ඔබට පමණක් ම........!


හැම අහසකම පැතුම් පැතුවේ ඔය මුහුණ දකින්න. අඩුම ගානෙ ඡායාවක්වත්… ඒත් ඒ හීන මොන තරම් දුර ද!

ඔයාට තුරුල් වෙලා හුරතල් වෙන්න මම කොච්චර ආසද? ඒත් ඔයා මගෙන් කොයි තරම් නම් දුරද? හිතා ගන්නවත් බැරි තරම්……

ඔයා මොකද කරන්නේ? ඔයා කෑවද? අසනීපයක් නෑ නේද? සතුටින් ඉන්නව නේද? බලන්න මට අහන්න ප්‍රශ්න කොච්චරද?

ඔයා කළු වෙලාද? නෑ නෑ ඉස්සර වගේම සුදුවට ඇති නේද? නැත්නම් කළුම කළු ද මන්දා! නෑ නෑ මම කියන්නෙම නෑ. ඔයාම බලන්න.

ඔයා දන්නවද ඔයා නැතුව මම දුකින් හිටිය තරම්? කවුරුවත් දන්නෙ නෑ. හැම රෑකම මම ඇදුවා. ඔයාගෙ පපුව කියලා හිතාගෙන කොට්ටෙකට තුරුල් වෙලා නිදා ගත්තා. මගෙ පුංචි ටෙඩී බෙයා විතරයි මාත් එක්ක හිටියෙ…

ඔයා දන්නවද ඔයා නැති හැම මොහොතකම මම මැරි මැරී උපදිනවා. හැමදාම මම පතන්නේ අපි දෙන්නා කවදාවත් වෙන් කරන්න එපා කියලා.

ඔයා එක්ක ඇවිදින්න, ඔයාගෙ අතේ එල්ලිලා ඇවිදින්න, ඔය මූණ දිහා බලාගෙන ඉන්න, හිනා වෙනකොට කොනිත්තලා තරහ ගස්සන්න මම කොච්ච්cඅර ආසද කියලා ඔයා දන්නවද?

ඔන්න ඔයාට තුරුල් වෙලා යන ගමන් මට ඕනි ඔයාගෙ දතකුත් ගලවන්න. මට අරන් දෙනවා නේද මම ඉල්ලන ඕනි දෙයක්? බෑ බෑ මට අරන් ඕනිමයි. මොනවද දන්නවද? ඔයා බය වෙයිද මන්දා……. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් වෙරළු අච්චාරුවක්??? ඒවා හරි රසයි මිරිස් සැරයි ඇඹුලයි….. මේ බලන්න කියනකොටත් මගෙ කටට කෙළ උනනවා.

ඔයා දන්නද මට මේ ලෝකෙ මොන දේකටත් වඩා ඔයාට තුරුල් වෙලා ඉන්න එක වටිනව. නෑ ඒක බොරුවක් නෙවෙයි… හැම ගෑණියෙක් ම එහෙම වෙන්න ඇති. මගේ රත්තරන් මහත්තයගෙ තුරුල්ල තමා මේ ලෝකේ ලැබෙන්න පුලුවන් දිව්‍ය ලෝකේ කියලා. එක නිසා මාව දාල යනන් නම් හිතන්නවත් එපා. ඔයා දාල ගියොත් මාව මැරෙයි.

අනේ නෑ රත්තරනේ බොරුවක් නම් නෙවෙයි. ඔන්න ඔන්න ඔයා හිතන්නෙ මම බොරු කියනව කියල නේද? නෑ ඇත්තමයි. ඔයා එක්ක ඉදලා ඔයා මාව දාල ගියොත් මාව මැරෙයි. එක විනාඩියකටවත් මාව දාලා නම් යන්නම එපා. හිතන්නවත් එපා.

හරි අමුතු ආදරයක් කියල හිතෙනවද? හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් සමහර වෙලාවට. ඉස්සර පොඩි කාලේ හිටිය
පුංචි
කෙල්ලක් වගේ ආදරේ කරන්න දැන්නම් මට බැරි වෙයි. ජීවිතේ ගෙවෙන්න ගෙවෙන්න මම හිතන හැටිත් වෙනස් වෙලා වගේ. ඉස්සර වගේ සැහැල්ලුවට නෙවෙයි ඇතටම ආදරේ මොකක්ද කියලා දැන් මම දන්නවා. ඔයා නැතුව හිටපු කාලෙ රත්තරන් මට ඇත්තටම තේරුණ ආදරේ කියන්නේ මොකක්ද කියලා.

ආදරේ කියන්නෙ ටොපි චොකලට්වත් වටිනා ඇදුම් පැලදුම්වත් රත්තරන් බඩු වත් නෙවෙයි ඒ මොන දේ තිබ්බත් නැති වුණත් මගේ ආදරේ හැමදාම එක වගේනේ. අපි දෙන්නා අපි දෙන්නව තේරුම් ගමු. අපි දෙන්නව විශ්වාස කරමු. එකිනෙකාව තේරුම් ගමු නේද? ඔයාට ඕනි දෙයක් ඔයාගෙ මේ කෙල්ලට කියන්න පුළුවන්. මේ කෙල්ලත් එහෙමයි. මොනවද ඔයාට නොකියන්නේ? එතකොට අපි දෙන්නටම දැනෙයි අපි දෙන්නා ආදරේ කරනව කියල.

ඒත්…………………………………….
ඔයා කොහෙද? කොහොමද? මේ කිසි දෙයක් මට කියනන් විදියක් නෑ නෙ රත්තරන්.

කියන්න කෝටියක් දේවල් තිබ්බත්.......................

මේ කෙල්ලට තාම ඔයාව හම්බ වු
ණේවත් නෑනෙ පණ…!

Comments

  1. හුටස් මේ මොකෝ මේ....?

    ReplyDelete
  2. ම්ම්ම්... හිත ඇතුලටම දැනෙන දේ බොහොම සංවේදීව කියලා තියෙනවා. ගොඩක් සංවේදීව....ඔහොම තමයි හැමෝගෙම හිත්. ගැහැනු පිරිමි වෙනසක් නෑ. වෙනස් වෙනවනම් ඒ බොහොම සුලු වශයෙන්.

    ReplyDelete
  3. අනේ දෙයියනේ,,,,,,,,, කෙල්ලට ඉක්මනට මුණ ගැසේවා !!!!

    ReplyDelete
  4. ඒ ඇත්ත ආදරේ තේරුම් ගත්තු හොඳම හොඳම කෙනෙක් ඔයාට ඉක්මනටම ලැබෙන්න කියලා මං මුළු හිතින්ම ප්‍රාර්තනා කරනවා......

    ReplyDelete
  5. මේකෙ මරුම කෑල්ල තමා,
    "ඔයාට තුරුල් වෙලා යන ගමන් මට ඕනි ඔයාගෙ දතකුත් ගලවන්න.."

    ReplyDelete
  6. මලන් : ඇයි අනේ මේකෙ වැරැද්දක් තියෙනවද?

    ReplyDelete
  7. රතී : මට හිතුන දේ ලිව්වා... වෙලාවකට හිතේ තියාගෙන ඉන්න එකත් දුකක්

    ReplyDelete
  8. හරී අක්කා : අනේ මන්දා ඕවා නම්

    ReplyDelete
  9. තාරා : ස්තූතියි... එහෙම අය ඉන්නවද දන්නෙ නෑ ඒකයි ප්‍රශ්නෙ

    ReplyDelete
  10. "මේ කෙල්ලට තාම ඔයාව හම්බ වුණේවත් නෑනෙ පණ…"
    මේ ටික නැත්නම් වරදක් නෑ..

    ReplyDelete
  11. ඔය ඔක්කොම ගතිගුන එකට තියෙන කෙනෙක් නම් හොයන්න අමාරු වෙයි. හම්බුනොත් ඕන් මටත් කියන්ට ඈ..

    ReplyDelete
  12. මේටිං සීසන් එක ලංවෙලා වගෙයි . . . . අනේ වාසනාවන් . . . සයිබරෙංම කොල්ලෙක් සෙට් වේවා . . . .
    ප.ලි.
    හැබැයි හොයාගන්නවනං මේ මම වගේ හැදිච්ච . . . නිවිච්ච . . . . ගුන යහපත් . . . . අවංක . . .(එස්සෙට් රා . . .) කොල්ලෙක්ම තමා හොයාගන්න ඕනෙ . . .

    ReplyDelete
  13. ආදරේ කන් දෙකෙනුත් බේරේ...... ආදරේ නිසා කෙදිනකවත් දුකක් උරුම නොවේවා !

    ReplyDelete
  14. @ඕනයා-අනේද කියන්නේ?

    @සන්ජු අක්කා-පරක්කු වෙලා හරි හොද එකෙක් ‍තෝර ගන්න .අවුරුදු 40 ක් 50 ක් එකට පවුල් කනවා කියන්නේ ලේසි නෑනෙ අක්කේ.බීබෙක්ට(බෙබෙක්ට)නම් සෙට් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්නම්.

    ReplyDelete
  15. දත් ගලව ගන්න අවශය අය හැකි ඉක්මනින් අයදුම් කරන්න්. අයදුම් පත් සිමිතයි...

    හිතන විදියේම කෙනෙක් ලැබෙන්න කියල පතනවා

    ReplyDelete
  16. "FIND YOUR PURPOSE IN LIFE. NOT IN WHAT YOU WISH FOR... BUT IN WHAT YOU WISH TO GIVE."

    ReplyDelete
  17. අනේ මේ කෙල්ලට ඉක්මනටම එයාගේ පණ ලැබෙන්න කියලා මමත් පතනවා.....

    ReplyDelete
  18. සාතන් : මම ඉතින් මගෙ මිනිහගෙ දත් ගලවන්නෙ නැතුව අල්ලපු ගෙදර මිනිහගෙ දත් ගලවන්නයෑ

    ReplyDelete
  19. මලන් මල්ලි : එතන තමා මට හිතෙන්නෙ ක්ලයිමැක්ස් එක

    ReplyDelete
  20. පිනිබිදු : හම්බ වුණොත් හොරෙන්ම බැදගෙන කියන්නම්..... එහෙම අය ඉන්නවද දන්නෙ නෑ නෙ

    ReplyDelete
  21. ඕනයා : ඔක්කොම ඉන්නෙ මල්ලිලා.... ඒ නිසා ඔයාගෙ අදහසනම් ඉෂ්ට කර ගන්න අමාරු වෙයි. අනික ඔයා වගේ ඔය සුදුසුකම් තියෙන කෙනෙක් ඉතින් ඔයාටම තමා හොයා ගන්න පුළුවන් වෙන්නේ

    ReplyDelete
  22. කුක්කු පැටියා : උරුම වූ වේදනාව වසර 5ක් පමණ දැන් එක දිගට විදවමි

    ReplyDelete
  23. රජිත් : එහෙම කෙනෙක්ව බැන්දොත් ඉතින් අසරණයගෙ බෙබේ කම එදායින් හමාරයි. එක්කො මා එක්ක........ එක්කො දොරකඩ බල්ලා එක්ක.... දෙකෙන් එකක් :) නැතුව හදා ගන්න වෙන්නෙ නෑ.

    ReplyDelete
  24. තාරක : අයදුම්පත්‍රය කොහෙන්ද දන්නෙ නෑ නේද ගන්න තියෙන්නේ? එහෙම කෙනෙක් නැති වුණත් මල්ලි විවෘතව කතා කරන දෙයක් කතා කරලා බේරා ගන්න පුළුවන් අවංක කෙනෙක් වුණානම් ඇති

    ReplyDelete
  25. har : A FULL LIFE IS THERE TO GIVE WITH UNDERSTAND TRUST AND CARE. MY PURPOSE IN ALL WILL BE MY FAMILY. MOST PEOPLE ARE FAILING BUT IT WILL BE MY ULTIMATE PURPOSE.

    ReplyDelete
  26. නෙලුමා : තැන්ක්යූ

    ReplyDelete
  27. හී හී මටත් ඔහොමම හිතුන කාලයක් තිබුනා, ලස්සනම ටික තමය් "ඔයාට තුරුල් වෙලා යන ගමන් මට ඕනි ඔයාගෙ දතකුත් ගලවන්න..".

    ReplyDelete
  28. කොල්ලෙක් වුනා නම් මුලින්ම අහන්නෙ මලක් වත් ඇඳල ද උන්නෙ මේක ලියන කොට කියල සංජුව කෙල්ලෙක් හින්ද මෙහෙම හිතමුකො පැනිවළලු වලට සිනි පැනි නැතුව හොඳ ගානට පැහුනු කිතුල් පැනි දාල සංජුට පොඩ්ඩක් වැඩියෙන් කැවිච්ච වෙලාවක ලියල කියල...

    අපූරුයි..මට මඟ ඇරිල මේ ලිපිය එකයි ප්‍රමාද කමෙන්ටුවට.ඔයාගෙ බ්ලොග් කලාවෙ බලාපොරොත්තු නොවුන අපුරු මානයක ලිපියක්..

    ඔය කියන විදිහට වෙරළු අච්චාරු ලගදිම කන්න ලැබෙවා

    ReplyDelete
  29. ලගදිම කෙනෙක් ලැබෙන්න කියලා පතනවා.... පොඩි දතක්නේ.... මදි මදි හක්කේ දතක් ගලවන්න බලන්න....

    ReplyDelete
  30. හලේ...... මන්දා.හිටපන්කො නගේ මමවත් ගෙදරට කතා කොරල බලන්ට....

    ReplyDelete
  31. රන් තාරකාවන් දිළෙන රැයේ....
    සේපාලිකාවන් පිපෙන රැයේ....
    හදවතට ලං වෙන්න කාටත් හොරා.....
    සිහිනයක දැවටී වෙලි..... !!!!!

    ReplyDelete
  32. හුදෙකලා හදවතේ ආත්ම ගීතය... ඊට එහා වෙන මොනා කියන්නද අක්කේ..

    ReplyDelete
  33. ලඟදිම ඒයි එයා ම්ම්ම්ම්
    ඔයාගෙ කතාව හරිම ලස්සනයි... සුජීව ප්‍රසන්න ආරච්චිගෙ කතාවක් කියෙවුවා වගෙයි...

    ReplyDelete
  34. වේදනාව මා අමතක කර හමාරයි කිය සිතුවත් ඒ මතකයන් නැවත අවදි වුනා.අදටත් මං තනිකඩයි මමත් ඈ එනකම් තාම බලන් ඉන්නවා !!!

    ReplyDelete
  35. හංසි : ඒ කතාව නම් සහතික ඇත්ත... ඒත් ඉතින් මේ වගේ පිරිලා ඉතිරිල යන්න ආදරේ දෙන්න කෙනෙක් නෑ නෙ. හීන බලන එක සැපයි කියලා හිතුණ වෙලාවක මම මේක ලියාගෙන ලියාගෙන ගියා

    ReplyDelete
  36. අනේ..........

    මේ ඇත්තමද ලියල තියෙන්නෙ???

    ReplyDelete
  37. අනේ සංජු නංගි, ඉක්මනටම ඔය හීන හැබෑ වෙන්න කියල පතන්නම්....!

    අපරාදේ බැඳල නොහිටියනම් සලකලා බලන්නත් තිබුනා නෙව......! හරි හරි... කෝ මගේ කෝට් එක....!

    ReplyDelete
  38. හිටිය නම් මේ ටික අහලා බයේ දුවනවා :-D

    ReplyDelete
  39. ඉක්මනට හම්බෙයි....දත් ගැලවීම ගැනත් පොඩ්ඩක් කියන්නම්...දත් ගලවන එකත් මාර රොමැන්ටික් තමා. හැබැයි ඒක දෙන්නටම වදයක් වෙන්නේ නැති විදියට කරනවා නම්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම