චීච ට ඉක්කෝලේ නන්න බැලියෝ..........!





මෙන්න චීච කෙනෙක් ඉක්කෝලෙ නන්න බෑ කියා අඩනවෝ. 

මේ චීච ඉක්කෝලේ ගිය කාලේ වත් ආසාවෙන් ඉක්කෝලේ ගිහින් නැත. පුරුද්දට වගේ යැවුනාය. කොලරයේ ගසා තිබූ ශිෂ්‍ය නායක ලාංඡනයට පින් සිද්ද වෙන්නට 13 වසරේදී ඉක්කොලේ ගේට්ටුව පැන්නේ උදේ මහ පාන්දර 9 ටය. (අද ඒ ළමයා චීචර් කෙනෙකු වීමත්, පාසලේ විනය මණ්ඩලයේ සාමාජිකාවක් වීමත්, ශිෂ්‍යා නිල මණ්ඩලයේ උපදේශිකාව වීමත් වෙනමම සාකච්ඡා කල යුතු මාතෘකාවකි)

ඉක්කෝලය මට හැමදා වහ කදුරු වූ ස්ථානයකි. ඉක්කෝලයෙන් එලියට බැස්ස දා මම යලි කිසි දිනෙක වැස්සකටවත් නැවත ඉක්කෝලයක පස් නොපාගමි යැයි සිතා පිට වීමි. දෙයියෝ මට සැමදා දෙන්නේ මම එපාම කියූ දේවල් ය. ඔහු මාව නැවත ඉක්කෝලයකම නැවැත්තුවේය.  (දෙයියෝ එක දෙයක් මට ඕනෑ විදියට දේවියැවි මම සිතමි. ඒක නොදුන්නොත් මම දෙය්යන්ව දිව්‍ය ලෝකයේදි හෝ අල්ලා හොල්ලමි) 

ඉතින් හෙට ඉක්කෝලය පටන් ගන්නා බැවින් හෙට චීච ඉක්කෝලයට යා යුතුය. ඒ නිසා චීච හෙට ඉක්කෝලයේ යයි. සතියකින් සිකුරාදා ආපසු එක විට චීචට කියවන්න ගොඩාරියක් බ්ලොග් යහලුවෝ ලියා තබන බව චීචට විශ්වාසය. ඉක්කෝලයේ යන කාලයේ පටන් උදේට හැදුණු වමනය ගතිය, බඩේ අමරුව, ඔලුවේ කැක්කුම සහ බෙල්ලේ හිර වෙන ගතිය යලිත් හෙට උදේ ට ඇති වනු ඇත. :( මක් කොරන්ට ද??? ඉක්කෝලයේ යා යුතුමය. මගේ පැටවු මා එන තුරු බලා සිටියි. 

Comments

  1. අපෝ.....ටීච මාසයක් විතර ගෙදර ඉඳල හොඳටම හොර වෙලා.
    සමහර විට දැන් අපි මේක කියවන ටයිම් එකට ඔයාට අර කියපු අසනීප තත්ව ටික ඇතිවෙලා තියෙන්න පුලුවන්..හික්.........හික්.......
    කවුද හැබෑටම මේ පිස්සු ටීචට අර තනතුරු දීපු එක්කෙනා.

    ReplyDelete
  2. අනේ ටීචර්... අපේ අම්මයි තාත්තයි නං තාම ඉස්කෝලෙ යන්නෙ එක පයින්. ඔය ටීචර් නුත් කරන දේ ආසාවෙන් කරන්න හිත හදා ගන්න නව වසරේ :)

    ReplyDelete
  3. ටීච මෙහෙම අඬනවානම් ටීචගේ පැටවු ටික ගෙදර ඉන්න ඕන කියලා කොහොම අඬනවා ඇත්ද කියලා හිතාගන්න පුළුවන් :)

    (මේ මම ගොඩක් පුංචි කාලේ මුතුහර පොතක කියවපු පොඩි විහිළු කතාවක්)

    පුතා: මට බැහැ ඉස්කෝලේ යන්න... මම ගෙදර ඉන්නවා

    අම්මා: බැහැ කියලා කොහොමද ඉස්කෝලේ යන්නම ඕන.

    පුතා: බැහැ බැහැමයි. ඉස්කෝලේ ළමයි මට කැමති නැහැ..

    අම්මා: එහෙම කියලා බැහැ, සැරයක් කිවුවනේ, ඉස්කෝලේ යන්නම ඕන...

    පුතා : (හැඬුම්බරව) මට ළමයි කවුරුත් කැමති නැහැ, ගුරුවරුත් කැමති නැහැ. වෙන එකක් තියා බස් එකේ කොන්දොස්තරත් මට අනන් මනන් කියනවා...

    අම්මා: (දුකෙන්) මම දන්නවා පුතේ. ඔඋතාගේ වයසත් වැඩියි කියලා මට තේරෙනවා. ඒත් ඉස්කෝලේ නොගිහින් බැහැ. ඉස්කෝලේ ප්‍රින්සිපල් උඹනේ පුතේ!

    මේක ජෝක් කතාවක් වුනාට මේක කියවලා මට ගොඩක් දුක හිතුනා. ඒ මම එක වසරේදී. අදටත් මට මේ කතාවට හිනා යන්නේ නැහැ. මොකක්ද අමුතු හැඟීමක්, දුකක් හිතට එනවා. හරියට පපුවේ බරක් තියෙනවා වගේ.

    හරි සෙන්ටිමෙන්ටල් පාර්ට් එක ඉවරයි. ටීචට සුභම සුභ ටර්ම් එකක්!

    ReplyDelete
  4. ටීච ඉස්කෝලෙ නොගියොත් ලමයි ටික පවු නේ.....?

    ReplyDelete
  5. අපේ තාත්තත් ඉස්සර ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙනකොට කියන කතාවක් තමයි
    "මට මතක ඇති කාලෙක ඉඳන් ඉස්කෝලෙ යනවා..."

    ඒත් දැන් නංගි ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙනකොට තාත්ත කියන්නෙ
    "අනේ මගේ ඇස් පෙනුනා නම් මම අදත් ඉස්කෝලෙ යනවා.."

    ඒ නිසා අපේ චූටි ටීචර් අඬන්නෙ නැතුව ඉස්කෝලෙ යන්න හොඳේ...

    ReplyDelete
  6. කෝ මේ ටීච..............!!ඉක්මනට එන්ඩෝ..............

    ReplyDelete
  7. @ දිනේශ්..... ඔව් අනේ හොරම හොර වෙලා. තනතුරු දුන්නේ නම් අපේ ප්‍රින්ස්

    @ ස්වප්නා... ඔව් අනේ... වෙන මක් කියලා කොරන්ට ද????

    @ පැතුම්... ඔය සීන් එකෙන් මට මතක් උනේ අපේ හිටපු ප්‍රින්ස් ව. එයා පුදුම දුකක් වින්දේ මිනිස්සුන්ගෙන් ඔය වගේ එක එක කතා අහගෙන. හරිම අහිංසකයි. ඒත් ඉතින් කවුරුත් කැමති නෑ ඇයි නිකන් නේ ඉන්නේ. එයාට අවුරුදු 54 ක් වෙද්දි ත් එයාගේ අම්මත් එයා බලන්න ඉස්කෝලේ ආවා... ඇත්තටම එයාද දන්නේ නෑ ගෙදර ගිහින් මෙහෙම කිව්වේ !!!!

    @ Marian ...... හ්ම්ම්ම්ම් ඔව් අනේ ඒකනේ ගියේ

    @ තාරා... නියම ගුරුවරයෙක් හැමදාම ගුරුවරයෙක්. කවදාවත් අධ්‍යාපන පරිපාලනයට යන්නේ නෑ. ඔයාගේ තාත්තා ඇත්තටම හොද පූජනීය ගුරුවරයෙක්. ඒකයි හිතිනුත් එහෙම ජීවත් වෙන්නේ

    ReplyDelete
  8. අනේ ටීච,මොනා හරි ලියන්නකෝ.................

    ReplyDelete
  9. ඉස්කෝලේ ගිය චීචර්ට මොකද උනේ......

    ReplyDelete
  10. ඔන්න එහෙනම් මම ලියනවා හරිය??? කියන්න එපා රීඩර් එක අලුත් වෙනවා නිකන් මොකක්ද එක වගේ කියලා... හරිය???

    ReplyDelete
  11. මම පුංචි කාලෙ හිතුවේ ටීචර් හරි කැමැත්තෙන් ඉස්කෝලෙ එන්නෙ කියල. මොකද අපි අකමැත්තෙන් එනව නම් ඒ අය කැමැත්තෙන් එන්න ඕනෙනෙ.

    හැබැයි හත අට විතර වෙද්දි දැන ගත්තා අපි වගේම කටු කන්න ඒ අයටත් වෙනවා කියල. :D

    ReplyDelete
  12. පිටස්තරයා : පේනවනේ ටීච ගෙ මූණේ හැටි. ළමයි කන කටු මොනවද අපි කන කටු එක්ක බලනකොට!!!!! තව අලුත් පෝස්ට් එකක් මම දාන්න හිතාගෙන ඉන්නවා... එතකොට බලන්නකෝ කොහොමද ටිචලාට තියෙන සැප කියලා

    ReplyDelete
  13. matat ehemama tama teacher. A kale iskole waha kaduruma tama.... Dannam deiyangema pihitai iskole gihin iwarai.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම