ස්පෝර්ට් මීට් කතා 2 - මැරතන්
ඔන්න සංජු ටීචගේ ස්පෝර්ට් මීට් කතා අංක 1 කියෙව්වේ නැති කවුරු හරි ඉන්නවනම් ගිහින් කියවන්න. ඉතින් මේ ස්පෝර්ට් මීට් කාලය බැවින් ද වලි පිට වලි හැදෙන මේ කාලය බැවින්ද ජොලි කතා ගනනාවක් ලිවීමට හැකි වේ යැයි සංජු ටීච ට සිතේ. අපේ ඉස්කෝලේ නිවාස 3කි. දම් පාට නිවාසය රෝස පාට නිවාසය සහ කහ පාට නිවාසය ලෙස ඒවා නම් කරමි. ඔය නිවාස වලින් දම් පාට නිවාසය භාරව සිටින්නේ සංජු ටීචය. රෝසා පාට නිවාසය භාරව සිටින්නේ සමන් මලෙන් පවන් සැලේ ය. කහ පාට නිවාසය භාරව සිටින්නේ බගලවතී ඉස්කෝලේ හාමිනේ ය. ස්පෝර්ට් මීට් එක පටන් ගත් දා සිට බගලවතී ඉස්කෝලේ හාමිනේ වැඩ කලේ අපට හොරෙන් ය. කැපුවේ ද අපටය. ඇයගෙන් වේන් කෙණිහිලිකම් දම් නිවාසයේ දරුවන් නිතරම සංජු ටීචට ගෙන එයි. සංජු ටීච ද තිත්තයාගේ වාරය එන තුරු ඇගිලි ගනිමින් සිටියාය. පසුගිය බදාදා පාසලේ මැරතන් ධාවන තරගයයි. සංජු ටීචගේ මුලු ක්‍රීඩා උත්සවයටම තියෙන බජට් එක රුපියල් 2000 කි. ඉතින් අතේ තියෙන විදියට වියදම් කිරීමට සිද්ද වීම නිසා සංජු ටීචගේ දම් පාට නිවාසයට මැරතන් අංක ගසා ගැනීමට සිදු වූයේ ලා කහ පාට රෙදි කැබලි වලය. ඔන්න ඉතින් සංජු ටීච මණිමේඛලා ටීච සමග “ඩූම් මචාලේ” ...