නැටුම් 3

අර කිව්වත් වගේ සංජු ගේ නැටුම් උණ හොද කරන්නට බැරි විය. ගෙදර සිටින දින වල කන් අඩි පුපුරා වහලය උඩ යන තෙක් ශබ්දය වැඩි කර ගන්නා සංජු මොලේ නරක් වන තෙක් නටා හවස අම්මා එන විට බබා සේ සිටියි. අන්තිමට සංජු ට උවමනාවට වඩා ඉන්ගිරිස් වීමට ඉන්ගිරිස් චිත්තරපට බැලීමට ඇබ්බැහි වීම නිසා අලුත්ම රෝගයක් වැලදුනි. Social Dancing !!!

ඇසූ මුල්ම දිනයේ අපේ පියා කොස්ස අතට නොගත්තා පමණි. සංජු ද තටු බටු අකුලාගෙන පැත්තකට වූවාය. දින කිහිපයකින් නැවතත්.... අම්මා මාර්ගයෙන්. අනේ දෙයියනේ කියලා මගේ හිතට එන විකාර අදහස් ක්‍රියාවට නංවන්න උදව් කරන්නේ අපේ අම්මා. ඉතින් අම්මාගේ මාර්ගයෙන් අම්මවත් එක්කරගෙන යන පොරොන්දුව පිට සංජු ට Social Dancing පන්තියකට යන්නට අවසර ලැබුණි.

ඉස් ඉස්සෙල්ලාම පන්තියට ගිය වෙලාවේම කොර වුණි. තනිකර කඩ්ඩෙනි. ගුරුතුමා දුටු විට රංග අයියා මුහුණු පොතේ දකින්නට පෙර මවාගෙන සිටි රූපය වැනි එකක් හැබැහින් පෙනුණි.  නමුත් හේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අපූරු ගුරුවරයෙකි. නැටුම් ගුරුවරයෙකු යැයි බලන කෙනෙකුට නොසිතෙන නමුත් ඔහු අති දක්ෂ ගුරුවරයෙකි.

 පන්තියේ 1 වන දවසේ මගේ සහාය ශිල්පියා වුනේ ඉන්ජෙක්ෂන් එකක නම තියෙන ඉස්කෝලේ උසස්පෙල මල්ලි කෙනෙක්. මල්ලි උසස් පෙල හිටිය පොඩ්ඩා වුණාට ගුරාගේ හොදම ගෝලයෙකි. මුල්ම අඩි කිහිපය අල්ලාගෙන JIVE නම් වූ ඒ නැටුමේ කල්කිරියාව දවස් 2 කින් ඉගෙන ගන්නට මට හැකි විය.



මම හරියටම ඒ ගුරුතුමා ලග ඉගෙන ගත්තේ මාස 2ක් වැනි සුලු කාලයකි. ඒ හා සමගාමීව රැකියාව ලැබී හෝර්ටන් තැන්න සිංහල මහා විද්‍යාලයට යන්නට මට සිදු විය. නමුත් එම මාස 2 ට මම  JIVE, Cha Cha, Waltz  සහ  Ballroom යන නර්තන වර්ග 4 එතෙක් ඉගැන්වූ උපරිමයටම ඉගෙනගෙන තිබුණි. පන්තිය තිබුනේ සතියේ දවසක බැවින්ද රස්සාව ලෝකාන්තයේ බැවින්ද පන්තියට ආයුබෝවන් කියන්නට සිදු විය.

නමුත් එහිදී මට අපූරු මිතුරන් පිරිසක් මුණ ගැසුණි. ඔවුන් අදටත් මගේ මුහුණු පොතේ යහලුවන් ය. එමෙන්ම ඔවුන් අති දක්ෂ නර්තන ශිල්පීන් ය. රැකියාව නිසා අදටත් මට ඔවුන් සමග එක්ව වැඩ කිරීමට නොහැකිය. එය මට ඇත්තටම මහා දුකකි.

එතනින් එලියට බැස්ස මට නැවත සති අන්ත පන්තියක් සොයා ගන්නට සිදු විය. නැවත් උණ හැදුනේ රස්සාව වසර 2ක් පමණ කර කලකිරුණ විටයි. සති අන්ත පන්තියට ගිය සංජු Social Dances ඇරුණු කොට තවත් දෙයක් ඉගෙන ගත්තාය. ඒ Hip-Hop Dancing සහ Indian Dancing  ය. Mohombi ගේ Bumpy Ride ගීතය නරඹා සංජු ගේ නහර කෙලින් වුණේ ඒ කාලයේ ඉගෙන ගත් හිප් හොප් ඩාන්සින් මතක් වීය.

පළමු පන්තියේ දී අම්මාගේ උපරිම විශ්වාසය දිනා ගත් බැවින් මෙවර ඇය මට තනි රකින්නට නොපැමිණියාය.  මේ පන්තියේ ගුරුතුමා තරුණයෙකි. විශ්වාස කල නොහැකි අන්දමින් දක්ෂ නර්තන ශිල්පියෙකි. ඔහුගේ හිප් හොප් නර්තන අංක එකේ හිප් හොප් ය. ඉසේ තිබෙන කෙස් ගහෙන් පටන් ගෙන කකුලේ තිබෙන සපත්තුවේ ලේස් පටිය දක්වාම ඔහුගේ සිරුරේ තිබුනේ විවිධ නර්තන ශෛලීන්ය

මම එතැන ගිහින් අඩි 2ක් පමණ තබන විට ඔහු බලා සිට මා අසලට පැමිණියේය.  "ඔයා මීට කලින් Dance  තියෙනවාද? " ඉතින් විස්තරය පැවසීමට මට සිදු විය. ඔහු මා එතනින් වෙන් කර පන්තියේ පරණ සිසුන් ගොඩට දමා  JIVE express course එකක් කලේ ය. ඉන් පසු ඔහු පන්තියේම සිසුන් Rotation කරමින් ඉගැන්වීමට පටන් ගත්තේය.

එක Rotation එකකදි හේ සංගීතය නවතා විනාඩියක් කල්පනා කලේය. ඉන්පසු පන්තිය ඇමතීය. "අපි දැන් couple 2ක් විතරක් නටවමු එක සැරේකට. අනික් අය බලන්න එයාලා නටන හැටි". වට පිට බලන විට සංජු ගේ ඇග සීතල වී ගියේය. පන්තියේ පරණම කොල්ල සහ කෙල්ල එක පසෙකිනුත් සංජු සහ පන්තියේ තවත් පණ්ඩිත පරණ කොල්ලෙක් අනෙක් පසත් විය. සංජු සමග සිටි කොල්ලා චාටර් පල් හිනාවක් සංජු ට දැම්මේය. "අනේ බතලි උඹයි මමයි නටන JIVE ".

පන්තියේ පරණම කෙල්ලගේ නමද සංජු ය.  සංජු ලා දෙන්නා දෙපස තබා අපේ ගුරා ලැස්ති උනේ attitude test  එකකටය. ඔහුගේ ගෝල සංජු ද ලංකාවේ නම ගිය ප්‍රවීණ නර්තනාචාර්ය වරයෙකුගේ ගෝල මම තුමීවද තබා පොඩි සෙල්ලමක් කරන්නටය. 

නර්තනය ආරම්භ විය. ඔහු මට කියා දුන් අඩි එකක් නෑර මම පාවිච්චි කලෙමි. සංජුලා දෙන්නාම එකම ආකාරයට නටන බව හොර ඇසින් වටපිට බැලූ මට වැටහුනි. මමද ඇත හැරියේම නැත. පුළුවන් උපරිමයටම නැටුවෙමි. නමුත් මට පරණ සංජු ට පෙර නැවැත්වීමට සිදු විය. ඒ අත්දැකීම් මද බව නිසාය. මා නැවතූ පසු ඒ හා සමගම ඈ ද නටුමින් ඉවත්වූවාය. සංජු ලා දෙන්නාම හති අරියි. මට පණ්ඩිත පාට් දැමු මල්ලී බබා ද කට ඇරගෙන හැති දායි. සුපුරුදු පරිදි බිත්තියක මුල්ලක් සොයාගෙන මම පැත්තකට වීමි. 

එදා පටන් සංජු එහි ද සාමාජිකාවක් වූවාය. හිප් හොප් හා ඉන්දියන් නටන විට සංජු එය වින්දාය. කාමරේ හොරෙන් නැටූ නැටුම් වල පල ප්‍රයෝජනයක් ද විය.එක දිනක් අහම්බෙන් පන්තියට ආ අම්මි මා නටනු කට ඇරගෙන බලා සිටියාය.  නමුත් ඒ කාලයේ අතිශය කාර්ය බහුල වූ නිසා සංජු ට පන්තිය මග ඇරිනි.

අදටත් සංජු ආසාම නර්තනයටය. මේ ආත්මයේ බැරි උනොත් ලබන ආත්මයේ හෝ නර්තන ශිල්පිනියක් වන්නට සංජු පෙරුම් පුරන්නීය. බෑ බෑ බෑ....ඉක්මනින් නැවත ආපසු පටන් ගත යුතුය. යුතුමය. 

Comments

  1. දැන් ඉතින් හිත,හිතා ඉන්න කාලයක් නැහැ.ඉක්මණට පටන් ගන්න.
    මොනවද අප්ප ඔය නැ‍ටුම් වර්ග.දෙක තුනක්නම් අහල තියනවා.හික්....ලෝකාන්තෙ පැත්තෙ මොන නැ‍ටුම් class ද නේද?ඒක නෙමෙයි රංග අයිය දකින්න කලින් කොහොම රූපයක්ද හිතේ තිබුනෙ..?

    ReplyDelete
  2. මොනා කරන්නත් මගෙ ට්‍රාන්ස්ෆර් 1 හදා ගන්න ඕනි.

    ඒක මම එයාගේ එක පෝස්ට් එකකත් ලිව්වා. දැන් ආයේ ඕක අවුස්සලා එය මට අපහාස නඩු දායි

    ReplyDelete
  3. මගෙනුත් සුභ පැතුම්, බතල නැටුං පිස්සිට. :D ... ඉක්මනට ආයෙමත් පටන් ගන්න. ආසාම දේ තමා හොඳටම කරන්න පුළුවන්.

    ReplyDelete
  4. ඉක්මනටම ආයෙත් සංජුට හිතේ හැටියට නටන්ට ලැබේවා...

    ReplyDelete
  5. ඉක්මනටම ආයෙත් සංජුට හිතේ හැටියට නටන්ට ලැබේවා... :)

    ReplyDelete
  6. මේ අවුරුද්දෙ වත් ලෝකාන්තයෙන් නිදහස් වෙලා එන්ඩ ලැබේවිද? ඒක නෙවෙයි ලබන සතියත් නිවාඩු කියල ආරංචියක් තියනව ඔන්න,

    ReplyDelete
  7. නැටුම් අත අරින්න එපා හොඳේ

    ReplyDelete
  8. සංජු ටීච දැන් නටන්නේ නැතෙයි...
    Mohombi එකේ විදිහට නටන්න ගියොත් නං ටීචට ශ්‍රි ලංකාවේ සභ්‍යත්වය කෙලසීම යටතේ නඩු දායි

    ReplyDelete
  9. ප්‍රසන්න : ඔව් ඔව් ඉක්මනටම නැත්නම් මම ත් හොර වෙනවා

    ReplyDelete
  10. පුතා : තැන්කූ තැන්කූ

    ReplyDelete
  11. රවී : මේ අවුරුද්දේ එන්න බැරි උණොත් මම රස්සාවෙන් අස් වෙන බවට දැනටම ගෙදරට තර්ජනය කරලා තියෙන්නේ.
    අනේ පිස්සු නම් කියවන්න එපා මට වැඩ ගොඩ ගැහිලා කරන්න ලබන සතිය නිවාඩු දුන්නොත් ඉතින් මට වෙන්නෙ සෙනසුරාදා ඉරිදා දිගටම වැඩ කරන්න :(

    ReplyDelete
  12. පිනිබිදු : මගේ අනාගත සුවාමි පුරුසයා කියයි ද දන්නේ නෑ ඔව්වා විකාර කියලා :(

    ReplyDelete
  13. Marian : මේ ඔක්කොටම කලින් මට කියන්න ඔයාගේ නම සිංහලෙන් කියන්නේ මාරියන් කියලද? (තව ඔප්ශන් ටිකක් තියෙනවා මැරියන්, මැරි යන්, කොයි එකද මන්දා)

    :) මෙහෙමයි ඉතින් අර කරන්න හොද නම් කියන්න හොද නැත්තෙ මොකද කියන අවුල තමා මට ඔතෙන්දි එන්නේ. යකඩෝ ඉතින් ඔහොම නටන්න හිතුනේ මට විතරමයි කියලා මම කීයටවත් හිතන්නේ නෑ

    ReplyDelete
  14. මේ ලිපියත් උපරිමයි.

    නෑ නෑ සංජු ලබන ආත්මේ වෙනකම් පොස්ට්පෝන් කරන්න ඕන නෑ අයියෝ.

    ප්‍රයිවෙට් හරි ක්ලාස් එකක් දාගෙන නැටුම් ටීචර් කෙනෙක් වෙන සිහිනය සැබෑ කර ගන්න.

    අපෙනුත් උදව්වක් එහෙම ඕන නම් කියන්න.

    දෙන්න පුලුවන් ඕනෑම උදව්වක් කරන්නම්.

    ReplyDelete
  15. දුකා අයියා : තැන්කූ තැන්කූ ඒ වචනෙම සෑහෙන්න වටිනවා

    ReplyDelete
  16. අයියෝ ටීචට තාම මගෙ නම කියවගන්නත් බැරිද?
    මම මාලන් සුධීර
    MaRlaN - Marlan

    ReplyDelete
  17. මාලන් : ඉස්කෝලෙදි ඉංග්‍රීසියෙන් ලියනකොට කැපිටල් සිම්පල් අකුරු ගැන කියලා දීල නැද්ද හැබෑට? තමාගේ නම හරියට ලිව්වා නම් මම මෙහෙම අපහසුතා වලට පත් වෙන්නේ නෑ නෙ

    ReplyDelete
  18. හි හී අයියෝ ටීච කපිටල් I අකුරයි සිම්පල් l අකුරයි ටිකක් වෙනස් නේද....
    ඇයි ඔහොම ලියල තියෙද්දි ලස්සන නැද්ද? :P

    ReplyDelete
  19. ලස්සනයි ලස්සනයි.... ලුණු මිරිස් ටිකක් දාලා එල්ලලා තියන්න

    ReplyDelete
  20. / මේ අවුරුද්දේ එන්න බැරි උණොත් මම රස්සාවෙන් අස් වෙන බවට දැනටම ගෙදරට තර්ජනය කරලා තියෙන්නේ./

    ඒ මොකදෝ,ට්‍රාන්ස්ෆර් එක අනුමත කරන්නෙ ගෙදරින්ද,ඒ අහිංසකයින්ට තර්ජනය කොරන්නෙ?තර්ජනය කරන්න තියෙන්නෙ ඔයාලගෙ අධ්‍යක්ෂ මහත්තැන්ට නෙවද?

    ReplyDelete
  21. රවි : මම වෙන රස්සාවක් හොයා ගන්න හදද්දි මාව මාස3ක් යන්න කියලා මේකට ගෙනත් දැම්මේ ඒගොල්ලො. මට විචර්ලි ඉන්ටනැෂනල් එකේ ජොබ් එකක් හම්බ වුනාම ඒකට යන්න නොදී නැවැත්තුවේ ඒගොල්ලෝ.

    හේතුව විදියට මට කිව්වේ පෙන්ෂන් එකක් තියෙනවනෙ කියලා. හරි පෙන්ෂන් එක ගන්න කලින් මම මලොත්??? මගේ ජීවිතේ කාටවත් වැඩක් නෑ නෙ. ඒක නෙවෙයි ඇත්තම හේතුව කියනවා නම් ආණ්ඩුවේ ඉංග්‍රීසි ටීච කෙනෙක් ව මංගල කාරණා කටයුතු වලදි සේල් කරන්න ලේසි එකයි මම මෙතන හිර වෙන්න හේතුව.

    ReplyDelete
  22. අපොයි, එහෙමත් එකක්ද?, සමාවෙන්න, ඒ වගක් මම දැනං හිටියෙ නැහැ නෙව, ඔයාගෙ ප්‍රශ්නෙ මම දන්න හුඟ දෙනෙකුට, විශේෂයෙන් කාන්තා පක්ෂයට බලපාල තියෙනව,මවුපියන්ට වැඩිහිටියන්ට ඕන විදිහට තමයි වැඩ කටයුතු වෙන්නෙ, තමන් කැමති දෙයක් කරන්න, රැකියාවක්, අඩුම තරමෙ විනෝදාංශයක වත් යෙදෙන්න නිදහස තියෙන්නෙ කීයෙන් කී දෙනාටද?

    මෙතන ප්‍රශ්නෙ ඒ තහංචි වලට විරුද්ධව යන්න, තමන් කැමති දෙයක් කරන්න තවම අපේ හිත් අපට ඉඩ දෙන්නෙ නැති එකයි,අපි හුරු වෙලා තියෙන්නෙ මවුපියන්, වැඩිහිටියන්ගෙ උපදෙස් පරිදි කටයුතු කරන්න නෙව පොඩි කාලෙ ඉඳලම,

    ReplyDelete
  23. ලුනු මිරිස් මොකටද?

    ReplyDelete
  24. රවී : ඔව් ඒක නම් ඇත්ත ඉතින් ... මම සමහර වෙලාවට රණ්ඩුත් වෙනවා නිදහසක් නැති උණාම. ඕකට සම්පූර්ණ වැරදි කේන්දර කාරයො. උන් මගේ කේන්දරේ බලලා කියනවා මම හිතුවක්කාරලු. දවසක් මම අම්මිගෙන ඇහුවා මම කරලා තියෙන 1 හිතුවක්කාරකමක් කියන්න කියලා. කට උත්තර නෑ.

    ඔව් අනේ මොනවා උනත් හිතෙනවනේ මේ අපේ අම්මයි තාත්තයි ඒ දෙන්නාට විරුද්දව වැඩ කරන්න බෑ හිත රිදෙයි අනන් මනන් ඔක්කොම.

    ReplyDelete
  25. මාලන් : රස වෙන්න... නැත්නම් ඔය නම ලියලා තියෙන විදියේ මෙලෝ රහක් නෑ :)

    ReplyDelete
  26. අනේ මේ.....
    ටීච නටනවනම් බලන්නම වටින TV series 1ක් තියනවා... මට මේකෙ ‍ෆිල්ම් 1 කුත් හම්බුනා ඒත් මට ඒක හොයාගන්න බැරි උනා මං ලගනම් තියනවා....
    http://www.imdb.com/title/tt1743034/
    http://www.hulu.com/the-lxd
    ඔය link 1ට ගිහින් බලන්න....

    තියන පුන්චිම ප්‍රශ්නෙ තමා ලංකවෙන් බලන්න බැරිකම 1 ඇමරිකා විදිහට වගෙ හදාගත්තනම් අන්න නියමයි

    ReplyDelete
  27. ස්තූතියි කොලුවෝ මම අගහරුවාදා හවස ගෙදර ආවම බලන්නම්. ලංකාවෙන් බලන්න බැරි නම් proxy එකකින් ගිහින් හරි බලන්නම්. මේ extraordinary dancers කියලා නම් ඇත්තටම කට්ටියක් ඉන්නවා ඒගොල්ලෝ අදින්නේ පලදින්නෙත් මේ විදියටම තමා. ෆිල්ම් එක බලලම ඉමුකෝ.

    ඔයා බලනවනම් තව ෆිල්ම් වගයක් තියෙනවා ඒවානම් යූටියුබ් එකෙත් තියෙනවා. Dirty Dancing 1, Dirty Dancing 2, Save the Last Dance 1, Save the Last Dance 2. මේවාත් ලස්සන කතා. අර පොඩිහිටියෝ නම් ඔන්න බලන්න එපා ඩර්ටි ඩාන්සින් නම් හරිය?

    ReplyDelete
  28. මට අවුරුදු 20යි කමක් නෑ නේ?

    ReplyDelete
  29. කමක් නෑ කමක් නෑ. ඒ උනත් කෝකටත් අම්මගෙන් අහලා බලන්න. අපේ අම්මලා නම් තාම හිතාගෙන ඉන්නෙ මට 12 යි කියලා

    ReplyDelete
  30. LoL කිවුවලු... 12 යි....?
    12*2 යි නේද? නැත්නම් 12*2+2 යි ද?

    ReplyDelete
  31. (12*12)+4 ක් වෙනවා මේ අවුරුද්දට :)

    ReplyDelete
  32. අක්කී ඇයි dancing teacher කෙනෙක් නූනේ?

    ReplyDelete
  33. යසියා : පව් අනේ වෙන මොකක්ද?

    ReplyDelete
  34. මටත් මාස දෙක තුනකට පාරක කන පැලෙන්න සින්දු දාගෙන පාටියකදිවත් නැටුවෙ නැත්නම් කිසි වැඩක් නෑ.නැටුවම ඔක්කොම හිතේ කරදර අමතකවෙනවා. ඔය නැටුම් කියනකොට මතක්වුනේ .හය්යෝ ඉස්සර මගේ බොස් පාටි වලදි අපි එක්ක නටන්න ආවම තමයි වැඩේ.මනුස්සයට තියෙන්නෙ හරි odd ඩාන්සින් ස්ටෙප්ස්.පොර අපි වටේ කරකෙන්න ගන්නවා ටිකවෙලාවකින් . එතකොට තම්යි නැට්ටිල්ල එපාවෙන්න

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම