සයිබරේ අවුරුදු........!

එකමත් එක රටක සිටියලු                       මහත්තයෙක්
අමුතු අමුතු හීන පේන                             මහත්තයෙක්
පෙනී දිනක් මෙලොවෙත් නැති                      හීනයක්
නෝනා ඇහුවාලු හානේ                           මේ මක්කක්


බලහං නෝනෙ මට පේනා හීන                      ගොඩක්
මේ පාර නම් භයානකයි කොල්ලො               ගොඩක්
සමගින් තවත් සුදු ලස්සන කෙල්ලො             ගොඩක්
හැමෝ එක්ක එක අවුරුදු                          උත්සවයක්


ඇයි ද වදේ ඔහේට පිස්සුද                                 කියලා
නෝනා ඇහුවා මුණ කටත් ඇද                         කරලා
ගේ හදන්නෙ පොලීසියෙන්දැයි                        අහලා
නෝනා ගියා ගස්සන් තරහම                               වීලා


මහත්තයා ගත්තා                                          කොම්පීතරය
අකුරෙන් දෙකෙන් හීනයෙ තතු                          ගැහුවේය
තව තව අයට ඒ හීනෙම                                  පෙනුනේය
හීනය හැබෑ වී එන බව                                    පෙනුනේය


සංවිධාන මණ්ඩලයේ ලොට්                                    එකට
මහත්තයා බැස්සා වැඩ                                      කන්දකට
දැන්නම් වැඩ කරයි කට්ටිය ගන                              සැරට
දිනේ තැනක් එනවුන්ස් කෙරුවා                             යසට 


දිනය එන බක් මාසෙ තුන් වෙනිදා                                ය
හෙන්රි පේදිරිස් ක්‍රීඩා පිටියේ                                         ය
බ්ලොග් පිටු ගනන් මේ ගැන ලියවිලා                           ය
කට්ටිය ඔන්න දැන් ඇගිලිත් ගැන්නේ                          ය


දින දින ගත වෙවී තුන් වෙනිදත්                                ආවා
හතර වටින් එන කට්ටිය රොක්                                   වූවා
උණ බම්බුවක්වත් හොයන්න බැරි                             වූවා
ඒකත් නුවර ඉදලම අරගෙන                                     ආවා 


එනකොට දොරටුවේ පාල ලා මහ                         ගොඩකි
අබේ පාල එක්කල මඩ                                       පාලයෙකි
අනික් පැත්තෙ වැපා එක්ක සුදු                               පුවෙකි
සුදු දැකලා අපිට ආවෙ                                    කලන්තෙකි


හිමිදිරි පාන්දර වෙලාව නමයයි                                       ය
කට්ටිය සියල්ලම ගිනිරාමෙට                                          ය
හසී නගා, අහිංසකී බර වැඩ                                             ය
ඒ පස්සෙන් වැටුණු අපේ පසනා                                      ය


කොහොමින් කොහොම හෝ වැඩ ටික ඉවර            වුණේ
පටන් ගන්න වෙලාව දැන් ලංම                                වුණේ
රාජකාරී දේවකාරි තිතටම සිද්ධ                               වුණේ 
අමුත්තටත් ටිකට් කඩයි නතර                                  වුණේ 


පලවෙනි තරගෙ මිටර සීය                                 අයියලාගේ
තරගේ වීරයා පිටියට පැමිණි                                       රගේ
හතර වටින් චියර් ගොඩයි හරිම                                  අගේ
නොමිලේ මාර පැරදුම බැලුවාලු                                සගේ


සියළුම දෙනා ඇගිළි ගැන්න තරගේ                                  ය
ඒකට කියන්නේ බනිසක් කෑමක්                                       ය
කන උන්ගේ යහපත ගැන බැලුවේ                                    ය
අලුත් කාඩ් එක දැන් "සීනි බනිස්"                                     ය


 ඊගාවට කිරි කෑමේ තරගේ                                               ය
කිරී කා ඉවර වී තව ඒවා                                                 වීය
ජනනි නගා පිට්ටනියත් හැපුවා                                          ය
නිව්ඩේල් කිරට සාක්කි දුන් බළලෙක්                               ය


දැන් ඇරඹුනේ අපෙ ජාතික                                        ක්‍රීඩාව
තොප්පි දැමීමේ මහ                                                වාසනාව
මාරයටත් තොප්පි දැමූ                                              වෙලාව
පරෙස්සමින් බනියා හරි හපනා                                           ව


කට්ටිය ගොඩක් දැන් සබයට රොක්                            වෙනවා
දැකලා නැති අයත් මහ ගොඩකට                                  එනවා
මට හම්බුණා නොදුටුව යාලුවො                                  වෙනවා
ඔරලෝසුවත් හරි වේගෙන්                                  කැරකෙනවා

සාධාරණම තරගය දැන්                                       ඇරඹෙන්නේ
සුපිරිම පිලක් මේ දැන් පිටියට                                      එන්නේ
ඒ දැකලා ඉරිසියාවේ පණ                                            යන්නේ  
ඔක්කොම දුවල ගොස් කඹයේ                            එල්ලෙන්නේ

අවුරුදු කුමරාද කුමරිය                                          තෝරන්නේ
රටම දන්න අක්කියෙක්ය මේ                                     එන්නේ
වැඩකිඩ දමාලයි ඇය තෝරා                                     දෙන්නේ
සහයට දුකා අයියය එහි සෙට්                                   වෙන්නේ 

අවුරුදු උත්සවය පිට්ටනියේ                                        යන්නේ
එකා දෙන්නා පිටි පස්සට දිව                                      යන්නේ 
දුවලා ගිහින් ඩිකියකටයි පැන                                    ගන්නේ 
ඔබා මාමා අවුරුදු කුමරා                                          වෙන්නේ  

තරග සියල්ලම දැන්නම් හමාර                                             ය
ඊගාවට එන්නේ අපේ ඩීජේ                                                  ය
ඒ සමගම රසැති කේක් සුවදක්                                             ය 
මේ වෙලාව කාලා දැන් නටන්න                                         ය


කාල නටලා දැන් ඔක්කොම ඉවර                                  වුණේ
එකා දෙන්නා මාරු වෙලා යන්න                                   වුණේ  
එනපොට හොද නැතිය මාහට ද සිහි                              වුණේ 
ට ටා කියා ඔන්න මමත් විසික්                                       වුණේ  


සංවිධාන මණ්ඩලෙ හරි වැඩ                                             වීලු
ඒවා පසුව එකිනෙක එලියට                                              ඒලු
කිව්වොත් බලාගමු තර්ජන මහගොඩ                                   ලු
නිර්භය කෙනෙක් සයිබරයෙන්                             හොයනවලු


තබන තබන අඩියෙ බනිස්                                           පෑගේවා
අදින අදින වලියේ කඹ                                                ඇදේවා
බොන අරක්කු නැවතත් වමනය                                       වේවා
අභියට මෙවන් හීනත් යලි                                         පෙනේවා!


                                                         - සොරකම් කලේ චමිලගෙන්-











 

Comments

  1. ඔක්කොමත් හරි අන්තිම කවියේ අන්ති​ම පදේ නම් පට්ටයි....

    ReplyDelete
  2. "Posted by සංජු at 2:16 AM"
    අම්මප නගේ . . . . නගාටත් ටික ටික පාල මාමගෙ රෝගෙ වැලඳීගෙන එනවද කොහෙද .. . . . නැත්තං මේ මහරෑ දෙගොඩහරි ජාමේ නැගිටගෙන කවි ලියයි යෑ . . . . .
    ප.ලි. ඔබා අයිය අවුරුදු කුමාරයා නෙමේ . . . . අකාලයේ පැමිනි නත්තල් සීයා

    ReplyDelete
  3. සයිබරයේ සිහින උලෙල ගැන මෙන්න
    සංජු අක්කා රසබර කවි ලියමින්න
    මඩ සුටිටක් ගැහුවලු නෙම දැනෙන්නම
    සන්තොසයි හදුනාගන්නට ලැබුම...

    ReplyDelete
  4. ප්‍රසන්න : මම නම් අර අන්තිම එකට කලින් එකටත් ආසයි

    ReplyDelete
  5. තව පාරක් තියාවි නේද.............එල...!!

    ReplyDelete
  6. ඕනයා : ගත්තොත් ඉතින් ලියලම තමා පස්ස බලන්නෙ වෙලාව කීය වුණත්. තව සුට්ටෙන් ගුටි කනවා අම්මලා උදෙ 3 ට එලාම් එක තියල නැගිටලා.
    ප.ලි. මෙච්චර අවුරුදු කාලෙ නත්තල් සීයා කියන්නෙ අනේ කටපුරා කියන්නකො අවුරුදු කුමාරය කියල.

    ReplyDelete
  7. සුදු හංසි : තැන්කූ තැන්කූ මේ පැත්තේ ආවට. හික් හික් ඔයාට මේකෙ මඩ පේනවද සුදා?

    ReplyDelete
  8. නියම කවි ටික අක්කි

    ReplyDelete
  9. දින සති ගෙවී තවදිනයක් උදා උනා
    පෙර කල නොදුටු මිතුරුන් හා සතුටු උනා
    තව එක් දිනක් මේ ලෙසකට ඉවර උනා
    මතු යම් දිනක යලි අප එක්වන බව දැනුනා

    ReplyDelete
  10. නියමයි අක්කේ. මඩනම් මදිද මන්දා.........:D

    ReplyDelete
  11. චාටර් ඈ අහිංසක මටත් මඩ ගහලා :D

    ReplyDelete
  12. ලාවට ටොක්කක්? :D

    ReplyDelete
  13. හික් හික්!! නියම කවි ටික

    ReplyDelete
  14. ග්‍රීස් ගහේ කවුරුත් නැග්ගේ නැද්             ද
    නැව් කඹයක් එහෙම කැඩුවේ නැද්          ද
    කොට්ට පොරය හෙම ජයටම තිබුනා       ද
    අවුරුදු කුමාරිට ඇහැ තිබ්බේ කවුරුන්      ද

    ReplyDelete
  15. මරු කවි ටික... පට්ට... :D

    ReplyDelete
  16. අදනේ මේක දැක්කේ.. නියමයි :D

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම