එලාම් එක



සංජු ට නින්ද නොයෑමේ රෝගය අම්බානක ඇත. ඒ  විද්‍යා පීඨයේදී නිදි මරාගෙන පාඩම් කිරීමට ඇබ්බැහි වීමෙනි. ඉතින් රෑ දෙගොඩ හරිය වන තුරු අනන් මනන් කුරුටු ගමින් දිවි ගෙවන සංජු ට අමාරුම වැඩේ උදේ ට නැගිටීමයි. සංජු ස්වභාවයෙන් ම උදේට නැගිටින්නට  කම්මැලියෙකි. ඉතින් තනිවම බෝඩිමේ ඉන්න සංජුට වෙන අකරතැබ්බ බොහෝ ය. 

ඉස්සර සංජුත් සමග කාමරය බෙදා හදා ගත් වසන්තී ගේ පෙම්වතා හරියට උදේ 5 ට වසන්තී ට කෝල් එකක් දෙයි. ජංගම දුරකතනය තියෙන්නේ කොට්ටය ලග බැවින් එය වදින විට සංජු ට ද ඇහැරේ. ඉවසන්නටම බැරි තැනන් සංජු කොට්ටය වසන්තිගේ කකුල් දෙක පැත්තට දමා නිදන්නට පටන් ගත්තාය. ඇදේ අනික් අතට නිදන්නට සංජු ට පුරුදු වුනේ ඒ සීන් එක නිසා  ය. අදටත් සංජු නිදන්නේ ඇදේ කකුල් දමන අතට ඔළුව තබාගෙනය. 

5 ට කෝල් එකට කතා කරන වසන්තී ට ආයේ නින්ද යන්නේ නැත. ඇය කාමරයේ ඔබ මොබ ඇවිදියි. ලයිට් එක දමයි. දොර ඇරිය විට සංජු ට මලම පනියි. ඒ පලාතේම සීතල සුලං එවිට කාමරයට එන බැවිනි. වසන්තී දොර ඇර දමා නාන කාමරයට යයි. ඒ අස්සේ බෝඩිමේ අක්කා එලියට යන දොර ද අරියි. එවිට  හොර්ටන් තැන්න සිංහල මහ විදුහලට පත් කල කෙනාගේ සනුහරයම සිහි කරමින් සංජු තවත් ගුලි වන්නීය. වැඩේ දෙක වෙන්නේ අනික් කාමරයේ ප්‍රාණීන් 3 දෙනා නැගිටින ශබ්දය ඇසෙන විටය. උන්ගෙන් එකෙකු නන කාමරයට  රිගා ගතහොත් ආයේ එලියට එන්නේ නැත. ගෙදරටම ඇත්තේ එක නාන කාමරයක් බැවින් සංජු අකමැත්තේන් හෝ බිමට අඩිය තබයි. එවිට නැවත මල පනින්නේ කකුල් හෝදාගෙන ආ වසන්තී ගේ තෙත සෙරෙප්පු අඩි කාමරය පුරාම ඇති බැවිනි. 

ඒ සාමන්‍යයෙන් උදෑසනට සංජු ගේ දින චරියාවය. නමුත් කාමරයේ සිටි එකී කසාදයක් කරගෙන ගිය පසු සංජු ට 5 ට එලාම් තියන්නට කෙනෙක් නැති විය.

එයට සංජුට පිහිටට ආවේ සංජු ගේ ජංගම දුරකතනයයි. එහි එලාම් 5ක් එකවර තැබිය හැක. ඒ සමගම එහි යම් යම් පණිවිඩ ද එලාම් එක සමග ඩිස්ප්ලේ වීමට තැබීමට හැක. සංජු මේ සියල්ල පාවිච්චි කරයි. 

මේ සංජු ගේ එලාම් එක සහිත දුරකතනය සතියේ දිනවල උදේට ක්‍රියාත්මක වන ආකාරයයි.

එලාම් අංක 1  - උදේ  6.05 ට “ගුඩ් මෝර්නිං සංජු” 
                        ගීතය “සද සේ බැස නොයා…
                        පබලු නාට්‍යයේ තේමා ගීතය

එලාම් අංක 2 – උදේ  6.10 ට “සංජු බබා නැගිටින්නකෝ”
                        ගීතය “ගිම්හානේ හද නිවුනා” 
                        ඇන්ජලීන් ගුණතිලකේ මහත්මිය ගේ ගීතය

එලාම් අංක 3 – උදේ  6.15 ට “ මේ……! දැන් පරක්කුයි. නැගිටිනවා”  
                        ගීතය “ 138”  සෙන්ටිග්‍රේඩ්ස්

එලාම් අංක 4 – උදේ  6.20 ට “ නැගිටපන් හොද හිතින්” 
                        ගීතය “Down” by Jay Sean

එලාම් අංක 5 – උදේ 6.25 ට “ඈ බොල *** ** දැන් ** උඩ දාගෙන නිදාගෙන 7.30 බස් එක ගිහාම තෝ ඉස්කෝලේ යන්නේ ජෙට් එකේ ද?”
                        ගීතය NFS - MOST WANTED

මේ සින්දු ලිස්ට් එක ඒ ඒ කාලයේ මූඩ් එක අනුව වෙනස් වේ. මොනවා වුණත් මම නම් සිතන්නේ තනියම ඉන්නා බැවින් මේ වගේ මෝඩ ආතල් එකක් ගැනීම උදේට හොද බවය. නැත්නම් තනිකමේ මම මැරී යනු ඇත.

Comments

  1. අන්තිම එක නම් පට්ට ආතල් ආ,,,,,,,,,,,,,,,

    ReplyDelete
  2. මාලන් : ඒක දකිනකොට තමා මතක් වෙන්නේ 7.30 බස් එක ගියාට පස්සේ ආයේ බස් එකක් තියෙන්නේ 9 ට කියලා. අප්පෝ ඔය 7.30 බස් එක පෙනි පෙනී මිස් වුනාම මට වෙලා තියෙන දේවල් මතක් වෙනකොට ඉස්මවිල් වෙනවා. මම කොහොම හරි ඒකට කලින් එලියට බැහැ ගන්නවා ඒ නිසා

    ReplyDelete
  3. මගේ සිස්ටම් එකමයි.තනියම උදේ වැඩ ටික කර ගන්න හැම එකාගෙම,එකීගෙම ක්‍රමේ මේක තමයි මගෙ හිතේ.
    කට්ටිය එක්ක එකට room වල ඉන්න එකනම් හෆොයි......එපාම කරපු වැඩේ.අනිත් එක උදේ නැඟිටිනව කියන එක.මගෙ අම්මෝ.......මරණව වාගෙ වැඩක්නෙ මටත් ඕක.

    ReplyDelete
  4. ඔව් ඉතින් ඔය වගේ එකක් උදෙන්ම දැක්කම ඇහෙරෙන්නේ නැතුව තිබ්බොත්නෙ පුදුමෙ.......

    ReplyDelete
  5. NFS කිව්වාම මතක් උනේ.පහුගිය දවස් ටිකේ ඕකෙත් එල්ලිල හිටියනෙ.තාම පොඩි එකා නොවැ.....
    ඇත්ත ඇති සැටියෙන්ම තියනවා.කොහොමද 7.30 බස් එක පෙනි,පෙනී මිස් උනාම දැනෙන සනීපෙ නේද??හික්.....

    ReplyDelete
  6. හී හී හී
    හිනා කාල පණ යනවා :)

    ReplyDelete
  7. හිකි... හිකිස්.... :))) හූ... අර පස්වෙනි පණිවිඩේ තමාලු තේරුනේ නැත්තේ... :)) මගෙත් ආසම කරපු වැඩේ උදේ නැගිටින එක... ආය මරණව වගේ... මගේනම් එලාම් තුනයි... 7.15... 7.18... 7.20... කාලයෙන් උපරිම ප්‍රයෝජණ ගන්ට ඕනනේ...

    ReplyDelete
  8. දිනේශ් : කවුරු හරි ඉන්න එක නම් කේස් එකක් නෑ ඒත් ගැලපෙන්නේ නැති කෙනෙක් ඉන්නකොට ටිකක් අමාරුයි. මට වැඩියම කේන්ති යන්නේ වතුර පිටින් සෙරෙප්පු පාරවල් කාමරේ තියෙනකොට... ඇයි හත් දෙයියනේ තේරෙන්නේ නැද්ද මන්දා අපි ඉන්නේ හෝර්ටන් තැන්න මායිමේ කියලා!

    ReplyDelete
  9. මාලන් : නින්ද නැති වෙන්න ෂොක් එකක් ඕනේ නේ

    ReplyDelete
  10. දිනේශ් : මම නම් ආසා strategic games වලට. ඒත් ඉතින් ගේම් එක ඉවර කරන්න නම් චීට් ටිකත් ඕනි. NFS ගැහුවෙත් ඒ ටිකට පින් සිද්ද වෙන්න

    අම්මේහ් මතක් වෙනකොටත් මට මරු සනීපයි... කියලා වැඩක්ම නෑ

    ReplyDelete
  11. ස්වප්නා : ඔබතුමී මෙහෙම එලාම් පාවිච්චි කරන්නේ නැතෙයි?

    ReplyDelete
  12. පුතා : ඔයා කැමති විදියකට ඒ හිස් තැන් ටික පුරවා ගන්න අයියන්ඩි... හැබැයි කාටවත් කියන්න එපා. මගෙත් ඔය වගේ 6.25, 6.27, 6.31 වගේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත්ත එලාමුත් තියෙනවා. ඒත් මේක මෙහෙම වුනේ වෙලාව මදි වුනාම සින්දුව ඉක්මනට ඉවර වෙන නිසා. දැන් සින්දු 5ක් ෆුල් අහලා තමා නැගිටින්නේ

    ReplyDelete
  13. මේ සංජු පොඩි පැන්ඩෙක් ලොකු ටෝක් දෙන්න යන්නෙ..මෙහෙමයි අපිට තාම ඉගෙන ගන්න එවුන් වෙලත් 9 වෙනකොට හරහ වැටෙන්නෙ ඕනි..එත් ඔයාට ඔහොම පාඩම් කරන ගතියක් තියෙන එකෙ නරකද වැඩිදුර අධ්‍යාපනයකට හිත යෙදුව්ව නම්..ඔය ගුරුවරුන්ටත් එක එක එක්සැම් ඇති නොවැ කරගත්තම අඩු තරමෙ මාසෙ අන්තිමට එන සැලරිය වත් වැඩි වෙන.

    ReplyDelete
  14. හික් හික්!! ඔය රූම් එකට තව කවුරු හරි ආවොත් දවසින් ආපහු යයි

    ReplyDelete
  15. මේ බ්ලොග් එකට පළමු වතාවට ගොඩ වැදුණේ අදයි. සමහර විට මා පරිශීලනය කරන සින්ඩි වල නැති නිසා වන්ට ඇති.

    සිංහල බ්ලොග් එකක් යනු මේයැයි පෙන්නා දිය හැකි අන්දමේ අපූරු අව්‍යාජ බ්ලොග් එකක් මේ. ඒ අපූර්වත්වයට මා කැමැතියි. අප බොහෝ දෙනකුට නුපුරුදු, නොදන්නා අඩවියක සිට ඔබ ගෙන එන පිළුණු නොවූ පළමෝත අත්දැකීම් අගනේයි. කොයි තරම් වැදගත් ආයතනයක් වුවත් පාසලේ හොඳ, නරක, ගුණ අගුණ අපට ඇහෙන්නේ කලාතුරෙකින්. (මා කියන්නේ ඔබේ පාසලම නොවේ; අප කාගේත් පාසල) ලිවීම තව පොඩියක් විධිමත් කර ගත්තොත් කවදා හෝ දවසක මේ බ්ලොග් සටහන් පොතක් ලෙස පළ කිරීමට ඔබට හැකිවේවි. සුභ ගමන්.

    - Taboo

    ReplyDelete
  16. ඔය රූමගේ කරදරේ නම් මටත් තියෙනව. මගේ කාමරේ ඉන්න හෙයියට(මනෝ) හැමදාම 6 ට අර ශෂිකයා කෝල් කරනවා ඌව ඇහැරවන්න. මට උයන්න සෙට් වෙන දවසට නම් 5.30 ට නැගිටිනවා එදාට අවුලක් නෑ.. නිවාඩු දවසටයි පරක්කු වෙලා ලෙක්චර්ස් තියෙන දවසටයි මම ඉතින් උන් දෙන්නගෙම අම්ම මුත්ත මතක් කරගෙන තමයි නැගිටින්නෙ.. පුදුම කරුණාවක් ඇතිවෙනව උදේට...

    ReplyDelete
  17. @ තාරා,

    ඌව ඇහැරවන්න කිව්වෙ....!! රූම කොල්ලෙක්ද??

    ReplyDelete
  18. පැන්ඩො : අනේ අර හෝර්ටන් තැන්නේ ඉදලා මොන උසස් අධ්‍යාපන ද කොල්ලෝ? මම නොකලෙත් නෑ. මම අර මාලඹේ තියෙන SLIIT එකේ 1 වසර සමත් සිසුවියක් නොවැ. (සමත් කිව්වට ඉතින් පාඩම් කරන්න වෙලාවක් නැති නිසා ගණිතය සහ ජාවා මම ඉහලින් ම ෆේල්) මොකද මම ඒ කාලේ වැඩියම හිටියේ බස් වල. කොටින් ම දවල් එලියෙන් ගෙදර දැක්කෙත් නෑ. පන්තියේ දි නිදි කිරා වැටෙනවා. උසස් අධ්‍යාපනේ නිසා තව පොඩ්ඩෙන් රස්සාව ඉවරයි. ඒත් ඉතින් තාම අතෑරලා නෑ. බලමු ඉස්සරහට. ඉගෙන ගන්න නම් මමත් ආසයි.

    ReplyDelete
  19. පූස් මල්ලි : එන එක්කෙනා දවසින් යන විදියට තමා අපි වැඩ කරන්නේ. බෝඩිමේ අක්කගේ ෆීස් වගේ ද මගේ නිදහස?

    ReplyDelete
  20. ආ එක තමයි ඉස්කොලෙ හාමිනේ මෙච්චර තාක්ෂනෙ (කොල්ලෙක් ගෙ නමක් නෙවෙ අර ටෙක්නො) එක්ක ඉන්නෙ..මට ඒත් කම්පනාවට ආව ඕක..ඉස්සරහට බලමු අපිත් ඔය පැත්තෙන් ටිකක් ඉගෙන ගන්න නිසා සපොට් එකක් එහෙම ඕනි වුනොත් දෙන්න පුලුවන් වෙයි.

    ReplyDelete
  21. Taboo : ස්තූතියි මේ පැත්තේ ආවාට. ඔබේ වදන් මට ලොකු ශක්තියක් ඉස්සරහටත් මේ ලිවීම දිගටම කරගෙන යන්න. මගේ ලිවීමේ හැකියාව නම් ඉස්සරට වඩා ටිකක් අඩු වෙලා බව මටත් පේනවා. මම ඒ වැරැද්ද ටික ටික හදා ගන්නම්. ස්තූතියි ඔබට!

    ReplyDelete
  22. තාරා : 6 නම් මොකක්ද අනේ හිතන්නකො හිම වැටිලා තියෙන වෙලාවක උදේ 5 ට නැගිටින්න වුනාම වෙන දේ? මම ඔය හිම ෆොටෝ එකක් ගන්න හිතාගෙන ඉන්නව ඒත් ඉතින් ඒකටත් හරහට ඉන්නේ මේ සීතලයි කම්මැලිකමයි තමා.

    ReplyDelete
  23. @ දිනේශ් : නැ බොල රූම කෙල්ලෙක්..දැන් තෝ අහන්න එපා මූ මොකද පැනල දෙන්නෙ කියල.මේ තාර යි තාර ගෙ ඔය වධකාරයි කියන රූමයි ඒ කට සම්බන්ධ සශික කියන හාදයයි උඹයි ඔක්කොම මම හොදට දන්න එවුන් හින්ද.උඹ තමා ඔතනින් හැබැටම දැකල නැත්තෙ ඒ වුනාට අපි බයික් පදින්න උඹ ලංකාවට ආවම උඹලගෙ දිහාවෙ එනව නෙ.එතකොට ඒකත් හරි..

    මං හිතන්නෙ සංජු ගෙ කට ඇවිස්සෙන එකක් නැ එයාගෙ පොස්ට් එකෙ කමෙන්ට් තිරුවෙ අපි පෞද්ගලික දේ කතා කළ එක ගැන.

    ReplyDelete
  24. පැන්ඩ්ස් : අනේ නෑ කොල්ලෝ... දිනෙශ් ගේ මෝඩ පුශ්න ගැන ඉතින් මම දන්නවා නොවැ.

    ඒක නෙමෙයි SLIIT එකේ අපේ බැචෙකුත් හිටියා නොවැ පැන්ඩා කියලා. අපි ගියේ හැබැයි මාලබේ එකට නම් නෙමෙයි කොල්ලුපිටියේ මෙට්‍රො කැම්පස් එකට. ඒ පැන්ඩා නම් පැන්ඩෙක්ම තමා. ඇවිදින්නෙත් පැන්ඩෙක් වගේ. ඒ කොල්ලාගේ කාඩ් එක පැන්ඩා කිව්වෙ මම ලිෆ්ට් එකේ බොත්තමක් ඔබන්න ගිය වෙලාවෙ. හිනා වෙලා වැටෙන්න ගිය පාර බොත්තම් සේරම එබිලා අපි 16 වෙනි තට්ටුවට ගියේ "ටින් ටොන්" ග ගා තට්ටු 15 කම නැවති නැවති. ඒ තෑඅම් මැච් වෙනවා නික් එක

    ReplyDelete
  25. මාත් එහෙමයි..මට ඕක වැටුනෙ කුන්ෆු පැන්ඩ ආව කාලෙ එකෙ ජවනිකාවක් හොස්ටල් එකෙ රගන්න ගිහින් තමයි..කුන්ෆු පැන්ඩ බැලුව නම් මතක ඇති නේ අර තඩි බඩි ගෙඩිය ඒ වගේ එකක් මටත් තියේ..තව ඇවිදින්නෙ ත් දෙපැත්තට වැනිල කකුල් දෙකත් කෙලින් එහෙම තියල ඇවිදින පුරුද්දක් නැ,මුනු පොතෙ නැනෙ මම දැන් නැත්තං ඒක සහතික ඇත්ත බව දකී...අපේ අම්ම නම් බනින්නෙ ගිය ඉස්කොලෙටත් ලැජ්ජයි ලු..හිකිස්..

    ReplyDelete
  26. මට හිතෙන්නෙ මේක ලිව්වෙ මගෙ රූමා කියලාමයි. ඉස්සර හැමදාම රෑ 10.30ට මට කෝල් එකක් එනවා. මම නම් එතකම් පොතක් බල බල ඉන්නවා. හැමදාමත් මට වඩා කලින් නින්දට ගියාට එයාට ,මට කෝල් එක එන සද්දෙට ඇහැරෙනවා. මම හිතන්නෙ නින්ද කැඩුනම සෑහෙන වෙලාවකට ආයෙත් නින්ද යන්නෙ නැහැ. මම කියලත් මොනවා කරන්නද අප්පා එහෙට ඕෆ් පීක් වෙන්නෙ මෙහෙ වෙලාවෙන් රෑ 10.30ට නේ...

    ReplyDelete
  27. පැන්ඩ්ස් : ඕවට සැලෙනවද අපි? නේද?

    ReplyDelete
  28. හරී අක්කා : රෑ ට ඕනි එකක් අක්කෙ.... මගෙ ඔෆ් ටයිම් එක පාන්දරට නැතුව. අක්කට තිබ්බෙ එයාටත් කපු කමක් කරලා දෙන්න රෑ 10.30න් පස්සෙ කතා කරන්න. :)

    ReplyDelete
  29. සංජුටත් තියෙන්නෙ වසන්ති ට වගේ රිමෝට් එලාම් එකක් හොයාගන්න උදේට ඇහැරව ගන්න.

    ReplyDelete
  30. ඉෂාර : ඔබතුමන් ලා වැටී සිටින අමාරු වල අපිවත් දාන්න එපා අනේ.

    ReplyDelete
  31. මමනම් බෝඩිං කට්ට කාලම නෑ අක්කි, ඒත් උදේට නැගිටින එකනම් මටත් අරහං

    ReplyDelete
  32. හපෝ උදේට නැගිටින එක මල වදයක් .ඒත් ඉතින් ඔෆිස් එකේ වැඩ ගෙදරගෙනාවම මට ඔය සෙතේ තමා .උදේ දෙකට තුනට ඇහැරගෙන හචින් යවාගෙන වැඩ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම