ගුරු රැස්වීම සහ කරුණු 30


අපේ විදුහල්පතු උතුමා මාර නිර්මාණශීලීය. ඔහු සිතාගෙන සිටින්නේ ඔහු තරම් බුද්ධිමත් නිර්මාණශීලි  විදුහල්පති කෙනෙකු මුළු මධ්‍යම පළාතටම නැත කියාය. ඇත්තටම ඔහු නිර්මාණශීලීය. ඒ හැරී පොටර් වැනි කතා ලිවීමට මිස පාසලක් පරිපාලනය සදහා නොවේ. අපේ කරුමය නම් ඔහු එය නොදන්නා කමයි.

2011 වසර පටන් ගත් දිනම හේ ගුරු රැස්වීමක් කැදෙව්වේ ය. එය ආරම්භ උනේ දවල් 11 ට ය. 2 ට පාසල ඇරීමට සීනුව ගැසූ නිසා එය අවසන් කිරීමට සිදු වුණ නිසා හැර පුලුවන් කමක් තිබ්බා නම් හේ එය රාත්‍රිය වන තුරුම කරගෙන යන්නට ආසා ඇත්තෙකි.

අපේ ඉස්කෝලේ ගුරු රැස්වීම් යනු තනිකරම වලි ය. එම නිසා ගුරු රැස්වීම්, පාසල් සංවර්ධන සමිති රැස්වීම් සංජු ට වහ ය.  අහම්බෙන් අසු වුනොත් හැර සංජු අනෙක් සියලුම දවස්වල එක්කෝ කලින් මාරු වේ නැත්නම් අසනීප නිවාඩුය. ඒ ශරීරයේ තියෙන ලේ පයින්ට් 5න් 4 1/2 ක් පුළුස්සා ගැනීමට තියෙන අකමැත්ත නිසාය.  එදා ඉතින් ඔන්න හා හා පුරා ආරම්භ වූ ගුරු රැස්වීමයි. මම නිකමට මෙන් මා අසල සිටි වසන්තී ට කිව්වේ " අද අපිට අවුරුද්දේම වැඩ කියයි" කියලා ය.

"සුභ අලුත් අවුරුද්දක් ටීචලා සියලුම දෙනාට. අපි ට අද දීර්ඝ කාලයක් ගන්න වෙයි මේ රැස්වීමට මොකද මට කරුණු 30ක් තියෙනවා සාකච්චා කරන්න."

සංජු හෙමිහිට බෑගයේ තිබෙන සටහන් පොත ගත්තේ අද නම් ගනන් ඇතුව කරුණු 30 ම ලියා ගන්නවා කියා සිතාය.  මම දැන් මේ කරුණු 30 මෙතන ලියන්නේ අසරණ ටීචලාට ඉගැන්වීම හැරුණු කොට කරන්නට තිබෙන අනෙකුත් වැඩ කන්දරාව පිලිබද කුඩා අදහසක් ඔබට ලබා දීමටයි.

1. නාම ලේඛනය අලුත් පොතක් අවුරුද්දටම ආයේ වෙන අලුත් එව්වා හම්බ වෙන්නෙ නෑ ඒක නිසා ඕක පරෙස්සමින් කපන්නෙ කොටන්නෙ නැතුව පාවිච්චි කරන්න.
(පරණ නාම ලේඛනේම අලුත් කාඩ්බෝඩ් පිටකවරයක් දාලා. ශෝයි අප්පා)

2. ඔන්න අපේ ඉස්කෝලේ ළමා මිතුරු පාසැලක් වෙලා (ඒ වෙලාවෙයි දැන ගත්තේ මේක මෙච්චරකල් ළමා හතුරු පාසැලක් වෙලයි තිබ්බෙ කියලා) පන්ති භාර ගුරුවරු ළමයින්ගේ පැමිණීම වර්ධනය කරන්න පියවර ගන්න. හොදම ළමා මිතුරු පාසැලේ ගුරුවරු අවුරුද්ද අන්තිමට ට්‍රිප් එකක් එක්කගෙන යනවලු. (මේ සතියකර දෙපාරක් එන යන ට්‍රිප් එක මට අන්ම් හොදටම ඇති)

3. ඇගයීම් 11 හා 10 ස්ග්‍රේණි වල කලින් ම ලකුනු දාලා ඉවර කරන්න.

4. පාසැල් කළමණාකරන කමිටුවට 14ක් පත් කිරීම. (ඉන්නෙත් 14 දෙනයි ඕකට වාද කර ගත්තා දවසම)

5. ඉස්කෝලෙට කලින් එන්න ඇරුනම 2 ට යන්න මොකද පොලිසියෙන් තමයි දැන් ගුරුවරු පරක්කු වෙලා එන එකයි කලින් යන එකයි ගැන රෙකෝඩ් තියා ගන්නේ. ( මූ හිතුවද දන්නේ නෑ අපි දෙසැම්බර් මාසෙම තණකොළ කකා පුන්නක්කු බිව්ව කියලා)

6.  නිවාඩු ෆෝම් එක හරියට පුරවලා දෙන්න ( ඇහ් ඒ කියන්නෙ අපි මෙච්චර දවසක් ඒකෙ ලියලා ඔයාට අපේ දුරකතන අංක නොදුන්න එක ගැන වෙන්ට ඇති නේද මේ කියන්නෙ?)

7.  මණිමේඛලාගේ ක්‍රීඩා උත්සවයට ගුරුවරු බෙදන්නලු. (ඒකිගේ ක්‍රීඩා උත්සවයක් උනේ කොහොමද ඒක ඉස්කෝලෙ ක්‍රීඩා උත්සවය නෙ) මේකට අපේ කට්ටිය හවස2 වෙනකල් ම මරා ගත්තා. අවසානයේ ශූර නිවාසය භාරව (බගල)වතී ඉස්කෝලේ හාමිනේ ද, වීර නිවාසය භාරව සමන් මලින් පවන් සැලේ ද, ධීර නිවාසය භාරව සංජුවා ද ලෙස වසරේ දැවැන්තම තොප්පිය වැටුණි.

8.  බෞද්ධ සමිතිය පිහිටුවීම

9. සාහිත්‍ය සමිතිය පිහිටුවීම

(මේව පත් කරල ඉහලට දන්වන්න ඕනෙලු අනුශාසක වරු නිල මණ්ඩලය එහෙම. අපේ බගලවතී ඉස්කෝලෙ හාමිනේ කියනවා පත්කරලා යවමුලු. රැස්වීම් එකක් විතරක් ගමුලු. බෞද්ධ සමිතියයි සාහිත්‍ය සමිතියයි දෙකම එකම වෙලාවෙදි ඉවර කරමුලු. කොහොමද අපේ කට්ටියගේ කාල කළමණාකරනය?)

10. ප්‍රාථමික පන්තිවල ශරීර සුවතා වැඩසටහන අනිවාර්යෙන් කරන්න.(උදේට කන්න නැතුව එන කැහැටු පොඩි එවුන් ට)

11. 1 -5 ශ්‍රේණි වලට චිත්‍ර , නැටුම්, සංගීත යන විෂයන් විෂය සමගාමි ලෙස කරන්න. (කවුද කරන්නේ?)

12. පන්ති වාර්තා පොත් නාමලේඛන නිවැරදිව පවත්වා ගන්න. (මගේ පන්තියේ පන්ති වාර්තා පොත බගලවතී ඉස්කෝලේ හාමිනේ ගල් කරලා එතුමියගේ අල්මාරියට මම අනවසරයෙන් කළ ඇතුල් වීමකදි එම පොතත් ඇතුලුව මගේ නැතිවුණ පොත් කිහිපයකුත් එක්කම ඒ පොතත් හම්බ උනා. මම නම නොකියා ඒ කතාව කියලා ඇරිය තොප්පිය හරි කෙනා දා ගන්න කියලා. කට්ටියගේ වදේ ඉතින් කොහෙන්ද හම්බ උනේ කියලා කියන්න. මම නම් අහු වෙයි ඕවට)

13.  පන්තියෙන් බැහැර වීමේ කාඩ් පතක් හදන්න. ( එක කාඩ් එකක් හදලා පන්තියට දුන්නම උන් ඒක බෙදා ගන්න කොල්ලෝ කෙල්ලෝ දෙකට බෙදිලා පොර කාලා රණ්ඩු බේරන්න වෙන්නේ මට. එක කාඩ් එකක් ඩුන්නට කෙල්ලො වැරදිලාවත් තනියම යන්නෙත් නෑ. කාඩ් 2ක් දුන්නා කියන්නේ හැම වෙලාවෙම 4 දෙනෙක් එලියෙ. අනේ මන්දා ඕව විසදන්න පුලුවන් කාටද?)

14.  පන්ති කාමර අලංකරණය කරන්න. (මේ කියන්නේ එල්ලන්න තියෙන ඔක්කොම එල්ලල පුලුවන් නම් අපිටත් එල්ලිලා ඉන්න කියලා)

15.  3 වීල් ප්‍රශ්නය - සමන් මලෙන් පවන් සැලේ ට තද වෙලා. එයාගෙ පන්තියේ ඉන්න ළමයින් ව ඉස්කෝලේ අරින්නත් කලින් ම චන්ද්‍රපාල කියලා ත්‍රීවීල් කාරයෙක් බලෙන් එක්කගෙන යනවලු. ඒ මදිවට ළමයි ඉස්සරහ බැනලා "ඔය නෑණිට මම බය නෑ" කියලා. සමන් මලෙන් පවන් සැලේ ට ඒකට මලම පැනලා. අපේ උතුමා කෙදිරිලි වොයිස් එකකින් අහනවා ටීච ඇයි ඕක මෙතන කිව්වෙ පෞද්ගලිකව මාව හම්බු වෙලා කතා කරන්න තිබ්බනේ කියලා. සමන් මලෙන් පවන් සැලේ දන්නෙ නැද්ද මන්දා චන්ද්‍රපාල කියන්නේ උතුමාගේ දයාබර අයියා කියලා! හිතා ගන්න පුලුවන් නේද එයාට අර වගේ කතා කරන්න පවර් එක ආවේ කොහෙන්ද කියලා?)

16. ශිෂ්‍ය නායක පන්ති නායක "ශාලා නායක" කියලා ඔන්න අළුත් අවුරුද්දට පත් කරන්නලු. ඒ තොප්පිය ස්වයංක්‍රීයව මගේ ඔලුවට වැටෙන නිසා මට ආයේ ඒ ගැන අහන්න දෙයක් තිබ්බේ නෑ මම පහුගිය අවුරුද්දේ විදියටම වැඩ ටික ප්ලෑන් කලා. 17 වන සදුදා ට දා ගත්තා වැඩේ. ඒත් වැස්ස නිසා දින නියමයකින් තොරව වැඩේ කල් ගියා.

17. ඊ 5 ට උගන්නන්නලු. - මම දන්න විදියට නම් මේ E 5 කියන්නේ වෙන රටවල් වල අසාර්ථක වුන ඉගැන්වීම් ක්‍රමයක්. නමුත් ලංකාවේ පිලි ගන්නවා. මගේ විෂයට නම් E5 තියා මොනම එකක්වත් හරි යන්නේ නෑ ළමයි ඉගෙන ගන්න මූඩ් එකේ නැත්නම්.

18. නිපුණතා හා නිපුණතා මට්ටම් වාරයට අදාල ඒවා ඉවර කිරීම/ සටහන් තබා ගැනීම - රේඛීය අමාත්‍යංශයේ අවශ්‍යතාවක් උනොත් ඒවා ඉදිරිපත් කරන්න. ( #$%^&*(&^%$#@!@#$%^&*&^%$#@#$%^&*(^%$#@#$%^&*%$@#$%^&*#@#$%^& අපි පාඩමක් කරලා ඒකෙ ගුණාත්මක අවසානයක් දකින්න දගලන දැගල්ලිල්ල දන්නේ අපි විතරයි)

19.  වාර සටහන් හදන්නලු. (හා ඈ!)

20. පන්ති අධීක්ෂනය කරන්න ( නෝ කමෙන්ට්ස්.... )

21. ගුණාත්මක යෙදවුම් අවශ්‍යතා ලේඛන දෙන්න. (අනේ මට නම් ඕනේ රෝනියෝ කොල මිටි 10ක් විතරයි රෝනියෝ තින්ත ටියුබ් 5ක් විතරයි. ආයේ ඉල්ලන ඒවායෙන් වැඩක් නෑ)

22.  මිලදී ගැනීම් සහ ඇගයීම් කමිටුවක් පත් කිරීම (මිලදී ගන්නේ උතුමයි එයාගේ යාලුවයි පල්ලෙහා කඩෙන්. ඇගයීම් කමිටුව මොනවා ගෙනාවත් අත්සන් කරන්න ඕනි. ආයේ ඒ ගැන කට හොල්ලන්න බෑ) 

23. උදේ රැස්වීම (අපේ ඉස්කෝලෙ මේ අවුරුදු 3 1/2 ටම මම අතගහපු වැඩ වලින් චොර උනේ ඒක විතරයි. ඒක සාමූහික වැඩක් නිසා තනියම කරන්න අමාරුයි. )

24. උදේ රැස්වීමේ මගේ දිනය බ්‍රහස්පතින්දා (හා ඈ!)

25. මල් පූජා කිරීම (හැමදාම කරනවනේ ඒක පිලිවෙලක් කරන්නලු. ඒකටත් හා ඈ!)

26.  මනෝ සාමාජීය මැදිහත් වීම් ( අනේ මන්දා අපේ ඉස්කෝලේ උපදේශනය කරන්නේ බගලවතී ඉස්කෝලේ හාමිනේ. එයා ට ගෙදර තියෙන ප්‍රශ්න ටිකත් විසද ගන්න බැරුව තමා ඉස්කෝලේ ළමයින් ගේ ප්‍රශ්න විසදන්න හදන්නේ. ගිය අවුරුද්දේ 11 ළමයින් ට උපදේශනය කරන්න ගිහින් එගොල්ලො බගලවතී ඉස්කෝලේ හාමිනේගෙන් අහලා තිබ්බා ඔයාගේ දුව අරෙහෙම නටද්දි ඔය අපිව හදන්න එන්නේ ඉස්සෙල්ලා එයාව හදා ගන්න කියලා. බගලවතී ඉස්කෝලෙ හාමිනේ ගෙ දුවත් ගියපාර 11 වසරේ හිටියේ) 

27.  ඉංග්‍රීසි සමිතියක්, දිනයක්, කතාවක් එහෙම සතියකට සැරයක් කරන්න සංවිධානය කරනන්ලු. හවස පන්තිත් කරන්නලු. (හා ඈ..... මෙයා හිතනවා ඇති මම එක පාරක් ටිං කිරි ගා ගත්තම හැමදාම එයා කියන කියන විදියට කියන කියන තැන් වල ටිං කිරි ගා ගන්න සැදී පැහැදී ඉන්නවා ඇති කියලා)

28.  පාසලේ සෞඛ්‍ය දැක්මක් හදන්න. ( අපේ ඉස්කෝලේ දැක්මට කලින් මාස 6 කට සැරයක් ළමයින් ට පණු බෙහෙත් දෙව්වන්න ඕනෑ පී.එච්.අයි. මහත්තුරු ගෙන්නලා. මගේ අතට වඩා දිග ඇගිල්ලක් තරම් මහත පණුවෙක් 2 වසරෙ පුතෙකුගේ ගුද මාර්ගයෙන් එලියට එනවා දකින්න තරම් පව් කරලා තියෙන මට මේවා විහිළු. පොතේ ලියලා ලොක්කෝ ආවම පෙන්නන්න දැක්මක් නෙවෙයි ඕනෙ ක්‍රියාවෙන් ඒ දේවල් සිද්ද වෙන්නයි)

29. අභ්‍යන්තර ඇගයීම් කරන්න.(අර මම 20 ට ලියපු එකයි මේකයි 2 ම එකයි) 

30. ක්‍රීඩා උත්සවයේ දී නිවාස වල ප්‍රශ්න වලට නිවාසවල ගුරුවරු ගුරුවරු රණ්ඩු වෙන්න එපා ( හා ඈ! අපේ නිවාසේ ප්‍රශ්නයක් අසාධාරනයක් උනාම අල්ලපු ඉස්කෝලෙ ගුරුවරු ඇවිල්ල අපිට විසදලා දෙයි නේද ඈ?) 

 ඔන්න ඔහොමයි අපේ ලොක්කා පැය 3ක් ගුරු රැස්වීම දිග ඇරියේ. තව වෙලාව තිබ්බනම් ඒකත් ඉවරයි. වෙලාවට 2 ට බෙල් එක ගැහුවේ. සමහර වැදගත්ම කරුණු මෙතන සාකච්චා වුණෙත් නෑ. අපේ කට්ටිය තම තමන්ගේ පාණ්ඩිත්‍ය ප්‍රදර්ශනය කළා විතරමයි.

Comments

  1. ඈ බං අක්කේ ටීච වෙලා ඉන්න එකත් ලේසි පහසු කටයුත්තක් නෙමෙයි නොවැ...

    ReplyDelete
  2. අවුලක් නෑ. ඕව කියනවා විතරයි කෙරෙන්නේ නෑ. අපි නොදන්න පින්නු! :P

    ReplyDelete
  3. මම පුංචි කාලේ කාගෙන් හරි හොරකම් කරපු පොතකින් කියෙව්වා හරි අපූරු ස්කෝලෙයක් ගැන. ඒත් ඒක මේ තරම් අපූරු නැහැ. අනේ අක්කේ මාරුවක් හදාගෙන මෙහෙට එන්න. ඔහේ හිටියොත් පිස්සු හැදිලා ඩබල් ත්‍රිබල් වෙලා තමා ඉවර වෙන්නේ.
    ඒත් පොඩි එවුන් ටික පව් නේද?

    ආ... දැන් අර ගිය අවුරුද්දේ නාම ලේඛනය දිගටම ගෙනියන එකෙන්, අර පන්ති වලින් අස්වෙච්ච අයගේ නමට කතිර වැටෙද්දී මාර ගති නේද? රෙජිස්ටරේ තරු පායලා වගේ හිටියි.

    පිනාටනම් අම්බානෙට මඥ්ඥං වගේ? අපේ ස්කෝල වල ඔය වගේ අය හිටියනම් එහෙම... අපිට කලිං අපේ දෙමව්පියෝ ඇවිල්ලා එලවලා දාන්නේ.

    ReplyDelete
  4. සංජු ඉන්නෙත් මම හිටපු ඉස්කෝලෙද කොහෙද? 30න් ටිකයි වෙනස්!!!

    ReplyDelete
  5. පූසා මල්ලි : ඔව් අනේ ... මේ වැඩවලින් බාගයක් විතර... අනික්වා තාම කිව්වේ නෑ. කාටවත් බැරි වෙයිද දන්නේ නෑ මගේ කබඩ් එක අස් කරලා එහෙම දෙන්න අළුත් අවුරුද්දට නේද ඈ? ;)

    ReplyDelete
  6. බුධාජීව : වුනත් නොවුනත් අපේ කාලේ කාගෙන කරන්න කරන්න කරන්න කරල ඉවරද පටන් ගත්තද දැන් කොච්චරක් ඉවරද අහවල් දවසෙ අහවලා එනවා අහවලා එනවා කියලා දෙන මානසික වදය හොදටම ඇති සියදිවි නසා ගන්න හිතෙන්න

    ReplyDelete
  7. ප්‍රසන්න : මේක ආසියාවේ ආශ්චර්යමත් ඉස්කෝලේ හරි පුදුම ඉස්කෝලෙට වඩා වෙනස්.

    ළමයින්ටත් ප්‍රශ්නයක් නෑ මල්ලි. මම 11 වසරෙ එවුන් ගෙන් විබාගෙ ඉවර වෙලා මොනාද කරන්නේ ඇහුවම කියන්නෙ "ටීච මම අපේ කොටුව කරගෙන ඉන්නවා, මම නම් ත්‍රීවීල් එකක් දා ගන්නවා" කියලා. එයාලට වගාවෙන් සල්ලිත් තියෙනවනේ. එදා නම් මම බැන්නා අදම ගෙවල් වල නැවතෙනවලා අපිට වද දෙන්න එන්න එපා ඉස්කෝලෙ කියලා.

    පිනා ගැන මම තව ලියන්නම් මම ඔය ඉස්කෝලෙන් ආපු දවසක ;)

    ReplyDelete
  8. හරී අක්කා : කොහෙද අක්කගෙ ඉස්කෝලේ? අනේ මන්දා ලංකාවේ හැම ඉස්කෝලයක් ම මේ වගේ මවා ගත්ත වැඩ කරන්නේ ඇයි කියලා. ප්‍රායෝගික ඉලක්ක 2-3ක් තියාගෙන වැඩ නොකර ලෝකෙම තියෙන ඔක්කොම කරවලා පෙන්නන්න හදන්නේ ඉස්කෝල වලින්

    ReplyDelete
  9. [said:සංජු]
    ළමයින්ටත් ප්‍රශ්නයක් නෑ මල්ලි. මම 11 වසරෙ එවුන් ගෙන් විබාගෙ ඉවර වෙලා මොනාද කරන්නේ ඇහුවම කියන්නෙ "ටීච මම අපේ කොටුව කරගෙන ඉන්නවා, මම නම් ත්‍රීවීල් එකක් දා ගන්නවා" කියලා.
    [/said]

    @සංජු: හ්ම්ම්... උං ඒ කියපු දේවල් ඇතුලෙ මාර කතාවක් හිර වෙලා තියනවනෙ. :/

    ReplyDelete
  10. බුධා : නෑ නෑ ඔයා හිතන කතාව නෙවෙයි මෙතන තියෙන්නේ. මිංචි වගාවක් අක්කරයක කලොත් මාසෙකට ලක්ෂයක ආදායමක් තියෙනවා. ත්‍රීවීල් එකක් දා ගන්නවා කියන්නේ එහෙ පැත්තෙ ඉන්න කෙරුමෝ තමා ත්‍රීවීල් ටික. කරන්න තියෙන දහපදුරා වැඩ ඔක්කොම කරනවා. අපේ ඉස්කෝලේ කොල්ලන්ට අසභ්‍ය චිත්‍රපට බලන්න පුරුදු කරලා අපිට පොලිසි යන්න උනේත් ඒගොල්ලෝ නිසා.

    මේක තනිකරම සල්ලි පිලිබද කතාවක්. දුප්පත් එකෙක් කවදාවත් ත්‍රීවීල් එකක් ගන්න හීන බලන්නේ නෑ අමාරුවෙන් හරි ඉගෙන ගන්න බලනවා. මේ කියන ළමයි ඉස්කෝලෙ එනකොට මගේ පර්ස් එකේ තියෙනවා වගේ 3-4 ගුණයක් සල්ලි සාක්කුවේ දාගෙන එන්නේ. සල්ලි වල රහ දැනුනම හම්බ කරන්න ම තමා සිහිය තියෙන්නේ. මට නම් ඒක ඇතුලේ තියෙන කතාව ඕකයි.

    ReplyDelete
  11. සංජුවො,මට මඤ්ඤං වාගෙ මේක කියවල.උගන්වන එකට අමතරව තව කොච්චර වැඩ තියනවද බොලේ........!!!
    පිස්සුවෙ හොඳම එක උනත් ඔයා ළමයින්ට ටීච කෙනෙකුට වැඩිය අම්ම කෙනෙක් වාගෙ කියලයි මටනම් හිතෙන්නෙ.
    මොකද්ද හැබෑටම අර ත්‍රීවීල් බුවාලත් එක්ක කොල්ලො සෙට් වෙලා බ්ලූ බලපු කතාව.ඔව්වනම් ඔය කාලෙට කොල්ලන්ගෙ හැටි නොවැ.හික්..........ඔන්න කොල්ලන්ව පොලිසි එහෙම එක්කගෙන යනව නෙමෙයි.....

    ReplyDelete
  12. දිනේශ් : දැක්කද වැඩ ගොඩ :( කොල්ලෝ පොලිසි යවන්න වුණා අනේ ඒ වැඩේ ටිකක් නෙවෙයි සෑහෙන්න කේස් වුණා. දැන් මෙහෙ අසභ්‍ය සේරම තහනම් නිසා මේ වගේ ප්‍රශ්නයකදි අපිට අත දාල විසදන්න අමාරුයි. ඒක අපේ සීමාවට එහා ගිය දෙයක් නිසා පොලිසියට කියන්නම වුනා. මේවා ළමයි අතට එන්නේ කොහෙන්ද කියලා පොලිසියට වැදගත් නේ. අනික ඒවා බලපුවාම තමා අපේ ගුරු මණ්ඩලයට තේරුනේ වැඩේ අපිට කරන්න තියෙන සීමාවෙන් සෑහෙන්න එහාට ගිහින් කියලා.

    ReplyDelete
  13. හනේ අපි නම් හරි ආසයි අපේ ඉස්කෝලෙත් ගුරු රැස්වීම් තියෙන දවස්වලට.. පංතියේ හොඳ පිස්සුවක් නටලා ඉන්න පුලුවන්.. ශිෂ්‍යනායකයෝ ආවට මොකද ඉතින් උන්ටත් පිස්සුනේ.. අපේ ලොක්කත් ගුරු රැස්වීම් වලට පැය ගණන් ගන්න නිසා වී ලව් ලොක්කා..

    ReplyDelete
  14. @සංජු:

    [said:සංජු]
    නෑ නෑ ඔයා හිතන කතාව නෙවෙයි මෙතන තියෙන්නේ.
    [/said]

    ම්ම්, ඒකත් එහෙමද. ඒකට ඉතිං මොකදෑ කොරන්නේ. :/

    [said:සංජු]
    අපේ ඉස්කෝලේ කොල්ලන්ට අසභ්‍ය චිත්‍රපට බලන්න පුරුදු කරලා අපිට පොලිසි යන්න උනේත් ඒගොල්ලෝ නිසා.
    [/said]

    සහ

    [said:සංජු]
    කොල්ලෝ පොලිසි යවන්න වුණා අනේ ඒ වැඩේ ටිකක් නෙවෙයි සෑහෙන්න කේස් වුණා. දැන් මෙහෙ අසභ්‍ය සේරම තහනම් නිසා මේ වගේ ප්‍රශ්නයකදි අපිට අත දාල විසදන්න අමාරුයි. ඒක අපේ සීමාවට එහා ගිය දෙයක් නිසා පොලිසියට කියන්නම වුනා. මේවා ළමයි අතට එන්නේ කොහෙන්ද කියලා පොලිසියට වැදගත් නේ. අනික ඒවා බලපුවාම තමා අපේ ගුරු මණ්ඩලයට තේරුනේ වැඩේ අපිට කරන්න තියෙන සීමාවෙන් සෑහෙන්න එහාට ගිහින් කියලා.
    [/said]

    උං ඕව බැලුවෙ ඉස්කෝලෙට ගෙනල්ලද?

    ReplyDelete
  15. නෑ නෑ ඉස්කෝලේ තමා හුවමාරු මධ්‍යස්ථානය. ඉස්කෝලෙදි බලන්න විදියක් නෑ මමනේ ලැබ් එකේ ඉන්නේ.

    ReplyDelete
  16. චතුවා : මොකට කියනව ද ඉතින් ඒවා ගැන. අපිට අවමගුල් ඉස්කෝලේ කොල්ලෝ කෙල්ලොන්ට රජ මගුල්

    ReplyDelete
  17. @සංජු: ආ එහෙනං ඕක ඔච්චර සීරියස් ගන්න දෙයක්යැ? හොඳ සෞඛ්‍යයෙං ඉන්න, ඕව නොබලපු එකෙක් හොයාගන්න බලන්න. අර කලිං පෝස්ට් එකක කියල තිබ්බ "ඩිල්ෂාන්" වගේ පොරවල් නං බලන එකක් නෑ.

    ReplyDelete
  18. බුධා : නොබලපු එකෙක් හොයාගෙන මම හුරතලේ ට ඇති කරන්න ද? හික් හික් හික් අනික මම දන්නවා ඕවා නොබලන කොල්ලෙක් හොයා ගන්න නම් මට මේ ආත්මේදි බැරි බව

    ReplyDelete
  19. @සංජු: හුරතලේට ඇති කරගත්තත් අවුලක් නෑ. මම බැලුවේ මොකද ඒක මේ පොලිසියට ගෙනියන්න තරං කස්ටිය සිරියස් අරං තියෙන්නේ කියලා. පිනාගෙ දුරදක්නා අඥානේ තව කොටසක් වෙන්ටැ?

    ReplyDelete
  20. බුධා : නෑ නෑ මේ වැඩේ කේස් වෙන්න හේතුව වුණේ අපේ ඉස්කෝලේ මිශ්‍ර පාසැලක් වීමත්, මේ සීන් එක වෙන්න ටික දවසකට කලින් මේ සී.ඩී වල තිබුණ දේවල කොල්ලෝ අත්හදා බලන්න ගිහින් අහු උණ එකත්. ළමයෙකු ගේ ජීවිතේට වරදක් වුණා නම් මේක නිසා ඒකේ වැරැද්ද යන්නේත් අපි පිටින් ගුරුවරු දැනගෙන හිටියා ඒත් හංගගෙන හිටියා කියලා ඒ බැනුමත් අහන්න වෙන්නේ අපිට.

    ReplyDelete
  21. @සංජු: ඕක බැලුවෙ නැත්තං කස්ටිය අත්හදාබලන්න දන්නෙ නැද්ද දන්නෙ නෑ. පොඩි කාලෙ කන්නෙ කටිං කියල ඉගන ගත්තෙ වීඩියෝ බලලයැ. කෝම උනත් වැඩි තොරතුරු දන්නෙ නැතුව ඕක ගැන කියෝන එකේ තේරුමක් නෑ.

    එනිවේ, ආතල් ඉස්කෝලයක් වගේ. දිගටම එහේ විස්තර ලියන්ටැ. මොකද අපි ගොඩක් වෙලාවට ළමයිංගෙ දෘෂ්ඨි කෝණෙං ඉස්කෝලවල සීන් කෝන්ස් දැක්කට, ගුරුවරුංගෙ කෝණෙං දකින්න වෙන්නෙ නෑ නෙව.

    ReplyDelete
  22. මේ ලිපිය උදේ කියවපු වෙලාවේ මට හිතුනේ මේකේ අඩංගු දේවල් වලට අඬන්නද හිනාවෙන්නද කියලා.

    අපේ අධ්‍යාපන ක්‍රමයේ එක් හරස් කඩක් නේද ඒ.

    අපි ඉගෙන ගත්තු කාලෙයි අද කාලෙයි ලොකු වෙනසක් වෙලා නැතුව වත්ද??

    අනාගතේ නිර්මාණශීලී ළමයින් පිරිසක් බිහිකරන්න නම් අපි වැඩිහිටියෝ දෙමාපියෝ විදිහට මොනවගේ දේවල් කල යුතුද . . ??

    අනේ මන්දා ගුරුවරියක් විදිහට ඒ දෙ කරන්නේ කොහොමද කියන එකට ඔයාට හිතෙන දේත් තවත් ලිපියකඉන් කියන්න නගේ.

    ReplyDelete
  23. අක්කා මාතෘකාව වෙන පැත්තකට යන හැඩයි. මේකටත් වගකියන්න ඕනේ අර තනියම ඉන්න දිනේෂයා තමා. ආපු දෙන්කෝ ඕකා ලංකාවට.

    මොනා වුනත් ඔයා කරන්නේ හරි උතුම් දෙයක්. ඒක උගන්නනවට වැඩැය වටිනවා මං හිතන්නේ.

    ReplyDelete
  24. බුධා : ඔව් ඉතින් ඕක ගැන කොච්චර කියෙව්වත් වැඩක් නෑ මොකද සමහර එව්ව තියෙනවා මට ලියන්න බැරි ඉස්කෝලෙ කීර්තිනාමය (එහෙම එකක් තියෙනවා නම්) ට හරි නෑ නෙ.

    අපෝ ලියන්නම්. ලියන්න තියෙනවා ගමක.

    ReplyDelete
  25. දුකා අයියා : ඒක ගැන ඇත්තටම මම දන්නේ නෑ කියලයි මම හිතන්නේ.. මම තාම නවක ගුරුවරියක් කියලාමයි මට තාම හිතෙන්නේ මේ මගේ ජනප්‍රිය 4 වෙනි අවුරුද්ද උනත්. සමහර දේවල් තියෙනවා අයියේ ලිව්වොත් මගේ රස්සාව නැති වෙනවා. ඒත් ඒ දේවල් තමා කටුක යථාර්තය. ලිව්වොත් මම ගස්. හැබැයි මම කවදා හරි ඒවා ලියන්න පුළුවන් වාතාවරණයක් ආවම ලියන්නම්.

    ReplyDelete
  26. ප්‍රසන්න : හික් හික් හික් ඔව් අප්පා.... එයාට නිකන් ඉන්න වෙලාවට මාර ඒවනේ හිතෙන්නේ. අපිට අප්‍රේල් 3 වෙනිදට අල්ල ගන්න පුලුවන් වෙයි මම හිතන්නේ.

    ReplyDelete
  27. අම්මෝ ටීචින් කරන එකට වඩා මේ කරන ජොබ් එක දාහෙන් සම්පතයි වගේ. තවුසන්ඩ් ප‍්රොබ්ලම්නෙ තියෙන්නේ එවුවයෙත් නේද?

    ReplyDelete
  28. අක්කී ලංකාවේ අධ්‍යාමන ක්‍රමය මරු ජෝක් එකක්.ඒත් කරුමේ කියන්නේ ඕක මේ කපේට වෙනස් නොවෙන එකනොවැ.

    ReplyDelete
  29. යසියා : ඒ ගැන කතා කලොත් මගේ රස්සවට කෙල වෙන නිසා අදහස් දැකීමෙන් වැලකී සිටිමි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම