තාත්තාට ප්‍රශ්නයක්….!

                                                                            මේ පැටියා කාලේ...


මේ සිද්දිය මම ඉතා කුඩා කාලයේදී මාත් අපේ තාත්තාත් අතර සිදු වූවකි. එය අපේ තාත්තාට මතක නැතිව ඇතැයි මම සිතමි. මතක තිබ්බත් හේ එය අමතක ගානට සිටිනු ඇත. ඒ ඒ මොහොතේදී හේ මාරම අමාරුවක වැටුණු බැවිණි.

පෙර කතාවක මම කියූ පරිදි අපේ අත්තම්මගේ වැඩ නිසා මට අන් සියළුම ළමයින්ට කලින් කියවීමේ හා ලිවීමේ හැකියාව ලැබිණි. නමුත් ඒ බව අපේ තාත්තා දන්නේ නැත. හේ හැමදාම දුශ්කර පලාත්වල සේවය කර ගෙදර එන්නේ සති අන්තයේ පමණක් නිසාද හේ සිටින විට අපි නැටීම පමණක් කරන නිසාද අපේ තාත්තා අපේ ඉගෙනීම් වැඩ ගැන වැඩිය දැනගෙන සිටියේ නැත.

එක දිනක් සති අන්තයේ පුවත් පතක් පෙරලාගෙන අපේ තාත්තා පුටුවක් උඩට වී කියවයි. මම ඒ පුටුව වටා සෙල්ලම් කරමින් සිටියෙමි. මගේ මතකයේ හැටියට ඒ වන විට මට වයස 6ක් හෝ 7ක් පමණ වන්නට ඇත.

තනියම සෙල්ලම් කරන්නට බැරි තැන  මම තාත්තා අල්ලාගෙන සෙල්ලම් කරන්නට උත්සාහ කලෙමි. ඔහුගේ පුටුව වටා යමින් පුටු ඇන්ද උඩ නගිමින් පුටුව යටින් බඩ ගාමින් එවකට නොම්බර එකේ ටොම් බෝයි කෙනෙකු වූ මම තාත්තාව සෙල්ලමට ගැනීමට උත්සාහ කලෙමි. නැත ….. කිසිම යහපත් ප්‍රතිචාරයක් නැත.
 
අවසානයේ මම ඔහු කියවමින් සිටි පත්තරයට හොස්ස පෙව්වෙමි. අකුරෙන් අකුර ගැට ගසාගෙන පොල්ගෙඩි අකුරින් තිබූ ශීර්ෂ පාඨ කියෙව්වෙමි. එක ශීර්ෂ පාඨයක තිබූ වචනයක් කෙරෙහි මගේ අවධානය යොමු විය. ඒ මට අළුත්ම අළුත් වචනයකි. ලිපියෙන් ටිකක් ගැට ගසාගෙන කියෙව්වද මට ඒ වචනයෙන් කියන්නේ කවුරුන් ගැනදැයි නොවැටහුණි. ඒ නිසා අවසානයේ ඒ වචනයේ තේරුම තාත්තාගෙන් අසා දැන ගැනීමට මම තීරණය කළෙමි. පොඩි එකෙකුට වුනත් නොදන්නා දෙයක් අසා දැන ගැනීමේ අයිතිය ඇත.

“තාත්ති, ප්‍රශ්නයක් අහන්නද”

“හ්ම්ම්ම්ම්ම් අහන්න” මගේ දස හැරිලාවත් නොබැලු ඔහු උත්තර දුන්නේය.

“ගණිකාවො කියන්නේ කාටද තාත්ති???”

අපේ තාත්තා විදුලියක් සේ මගේ දෙස හැරී බැලුවේය. මම ඒ වන විටත් පුටු ඇන්ද උඩ වාඩි වී ඒ වචනය දෙස බලාගෙන කල්පනාවේ වැටී සිටියෙමි. නැවත මා බලා සිටින්නේ කොහේදැයි හැරී බැලූ තාත්තා මට ඒ වචනය දකින්න ලැබුනේ කොහෙන්දැයි දුටුවේය. හේ නැවත් මා දෙසට හැරුණේය.

“ඔයාට මේ වචන කියවන්න පුළුවන්ද?”

“ඔව් ඔව්. මම ටිකක් පහලටත් කියෙව්ව ඒත් තේරුණේ නැති නිසා තමා තාත්තිගෙන් ඇහුවෙ”

වයස හයේ හතේ පොඩි එකියක් ගණිකාවන් කියන්නේ කවුදැයි ඇසූ ප්‍රශ්නයකට පියෙක් පිළිතුරු දෙන්නේ කෙසේද? දැන් ඉතින් අපේ තාත්තා ලොකුම අමාරුවක වැටී සිටී. මම තවමත් පත්ත්තරය දෙස බලාගත්වනමය. තාත්තාගෙන් කිසිම යහපත් ප්‍රතිචාරයක් නැත.

“ගණිකාවෝ කියන්නේ තාත්ති ගණන් හදන අයට වෙන්න ඇති නේද තාත්ති?”

ඔන්න මමම ප්‍රශ්නය අසා මමම උත්තර දීමි. තාත්තාගේ රත් වුණ හිතට නිවනක් ලැබුණි.

“අහ් ඔව් ඔව් ඒගොල්ලන්ට තමා”

තාත්තා ගැලවුනේය. මමතුමී පුටුවෙන් බැස නැවත සෙල්ලමට ගියෙමි. සිද්ධිය එතනින් ඉවරය. පොඩ්ඩන්ගේ කුතුහලය එසේ ය. ඒ ප්‍රශ්නය ඇසූ හොර කෙල්ලට ඒ සිද්දිය හොදින් මතක තිබිණ. ඒ පොඩි එවුන්ගේ හැටිය.

ප.ලි. දැන් මේකේ මම අපේ තාත්තගෙන් අහපු ප්‍රශ්නේ මගෙන් අහගෙන එන තොත්ත බබාලට යි මේ කියන්නෙ මට දෙන්න තියෙන්නෙත් අපේ තාත්තා දුන්න උත්තරේම තමයි.

Comments

  1. ඔව් ඔව් ගනන් හදන අය වෙන්න ඇති තමා.. :) :) :)

    ReplyDelete
  2. හංසි : ඔව් අප්පා ඕවා තාත්තලා දන්නෙ නෑ

    ReplyDelete
  3. එතකොට එකවුන්ටන්ල කියන්නේ මහ නරකයෝ වගයක් වෙන්න ඇති නේද?:D

    ReplyDelete
  4. රජිත් : ඇයි ඉංජිනේරුවෝ..... එයාලත් ගනන් හදනවනෙ ..... ඇහ් කවුද කිව්වෙ නරක කතාවක්???

    ReplyDelete
  5. ඔවු ඔවු . . . එයාල ගනන් හදන අය තමා . . . . යන අය දැනගන්න ඕනෙ එයාලගෙ ගනං වෙනස් කරගන්න . . . .

    ReplyDelete
  6. ඕනේ අයියා දන්න දේවල්.....!!!!!!

    ReplyDelete
  7. හෆොයි අක්කා !! ඇත්තටම කවුද හැබෑට ?

    ReplyDelete
  8. @සංජු අක්කා-මට හිතෙන්නේ ටියුශන් දෙන්න යන අයයි නරක.(දුප්පත් කමට,සමාජක්‍රමයේ වැ‍රැද්දක් නිසා ගනන් හදන අයත් ඉන්නවනේ)

    ReplyDelete
  9. හම්මප ඔ‍ය හොර කෙල්ල සිස්වත්තෙවත් කොරන කාලෙ සමාන පදයකටවත් ඕක ලිව්වනම් යන වලිය මට මැවිලා පේනවා!!

    ReplyDelete
  10. නදී : ආපහු ගිහින් කියවලා එන්ට අන්තිම හරිය

    ReplyDelete
  11. කියවන ගමන් අහන්නට හිතා ආ ප්‍රශ්ණය ප.ලි බැලීමෙන් පසු අසන්නට නොසිතුණි....

    වයස් භේදයක් නැතිව කා හට වුවත් සත්‍යය දැන ගැනීමේ අයිතිය ඇති නිසා තාත්තා කළ දේ වැරදිය ... ලොල්......

    ReplyDelete
  12. මදුශාන් : එච්චර මෝඩ නෑ හික් හික්

    ReplyDelete
  13. ගණිකාවො කියන්නේ ගණන් හදන අයට නම් ගණිතඥොයො කියන්නේ කටද කියල මට හිතාගන්න පුළුවන්. ගණිතඥොයො නැත්තම් ගණිකාවොත් නෑ.


    ප්රෂ්නයක්!( මොනවත් හිතන්න එපා මෙහෙම දැම්මට)
    ඔයගේ අම්මගේ පුතෙක් වන, එත් ඔයගේ සහොදරයෙක් නොවෙන කෙනා කවුද?
    උත්තරේ දැනගන්න මගේ බ්ලොග් එකට යන්න
    http://selarusinbath.blogspot.com/2011/04/blog-post_30.html

    ReplyDelete
  14. කොහෙන් ඔය නම ආවද මන්දා,,වෙනින් නමක් දාන්න තිබුනේ ඔය නමට

    ReplyDelete
  15. අපේ අක්කට තිබිලා තියෙන පස්න

    ReplyDelete
  16. TO: ItalyDilan

    වෙන නමක් දැම්මා කියල කිසිම වෙනසක් වෙන්නේ නෑ.

    ReplyDelete
  17. ගණිකාවෝ

    ගණි = ගණිතය
    කාවෝ = කාවෝ

    එමනිසා

    ගණිකාවෝ = ගණිත පොත් කන කාවෝ ගණිකාවෝය.

    (තොත්ත බබාලාගේ දැන ගැනීම පිණිසයි )

    ReplyDelete
  18. හරි , ගණිකාව පැත්තකට දාමුකෝ...කවුද මේ ටොම් බෝයි කෙනෙක් කියන්නෙ..නොදන්න කමටයි අහන්නෙ..

    ReplyDelete
  19. roy : කොලු ගති තියෙන කෙල්ලන්ට

    ReplyDelete
  20. හෆෝයි මේක නම් පික්සු හැදෙන ප්‍රශ්නයක්, ඔය වගේ වෙලාවට මම නම් බුරිය හපාගෙන විසිල් එකයි බල්ටි දෙකයි ගහල තව අප්පුඩියකුත් ගහනවා !!

    ReplyDelete
  21. පණ්ඩිත ආච්චි. තාත්තට උතුර දකුණ අමතක වෙන්න ඇති. වෙලාවට ඔයා උත්තරෙත් දුන්නෙ. නැත්තන් තාත්තා මාර අමාරුවක වැටෙන්නෙ.

    ReplyDelete
  22. ටොම් බොයි ල ගැන දැන ගන්න නම් ඉතින් දිනේස් තාමා සුදුස්ස..ඒත් කෝ මූ ලංකාවට ආව ආවමයි නැනෙ සද්දයක්..
    ඒ හින්ද දැනට සංජු අක්ක කිව්ව වගේ කියල හිතා ගන්න කො.

    උඹල මේව කියවල ගණං උගන්නන ඇයොන්ට ඔය වචනෙන් එහෙම අමතනව නෙවෙ ඕං

    ReplyDelete
  23. එතකොට අර ඇම්ඩගෙ අම්ම කිව්ව වගේ, ඔයාගෙ තාත්ත කිව්වෙ නැත්ද ඒක සුලු දෙයක් කියල...

    ReplyDelete
  24. @roy: http://en.wikipedia.org/wiki/Tomboy

    ReplyDelete
  25. නංගාත් මාර පුරස්න නොවැ තාත්තාගෙන් අහල තියෙන්නෙ.
    හොඳ වෙලාවට උත්තරෙත් එක්කම ඇහුවෙ.නැත්නම් අහිංසක තාත්ත අමාරුවෙ
    (මේ ඒක නෙවෙයි..මැඩම්,මගෙ බ්ලොග් එක පැත්තෙ ගිහිල්ලා අර මහත්තය කෑලි ටික කපල දානව හොඳයි..!!)

    ReplyDelete
  26. ඉන්දික : මහත්තුරුන් ට මහත්තුරු කියන්නෙ නැතිව වෙන මක්කා කියන්ට ද????

    ReplyDelete
  27. මේක මගේත් අත්දැකීමක්. මං කෙටිකතාවකුත් ලිපියකුත් ලිව්වා මේ ආශ්‍රයෙන්.

    ReplyDelete
  28. අනේ අපේ ලොකු අක්කට තිබිලා තියන ප්‍රශ්න

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම