බේබදු කතා ලියන්න පුලුවන් කොල්ලොන් ට විතරමද????

 
 
***මේක මම මාස 6 කට විතර කලින් මගේ කොමෙන්ටු මොඩරේටරේ නැතිව ලිව්ව කාලේ දාපු එකක්. හැබැයි දැන් ඒ ජිල්මාට් දන්න නිසා ආයෙත් පෝස්ට් කරනවා***
 
පහුගිය දවස්වල බ්ලොග් වල තිබ්බ අරක්කු, විස්කි, බ්‍රැන්ඩි, බියර්, කොරොනා, ටිකිලා, රක්ත නාම පත්‍ර, කාල නාම පත්‍ර, පරණ වෙච්ච එව්වා, වොඩ්කා ආදී එකී මෙකී නොකී ඇල්කොහොල් කතා කියවලා සංජු ටත් නිකන් වෙරි වගේ. සමහර බ්ලොග් ලගින් ගියත් ජීවන සුවදේ බෑ. ඉතින් ඔන්න සංජු ටත් ලිකර් නිසා සිද්ද වෙච්ච සීන් 2-3ක් ලියන්නයි හදන්නේ. 

 ඔන්න ඉතින් මම තුමී ඉස් ඉස්සෙල්ලාම මත්පැනක් කියලා කටේ ගෑවේ වයින් ටිකක්. ඒකත් මීගමුව පැත්තේ තිබුණ මගුල් ගෙදරකදි. කොහොමත් මෙහෙ නුවර පැත්තේ කාන්තා පාර්ශවය ටිකක් බොන්න හොර කරනවනේ. ඉතින් අපේ නැන්දා කෙනෙකුගේ දෙවනි ගමනකට මීගමු ගිය මේ ගමනෙදි අපේ කට්ටියටත් වයින් ලැබුනා. දැන් මේක මොකටද කියලා වට පිට බලනකොට හැමෝම මේක ටික ටික තොල ගානවා. මමත් ඉතින් වීදුරුව නහය ගාවට ගත්තා. අපේ අම්මා මට රවනවා. මේ වගේ වෙලාවක කවුද ඕවා ගනන් ගන්නේ. සුවදෙත් වැඩි අවුලක් නෑ. පොඩ්ඩක් තොලේ ගෑවා. රසෙත් අවුලක් නෑ. ඇදලා ඇරියා වීදුරුවම. "අම්මි මේක පැණි රසයි නේ. බීල බලන්නකෝ" 

අම්මි පොඩ්ඩක් නහය ලං කර සුවද පිලිබද ප්‍රශ්නයක් නිසා එය පසෙක තැබුවාය. ඉතින් මම තුමී ඒ වීදුරුවට ද වග කිව්වාය. අපේ අත්තම්මා... කොහොමත් බොන්නේ නෑ නෙ. ඉතින් ඒ වීදුරුවට වෙච්ච දේ ගැනත් අමුතුවෙන් ලියන්න වුවමනාවක් නැත. මොනවා උනත් මට එදා ලොකු ප්‍රශ්නයක් ඇති වුනි. "ඇයි අප්පේ වයින් මේ වගේ පුංචිම පුංචි වීදුරුවකට දෙන්නේ????"  මේ වෙනකොට නම් මගෙ වයස 13ක් නැත්නම් 12ක් විතර වෙන්න ඕනි. තවම මේ ප්‍රශ්නයට උත්තර හොයා ගන්න මට බැරි වුණා. තවමත් වයින් දෙන්නේ මේ විදියටමයි නේ...! :(

දෙවන සීන් එක වෙන්නේ මගේ යෙහෙලියකගේ විවාහ උත්සවයකදී ය. යෙහෙලිය මගේ විද්‍යා පීඨයේ බොක්කයි. උත්සවයට මා සමග සහභාගී උනේ මගේ විද්‍යාපීඨයේ අනික් බොක්කයි. මේ බොකු 3 එක් වූ විට එතන වෙන එකෙකුටවත් ඉන්නට බැරිය.  කරන්නේ ම ගුටි කන නසරානි වැඩමය. නමුත් ඒවා කර අසු නොවීමේ හැකියාවත් අපෙන් එකෙකුට දවසේ ශිෂ්‍යාව වන්නට ලැබුණ දාට නොදැනුවත්වම මුලු විද්‍යා පීඨයේම කෙල්ලන්ගේ හොර වැඩ තොග පිටින් "චන්දු" ට මාට්ටු වීමත් සාමාන්‍යයෙන් සිද්ධ වන දෙයකි. ඒ මාට්ටු වන්නේ ද අපි 3 දෙනා සහ අපි 3 දෙනාගේ කාමරවල එවුන් බේරී වීමත් විශේෂත්වයකි. ඇත්තටම ඒක හිතා මතා කරන්නක් නොවේ. නමුත් අන්තිමට මුලු කොලීජියෙන් ම බැනුම් අහන්නේ අපි 3 දෙනා සහ අපේ කාමර වල අනික් නසරානි ලා ටිකයි. "මුන් ඩී.එස්. වෙච්ච දවසට එකෙක්වත් පන්ති කට් කරන්නවත් හවස ඇක්ටිවිටි කට් කරන්නවත් එපා. දිය රෙද්ද පිටින් චන්දු ට මාට්ටු වෙන්නේ"

ඉතින් මේ මගුල් ගෙදර දා මගේ බොක්ක වන මේඝනා (මූ සහ අපේ අනික් බොක්කේ සුවාමි පුරුසයා මූණු පොතේ යාවජීව පදිංචිකාරයින් බැවින් මම දෙන්නාගේ නම් වෙනස් කරමි) සහ මම පැත්තකට වී විරිත්තාගෙන බලා සිටින විට අහක යන ලයින් එකක් අපේ පැත්තෙන් යන්නට පටන් ගත්තේය. ඒ මගුලේ දෙවන මනමාලයාය. දෙවන මනාලිය ඉස්කොලේ යන පොඩි එකියක් වීම නිසා පොර නන්නත්තාර වී සිටියේය. ඉතින් නන්නත්තාර වී සිටි මේ සහ මා දෙසට බුවා ගේ සිග්නල් වැටුණි. දැන් බුවාගේ ගමනාගමනය අප සිටින මේසය කේන්ද්‍ර කර ගනිමින් එක ලක්ශ්‍යයක සිට ගුරුත්ව කෙන්ද්‍රය වටා වේගයෙන් හතර අතට භ්‍රමනය හා පරිභ්‍රමනයකි. "සංජු අන්න අර පඹයා අපිට ලයින් දානවා"  හිකිස්.

උත්සවය ආරම්භ වී සුලු මොහොතකින් බයිට් සහ බීම ශාලව පුරා යන්නට පටන් ගත්තේය. බීම භාරව සිටියේ දෙවන මනමාල කුරුල්ලායි.   බුවා අප අසලට පැමින 2 ට නැවී "මිස් ලා මොනාද බොන්නේ??? හාර්ඩ් ලිකර් ගේන්න ද? නැත්නම් තව වයින් ටිකක්???" 

මේ මා දෙස බැලුවාය. "අනේ සංජු....."  

"බොල තෝ අපිත් එක්ක නේද යන්නේ? තොට වෙරි උණොත් මම කොහොමද තෝව අපේ වෑන් එකට ගෙනියන්නේ? අම්මලා බලයි මොකද කියලා" 

"අනේ සංජු..."

"බෑ බෑ.. බීපිය වයින් හරි ෂැම්පේන් හරි"  

"අනේ සංජු අම්මලා එක්ක අවොත් අපිට මේ වගේ  පිනා චාන්ස් එකක් ආයේ හම්බ වෙන්නේ නෑ නෙ. අනේ ටිකක් මචන් අදට විතරනෙ"   මේ නහයෙන් අඩයි. 

"හරි එහෙනම් බියර් එකක් බීපන්. හැබැයි බෝතලේම බොන්න ලෑස්ති වෙන්න එපා මරනවා තෝ කියවන්න එහෙම පටන් ගත්තොත්. හාඩ් ලිකර් දිහා නම් බලන්නවත් එපා" 

මේ ට සිංහ බීර බෝතලයක් ද අපිට වයින් රීෆිල් ද ලැබෙන්නට පටන් ගත්තේය. කෑ ගැහුවාට මේ ට බියර් බෝතලයේන් කාලක්වත් බී ගත නොහැකි විය. "මචන් මේවා රසයි කියලා හිතාගෙන හිටියට නිකන් කැරපොත්තෝ තම්බපු වතුර වගේ නෙ"  මම තුමීට නම් බියර් වල සුවදම ඇල්ලුවේ නැත. 

 මේ වන විට අර හාඩ් ලිකර් කිව්ව ඒවාද කරකෙන්නට පටන්ගෙන තිබුණි.

"සංජු.... අර බලපන්කො අරූ ගේ හාඩ් ලිකර්....!!!! බ්‍රැන්ඩියි, විස්කියි."
"ඇහ්.... බ්‍රැන්ඩි?? යකෝ ඒකත් හාඩ් ලිකර් එකක්ද? "
"අර කොට්ටෝරුවා හාඩ් ලිකර් කිව්වේ බ්‍රැන්ඩි වලට කියලා කලින් දන්නවා නම් මේ ජරාව බොන්නේ නැතුව ඒවා බොන්න තිබ්බා. "

අඩු වැඩි වශයෙන් සංජු විවිධ බ්‍රැන්ඩි වර්ග නම් ටෙස්ට් කර තිබේ. ඒ වෙඩින් කේක් සෑදීමේදි රසය සහ සුවද පරීක්ෂා කර භාවිතා කරන බ්‍රැන්ඩි ප්‍රමාණය තීරණය කිරීමටයි. ටෙස්ට් කර අවශ්‍ය ප්‍රමාණය ලබා ගත් පසු ඊලග වෙඩින් කේක් ටික හදන්නට නැවත් බාර් එකකට යන්නට සිදු වේ. ඉතුරුව තිබූ බ්‍රැන්ඩි ටික අතුරුදහන් ය. දවසක් මගේ කණ වැටුනේ අපේ අසල්වැසි ඒකනායක මාමා බ්‍රැන්ඩි පණුවන් ට ගුණ බව අපේ අම්මා සමග පවසන ආකාරයයි.  "අම්මපා මගේ ඉතුරු බ්‍රැන්ඩි බෝතලේට වෙච්ච දේ දැන් නේ තේරෙන්නේ"

ඊලග සීන් එක අපේම සහෝදරයෙකු ගේ විවාහ ගිවිස ගැනීමකි.  අපේ පිය පාර්ශවයේ සියලුම නෑයෝ ටික එක් වන හරිම සුන්දර වෙලාවක් තමා ඒ. ඉල ඇදෙන්න හිනා වෙන්න පුලුවන් සතුටින් ඉන්න ලැබෙන වෙලාවක්. 

 ඉතින් ඔන්න අපි මනමාලිගේ ගෙදර යනකොටම මේසෙ උඩ වතුර වීදුරුවයි දොඩම් යුශ වීදුරුවයි ෂැම්පේන් වීදුරුවයි 3 ම තියලා තමා මේසෙ හදලා තිබ්බේ. ඇතුලේ විවාහ ගිවිස ගැනීමේ වැඩ සිද්ධ වෙනවා අපි එලියේ. ඉවර වෙන පාටක් නෑ. අපි ඉතින් කතාවෙන් බහෙන් අර ෂැම්පේන් වීදුරුවට වග කිව්වා. අපේ නැන්දා, මම, අනෙක් කට්ටිය සේරම දැන් මේකට වග කියලා ඉවරයි. ඉතින් ඔන්න මනාල ජෝඩුව ආව එලියට අතන වතාවත් ඉවර කරලා. 

මෙන්න මුන් දෙන්නා අතේ අපි ඉවර කරපු විදියේ වීදුරු 2ක් තියෙනවා. ඉතින් මනාලියගේ සහෝදරයා ඇවිල්ලා වීදුරුවත් උස්සගෙන මොනවදෝ කියවන්න පටන් ගත්තා මයික් එකෙන්. අපේ මස්සිනා ට සීන් එක එන්ටර් විය. 

"යකෝ ටෝස්ට් කරන්නයි හදන්නේ. ගොඩයෝ රැළ තොපි ෂැම්පේන් ටික බීලා ඉවර කලා නේද?" 

විලි ලැජ්ජාවේ සන්තෝශයෙන් අපිව ටෝස්ට් වී ගියේය. මම තුමීට අයිඩියා එකක් පහළ විය. වතුර වීදුරුවෙන් ටිකක් ෂැම්පේන් වීදුරුවට හැලුණි. ෂැම්පේන් ටිකක් පාට කර ගන්නට දොඩම් යුශ වීදුරුවෙන් මේස හැදි 2ක් පමණ ෂැම්පේන් වීදුරුවට වැටුණි. ටෝස්ට් එකද නියමෙටම සිදු විය.

එදා නම් කන්නට දෙන විට රාත්‍රී 12 විය. බඩගින්න ඉවසා බැරිම තැන මම අපේ මාමාට කිට්ටු කර "මාමේ දැන් නම් බඩගිගිනියි. බියර් එකක් වත් බොමුද?" කී විට අපේ නැන්දා ද මට එකතු වූවාය. අපි දෙන්නා කන්න දෙන තෙක් සිංහ වංශයෙන් සිටියෙමු.  

අනික් දේවල් කෙසේ වෙතත් බීර බඩගින්න නිවා ගන්නට නම් සුදුසු බව එදා මම ඉගෙන ගතිමි. ඒත් විශාල ප්‍රමානයක් බොන්නට බැරිය. තොල ගෑම පමණි. මටද බියර් වල කැරපොතු වතුරේ රස දැනුණි. බඩගින්නට සහ කේන්තියට ටික ටික බිව්වෙමි. දෙමාපිය පාර්ශවයෙන් ද චෝදනා නැත. ඒත් එදා මාරම මාර දෙයක් දැන ගතිමි. අපේ මලයා අමද්‍යප බවයි. ඔක්කොම බියර් බොද්දී පොර බුව්වෙ සන්ක්වික් ය. එය එසේ වුණේ ගෑණිට බයේද අම්මලාය බයේද නැත්නම් පොර ඇත්තටම අමද්‍යප නිසා ද කියා දන්නේ අපේ මල්ලී පොරම පමණි. 


කෙල්ලන්ගේ බේබදු කතා අහවර ය. මීට වඩා අනුමත වන කෙල්ලෝ සිටින බව මම අසා තිබේ. මම තුමීට මෙයිට වඩා නම් අනුමත වීමට කිසිදු අදහසක් නැත. නමුත් ටෙස්ට් කිරීමේ ආශාව නම් ඇත. ඒ වෙරි වීමට නොව රස බැලීමටය. මෙච්චර පෙරේතකමේ වටවී බොන දේවල් වල රස බැලීමට පමණි.

Comments

  1. ජාතියක් හැටියට අද අප ඉතා කණගාටු විය යුතු අවස්ථාවකට එළඹ සිටිමු.
    විශේෂයෙන්ම අපගේ බොදුනු පරිසරයක් තුල හැදී වැඩෙන ජන සමාජය තුල මාතෘත්වයට ඇති උසස් ගරුත්වයද කෙලසාලන්නට අද වන විට බොහෝ විදේශීය බලවේග යොමුව ඇති යුගයක..මෙවන් සටහන් හරහා අපට පෙන්වන්නේ ඔවුන්ගේ ඒ දුෂ්ඨ උපක්‍රම කොතරම් දුරට සාරථක වී ඇතිද යන්න නොවේද..?

    ReplyDelete
  2. චුට්ට චුට්ට රහ බලන්න ගිහින් ඔය රහ බෑලීම පුරුද්දකට යයිද මන්ද?:)පුංචිම කාලෙ බඩේ අමාරුවකට අප්පච්චි බ්‍රෑන්ඩි තේ හෑන්දක් පෙව්ව මතකයි.මගේ බීමේ ඉතිහාසය අද වෙනකම් එච්චරමයි:).ආ... මමත් දෑකල තියනව බෝතලේ කටේ තියන් වතුර‍ වගේ ගුඩු ගුඩු ගාල බොන අය.

    ReplyDelete
  3. අපේ ට්‍රිපට සංජුව නම් ගෙන්න ගන්න එපා, මට අපේ බෝතල් ගැන බයයි :D

    ReplyDelete
  4. "මචන් මේවා රසයි කියලා හිතාගෙන හිටියට නිකන් කැරපොත්තෝ තම්බපු වතුර වගේ නෙ"....මේක තමා මරු කතාව...
    හි හි... සංජු ටීචර් සෑහෙන ඉදිරියෙන් නෙ ඉන්නෙ... ඔහොම කෙල්ලොත් ඉන්න ඕනෙ... අපේ චීචට ජයවේවා....!!!

    ReplyDelete
  5. වොඩ්කා හොඳයි දොඩම් යුෂ එක්ක.
    ජින් හොඳයි ලයිම් එක්ක.
    සේරටම වැඩිය විස්කි හොඳයි අයිස් කැට එක්ක.

    ReplyDelete
  6. අපෝ මහ ‍බේබද්දියක් නෙ කොල්ලො බොන ක‍තා ලියන එක නවත්තනව අද ඉදල

    ReplyDelete
  7. මාරයියා : ආයේ මොනව කියනවද? ලෙසටම කරලා තියෙන්නෙ වැඩේ!

    ReplyDelete
  8. හිෆෝ : හික් හික්

    ReplyDelete
  9. නදී : මොන පිස්සුද අවසාන වතාවට රහ බැලුවේ අවුරුද්දකට විතර කලින්....

    ReplyDelete
  10. සංජු . . . . ශික් . . . බොන්න එපා ඔය දහජරාව . . . . මමත් එක දවසක් ආසාවට කියල තාත්ත බීල වීදුරුවෙ අඩියෙ ඉතුරු වෙලා තිබුන ටිකක් බීල බැලුව . . . ඊක් . . . මට මතක් වෙනකොටත් වමනෙට වගේ . . . . අනේ මං දන්නෙ නෑ මේ මිනිස්සු කොහොම ඕව බොනවද කියල . . . . මගෙ බල්ලටවත් එපා ඔය ජරාව . . . .

    ReplyDelete
  11. දාන්ඩ කොමෙන්ට් එකක් වත් මිටිර් වෙන්නේ නැතො, දෙයියනේ මෙහේමත් කෙල්ලො ඉන්නවද ?? (api paw)

    ReplyDelete
  12. මම අවසාන වතාවට රහ බලන්නෙ තව ටිකකින් (හැබැයි බියර් එකක් තමා ඉතිං)

    ReplyDelete
  13. රංග අයියා : මගේ බ්ලොග් එක ආයෙත් ලියන්න පටන් ගන්න ආස කරවපු මගේ ලෝකයාගේ පළවෙනි කොමෙන්ටුව. මේ පැත්තේ ආවට ස්තූතියි.

    බෑ බෑ...........බෑ ඔන්න කොහොමත් බෑ මම ඔය ට්‍රිප් එකට නම් කොහොම හරි එනවමයි

    ReplyDelete
  14. බේබද්දියෙක්නේ බොල බලාගෙන ගියාම.. :D :D :D

    ReplyDelete
  15. තාරා: සමහර දේවල් කරලා බලන්නම ඕනි රගේ දැනෙන්න.

    ReplyDelete
  16. කාකා : මට ආසා ටෙස්ට් කීපයක් ම තියෙනවා තාම බීලා නෑ ජීවිතේට බොන්න ලැබෙයිද දන්නෙත් නෑ. කියලා බැණුම් අහන්න වෙන නිසා නොකියා ඉන්නම්

    ReplyDelete
  17. ඉසුරු : කතා ලියන එක දිගටම කරන්න හැබැයි පුළුවන් නම් බොන එක නවත්තන්න

    ReplyDelete
  18. ඕනයා අයියා : මේ ඔයාමද? කෝ බලන්න.... වෙන්න බෑ... වෙන්නම බෑ... එතකොට අර ඩිකිය අස්සේ රිංගුවේ ඔයාගෙ මල්ලිද?

    ReplyDelete
  19. රංග අයියා : බොන්න එපා... දැන් ඇති.

    ReplyDelete
  20. චතුවා : මේවට බේබද්දියෝ කියනවනම් ඉතින්..... අපේ ඉස්කෝලෙ ළමයෙකුගෙ අම්මා කෙනෙක් ඉන්නවා ඉස්කෝලෙ එන්නෙත් ලෙසටම අනුමත වෙලා. කසිප්පු ගද එන්නෙ .... අපි ඉතින් එන්න කියන්නෙත් නෑ

    ReplyDelete
  21. අපිත් දවසක සෙට් වෙමුද සංජු අක්කේ

    ReplyDelete
  22. ඩිලාන් : බෑ බෑ.... කිසිම සෙට් වීමක් නෑ. සෙට් වෙන කට්ටියවත් ඩිස්මිස් කරන්නයි ඕනි

    ReplyDelete
  23. අඩේ ඕනයා..උඹ තමයි බං නියම දරුවෙකුට ඉන්නේ...මෙතන..අන්න ගන්නවනං ආදර්ශ...

    ReplyDelete
  24. මාරයා ඕනයා : පුහ්....!!!!!

    ReplyDelete
  25. අපේ අප්පොච්චියේ, අනේ කාලේ වනේ වාසේ කිවුවලු.... :D

    ReplyDelete
  26. මට මේ පොස්ට් එකට කමෙන්ට් එකක් හිතට එන්නේ නැතිව ගියා අර ඕනයාගේ කමෙන්ට් එක දැක්කට පස්සේ.

    ReplyDelete
  27. මමත් නම් ආසයි දවසක වෙරිම වෙලා බලන්න ...එකෙත් හැටි කොහොමද බලන්න.... සංජු අක්කා නම් ලකී.... මට බියර් නම් එච්චර අල්ලන් නැ සුවද... ශැම්පෙන් නම් ටිකක්...ටිකක්...

    ReplyDelete
  28. පමන දැනගෙන අනුමත වෙනවානම් ගෑනුඅය අනුමත වුනාම මක් වෙනවාද?

    ReplyDelete
  29. ශාමින්ද : ඔන්න ඔහෙ කමක් නෑ

    ReplyDelete
  30. නිම්ශා : වෙරිම වෙලා බලන්න හිතන්නවත් එපා ඒක හරි දුකක්

    ReplyDelete
  31. රොශාන් : නෑ නෑ පමණ දැනගෙනවත් අනුමත වෙන්න බෑ එතකොට මහත්තුරු ගැන බලන්න කෙනෙක් නැති වෙනවා

    ReplyDelete
  32. කවුරු මොනවා කිව්වත් බොන එක මහා ලොකුවට ගුන වැනුම් කරන්න තරම් දෙයක් කියල මමනම් හිතන්නෙ නෑ.. බීම නිසා හිමි වෙච්ච දේවල් වලට වඩා මටනම් අහිමි වෙච්ච දේවල් වැඩියි..බිබී ඉදල බීම නැවැත්තුවම හිටිය බේබදු යාලුවො ටිකත් කොහෙද කියල හොයාගන්න නෑ.. අයෙමත් බෝතලේ කටේ තියන් නන්නත්තාර වෙන්න අදහසක් මගෙ නම් නෑ.. මොනව උනත් ඒකට ඇබ්බැහි වෙන ගතියක් නම් තියනවා උපරීමව.. ඇයි බොන්නෙ කියල ඇහුවොත් දෙන්න පැහෙදිලි උත්තරේකුත් නෑ.. ගොන් කතා ටිකක් කියල අහපු එකාව බයිට් කරන්නනම් පුලුවන්.. බොන්න පුලුවන් බෝතල් ගාන වැඩි උනා කියල කවුරුත් පොරවල් වෙන්නෙත් නෑ.. මමත් කුඩු ඇරෙන්න අනිත් හැමදේම පදමටත් ඒහා ඇරන් තියෙනවා.. අවුරුදු ගානක් තිස්සෙ.. අයෙ හන්ගන්න දෙයක් නෑ.. ආතල් ආතල් කියල කීවට ඒකෙ ඔය කියන තරම් ආතල් එකක් නෑ නේද?

    ReplyDelete
  33. සුදර්ෂන : ඒ කතාවට නම් මම 200%ක් එකග වෙනවා

    ReplyDelete
  34. අනේ මෙහෙමත් බේබද්දියෝ.....
    හැමදාම වගේ විවෘතව ලිපියක් ලිව්ව එක ගැන නම් සතු‍ටුයි
    හැබැයි බේබදු වෙන්නේ එහෙම නෑ ඔන්න........

    ReplyDelete
  35. නෙළුමා : අනේ නෑ මල්ලි එහෙම නෑ.... මට දා ගන්න වෙස්මූණක් නෑ මල්ලි මේ මමමයි.

    ReplyDelete
  36. අක්කලා කස්ටියක් බීල වගේ ...මට මේ ලඟින් යනකොට සුවඳක් ආවා ඒකයි බැලුවේ

    ReplyDelete
  37. හුදකලා යාත්‍රිකයා : වෙන උපහැරණයක් කටට ආවේ නෑ

    ReplyDelete
  38. කෙවින් පෙරේරා : ඔයාගෙ කමෙන්ට් එකට ස්තූතියි ඒක පබ්ලිශ් කරන්නේ නැත්තේ එකේ ඉන්න එක කොටසක් ඇවිල්ලා එහෙම කිව්ව එකට මෙතන වලියක් අදින නිසයි. දන්නවනෙ කවුද කියලා. ;)

    ReplyDelete
  39. අඩේ මගෙත් තියේ රස කථාවක් ලියන්නම්කො ඉක්මනටම :D

    ReplyDelete
  40. අඩේ අප්පේ මේ කෙල්ලෝ බොන එකටනම් මම සම්පුර්නයෙන් විරුද්දයි,මොකද අපි බොන කොට වයිපරේ ඉන්න ඔන ෆුල් ඇලට් එකේ පොඩ්ඩක් වෑඩි වුනොත් ඇදට ගෙනහුන් දාන්න.හදිසියට බයිට් එකක් දාලා දෙන්න වගේ වෑඩ වලට හප්පා ගෑනිත් බීවා කියන්නේ අපට තමයි පාඩුව....
    බොන් නෑති උන්ට බොන ලිපි වලට කොමෙන්ට දාන්න බෑ මට හිතෙන විදියට බොන උන්ට ආතල් නිසා තමයි අපි බොන්නේ ආතල් නෑති අය නොබි හිටියට කමකුත් නෑ.හෑබයි බොන් නෑ කියලා හෝ බොනවා කියලා සිරා ඩයල් නම් වෙන් නෑ..

    ReplyDelete
  41. අපෝ.. මදි මදි.. හොදටම මදි.... බස් එකේ කිව්ව විදියට මම හිතුවෙ ටැප් වෙන්න ගහපු සීන් එකක් කියලා....

    ReplyDelete
  42. ගෝලබාලයෙක් මේක දැක්ක නම් තමා වැඩේ :P

    ReplyDelete
  43. මේ දවස්වල සෑහෙන්න වැඩ අප්පා.. මම දෙන්නං හොඳ කොක්ටේල් රෙසිපියක් පස්සෙ..

    ReplyDelete
  44. බොරු මොකටද අක්කේ මටනම් මේක කියවලා අක්කගේ බ්ලොග් එක කියවන්නත් එපා උනා.

    ReplyDelete
  45. හප්පා මේ අය බොනවනෙ..

    එක පාරක් අපිත් ටෝස්ට් එකකට වග කියනව වගකිව යුතු පුද්ගලයෙක් ඉඳල කනට දෙකක් ඔන්න මෙන්න දීලා බේර ගත්තෙ නැත්තන්.

    ඔය ඕනය බොන්නෑලු. කසිප්පු හොයා ගත්ත වැද්දා බොන්නෙත් නෑලු.

    ReplyDelete
  46. මුලින් ටෙස්ට් කරලා බය නැති කර ගන්න. එතකොට ඕන වුන දවසට වැටෙන්න බොන්න පුලුවන්.

    ReplyDelete
  47. This comment has been removed by the author.

    ReplyDelete
  48. සංජු ටීචර් මාරයිනෙ... මේ වගේ කෙල්ලො හින්ද තමයි අපිට තැනක් නැතිවෙලා තියෙන්නෙ...
    කොහොම බොනවද මන්ද වයින් එහෙම... ඔය වයින් දෙන පාටි නම්.. ආපෝ... වෙරි වෙන්නෙත් නෑ.. විස්කි බ්‍රැන්ඩි වගේ මොනාහරි දුන්නනම් සැරයි කියල නොබල බොනවනෙ...

    ReplyDelete
  49. හසී : බොන කතා නම් ලියන්න එපා ඔයාට බ්ලොගේ වහන්න වෙයි

    ReplyDelete
  50. සංජු ගෙ මල්ලි ආතල් එකේ ස්මර්නොෆ් එකක් සන්ක්වික් එක්ක ගහල වගේ.....

    ReplyDelete
  51. අසංක : මම අර රොශන් ගෙ කමෙන්ට් එකට දුන්න උත්තරේ දැක්කද? ඒක තමා මට ඔයාටත් දෙන්න තියෙන්නේ. ;) මේකෙ කොහෙවත් තියෙනවද මම වුවමනාවෙන්ම වැටෙන්න බිව්වා කියලා???

    ReplyDelete
  52. නවියා : පිස්සු කතා කරන්න එපා. මේකත් ජාතික විරෝධී වැඩක් නෙවෙ

    ReplyDelete
  53. හරී අක්කා : මම නම් හිතන්නෙ නෑ ඇත්ත ලියන එකේ වැරැද්දක්.... ගෝලබාලයෙක් දැක්කත් අවුලක් වෙන එකක් නෑ අක්කේ ඒකා මොලෙන් කල්පනා කරලා මේක කියවනවනම්. මෝඩයෙක් වගේ කියෙව්වොත් නම් ඉතින් මේක තේරුම් ගන්නෙ වැරදියට

    ReplyDelete
  54. වැම්පයර් : අනේ එපා ඔය බේබද්දෝ ටිකත් ඔය වැඩේ නවත්තනවනම් මම කැමතියි

    ReplyDelete
  55. කුරුං ගුරුං : ඒක ඔයාගෙ කැමැත්තක් මල්ලි.

    ReplyDelete
  56. පිටා : වෙන්න ඇති ඕනයා ගෙ නෝනා මහත්තයා අවුරුදු උත්සවේ රවාගෙන හිටිය රැවිල්ලෙන්ම මට තේරුණා ඕනයා කටේවත් තියන්නෙ නෑ කියලා

    ReplyDelete
  57. රෝයි : පුරුදු වෙන්න නම් කිසිම වුවමනාවක් නෑ. පුරුදු වුනා කියලා මොනවද ලැබෙන්නේ????

    ReplyDelete
  58. ඉස්ටෝරීස් ටික ඉන්ට්‍රෙස්ටින් ය. බියර්, ෂැම්පේන්, බ්‍රැන්ඩි, අරවා මෙව්වා ඔක්කොම කීවද මගේ සිත්ගත් බ්ලැක් ඕපල් රසය මෙතන නැත. අවුලක් ද නැත.

    ReplyDelete
  59. සාතන් : අපිවත් ඉන්න එපෑ ඔයාලා බොන එක නවත්තන්න

    ReplyDelete
  60. මාලින්ද : නෑ නෑ එහෙම නෑ

    ReplyDelete
  61. කුක්කු පැටියා : කුක්කු පැටියෙන් නම් වෙන්නට බැරිය. ආවාට තැන්ක්යූ ය.

    ReplyDelete
  62. ටීකාවන් මකා දැමීමෙන්, හෘදය සාක්ෂියෙන් හා යතාර්ථයෙන් මිදිය නොහැක.

    ReplyDelete
  63. සුරාවෙහි අගයත්
    එහි ඇති මනා ගුනයත්
    බොන සුදනෝ මිසක්
    නොබොන අනුවන දනෝ නොදනිත්

    මම මේක දැක්කෙ ගල්කිස්ස පැත්තෙ චාටර් චයිනීස් එකක බිත්තියක කවුරුහරි එකෙක් කොටල තියලා. හැබැයි මේක හරි ප්‍රසිද්ද කවියක්(බේබද්දො අතර.) ඇත්තම කියනවනම් මමයි මද්‍යසාරයි කියන්නෙ ගහයි පොත්තයි වගේ, කවුරුවත් මා ගැන වැරදියට හිතන්න එපා.

    ReplyDelete
  64. uwiniran : ගහේ පොත්තෙ පිලිල හැදුනම ඉක්මනටම ගහ මැරෙනවා. ඒක නිසා වෙන පොත්තක් හොයා ගන්න. මේක ජීව වායුව දෙන පොත්තක් නෙවෙයි ජීවය උරා ගන්න පොත්තක්.

    ReplyDelete
  65. වමනෙත් දාල... අපෝ.........

    ReplyDelete
  66. මම ඔබ්සර්වර් අයියගෙ කාරෙකේ ඩිකියට රිංගුවෙ බොන්න නෙමේ . . . . එතන හිටපු එවුංව බීමෙං බේරගන්න. මගෙ තිබුනෙ ඉතාමත් යහපත් පරමාර්තයක් . . . එක්කො මේ අහිංසක කොල්ලො ටික බීමෙං වලක්වගන්නව . . . එහෙමත් නැත්තං උං ගෙ ඒක පුද්ගල සැර බීම සලාකයේ ප්‍රමානය අඩුකරනව. ඉතිං අන්තිමට උනේ දෙවනි එක . . .
    @මාරයා: තැංකිවු මචං . . . . මට හරිම ආඩම්බරයි මගෙ අගේ තේරෙන එකෙක් හරි මේ ලෝකදාතුවෙ ඉන්න එකගැන.
    @පිටස්තරයා: මගෙ අමද්යප වියාපාරෙ සාර්තකත්වයට බොට ඊරිසියයි නේද ???

    ReplyDelete
  67. ඕව මොනාද නංගි මෙහෙ ඇවිත් බලන්නෙපැයි අපේ නැන්දල පුංචි අම්මල විස්කි වොඩක ගහල බඹර වගේ මියුසිකල් වල නටනහැටි පොඩි කොල්ලන්ව බෙදා ගන්න බැරුව මරා ගන්න හැටි බලන්න.
    බීම රස බලන්න හැබැයි ඇබ්බැහි වෙන්න එපා..

    ReplyDelete
  68. ෙම්වා දැක්කාම මටත් ෙම්වාෙග් රහ බලන්ට හිෙතනවා.

    ReplyDelete
  69. මේකට මම මොනවත් නොකියා ඉන්නම්. නැතිනම් සංජු අක්කා තරහ වෙයි.

    ReplyDelete
  70. ඇඬෙති................ හිටගෙනම.... ලොල්....

    ReplyDelete
  71. හප්පා, කියෙව්වහමත් වෙරි වෙන පෝස්ට් එකක්......

    අපි මෙහෙදි කාගෙ හරි යාළුවෙකුගේ ගෙදරක සෙට් වෙනකොට නම් අනිවාර්යයෙන්ම කාන්තා පක්ශය බොන්න කැමති බීමත් ලෑස්ති කරනවා. ගොඩක් වෙලාවට ඉතින් බකාඩි බ්‍රීසර්, ස්මර්නෝෆ් අයිස්, අයිරිශ් ක්‍රීම්, කළුවා, මාටිනි, රෙඩ් සහ වයිට් වයින් යන ඒව අතිරින් එකක් දෙකක්. අපේ ගම හාමිනේගෙ ප්‍රියතම බීම තමයි බකාඩි බ්‍රීසර්. කොහොමත් එයින් දෙකකට වඩා නම් එයාට බොන්න බැහැ.

    මම ඉස්සෙල්ලාම මත් පැන් කියලා කට ගෑවේ 93 ඒ.ලෙවෙල් ඉවරවෙලා යාළුවොත් එක්ක මරදන්කඩවල ට්‍රිප් එකක් ගිහින් තමයි. ඒ බිව්වෙ බියර් හැබැයි ඒත් කොකා කෝලා මික්ස් කරලා මොකද තිත්ත නිසා. හැබැයි දැන්නම් බියර් කියන්නෙ මගේ ප්‍රියතම පානයක් සහ කොකා කෝලා නම් දැන් මොන විදිහකින්වත් බොන්නෙ නෑ....!

    ReplyDelete
  72. මම මෙහි සදාචාරාත්මක කෝණය ගැන කතා නොකරමි. එහෙත් පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් මා දන්නා කාරණය නම් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම මත්ද්‍රව්‍ය කිසිවක්ම නොගත යුතු බවය.

    ReplyDelete
  73. අලේ මෙන්න ගෑණු.. මෙවන් බිරියක් ලද සැමියා නම් නිවුනා වෙති.. :)

    බීම කියන්නෙත් කෑම වගේම රස විදිය යුතු දෙයක්.. එහෙම නැතුව විදවිය යුතු දෙයක් නෙවෙයි.. කොහෙද ඉතිං අපේ බුවාලා බොන්ට ගියාම හෙට ඉදං බාර් වහන්ට යනව වගේ බීලා, කබරයත් දාගෙන, පාරෙත් වැටිලා විදවලා තමා නවතින්නෙ..

    ReplyDelete
  74. නවම් මාවත : ඉකේයියා ඈක්කා කවුද මගෙ බ්ලොගේ වමනෙ කලේ?

    ReplyDelete
  75. ඕනෙ අයියා : අපි ඒ හරිය තව මාසෙකින් විතර බලමුකො ඈ (අක්කගෙ කේන්තිය නැගලා නැගලා නවතින තැනකුත් ඒයිනෙ එදාට)

    ReplyDelete
  76. ඉන්දික : ඇබ්බැහි වෙන්න තරම් දෙයක් මම ද වෙනකල් නම් දැක්කෙ නෑ. වින්දෙත් නෑ

    ReplyDelete
  77. සමීර : එපා එපා හිතන්නවත් එපා

    ReplyDelete
  78. බුරා : ඒ කතාව නම් සහතික ඇත්තය. අද දැක්කා වගෙ බීගෙන බීගෙන ගිහාම ..... පිස්සුනෙ !!!!

    ReplyDelete
  79. මේ මොනවා කියනවද ඕනේ...මමනේ හරියටම ද්න්නේ උඹ අර සලාකය අඩු කිරීම සඳහා කැපවෙලා කටයුතු කරපු අපූරුව සහ..ඒ සඳහා ඉහලින් අනුමැතිය ලබාගත් ඒ විශ්මිත ක්‍රමය ගැන..මට ඇත්තටම උඹ වගේ එවුන් ගැන ආඩම්බරයි මචං...සුභ අනාගතයක්..!

    ReplyDelete
  80. මේක බල බල හිනා වෙද්දි අපේ අම්මා එබිකම් කොල‍ා මේ පැත්තට.. මගෙන් අහනවා ඔය අපි එක්ක කොළඹ ගිය දුවමද කියලා... අක්කේ ඔයා ආස්සරේ කරන්න වටින චරිතයක්නේ...... නිර්භිතව මේක ලිවීම පිළිබද මාගේ ප්‍රණාමය....

    ReplyDelete
  81. මමත් අදමයි මේ පැත්තට ආවේ... මගේ ලොකය හරහා.....

    කියා නිමක් නැත.....

    කොහොම උනත් රස බැලීම අනුමත කරන්න පුලුවන්........

    නැත්තන් කවුරුහරි ඇහුවොත් විස්කි මොන රහද කියල දීපන්කො උත්තර...පෙර සූදානම වැදගත්

    ReplyDelete
  82. අවුරුදු දෙකක් විතර තිස්සෙ මම බ්ලොග් කියෝනවා. කවදාවත් අද මට ඇතිවෙච්ච හැගීම දැනිලා නැ.

    මමත් ආවේ මගේ ලෝකය හරහා.

    මට හිතුනා "අපරාදේ මේ පෝස්ට් එක කියෙව්වෙ කියලා".

    ReplyDelete
  83. බුද්ධි අය්ය : එක දේකින් විතරක් ඇයි මිනිස්සුන්ව මනින්නෙ? මගෙ ජීවිතේ වෙච්ච පුංචිම පුංචි සිද්ධි 3ක් විත‍රයි මේ. මේ පෝස්ට් එකෙන් පස්සෙ මාව බේබද්දියක් වගේද පේන්නෙ? නෑ... මේ ලෝකෙ මට කෙල්ලක් විදියට මුහුණ දෙන්න වෙච්ච සිද්ධි මම මේකෙ ලිව්වොත්............ මේ බ්ලොග් එක කියවන අය මට බනියි. මේ දේවල් වුණා කියල මම ඇබ්බැහි වෙලා නෑ... උගුරක් හරි බීල මම දැන ගත්ත දේ තමා තරහ ආවේගය වෙලාවට ඇරුණම මේ දේවල් වලින් මිනිස්සුන්ට ඇති දෙයක් නෑ කියලා. ඒ චුට්ටෙන් මම ඉගෙන ගත්තෙ කොහොම හරි තව මිනිහෙක් බොන එක වලක්වන්න ඕනි කියන එක. ටෙස්ට් කරන්න ආසයි කිව්වෙ ඒ ගන්න බිංදුවෙන් හරි බඩ පපුව දාලා පිච්චිලා යන හැටි විදින්න. එතකොට හිතා ගන්න පුළුවන් බොන කෙනෙක් කොච්චර මැරි මැරි උපදිනවද ඒ ජීවිතේ මොන තරම් පල් කර ගන්නවද කියන එක දැන ගන්න. එතකොට බොන මිනිස්සුන්ට එපා කියන්න මම බය නෑ. මොකද ඒ ජරාව මම අත්වින්ද නිසා. මම ආසයි මිනිස්සු අපිත් එක්ක හිනා වෙලා සතුටින් ජීවත් වෙනව දකින්න. අයිය ආසද මේ බ්ලොග් ලියන අය තරුණ කාලෙම මැරිලා යනවා බලන්න? මම මේ පටන් ගත්තා විතරයි.... මේ පෝස්ට් එකේ 2 වනි 3 වනි කොටස් එනකොට මම මේ පටන් ගත්තෙ මොකටද කියලා සමහර වෙලාවට ඔයාලට තේරෙයි. සමහර වෙලාවට මම ආදරේ කරන අයව මට නැති වෙයි ඒත් කවද හරි බොන එක නවත්තනවනම් තමන්ගෙ සරීර කූඩුව තම්බ ගන්නෙ නැතුව..... එදාට මම මේ අහපු බැනුම් වල තේරුමක් තියේවි. බුද්ධි අයියා කාලෙකින් මගෙ බ්ලොග් එක පැත්තෙ ආවේ නේද? ස්තූතියි ආවටත් කමෙන්ට් කලාටත්. :)

    ReplyDelete
  84. "ඒත් එදා මාරම මාර දෙයක් දැන ගතිමි. අපේ මලයා අමද්‍යප බවයි. ඔක්කොම බියර් බොද්දී පොර බුව්වෙ සන්ක්වික් ය." anna akkata wada ela kollek

    ReplyDelete
  85. බුද්ධික : යා යා ඒකනෙ ලිව්වෙ.

    ReplyDelete
  86. මම නම් දන්න කියන බොන කෙල්ලන්ගේ හැටියට සංජු මේ බොනවා නෙමෙයි නිකන් රස බලලා විතරයි . මන් හිතන්නේ බොනවනම් කෙල්ලන්ට කොල්ලන්ට වඩා බොන්න පුළුවන් කියලා, වෙනස බොන්න අය අඩු එක විතරයි. කෙල්ලෙක් බොනවා කියන එක මහා අපරාදයක් කියලා මටනම් කවදාවත් හිතිලා නැහැ :-)

    ReplyDelete
  87. මටනම් ඔය සන්ක්වික් බීපු මලයා ෂුවර් නැහැ එක පාරක් බොන්න දුන්නේ නැති වෙඩින් එකක වෙල්කම් ඩ්‍රින්ක් එක තියාගෙන ඉඳලා ඒකට ජින් දාලා බිව්ව අපි කට්ටියක් :-D

    ReplyDelete
  88. මමත් මාරයියා මුලින්ම දාල තියන කොමෙන්ටුවට එකගයි.
    අපේ කොල්ලොත් පාටි එක්කට ගියම ලග ඉන්න කෙල්ලොන්ට බොන්ට පෙරෙත්ත කරනවා, හැබැයි මම හිතන්නෙ නෑ ඒ කොල්ල එතම තමාගේ පෙම්වතිය හිටියනම් ඒකම කරයි කියලා.
    මට මේ සිද්දිය ළගකදී අත් දකින්න හම්බ වුනා, එතකොටනම් අපේ තරුනියන් ගැන මට ඇති වුනේ පුදුමම කලකිරීමක්

    ReplyDelete
  89. මේ බ්ලොග් එකටත් රංගයාගෙ එකට වගේ " කොටු කොටු" දාන්න වෙයි වගේ , නැතනම් බ්ලොග් බලන චූටි බබාල නරක් වෙනවනේ

    ReplyDelete
  90. buwa: ඇහ්....! රංග ගෙ එකේ මම කොටු දැක්කෙ නෑ නෙ

    ReplyDelete
  91. මම හිතන්නේ පොඩි වීදුරුවකට දෙන්නේ ඔය විදිහටම කට්ටිය පැනි රසයි කියලා සරුවත් බොනවා වගේ බොයි කියලා වෙන්න ඇති :P

    ReplyDelete
  92. චමිල බොට මතකද ඒ කුජීත දවස්. වගකිවයුතු පුද්ගලී හිටියෙ නැත්තං මමයි, උඹයි, ලසියයි, ලිෂානුයි මුලින්ම වැඩේ දෙන්නේ ස්පාක්ලින් එකට. හික් හික්!

    සංජු මැඩම්: මම පලවෙනි පාරට කියවන්න ආවේ. ජය වේවා! ආටිකල් එක ෆුල් ඕපන් සහ සැඟවිය යුතු දේ සැංගීම කරලා තියෙන විදිහ සිරා!

    ඕනයා: එතකොට උඹේ නෝනා මහත්තයා උඹට හැමතිස්සෙම ඔරවන්නේ "අරක්කු බීපන්" කියලද?

    ෆයිනලි, ද බ්ලොග් ඊස් ඇඩඩ් ටු ද රීඩර්!

    ReplyDelete
  93. mamath bona ekata wiruddai (genu pirimi bedayak nethuwa). hebei ithin bona piriminta aythiyak thiyada genu bona eka narakai kiyanna??? :D

    no offense to anyone

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම