච ඔන්න තමන්ගේ හස්බණ්ඩටත් එන්න කියලා ඉස්පිරිතාලෙ දිව්වා. ඉස්පිරිතාලෙන් කරලා තියෙන්නේ මොකුත් පරීක්ෂණ කරන්නේ නැතුව ෂානි ටීච ට මූත්‍රා අමාරුවට බෙහෙත් දුන්න එකයි.  ඉතින් ඔන්න ගතියනේ අපේ ෂානි ටීචට ඕකට හිත හරිම නෑ. අනික කට්ටිය ඊට පස්සේ බය කලේ බෙහෙත් බොන එක කළලයට අහිතකරයි කියල. 

ඉතින් ඔන්න මේ කන්කරච්චලය අහගෙන ඉන්න බැරිම තැන මම ෂානි ටීචට කිව්වා අපි ෆාමසියෙන් අර මූත්‍රා ටෙස්ට් කරන මොකක්දෝ එකක් තියෙනවලු ඒකක් අරගෙන යමු කියලා. හැබැයි ඉතින් මමවත් මේ ගැන දන්නේ නැති නිසා ශා-කවී ටීච තමා ඒ ගැන අපිට විස්තර කියලා දුන්නේ.  මටත් ඉතින් තියෙන අර මොකක්දෝ ඇම්ම නිසා මමත් ඉතින් කට ඇරගෙන ඒක අහගෙන හිතේ ධාරණය කොර ගත්තා. 

ඉතින් ඔන්න මමයි ෂානි ටීචයි අපේ ඉස්කෝලේ ස්වේච්චාවෙන් උගන්නන නිරලා නංගියි 3 දෙනාම ඉස්කෝලේ ඇරිලා ෆාමසිය පැත්තට ගාටනවා. මෙන්න බොලේ ෂානි ටීච පස්ස ගහනවා.  

"සංජු ඔයා ඉල්ලන්න මට ලැජ්ජයි"

ඔන්න ඉතින් මට සුද්ධ සිංහල වචන කිහිපයක් කටට ආවේ ඒ වෙලාවේය.  ඔක්කොම ඉවර වෙලා අන්තිම අවස්ථාවෙදි කිව්ව කතාව. දැන් එතකොට මේ කසාද බදින්න හිතලවත් නැති මම ෆාමසියට ගිහින් නිවසේදි ගර්භණී බව පරීක්ෂා කරන කට්ටලය ඉල්ලන්න ඕනේ. කටට ආපු හොදම කුණුහරුප ටික ගිලගෙන මම ෆාමසිය අස්සට ගියා. අර දෙන්නත් මගේ පස්සෙන් ආවා. 

පහුගිය ටිකේ වෛරස් බැක්ටීරියා මාත් එක්ක කාමරයෙ ඉන්න ආව නිසා මම නිතරම වගේ පහුගිය දවස්වල ෆාමසිය ආශ්‍රය කලා. ඉතින් මුදලාලි මාව දැක්ක ගමන් "ටීච මොනාද ඕනේ?" ඇහුවා.  

මමත් ඉතින් ආව ගොන්කම කියලා මටම හිතින් බැන බැන ඇහුවා "මුදලාලි අර ප්‍රෙග්නන්සි ටෙස්ට් කරන ස්ට්‍රයිප්ස් තියෙනවද?" කියලා. 

රාක්කෙ අස්සට ඔළුව දාපු මුදලාලි ඒ පැකට් එකක්ම මේසෙ උඩට දැම්මා. මමත් අතෑරියේ නෑ ෂානි ටීච පැත්තට හැරුණා. මහ හයියෙන් ෆාමසියම දෙදරන්න ෂානිව ඇමතුවා.

"ෂානී මේ තියෙන්නේ ඔන්න ගන්න"  

ඔන්න එතකොට ෂානි ටීචත් ආව ලගට.  එයා ගත්තා පැකට් එකක් දෙපැත්ත හැරෙව්වා. පාවිච්චි කරන විදිය ඔක්කොම පැකට්ටුවේ තියෙනව මම දැක්කා. ෂානි මගේ දිහාට හැරුණා. 

"හානේ මම හිතුවෙ නෑ මේවා මෙහේ තියෙයි කියලා"  

ඉන්පසු ඇය ෆාමසියේ නාකිම නාකි මුදලාලි දිහාට හැරුණා. 

"මුදලාලි මේක පාවිච්චි කරන්නේ කොහොමද?" 

මුදලාකි අංකල් පට්ට අමාරුවක වැටුනේය. හේ දෙමළය. එය පාවිච්චි කරන අයුරු කියා දෙන්නට ඔහු දන්නා සිංහල මදිය. මම ෂානි ට ඇන්නෙමි.  

"ඈ බොල ** තොට පේන්නේ නැද්ද ඔය කවරෙ පාවිච්චි කරන හැටි රූප සටහන් වලින්ම ගහල තියෙනව?"

"ආහ් දැන්නේ දැක්කෙ"

අනේ ඉතින් මේවාට කියන්නට මට මරු හරුප කටට එයි. අමාරුවෙන් මම කට වසාගෙන සිටියෙමි. බස් එකේ වාඩි වී දරු පැටියෙකු ගැන ආසාවටවත් හීන දකින්නට අවසර නැති මම මේ ගත්ත අටමගුලෙන් පරීක්ෂණය කරන අයුරු ඇයට පැහැදිලි කර දුනිමි. නිරලා නංගි අත් දෙකින්ම කට වසාගෙන සිනා සෙයි. මට තද වී ඇති බව ඇයට තේරුණි. 

කමක් නැත. ඉංග්‍රීසි කියවා ගන්න බැරි කමක් ඇතැයි සිතා මම කතාව අමතක කලෙමි. නමුත් මා දැන් එක දෙයක් ගැන අතිශය සතුටු වෙමි. ඒ මම ඒ අවස්ථාවේදී ෂානි සමග උපත් පාලන කොපු මිලදී නොගත් නිසාය. හලේ මේ උන්දෑ අර වයසක මනුෂ්‍යයාගෙන් ඒවා පාවිච්චි කරන හැටිත් ඇසුවා නම් මම මොන දෙයියන්ට කියන්නද?  

Comments

  1. ඊයා අක්කත් වල් වේගෙන එනවද මන්දා... නිරලා නංගිටත් හොඳ පාඩම් මෙව්වා... පන්ඩිත කමට වැඩිහිටියෝ අස්සේ රිංගන්න යනවා... මං කිව්වයි කියපිය. ඒකි මාව දන්නවා. නිරලා නෙවේ කිරලා....

    ReplyDelete
  2. අපිනම් කියෙවුවේ නෑ.. තාම පොඩියී නෙ...

    ReplyDelete
  3. මට ත් ඔහොම මාර වැඩක් වුනා පොඩි කාලෙ..එතකොට 9 වසරෙ විතර ඇති.මම ඉන්නව බස් හොල්ට් එකෙ ලොකුඅම්මලගෙ ගෙදර යන්න.ටවුමෙ ෆාමසියෙ පෙට්ටියක් හයි කරල තිබ්බ එළියෙ..ඔක දිහා බලාගෙන පිරිමි ටිකක් කියනව හරි වටිනව කාට වුනත් රැක ෆාමසිය වහල තිබ්බත් ගන්න පුලුවන් නේ පෙට්ටියට සල්ලි දාල කියල..
    මම හිතුව ෆාමසිය වහපු වෙලාවක මිනිස්සුන්ට සල්ලි දාල බෙහෙත් ගන්න පුලුවන් කියල මේ පෙට්ටියෙන්..මටත් ඉතින් මාර නිව්ස් එක..වීරය වගෙ ලොකු අම්මලගෙ ගෙදර ගිය ගමන් කිව්ව..
    පස්සෙ එහෙ අක්කත් එක්ක ටවුන් එකට ගියාම ඇඳගෙන ගියා පෙට්ටිය පෙන්වන්න.මොන ලඟට ගියා විතරයි අක්ක රැව්ව රැවිල්ලක් ගියාට වඩා වෙගෙන් මාත් ඇඳගෙන ආව.යාන්තමට කොල්ල එතකොට දැක්ක පෙට්ටියෙ උඩ ගහල තියෙනව අර මොකද්ද මුද්‍රාව ඇගිලි වලින් පෙන්නල "ප්‍රීති" කියල. 9 වසරෙ උන්නට කොල්ලට එවලෙම මීටර් වුනා.ඒත් මම නම් මොකුත් දන්නෙ නැති විදිහට ඇස් දෙක හදල බබා වගෙ හිටිය.

    ReplyDelete
  4. අපෝ මාර ඇණයක්නෙ අර බෑදපු යාලුවා.බොරුවට බබා වෙන්න හදනවද කොහෙද?ඔයාටත් මාර වෑඩ වෙන්නෙ හික්z...

    ReplyDelete
  5. අපොයි සංජු ටීචර්... පේන විදිහට ඔක්කොම මරාල ඩයල් ටිකක්නෙ ආශ්‍රය කරන්න වෙලා තියෙන්නෙ....

    ReplyDelete
  6. ඉකේ....අහිංසක අපිව නරක් කරනව නේ..බදින්න තාම හිතලවත් නෑ..
    බැන්දට පස්සේ ඉතින් ගෑනු පරානෙට ඔව්වා හොය හොය යන්න වේවිද දන්නේ නෑ...
    එහෙම වෙන්න කලින් සංජු ටීචර් වගේ යාලුවෙක් නෝනට තියා ගන්න කියන්න ඕනා...

    ReplyDelete
  7. අනේ..අනේ..මරු යලුවා..කසාද නොබෑදපු ගෑනු ලමයෙකුට කියල ඔව ගන්නවද...කසාද බෑදපු නොනලගෙ බොරු ගොන් පාට්..ම්ට පස්සෙ ඔය වගෙ අලි බබා ලට අහු වෙන්න එපා..

    ReplyDelete
  8. අටමගුලෙන් පරීක්ෂණය කරන අයුරු ඇයට පැහැදිලි කර දුන්නේ කොසු මිටක් ආදර්ශකය ලෙස යොදාගෙනද ? හෆොයි

    ReplyDelete
  9. අනේ අපොය්.... ඔන්න මමනං මේ ලිපිය දැක්කෙවත් නෑ..... :D

    ReplyDelete
  10. බොල මාලු : හා මම කියන්නම්......! ඒකිත් පොඩි නෑ 84 උපන් එකියක්.... උඹට අක්කා මයෙ හිතෙ

    ReplyDelete
  11. පැන්ඩ්ස් : ඉකේයියා .......තව පොඩ්ඩෙන් ගුටි තමා.

    ReplyDelete
  12. නදී : අනේ ඔව් අප්පා.... කියවන්නේ නෑ ටීවී වල බල්ලෙත් කුණු නාට්ටි ටික විතරයි ඉතින් මේ ලෝකෙ දෙයක් දන්නෙ නෑ.

    ReplyDelete
  13. සාතන් : හලේ ඔව් .... මේකෙත් අපිට සාතන්ලනෙ ආස්සරේ කරන්න වෙලා තියෙන්නේ

    ReplyDelete
  14. රතා: මල්ලි මේ....... කෙල්ලට උගන්නවලා ගනින් අනික් කෙල්ලන්ට ඇණයක් නොවී ඉන්න හැටි. නැත්නම් ඉකේයියා කියයි

    ReplyDelete
  15. සමනලී : අනේ මම අහු වෙන්නෙම ඔහොම ඒවට තමා. හලේ.... අපි බයේ හිටියේ ෂානි ටීච හනිමූන් ගිහින් රෑ අපිට කෝල් කරයි කියලා

    ReplyDelete
  16. මකරා : කොසුමිට ආදර්ශයට ගන්න විදියක් නෑ ඒ වර්ගය නෙවෙයිනේ කඩෙන් ගත්තෙ. මේක මූත්‍රා පරීක්ෂා කරන විදියක්

    ReplyDelete
  17. චන්දික : ඕං එහෙනම් ඒකත් හරි ඈ !

    ReplyDelete
  18. බබාල හම්බෙන්නෙ කොහොමද අක්කේ?

    ReplyDelete
  19. සත්සර : මෙහෙමයි මල්ලි ඔයාට බබෙක් ඕනි නම් බබෙක් ඕනි කියලා ඔයාගෙ ලිපිනය ලියලා තැපැල් පෙට්ටියකට පෝස්ට් කාඩ් එකක් දැම්මම ඇති. අවුරුද්දක් විතර ඇතුලත කොකෙක් ඔයාට බබෙක් ගෙනත් දෙයි.

    ReplyDelete
  20. මං ඉස්සර හිතාගෙන හිටියෙ ඕක ඇන්ටිලාට හැදෙන ලෙඩක් කියල lol

    ReplyDelete
  21. කථාවට වඩා Comments ටික හොඳයි වගේ

    ReplyDelete
  22. ගුණේ අයියා : සමහර කතා වලට එහෙම වෙනවනෙ

    ReplyDelete
  23. දිගු දෑසෙ බැල්ම ඔබගේ..., ඇයි සොඳුරු ඔය හැටී....

    ReplyDelete
  24. ඈහ්!!!!!! නෙවේ, දිගු දෑසෙ බැල්ම ඔබගේ..., ඇයි සොඳුරු ඔය හැටී....?

    ReplyDelete
  25. අර උඩ පොටෝ එකේ කෙල්ල ගැන මම දන්නේ නෑ මල්ලි :(

    ReplyDelete
  26. අඃ! මං හිතුවෙ ඒ සංජු අක්ක කියල... :D

    ReplyDelete
  27. ටී.බී.හේරත් : The requested URL /_wNErivwXBBU/TRJAiiSDRwI/AAAAAAAAAC0/xupMVnei8_c/S220-h/me.jpg/ was not found on this server. That’s all we know. හික් හික් ඕන් අපි දන්නේ නෑ හරිය?

    ReplyDelete
  28. මෙන්න මේ ලින්ක් එක, අරකෙ URL එකේ කැල්ලක් අඩුවෙනුයි ඇවිත් තියෙන්නෙ. කෙටියෙන්ම කීවොත්, ඔයගෙ ප්‍රොෆයිල් පින්තූරෙ... :D

    http://2.bp.blogspot.com/_wNErivwXBBU/TRJAiiSDRwI/AAAAAAAAAC0/xupMVnei8_c/S220-h/me.jpg

    ReplyDelete
  29. තැන්කූ තැන්කූ (ඕක එක පාර කිව්වනම් ඉවරනේ)

    ReplyDelete
  30. :D එතකොට ගතියක් නෑනෙ...

    ReplyDelete
  31. ග‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්රර්

    ReplyDelete
  32. ගතියත් එක්ක පොඩි කිතියක් ආවද ඔයාට :D

    ReplyDelete
  33. ගතිය ආවෙ ඔයාටනේ මල්ලි කිතියත් ඉතින් ඔයාටම තමා

    ReplyDelete
  34. ඒ උනාට සද්දෙ ආවෙ ඔයාගෙන් :D
    ඔයත් ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂන ආයතනයේ(SLIIT) හිටිය ද?

    ReplyDelete
  35. මාර නෝන්ඩි වැඩේනේ... කිව්වත් වගේ හොඳ වෙලාවට අර අන්තිමට කියපු එක මුදලාලිගෙන් ඇහුවේ නැත්තේ... නැත්නම් මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ.... මේ ඔයා අවුරුදු උත්සවයට එනවැයි??????????

    ReplyDelete
  36. කොට්ස් : එනවා එනවා ඔයත් එනවා නේද සුදා????

    ReplyDelete
  37. එනවෝ..... :D

    ReplyDelete
  38. තාරා : ඕන් බලන්න ඉතින් මට ඉන්න යාලුවෝ

    ReplyDelete
  39. පෝස්ට් එක නම් හොඳයි, ඒත් සංජු ටීචර් අක්කේ කුනුහරප දන්නවා කියලා ලෝකෙටම කියන එක නම් වීරකමක් නම් නෙවෙයි! ඒකෙන් මැනෙන්නේ ඔයාගේ තත්වය තමයි. ඒ නිසා ඒ වගේ දේවල් නොදා ඉන්නවා නම් ඔයාටම තමයි හොඳයි! තරහා වෙන්න එපා එහෙම කිව්වට හොඳද!

    ReplyDelete
  40. මාස්ටර්: අනේ නෑ මල්ලි එක එක්කෙනා දන්න කුණුහරුප වෙනස් නේ... සමහර විට මම කුණුහරුප කියන ජාතිය තව කෙනෙකුට කුණුහරුප නොවෙන්න පුළුවන්.

    ReplyDelete
  41. @සංජු
    දැන් ඔයාට සාපේක්ෂව මේක කුණුහරුපයක් නෙවේ ද?

    ReplyDelete
  42. මේක කුණුහරුපයක් විදියට පේන කෙනෙක් ඉන්නව නම් මනුස්සයෙකුගේ උපත කුනුහරුපයක් විදියට දකින කෙනෙක් වෙන්න ඕනේ. මොකද මේ දේවල් මේ ලෝකේ සිද්ධ වෙන දේවල් නිසා

    ReplyDelete
  43. එතකොට ඔයාට සාපේක්ෂව මේක කුනුහරපයක් නෙවේ ද?
    ඒ වගේම ලෝකෙ සිද්ධ වෙන ඕනම දෙයක් ඕනෙම තැනක කතා කරාට අවුලකුත් නැද්ද?
    එහෙමද?

    ReplyDelete
  44. කරුණාකරලා මේකේ කුනුහරුපයක් වෙන කොටස කොයි එකද කියලා පෙන්නලා දෙන්න පුළුවන් ද????

    ReplyDelete
  45. දැන් ඉස්සරලා ඔයාම කියපු විදියට, කුණුහරුපයක් කියන එක පුද්ගලානුබද්ධයි. ඒ කියන්නෙ එක්කෙනෙකුට කුණුහරුපයක් වෙන දෙයක් තවත් කෙනෙකුට කුණුහරුපයක් නොවෙන්න පුළුවන්. ඒ හින්ද වෙන කෙනෙක් මෙන්න මේ කොටස කුණුහරුපයක් කියල පෙන්නල දුන්නට ඒක ඔයාට සාපේක්ෂව කුණුහරුපයක් නොවෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට සාපේක්ෂව මේකෙ කුණුහරුප නැත්නම් ප්‍රශ්ණයක් නෑ. එතකොට අර Master සහෝ කීව කාරනෙත් ගැටළුවක් ඇතිවෙන්නෙ නෑ.

    ReplyDelete
  46. මොකෝ අවුල???
    කුනුහබ්බ බලන්න...එන්න මගේ බ්ලොග් එකට...ඇවිල්ලා ඕක කියලා යන්න,, :)
    අන්න මම පිලි ගන්නවා..මගේ රටේ මම කුනුහබ්බ කියනවා කියලා...ස්තූති පැමිනියාට

    ReplyDelete
  47. මුදලාලි මාර අමාරුවක වැටෙන්න ඇත්තෙ

    ReplyDelete
  48. අනේ මන්ද . . . මට නං මේකෙ කිසිම කුනුහරුපයක් පේන්නෙ නෑ . . . ඔන්න සංජු අඹ ගහක් පෙන්නල ඒකට පොල් ගහක් කියනව නං . . . මම හිතන හැටියට ඒක කුනුහරුපයක්.
    තව දෙයක් . . . .
    ඔය වගේ සුලු දේවල් කුනුහරුප හැටියට සලකලා බොරුවට ඇඹරෙන අය ඉන්න නිසා තමයි . . . අද කාලෙ මෙච්චර නීති විරෝදී ගබ්සා කිරීම්, සමාජ රෝග වගේ ඒව වැඩිවෙලා තියෙන්නෙ. කෙල්ලො කොල්ලො ලැජ්ජයි ෆාමසියට ගිහිල්ල කොන්ඩොම් පැකට් එකක් ඉල්ලන්න, ඊ.සී.පී. ඉල්ලන්න . . . හැබැයි ඔය මොකුත් නැතුව මහ කෙලිය කරන්න නං ඔය ලැජ්ජාව බය මොකුත් නෑ . . . . ඊට පස්සෙ ප්‍රතිපලේ ආවම . . . "අනේ මං දන්නෙ නෑ මේක කොහොමද උනේ" කියල නිකං ලොකු එක පෙන්නනව.

    ප.ලි. සංජු, මම ලියල තියන ටික සැර වැඩි නං . . . අයිං කරල දාන්න . . .

    ReplyDelete
  49. මං කලින් දාපු ටීකාවත් දාල, මේ ටීකාවත් දාන්න. නැත්නම් මේ කථාව අසම්පූර්ණයි.

    ReplyDelete
  50. මුකුත් නොදන්න නිසා කට පියන් යමි.....

    ReplyDelete
  51. මම ඊයේ ඉදලා කල්පනා කලා මේකට ලියන්න දෙයක්... ඕනයා ලියලනෙ මම ලියන්න හිටිය හරිය.

    ඔන්න හේරත් ඔයාගෙ ටීකා එකක්වත් මම ඩිලීට් කලේනෑ.

    මගේ බ්ලොගේ කියවන්න එන අය මගේ බ්ලොගේ නමට යටින් තියෙන ටිකත් කියවලා එනවනම් මේ කතා මොකුත් වෙන්නෙ නෑ.

    ReplyDelete
  52. පිණිබිදු : ඔව් අප්පා ඒ මනුස්සයා මාරුවෙන් මාරුවට උඩයි බිමයි මගෙ මූනයි බලන්න පටන් ගත්තා.

    ReplyDelete
  53. මගේ අදහස නම් මේක හුගක් වැදගත් ලිපියක්.

    අනිත් අයගේ අදහස් ගැන කතා නොකරමි

    ReplyDelete
  54. @ සංජු,
    ස්තූතියි.
    ඔයාගෙ මූන නම් කාට උනත් බලන්න හිතෙනව...

    ReplyDelete
  55. සික් . . . සොරි වෙන්ඩෝනෙ . . . . ඒත් ඉතිං ලියල ඉවරනෙ "ගිය වචනෙයි ඇරපු ප*යි ආපහු ගන්න බෑ" කියනවනෙ . . .

    ප.ලි.
    ගොනෙක් පොල් පැලේ පැත්තට හැරෙන බවක් දැනේ . . . .

    ReplyDelete
  56. ඕනයා: හික් හික් මම ලිව්වනම් ඔයිට වඩා සැර උත්තරයක් ලියවෙන්නෙ. ඕක හොදා!

    ප.ලි.
    වුවමනා ගොනා නෑවිත් වෙන වෙන ගොන්නු ආවාට පොල් පැලේ හැරිලාවත් බලන්නේ නැත.

    (ඕනයා අයියාගෙ අක්කා එක්ක මම කතා කලා එදා. කොහෙද ඔයා බිසී නෙ සෑහෙන්න)

    ReplyDelete
  57. බිසී කියන්නෙ . . . සියලුම ප්‍රවාහන කටයුතු සඳහා ත්‍රීරෝද රතයක් අරගෙන ආවනෙ . . . අමතක උනා ඒක පදින්න වෙන්නෙත් මටමයි කියල . . . . ඊට අමතරව හාමිනේගෙ ඇස් වහල ග්‍රවුන්ඩ් එක පිටිපස්සට යන්න තිබුන කීප සැරයක්ම . . . . . ඒ නිසා බොරුවටත් එක්ක දුව දුවා තමයි හිටියෙ . .

    ReplyDelete
  58. අපොයි දෙයියනේ! මේ තොත්ත බබා පාට් දාන කට්ටිය තමයි නියම හොර හිත තියෙන කට්ටිය. මේ කට්ටියත් එක්ක වැඩ වලට සෙට් වෙලා චාටර් වෙලා බේරුණා නම් ඒකත් ලොකු දෙයක්. මම ඔයා උනා නම් අහන්න ඕනේ වචන ගොඩක් ඇඟිලි තුඩු වලටම ආවට පස්සේ බ්‍රේක් කරගත්තා. නැත්තම් මේ කමෙන්ට් එක රජයේ වාරණයට ලක්වෙයි නොවැ. :D

    ReplyDelete
  59. ලොල් ලොල් ලොල් ලොල් ලොල් ලොල් ලොලේ ලොල්...................

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම